Watch Trailer

Spellbinder (1995) [S01 : E03] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තුන් වෙනි කොටසත් අරන් ආවා. ඉතින් පසුගිය කොටස බලන්න ඇතිනෙ නේද? හොඳයිද? වැරදිනම් ඇති නේද? මං හිතනවා වැරදි අඩුපාඩු තියෙනවානම් සමාව දෙයි කියලා. මොකද මේකට ඉංග්‍රීසි සබ් එකක් නෑ. මේක ඉංග්‍රීසි සබ් එකක් පරිවර්තනය කරලා නෙමෙයි. මේක තනිකරම අසා ලිවීමක්. ඒ නිසා සමහර තැන්වල නම් අඩුපාඩු ගොඩක් ඇති කියලා මං හ…

Spellbinder-TV

ඔන්න තුන් වෙනි කොටසත් අරන් ආවා. ඉතින් පසුගිය කොටස බලන්න ඇතිනෙ නේද? හොඳයිද? වැරදිනම් ඇති නේද? මං හිතනවා වැරදි අඩුපාඩු තියෙනවානම් සමාව දෙයි කියලා. මොකද මේකට ඉංග්‍රීසි සබ් එකක් නෑ. මේක ඉංග්‍රීසි සබ් එකක් පරිවර්තනය කරලා නෙමෙයි. මේක තනිකරම අසා ලිවීමක්. ඒ නිසා සමහර තැන්වල නම් අඩුපාඩු ගොඩක් ඇති කියලා මං හිතනවා. නමුත් කිසිම තැනකදි රසවින්දනයට බාධාවක් ඇතිවෙයි කියලා මං හිතන්නෙ නෑ. වැරදි අඩුපාඩු නිවැරදි කරගන්න ඕනි තැන් පෙන්නලා දෙන්න. එන ගල් මුල් සියල්ල සතුටින් භාරගන්නවා.

ඉතින් පසුගිය කොටසේ උනේ මොකද? පෝල් දැන් ඉන්නෙ වෙන ලෝකෙක හිරවෙලා. නමුත් පෝල් දන්නෙ නෑ මේ මොකක් වෙලාද කියලා. පෝල් හිතන්නේ මේ අතීතයට ගිහිල්ලා කියලා. ඉතින් මේ ලෝකෙදි කෙනෙක් පෝල්ව අත්අඩංගුවට ගත්තා මතකයිනෙ. ඉතින් මෙයා කෙල්ලෙක් කියලා පෝල් දැනගන්නවා. නමුත් කරන්න දෙයක් නෑ. අත් දෙකම බැඳලා. මේ කෙල්ල පෝල්වත් ඇදගෙන කොහෙද යන්න යනවා. ඉතින් එකපාරටම කලු වෙලා ඉර නොපෙනී යනවා. මේ කෙල්ල මේකට බය වෙනවා. මෙයා දන්නෙ නෑ මොකක්ද මේ වුනේ කියලා. එයා හිතන්නේ පෝල් මංකොල්ලාකාරයෙක් කියලා. පෝල් තමයි මේ ඉර නැති කළේ කියලා මේ කෙල්ල හතනවා. කෙල්ල පෝල්ට වැඳලා කියනවා ඉර ආපහු අරගෙන එන්න කියලා. පෝල් දැනගන්නවා මෙයාට මේ සිද්ධවුන දේ ගැන කිසිම තේරුමක් නෑ කියලා. ඉතින් පෝල්ට ගැලවෙන්න මේක අවස්ථාවක් කරගෙන නිදහස් කළොත් ඉර ආපිට ගේන බව කියනවා. ඉතින් මේ කෙල්ලත් පෝල්ව නිදහස් කරනවා. එතකොටම සූර්යග්‍රහනය ඉවර වෙනවා. ආපහු ඉර පේන්න පටන් ගන්නවා. අඳුර නැතිවෙනවා. කෙල්ල දැන් හොඳටම බය වෙලා දුවන්න පටන්ගන්නවා. පෝල්ට වෙන කෙනෙක් දැන් නෑ. පෝල් කෙල්ලගෙ පස්සෙන් පන්නගෙන යන්නේ ගෙදර යන්න පාර අහගන්න. කොහොමහරි මේ කෙල්ල ගඟට වැටිලා ගහගෙන යන්න හදද්දි පෝල් පැනලා බේරා ගන්නවා. නමුත් මේ කෙල්ල එයා ගෙනාව රෙදිවලින් කොටසකුත් දාලා දුවනවා. පොල් මෙයාගෙ පස්සෙන් යනවා. ගිහින් අන්තිමට මෙයාව වැටෙන්නේ බඩු අලෙවි කරන තැනකට. මෙයා මේ කඩපිලේ ඇවිදිද්දි අර කෙල්ලව දකිනවා. දලා ගිය රෙදි ටික පෝල් නැවත මෙයාට දෙනවා. එතකොට මේ කෙල්ල දැනගන්නවා මෙයා මංකොල්ලකාරයෙක් නෙමෙයි කියලා.

කොහොමහරි මේ කඩපිලේ කොල්ලෙක් ඉන්නවා ගුවන් යානයක ආකෘතියක් හදලා අහසේ යවන්න උත්සාහ කරන. පෝල් මෙයාගෙ දැණුමින් මේ ගුවන්යානා ආකෘතිය නිවැරදි කරලා දෙනවා. ඒක ගුවනින් ගමන් කරද්දි අශ්කා මේක දකිනවා. අශ්කා තම බල ඇඳුම පාවිච්චි කරලා අර ගුවන් යානයට පහරක් එල්ල කරනවා. මේ ගුවන් කුරුල්ලා හැදුවේ කවුද කියලා අහද්දිම අර කොල්ලා පැනලා දුවනවා. අශ්කා කොල්ලාටත් බලඇඳුමින් ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් අනෙක් අය කියනවා පෝලුත් මේ කොල්ලට උදවු කළා කියලා. පෝල් පැනලා දුවද්දි පෝල්ටත් බල ඇඳුමින් පහරක් එල්ල වෙනවා. නමුත් පෝල්ට මොකුත් වෙන්නෙ නෑ. පෝල්ටත් පුදුමයි මේ වෙච්ච දේට. පෝල් එතනින් පැනලා දුවනවා. මේ වෙලාවෙදි අර කෙල්ල පෝල්ට උදවු කරන්න උත්සාහ කරනවා. පෝල්ට වෙන ඇඳුමක් අන්දවා පෝල්ව එක්කන් යනවා. ඒ වෙලාවෙදි තමයි පෝල් මේ කෙල්ලගෙ නම රියානා බව දැනගන්නේ. ඉතින් පෝල් රියානා එක්ක කැලේ මැදින් යනවා. මේ අතරතුර පෝල් පස්සෙන් මායාබන්ධකයන් පන්නනවා පියාඹන නැවෙන්. පෝල් ලඟ තියෙන නෙත්ගල රියානා දකිනවා. ඉතින් මායාබන්ධකයෝ ඇවිල්ලා පෝල්ව අල්ලා ගනියිද? රියානා මොනවා කරයිද? මේ ගැන දැනගන්න අද කොටස බලන්නම වෙනවා. එහෙනම් 4 වෙනි කොටසින් හමුවෙනකන් ජය වේවා!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder, TV-show season 1 – 1995

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

818 downloadsDownload Spellbinder-S01E03.zip17 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

818 downloadsDownload Subtitles17 KB

10 comments

  1. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට සහෝ

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Thilinã Nűwań Mălsăra

    උපසිරැසියට තුති…

  5. Ashan Hettiarachchi

    good work..

  6. Udara Damith B\K

    ස්තුතියි උපසිරැසියට

  7. Udara Damith B\K

    තැන්ක්ස්

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Harsha

    Season 2 ekath sub dennko

  10. ishanka

    elz.thanks sub ekata