Watch Trailer

Solo Leveling [S02 : E13] Sinhala Subtitles | අහිමිවීම් මතින් ලැබූ ජය! [සිංහල උපසිරසි]

Solo Leveling Season 02 Sinhala Subtitles සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 13 වෙනි කොටස හෙවත් අවසාන කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. ඒ වගේම S…

Solo Leveling Season 02 Sinhala Subtitles

සතිපතා උද්වේගය ත්‍රාසය අරන් එන අතිශය ජනප්‍රිය Solo Leveling Season 2, එහෙමත් නැතිනම් Solo Leveling: Arise from the Shadow හි 13 වෙනි කොටස හෙවත් අවසාන කොටස සමඟිනුයි මේ එකතු වෙන්නේ. ආරම්භයේ පටන් මෙතෙක් කතාවේ රසය කිසි අඩුවක් නැතුව අපිට විඳින්න ලැබුනා. ඒ වගේම Solo Leveling ගෝලීය වශයෙන් මේ වෙද්දි Anime Records ගණනාවක්ම තියලයි තියෙන්නෙ. පසුගිය 12 වෙනි කොටස සමඟින් ඒ වාර්තා තවත් අලුත් වුනා. ඒ හේතුවෙන් Solo Leveling නිතැතින්ම Most Hype Anime එකක් බවට පත් වුනා. එවන් තීව්‍ර Solo Leveling Season 2 හි මේ අවසාන කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම් කෙටියෙන් මතක් කර ගනිමු.

හතරවන ජේජු දූපත් වැටලීමේදී බලවත් දෙස් විදෙස් S නිලයේ හන්ටර්ලා, පෙර නොවූ විරූ කුහුඹු රජු අතින් පරාජයට පත් වෙද්දී, සන්ග් ජින්වූගේ පැමිනීම එක්ක මේ වැටලීම රජවරුන්ගේම ද්වන්ධයක් බවට නිතැතින්ම පත් වුනා. Solo Leveling තුළින් අපි දැකපු වේගවත්ම වගේම තීව්‍රම සටන සන්ග් ජින්වූ සහ කුහුඹු රජු අතර සිද්ධ වුනා. සටන බලන් සිටි සියලුම දෙනාට ඇස් අදහාගත නොහැකි වගේම පියවි ඇසට පවා නොපෙනෙන තරමේ බලවත් වේගවත් සටනක් වුනු ඒ සටන අවසානයේදී බලවත් සන්ග් ජින්වූගේ ප්‍රහාර හමුවේ කුහුඹු රජු මරණයට පත් වෙනවා. කුහුඹු රැජිණත් කලින්ම මරණයට පත් වුනා. දැන් මීළඟට වෙන්නෙ මොකක්ද? තර්ජනය ඉවරයිද? වැටලීම අවසානයිද? ජය කාටද? නරඹන්න මේ අවසාන කොටස.

Solo Leveling Arise from the Shadow හි එහෙමත් නැතිනම් Season 2 හි අවසානය මේ කොටසත් සමඟ සිද්ධ වෙද්දි, Season 3 පිළිබඳ පුවතක් තාමත් ගෝලීය ඇනිමෙ රසික ප්‍රජාව බලාපොරොත්තුවෙන් පසු වෙනවා. Solo Leveling Season 3 හි පැමිණීම සිද්ධ වුනු කාලෙක ඒකෙත් සිංහල උපසිරැසිය සමඟින් මේ වගේම හමුවෙන බලාපොරොත්තුවෙන් මම දැනට සමුගන්නවා. ඉතින් හැමෝම Stay Hype! හැමෝටම Happy Anime!

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

Episode Name : On to the Next Target
Released Date : 2025.03.29
IMDB Rating : 9.2

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,404 downloadsDownload Solo-Leveling-S02-E13-Sinhala-Subtitles.zip11 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Season 02 Sinhala Subtitles

 

Nxt Season BT12

All BT1

Nxt Season BT12

 

Subtitles by

ලංකන් Weebs

Subtitles

3,404 downloadsDownload Subtitles11 KB

3 comments

  1. Anonymous

    Thnks saho sub eka genawata... invincible series eke ituru episode tikatath sub gennako bro

  2. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  3. හශාන්

    සුපිරියක් බ්‍රදර්. තැන්ක් යූ