Watch Trailer

Special OPS S01E03 Sinhala Subtitles | වසීම් පැහැර ගනී..! [සිංහල උපසිරැසි සමඟ]

1973 දෙසැම්බර් මස උපත ලැබූ ඔහු නමින්, නිරාජ් පාන්ඩේ වේ. තම සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂයකට එකතු වන්නේ ඔහුට A Wednesday (2008) යන විශිෂ්ට සිනමා පටය අධ්‍යක්ෂණය කිරීමෙන්. එවන් ගමනක් ගිය ඔහු Special 26, Baby, M.S. Dhoni: The Untold Story වැනි ඉන්දියානු සිනමාවේ බෙහෙවින් ජනප්‍රිය වූ චිත්‍රපට රැසක් කිරීමට ස…

1973 දෙසැම්බර් මස උපත ලැබූ ඔහු නමින්, නිරාජ් පාන්ඩේ වේ. තම සිනමා ජීවිතයේ හැරවුම් ලක්ෂයකට එකතු වන්නේ ඔහුට A Wednesday (2008) යන විශිෂ්ට සිනමා පටය අධ්‍යක්ෂණය කිරීමෙන්. එවන් ගමනක් ගිය ඔහු Special 26, Baby, M.S. Dhoni: The Untold Story වැනි ඉන්දියානු සිනමාවේ බෙහෙවින් ජනප්‍රිය වූ චිත්‍රපට රැසක් කිරීමට සමත් වූ අයෙකි. මෙවන් විශාල ඝනයේ චිත්‍රපට අධ්‍යක්ෂණය කළ ඔහු Hotstar සමාගමත් සමඟ එකතුව Special Ops නමින් සීරීස් එකක් නිර්මාණය කළේය. පළමු කතා සමය තුළ කොටස් 8කින් යුතු මෙම සීරිස් එක 2020 මාර්තු 17 වෙනි දින නිකුත් වූවකි. එහෙනම් කතාවට පොඩ්ඩක් හැරෙමු.

අද කතාව තුළින්…
කලින් කතාවෙන් අපිට බලාගන්න පුළුවන් වුණා, හිම්මත් සිංට ෆාරුක් කියන එයාගේ ගෝලයා හම්බවුණු හැටි. තව එයාගේ අනිත් සඟයෝ ගැනත් පොඩි රූපරාමු ටිකකින් පැහැදිලි කරනවා දැක්කනේ. වසීම් කාරාචීවාලා ගැන හිම්මත් සිංට තොරතුරකුත් හම්බවෙනවා. ෆාරුක්ගේ මුල්ම මෙහෙයුම වුණේ වසීම්ව අල්ලගන්න එක. සාර්ථකව අල්ලගන්න වසීම් මෙයාලා සේජ් හවුස් එකකට එක්කන් ගිහින් ප්‍රශ්න කරන්න ගන්නවා. ඒත් වසීම්ගෙන් හරි හැටි විස්තරයක් ගන්න පුළුවන් වුනේ නෑ. මොකද එයා එයාවම මරාගත්ත නිසා. ඩුබායි පොලීසියයි ISI එකයි ෆාරුක්ව හොයන්න ගන්නවා, මොකද එයා වසීම්ව ඝාතනය කිරීම හේතුවෙන් සැක කරන නිසා. වසීම්ගේ මාර්ගයෙන් ඉලියාස් හසන් කියල ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක් හම්බවෙනවා. එයාගෙන් ඉස්මයිල් ඉම්ජාද් ගැන තොරතුරු හොයාගන්න අතර ඉල්හාක් කාන් ළගට යන්න නම් ඉස්මයිල් හා හසීෆ් යන දෙන්නාගේ ළගින් ඉන්න ඕනේ. ඒක නිසා සල්ලිකාරයෙක් විදියට වෙස්වලාගන්න ෆාරුක් ඉස්මයිල්ගේ හිත දිනාගන්නවා. අද කතාව ඉවර වෙන්නේ වැදගත් සිද්ධියකින්. ඒක මොකක්ද කියල බලලම ඉන්නකෝ.

එහෙනම් ආයෙම ඊළග කොටසින් හම්බවෙන්නම් කියන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්, කොරෝනා වෛරසය නිසා රටට වුණු විපත, මග හැරවා ගන්න හැමෝම පරිස්සම් වෙන්න, තව නිවසටම වෙලා ඉන්න කියන පණිවිඩයක් සමඟම ඔයාලා හැමෝමට බුදුසරණයි, දෙවිපිහිටයි.🙏

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD/WEB පිටපත් සඳහා අදාළ වේ.

4,591 downloadsDownload Special-OPS-2020-S01-E03.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

4,591 downloadsDownload Subtitles22 KB

11 comments

  1. Anonymous

    elama bro.thanks

  2. Lasantha chandimall

    ME sserious eke sub tika ikmnta denna yaalu....patta meka...sub tikath waasiyatama thiyenawa....subaa subaaaa

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. #SandMan

    thanks brother ....

  6. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  7. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  8. Anonymous

    සබ් එකට බොහෝම ස්තුතියි ,
    බුදුසරණයි !

  9. mindika

    Thanks !!!

  10. Tharindu07

    Thanks Machooo....!!! Patta...!!!

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.