ආසාවට එක උපසිරැසියක් හදලා පටන් ගත්ත ගමන දැන් 150ක් වෙනකල්ම ඇවිත්. ඒ තරම් දුරක් එන්න මට පුලුවන් වුනේ ඒ හැම උපසිරැසියක්ම ආසාවෙන් බලපු ඒ ගැන අදහස් දක්වපු ඔයාලා හැමෝම නිසයි. ඒ වගේම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් මම මේ අවස්ථාවේ ස්තුති කරනවා. මේ ගමන එන්න ඔවුන්ගෙන් ලැබුන උදව් බොහොමයි. ඕනෙම වෙලාවක ඉල්ලන ඕනෙම…

ආසාවට එක උපසිරැසියක් හදලා පටන් ගත්ත ගමන දැන් 150ක් වෙනකල්ම ඇවිත්. ඒ තරම් දුරක් එන්න මට පුලුවන් වුනේ ඒ හැම උපසිරැසියක්ම ආසාවෙන් බලපු ඒ ගැන අදහස් දක්වපු ඔයාලා හැමෝම නිසයි. ඒ වගේම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලටත් මම මේ අවස්ථාවේ ස්තුති කරනවා. මේ ගමන එන්න ඔවුන්ගෙන් ලැබුන උදව් බොහොමයි. ඕනෙම වෙලාවක ඉල්ලන ඕනෙම උදව්වක් ඇඩ්මින් මඩුල්ල බොහොම කැමැත්තෙන් ඉෂ්ඨ කරනවා. ඒකත් අපි වගේ ආධුනිකයන්ට ලොකු උදව්වක්. ඉතින් ඒ නිසා අපේ ඇඩ්මින් මඩුල්ලට ආයෙමත් ස්තුති කරන ගමන්ම ඉදිරියටත් ඒ වගේම ඒ උදව් ලබාදෙන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ උපසිරැසි වැඩි ගණනක්ම මම අරගෙන ආවේ කොරියන් කතාමයි. ඔයාලා හැමෝම ඒවට ගොඩක් කැමති වුනා. ඉතින් මමත් ආසාවෙන් ඒවා ඔයාලා වෙත ගෙනාවා. කොරියන් කතා නොබලන අය ඉංග්‍රීසි, දෙමල, හින්දි නිර්මාණ වලට උපසිරැසි ඉල්ලුවත් ඒ භාශාවන් වලට උපසිරැසි දෙන ගොඩක් අය ඉන්න නිසාත් මම කොරියන් නිර්මාණවලට කැමති නිසාත් නිතරම කොරියන් නිර්මාණම තෝරගත්තා. වෙලාවට උපසිරැසි කොටස දෙන්න ඇත්තටම මම ගොඩක් මහන්සි වෙනවා. සමහර වෙලාවට නම් ඉතින් ටිකක් පරක්කු වෙනවා තමයි. ඒත් උපරිම උත්සහයෙන් ඔයාලාට ඒ උපසිරැසි ටික වෙලාවට ගේන්න මම උත්සහ ගන්නවා. මොකද විකාශනය වෙන කතාවක් වුනාම එක කොටසක් එනකල් කොච්චර ආසාවෙන් බලන් ඉන්නවද කියලා මමත් අත්දැකීමෙන්ම දන්න නිසා. ඒත් පරක්කු වුනත් ඒ උපසිරැසි වෙනුවෙන් බලන් ඉලා ඒ වෙනුවෙන් හැමවෙලාවෙම අදහස් දක්වපු, ඒ වගේම අදහස් නොදැක්වුවත් ඒ උපසිරැසි බාගත කරගෙන ඒවා රසවිඳපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ඔයාලා හැමෝම නිසා මේ තරම් දුරක් ඔයාලා එක්ක එන්න පුලුවන් වුන එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඉදිරියටත් ඔයාලට ලස්සන කතා වලට උපසිරැසි අරගෙන මම එන්නම්. ඔයාලගෙ අදහසුත් ඒ වෙනුවෙන් දක්වලා මට ධෛර්යය ශක්තිය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

ඔන්න මම ආයෙමත් ආවා. මේ වතාවෙ අරගෙන ආවෙත් කතාවක්මයි. ඒක ලස්සන ආදර කතාවක්. විනාඩි 30ක වගේ කාලයක් තමයි එක කොටසක තියෙන්නේ. mb ගාණත් අඩු නිසා ඔයාලට ගන්නත් ලේසියි . හොඳයි නේද?
මෙන්න මේකයි කතාව සාරාංශෙන් කියනව නම්. බොහොම අහංකාර මුරණ්ඩු ධනවත් තරුණයෙක් ඉන්නවා. එයා තමන්ගෙ ව්‍යාපාර ගැන විතරයි හිතන්නේ අනිත් බාහිර දේවල් ගැන ඒ තරම් තැකීමක් නැහැ. ඉතින් එයාගේ සීයා හිතනවා තමන්ගේ මේ අහංකාර මුරණ්ඩු මුණුබුරාව මට්ටු කරන විදිහක්. මෙහෙම ඉද්දි සීයට හමුවෙනවා තමන්ගේ මුණුබුරා වගේම මුරණ්ඩු ගෑණු ළමෙක්ව. හැබැයි එයා නම් අහංකාර නැහැ හරිම කරුණාවන්ත කෙනෙක්. ඉතින් සීයා හිතනවා තමන්ගෙ මුණුබුරාව මට්ටු කරන්න මෙයා තමයි හොඳම කෙනා කියලා.
1 කොටස
ලී ජේ ඉන් කියන්නේ හරිම මුරණ්ඩු අහංකාර තරුණයෙක් එයාට තව ටේ හා කියලා ඥාති සහෝදරයෙකුත් ඉන්නවා. මේ දේනනා තමයි කොරියාවේ ධනවත් ව්‍යාපාරයක් වුන එස්එච් සමූහයේ මුණුබුරන් දෙන්නා. මේ එස්එච් සමූහයේ සභාපතිතුමා, නැත්නම් මේ තරුණයන් දෙන්නගෙ සීයාගෙ සූදානම තමන්ගේ ව්‍යාපාර අනාගතයේ බාරදෙන්න සුදුසු කෙනාව හොයන්නයි. ඇත්තටම නම් සීය ගොඩක්ම කැමති තමන්ගේ ලොකු මුණුබුරා වුන ලී ජේ ඉන් ටයි. ඒක් ඔහුගේ මුරණ්ඩුකම නම් සීයටවත් මට්ටු කරන්න පුලුවන් එකක් නෙවෙයි. ඔන්න දවසක් සීයට හමුවෙනවා අපූරු ගෑණු ළමෙක්. එයා තමයි කිම් ඩා හයින්. එයා බාලාංශ තුරුතුමියක්. හරිම කරුණාවන්ත ලී ජේ ඉන් තරමටම මුරණ්ඩු කෙනෙක්. ඉතින් මේ ගෑණු ළමයව හමුවුනාම සීයා හිතනවා මෙයා තමයි මගේ මුණුබුරාව මට්ටු කරන්න පුලුවන්ම කෙනා කියලා. ඉතින් සීයා ඒ ගැන හොඳට හිතලා මෙන්න සැලසුමක් හදනවා…
හැමෝටම සුභ දවසක්! බුදු සරණයි!!
Due to copyright issues, we do not provide any torrent links.
One.Percent.Of.Anything.E01.161005.450p-BarosG-LIMO-NEXT
One.Percent.Of.Anything.E01.161005.720p-NEXT-PURE-Lopa-Town
One.Percent.Of.Anything.E01.161005.XviD-WITH-iPOP-BarosG-LIMO
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
1,322 downloadsDownload One.Percent.Of_.Anything.E01.Baiscopelk.com_.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
43 comments
Kasun Widusha
එල්.සී. දමැල්
150 වන උපසිරසට සුභ පැතුම්...
නැවත උපසිරසකින් හමුවෙමු...ishani
Congratulations
මධුකප්‍රිය පෙරේරා
150වන උපසිරසියට හදවතින්ම සුබ පතනවා.
ඉක්මනින්ම 200ත් ගහන්න හැකිවේවායි පතනවා..
වැඩි වැඩියෙන් උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවා..
ඔබට ජය!Tharu
150 උපසිරසට සුභ පැතුමි. තව තවත් උපසිරස කිරීමට ශක්තිය කාලය ලැබේවා!!
Chami.S
150ta suba pathum..
Thawa thawath lassana korean katha walata sub denna labewa kiyala prarthana karanawa..Chami.S
Thanks..
150ta suba pathum..silent$
Congrtzzzzzzzzzzzzz
Dhanuka Kumara
150 jaya....mata meka download karanna direct link 1k hoyala dennako
Kanishka
Email eka denna mama download Kara ganna page ekak kiyanna
supun
matath awanawada [email protected]
Isuru
Thank you!!! link eka ewanawada?
kavinda
150වන උපසිරසියට හදවතින්ම සුබ පතනවා. නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා
එලකිරි මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.
බොහෝම ස්තුතියි සබ් එකට.
ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…Dhanuka Kumara
machan..link 1k denna puluwanda..download karanna
Baiscope LK
150වන උපසිරසියට හදවතින්ම සුබ පතනවා
Baiscope LK
puluwaninam kawru hari w tv seris eketh sub eka dennako godak lassana kathawak
Uddeepa Rozzer
කනිෂ්කා අක්කියෝ thankq කිව්වා..තවත් අලුත් කොරියන් drama එකක්...ලස්සන ඇති කියලා හිතෙනවා...සබට ස්තුතියි..ජයෙන් ජය...150 වන උපසිරසියට සුබ පතනවා.
Isuru
Elazzzzz
sumith
සුබ පැතුම් අක්කෙ 150 ට තවත් ඉදිරියට උපසිරැසි කරන්න හැකියාව ලැබේවා
Chamika
Congratulations
Chamika
Congratulations akke
පැතුම් අතුකෝරල
150 වෙනි උපසිරැසි නිර්මානයට සුබ පැතුම් කනිශ්කා අක්කේ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Adithya Gimhana
150 වැනි උපසිරැසියට සුභම සුභ අක්කේ...
මේ තාක් කාලයක් අක්කා ලබාදීපු උපසිරැසි 150ම මම බාගෙන තියෙනවා.
අක්කගෙ උපසිරැසි ශෛලිය කරිම වෙනස්. පැහැදිලී. තේරුම් ගන්න පහසුයි.
ඒ වගේම ද්විත්ව ශතකයත් ඉක්මනට ලබා ගන්න වගේම ඉන් ඔබ්බටත් උපසිරැසි නිර්මාණය කිරීමට
අක්කට දෛර්‍ය, ශක්තිය ලැබේවායි කියලා ප්‍රාර්තනා කරනවා.
~~~ ජය වේවා ! ~~~Adithya Gimhana
අමතක උනා...අද මේ ලබා දීපු උපසිරැසියට ගොඩක් ස්තූතියි.
Kulanjana Maduranga
really appreciate your works..thanks for giving us all of this…wish u'r great future.....
Kulanjana Maduranga
korean nm aniwa balillak thama...KANISHKA sis sub kala films 90% wge mm balala thiyanawa.Waiting…….. And really appreciate your works.....Me wge idiriyatath sub denna shakthiya labewa..........
Kulanjana Maduranga
KANISHKA sis download kra gnna page 1ka denn...
සචිත් ලක්ෂාන්(සචී)
150 වෙනි උපසිරසට සුභ පැතුම් අක්කේ
200 250 300ටත් ඉක්මනටම යමු
ජයම වේවා.......thisal
150 වෙනි උපසිරසට සුභ පැතුම් අක්කේ
chamara
aiyo link ekak dennko
Madhawa
Godak sthuthi sis,thawaduratath me wede karagena yamata shakthiya dhairaya lebewa.
Tharindu Darshana
Download Link ekak Kohamada Hoya ganne
Adithya Gimhana
" ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව් ඩොට් drakorindo ඩොට් කොම් "
මේ සයිට් එකේ ඩව්න්ලෝඩ් ලින්ක් තියනවා සහෝ
සමන් ප්‍රසාද්
150 වෙනි උපසිරසියට සුභ පතනවා අක්කේ!!!
මං නම් කොරියන් බලන්නෙ නැති නිසා අක්කගෙ කලින් සබ් වලට නම් කමෙන්ට් දාලා නැතුව ඇති.
නමුත් කොරියන් කතා බලන කට්ටිය වෙනුවෙන් අක්කා කරන සේවය හුඟක් වටිනවා.
එහෙනම් තවත් නොනැවතී කොරියන් අංශයේ වැඩ ටික ඉස්සරහට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.!!!
200ත් ඉක්මනට ගේමු නෙහ්... :D
ජය වේවා...!!!lakindu sadumina
150 ta subapethum. puluvannam W2 worlds, doctors, scarlet heart ryeo, uncontrollobaly found, mirror of the witch, the k2, its ok that is love, jealousy inacanate oya drama valath sub dennako. api kavadath korean katha valata adharei. gd lk for future akke.
හසන්ත
150 වෙනි උපසිරසට සුබ පැතුම් නංගි!!! ඉදිරියටත් බයිස්කෝප් කොරියන් අංශයේ වැඩ ටික සාර්ථකව කරගෙන යන්න ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා !!!
රොයිලි
උණුසුම් සුබ පැතුම් බයිස්කෝප් කොරියන් අංශයේ ප්‍රධාන විධායක නිලධාරිණියට. මෙතනින් නොනැවතී 200 ටත් යන්න ලැබේවායි පතනවා. එහෙනම් වෙනද වගේම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajith Thilakarathne
niyamai akke...sub ekata thanks thawa denna labewa
Suu
thank U :)
kuma
congratz..Tks a lot...
Tharaka Sandaruwani
Congratulations Akka . Please meka download karaganna link ekak denna.hama ekakinma denne subtitles link witharay ne.
Krishani
Thank you ️
Buddhika Lakmal
150වෙනිප උපසිරැසියට සුබ පැතුම්...
...බොහෝම ස්තූතියි උපසිරැසියට..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සුබ පැතුම් අක්කෙ 150 ට තවත් ඉදිරියට උපසිරැසි කරන්න හැකියාව ලැබේවා෴෴෴