Space Force [S01 : E06] Sinhala Subtitles ඔන්න අදත් ආවා එහෙනම් මම Space Force Season 01 කතා මාලාවේ 06 වෙනි එපියටත් සබ් එක අරගෙන, පහුගිය කතාවෙන් ඔයාලට මතක ඇති Lunar Habbit (චන්ද්‍ර වාසස්ථාන පර්යේෂණ ඒකකයේදි ජෙනරාල් නයාර්ඩ් ප්‍රම්‍රඛ අභ්‍යවකාශ බලකාය හා ජෙනරල් කික් ග්‍රැබ්ස්ටන් ප්‍රමුඛ ගුවන් හමුදා බලකා…

ඔන්න අදත් ආවා එහෙනම් මම Space Force Season 01 කතා මාලාවේ 06 වෙනි එපියටත් සබ් එක අරගෙන,
- පහුගිය කතාවෙන් ඔයාලට මතක ඇති Lunar Habbit (චන්ද්‍ර වාසස්ථාන පර්යේෂණ ඒකකයේදි ජෙනරාල් නයාර්ඩ් ප්‍රම්‍රඛ අභ්‍යවකාශ බලකාය හා ජෙනරල් කික් ග්‍රැබ්ස්ටන් ප්‍රමුඛ ගුවන් හමුදා බලකාය අතර බාස්කට් වෙඩි තැබීම් තරඟයක් පවත්වනු ලැබුවා.ඒ තරඟය ඔවුන් නිල වශයෙන් හඳුන්වන්නට වුනේ Space Flag කියලා.
- ඒ සිදු කරපු යුධ සටනේදි මතක ඇති මුල් ටිකේදි අභ්‍යවකාශ බලකාය පෙරමුනට ආවත් අන්තිම හරිය වෙද්දි ජෙනරා නයාර්ඩ් විතරක් ඉතුරැ වෙනවා.
- නයාර්ඩ් මුලදී Raytheon Exoskeleton යුධ ඇඳුම් කට්ටල වලින් ඔවුන්ගෙ කණ්ඩායමට ලබා දුන්නු ඇඳුම් කාන්ඩය ගැන ආචාර්ය මැල්ලෝරි සමග අමනාපකමක් ඇති කරගන්නට වුනා වගේම එයා හිතන්නේ ආචාර්ය මැල්ලෝරි සටන පාවා දුන්නා කියලයි.
- ඒත් අන්තිමට මතක ඇති සටන ඉවරවෙන්න ඔන්න මෙන්න වෙද්දි ආචාර්ය මැල්ලොරි විසින් ආචාර්ය චෑන්ට ලබා දුන්නු රහස් කේතය ක්‍රියාත්මක කිරීමත් එක්ක කික් ග්‍රැබ්ස්ටන් ප්‍රමුඛ ගුවන් හමුදා කන්ඩායමේ සියලුම යුධ බටයින්ගේ ඇඳුම් ක්‍රියා විරහිත බවට පත්වෙලා තරඟය පරාජය භාරගන්න වෙනවා.
ඒ පහුගිය කතාව,
අද කතාව පැත්තට ආවොත් ඇමෙරිකානු හමුදාව සතුව Pegasus fin system නමින් හඳුන්වන රොකට් යානා මෙහෙයුම් පද්ධතියක් පවතිනවා.අභ්‍යවකාශ බලකා මෙහෙුයම් ඒකකය විසින් අහම්බයකින් දැනගනු ලබනවා මෙම පද්ධතිය යොදාගෙන ඉන්දියානුවන් විසින් රොකට් යානාවක් දියත් කරනු ලැබු බවට. ආචාර්ය මැල්ලෝරි හට සහ ජෙනරාල් නයාර්ඩ් හට ඇමෙරිකානුවන් සතු දේපලක්ම වන Pegasus fin system එක ඉන්දියානුවන් අතට පත්වුන එක ගැන මහත් සැකයක් මතු වෙනවා,ඒ ඔස්සේ ඔවුන් දෙදෙනා විසින් මෙම පද්ධතිය ඉන්දියානුවන් අතට පත්වුනේ කෙසේද යන්න ගැන සැකකාරයින් ලැයිසිතුවක් ඔස්සේ පරීක්ෂන ආරම්භ කරනවා.
පරීක්ෂනයන් සිදු කරගෙන යාමේදි ආචාර්ය මැල්ලෝරි හටද සැක කාරයෙක් වෙන්න වෙනවා.ඒ වගේම අපෙ අභ්‍යවකාශ බලකාය නියෝජනය කරමින් කන්ඩායමේ ඉන්න ප්‍රධාන සාමාජිකයො දෙන්නෙක් ජනාධිපති තුමාගෙ උපන්දිනය වෙනුවෙන් මරැ ත්‍යාගයකුත් ලබා දෙනවා.
මෙතනින් එහාට මම ආයෙ කියන්න යන් නෑ,ඔයාලා එහෙනම් බලලම තීරණය කරන්න ආචාර්ය මැල්ලොරි සැක කාරයෙක් වුනේ ඇයි,ඔහු ඇත්තටම ඔත්තු කරැවෙක්ද? මේ පද්ධතිය ඉන්දියානුවන් අතට පත්වුනේ කොහොමද,අනික් සැක කාරයින් කව්ද කියන එක කියන එක වගේම ජනාධිපතිතුමාගෙ තෑග්ග මොකක්ද, එතකොට ඒ තෑග්ග ලබා දෙන්නේ කව්ද කියලා වගේම අන්තිමට සැක කාරයා අහුවෙයිද කියලත්.
රාජකාරි වැඩ සමගම උපසිරැසි කරන නිසාවෙන් මෙන්ම ඔයාලට ඉක්මනටම උපසිරැසිය ගේන්න ඕන නිසාවෙන් සමහර වෙලාවට ඇලපිලි,ඉස්පිලි එහෙම එහා මෙහා වෙලා තිබ්බොත් සමාවෙන්න කියල ඉල්ලන ගමන් අදට මම යනවා,මතක ඇතිව අදහසකුත්දීලා යන්න..
වැඩි දුරටත් දැනගැනීම උදෙසා මම Pegasus fin system එක ගැනත් පොඩි හැඳින්වීමක් කරල යන්නම් කැමති අය කියවන්න අනික් අය ඒක මගෑරලා යන්න
Pegasus fin system
Pegasus යනු Orbital Sciences Corporation (OSC) විසින් සංවර්ධනය කර Northrop Grumman ආයතය විසින් දියත් කරන ලදී. ඊට අමතරව Pegasus යනු ලොව ප්‍රථම පුද්ගලිකව සංවර්ධනය කරන ලද කක්ෂගත දියත් කිරීමේ යානයයි. Pegasus ප්‍රථම වරට 1990 දී පියාසර කරන ලද අතර 2021 වන විට ක්‍රියාකාරීව පවතින ලදී. වාහනය ඝන ප්‍රචාලක අදියර තුනකින් සහ විකල්ප ඒකාධිකාරී සිව්වන අදියරකින් සමන්විත වේ.( බැලස්ටික් මිසයිල බඳ මෙන් ශක්තිමත් බඳක් වූ අතර ඝන ප්‍රචාලක වලින් රොක්ටුටවක් ඉහල නැංවීමට අවශ්‍ය්‍ය චාලක ශක්තිල ලබා දීම සිදුවේ.
- නිෂ්පාදකයා: Northrop Grumman
- සම්භවය : එක්සත් ජනපදය
- දියත් කිරීමකට පිරිවැය : US$40 මිලියන
- ප්‍රමාණය උස මීටර් : 16.9 (අඩි 55) සහ පළල 17.6 m (අඩි 58)
- විෂ්කම්භය මීටර් :1.27 (අඩි 4 අඟල් 2)
- ස්කන්ධය : 18,500 kg (40,800 lb)
- අදියර 3 යටතේ දියත් වීම සිදුවේ.
ධාරිතාව
- බර : 443 kg (රාත්තල් 977)
- මුළු දියත් කිරීම් : 45
- සාර්ථකත්වයන් : 40
- අසාර්ථකත්වයන් : 03
- අර්ධ අසාර්ථකත්වයන් : 02
- පළමු ගුවන් ගමන : 1990 අප්‍රේල් 5 (Pegsat / NavySat)
- අවසන් පියාසැරිය : 2021 ජුනි 13 (TacRL-2 / Odyssey)

Space Launch Delta 30 provided range support for the successful launch of the Tactically Responsive Launch-2 mission for the U.S. Space Force, Sunday, June 13, at 1:11 a.m. PDT from Vandenberg. (U.S. Space Force photo by Airman 1st Class Rocio Romo)

ජයවේවා….

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
898 downloadsDownload Space-Force-S01-E06.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිසර ධර්මපාල ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිසර ධර්මපාල
Subtitles
3 comments
Buddhika Lakmal
Sahan Gayantha
thanks a lot Ravisara saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Space Force [S01 : E06] Sinhala Subtitles | ඔත්තුකාරයා කව්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/01/Space-Force-2.jpg)




...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..