A Wednesday, Special 26, Baby, M.S. Dhoni: The Untold Story සහ Aiyaary කියන සුපිරි ඝනයේ හින්දි සිනමාපට වල අධ්‍යක්ෂකවරයා වෙච්ච Neeraj Pandey මේ සැරේ සම්මාදම් වෙලා තියෙන්නේ වෙබ් සීරීස් එකකට. හැබැයි අධ්‍යක්ෂවරයා විදිහට නෙමේ කතා රචකයා විදිහට. පලවෙනි කොටස බැලුව නම් නීරජ් පාන්ඩේගේ කතා රසය දැනෙන්න ඇතිනේ.…

A Wednesday, Special 26, Baby, M.S. Dhoni: The Untold Story සහ Aiyaary කියන සුපිරි ඝනයේ හින්දි සිනමාපට වල අධ්‍යක්ෂකවරයා වෙච්ච Neeraj Pandey මේ සැරේ සම්මාදම් වෙලා තියෙන්නේ වෙබ් සීරීස් එකකට. හැබැයි අධ්‍යක්ෂවරයා විදිහට නෙමේ කතා රචකයා විදිහට. පලවෙනි කොටස බැලුව නම් නීරජ් පාන්ඩේගේ කතා රසය දැනෙන්න ඇතිනේ. ඉතින් සුනංගු නොවී මේ අරන් එන්නේ දෙවැනි කොටස.
පලවෙනි කොටසේදී අපි දැක්කනේ හිම්මත් සිං කියන බුද්ධි අංශය නිලධාරියාව විගණන පරීක්ෂණයකට කැඳවලා තියෙනවා. රාජ්‍ය රහස් සේවා අරමුදලින් කෝටි 28ක් වියදම් වුණේ කොහොමද කියන ප්‍රශ්නය උඩයි හිම්මත්ව මේ පරීක්ෂණයට කැඳවලා තිබ්බේ. ඒ ගැන වග උත්තර බඳිද්දී හිම්මත් සිං අවුරුදු 19ක අතීතයට යනවා.
ඒ 2001 අවුරුද්දේ දෙසැම්බර් 13වෙනිදා. ත්‍රස්තවාදීන් 5 දෙනෙක් පාර්ලිමේන්තුවට කඩා වදින්නේ කවුරුත් නොහිතපු වෙලාවක. පෙ ප්‍රහාරය කොහොම හරි වලක්වාගත්තත් ඒ ත්‍රස්තවාදීන් 5 දෙනාටම එතනම මරණය හිමි කරදුන්නත් ඉන්දියාවට වගේම ආරක්ෂක අංශයටත් ලොකු තර්ජනයක් ඉතිරි වෙලයි තිබ්බේ. ජනතාවට ඔවුන් වග උත්තර බඳින්න ඕන වගේම, මේ ගැන හාංකවිසියක් නොදැන සිටීම බුද්ධි අංශයට ලොකු කැළලක් වුණා. හිම්මත් සිං මේ ගැන විමර්ශනය කරන අතරතුරදී දැනගත්ත දේ ඔයාලා දැනටමත් දන්නවා. ඔව්, ඒ ත්‍රස්තවාදීන් පස්දෙනාට අමතරව තව කෙනෙක් මේකට සම්බන්ධයි. ලොකුම මාළුවා. ඉඛ්ලාක් ඛාන්. මොළකාරයෙක්. කොච්චර මොළකාරයෙක්ද කියනවා නම් හිම්මත් පහුගිය අවුරුදු 19ද වැය කරේ මේ ලොකු මාළුවව අල්ලගන්න.ඒත් තවම කිසිම ප්‍රගතියක් තිබ්බේ නෑ.
අතේ ඇඟිලි 5තියෙන්න ඕන හරියට වැඩේ කරන්න නම්. හිම්මත්ටත් එහෙම ආධාරක 5ක් ඕන කරා. අන්න එහෙමයි හිම්මත් එයාටම කියලා ගෝලයෝ පස්දෙනෙක් හදාගන්නේ. එයාගේ ජයග්‍රහණය වෙනුවෙන් සෙල්ලම් කරන ඉත්තෝ පස්දෙනෙක්. මේ පස්දෙනා මැදපෙරදිග එක එක තැන් වල විසිරිලයි හිටියේ. කාගේ හරි යාලුවෙක්, තවත් කාගේ හරි බිරිඳක්, හෝටලයක කෝකියෙක් මේ ඕනෑම කෙනෙක් අතරේ හිම්මත්ගේ ඔය ඉත්තෝ පස්දෙනා හැංගිලා ඉන්න පුළුවන්. කවුද දන්නේ එයාලා කවුද මොනාද කරන්නේ කියලා?
එහෙනම් අද කතාවේ හිම්මත්ගේ පලවෙනි ඉත්තාට වැඩි ඉඩක් වෙන් කරලා තියෙනවා. පහුගිය කොටස ඉවර වුණේ හිම්මත් අවුරුදු 19ක් පුරාවට මග බලන් ඉඳපු ආරංචිය ලැබෙන දර්ශනයෙන්. අද වෙන්නේ මොකක්ද කියලා එහෙනම් නරඹලා ඉන්න. ඊළඟ කොටස අරන් එන්නේ අපේ පසිඳු මලයා. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD/WEB පිටපත් සඳහා අදාළ වේ.
4,839 downloadsDownload Special-OPS-2020-S01-E02.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
PHOENIX
Subtitles
9 comments
sachintha
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
oshanmp
උපසිරැසියට ස්තූතියි!
lucifer94
thank you very much
Anonymous
සබ් එකට බොහෝම ස්තුතියි,
බුදුසරණයි !mindika
Thanks !!!
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ