Watch Trailer

Spellbinder (1995) [S01 : E06] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 06 වෙනි කොටසටත් උපසිරැසිය අරන් ආවා. ඉතින් කොහොමද යාලුවනේ? පසුගිය කොටස් රසවින්ද අයනම් ඒවගෙ අඩුපාඩු දකින්න ඇති. කමෙන්ට් එකකින් අඩුපාඩු කියන්න. ඒවා හදාගන්න කැමතියි. මතකයි නේද පසුගිය කොටසේ වුන දේ? මැජික් කළා කියලා පෝල්ව අත්අඩංගුවට ගත්තා. අණදෙන්නගෙ නෙත් ගල හොරකම් කළා කියලත් එයාට චෝදනා කළා නේද? ඉතින…

Spellbinder-TV

ඔන්න 06 වෙනි කොටසටත් උපසිරැසිය අරන් ආවා. ඉතින් කොහොමද යාලුවනේ? පසුගිය කොටස් රසවින්ද අයනම් ඒවගෙ අඩුපාඩු දකින්න ඇති. කමෙන්ට් එකකින් අඩුපාඩු කියන්න. ඒවා හදාගන්න කැමතියි. මතකයි නේද පසුගිය කොටසේ වුන දේ? මැජික් කළා කියලා පෝල්ව අත්අඩංගුවට ගත්තා. අණදෙන්නගෙ නෙත් ගල හොරකම් කළා කියලත් එයාට චෝදනා කළා නේද? ඉතින් කොහොම හරි පෝල් අණදෙන කුළුණ ලඟටම අරන් යනවා පියාඹන නැවට නගින්න. පෝල්ටත් උවමනාව තිබුනේ මාලිගාවට ගිහින් මායාබන්ධකයෝ මුණගැහිලා ගෙදර යන්න ක්‍රමයක් හොයාගන්න. පෝල් හිතනවා මායාබන්ධකයෝ පෝල්ට ගෙදර යන්න උදවු කරයි කියලා. ඒකට ප්ලෑන් එකක් විදිහට තමයි පෝල් වෙඩි බෙහෙත් හදන්නේ. කොහොමහරි පෝල් පියාඹන නැවට නැංගා. දැන් පෝල් ඉන්නේ මාලිගාවට යනගමන්. මේ අතර රියානා අම්මලාට පෝල් ගැන සියලු විස්තර කියනවා. පෝල්ගෙ කැසට් වාදන යන්ත්‍රයත් අම්මලාට පෙන්නලා කියනවා පෝල් වෙන ලෝකෙකින් ආව කෙනෙක් බව. ඒ වගේම පෝල් හිරකරලා ඉන්න වෙලාවේ පෝල් කියනවා පෝල්ගෙ කැමරාවේ ටේප් එක හොයලා අණදෙන්නා අතේ මාලිගාවට එවන්න කියලා. රියානා ටේප් එක හොයාගෙන අණදෙන්නාගේ ගෙදරට යනවිට ඉන්නේ ග්‍රවෝන්. රියානා ආපහු හැරිලා ඇවිල්ලා තාත්තට කියනවා එයා මාලිගාවට යනවා කියලා. පෝල්ට බේරෙන්න සහ එයාගෙ ලෝකෙට යන්න තියෙන එකම ක්‍රමය තමයි මේ ටේප් එක. ඉතින් රියානා තාත්තාගෙනුත් අවසර අරනෙ අම්මට හොරෙන් මාලිගාවට යන්න පිටත් වෙනවා.

පියාඹන නැවෙන් පෝල්ව අරගෙන යන්නේ මායාබන්ධන අශ්කා. අශ්කට ඕනි පෝල්ගෙන් වෙඩිබෙහෙත් හදන රහස ඉල්ලාගන්න. ඒ නිසා අශ්කා රාජ්‍යාධිකාරීන්ටත් හොරෙන් පෝල්ව තමන් ඉන්න තැනට එක්කන් යනවා පෝල්ගෙන් විස්තර දැනගන්න. පෝල් අශ්කට කියනවා තමන් ආවේ වෙනත් ලෝකයකින් බව. අශ්කා නොපිලිගත්තත් පෝල්ගෙ බඩු භාණ්ඩ පෙන්නලා පෝල් ඔප්පු කරනවා එයා වෙන ලෝකෙකින් ආවා කියලා. පෝල් රාජ්‍යාධිකාරීන් හමුවට එක්කන් ගියේ මේ නඩුව විසඳන්න. රාජ්‍යාධිකාරී කොරියොන් මහන්සි වෙන්නේ දැනුම හොයන්න. ඉතින් එයාට ඕනි ඉක්මනට මේ නඩුව ඉවර කරලා තමන්ගෙ වැඩ කරගන්න මිසක් පෝල්ට සවන් දීලා සාධාරණයක් ඉටු කරන්න නෙමෙයි. ඉතින් නෙත්ගල හොරකම් කළා කියලා පෝල් පිලිගත්ත නිසා පෝල්ව මුඩු බිමට නෙරපන්න තීරණය කරනවා. නමුත් පෝල් නලාවක් පෙන්නලා කියනවා තමන් වෙන ලෝකෙකින් ආවා කියලා. ඒ නිසා මේ ගැන පර්යේෂණයක් කරන්න ඕනි නිසා පෝල්ව තියාගෙන, පෝල්ගෙ බඩු භාණ්ඩ කොරියොන්ගෙ කාමරයට අරන් එන්න කියනවා. පෝල්ව හිර කූඩුවට දානවා. මේ හිරකූඩුවේ තව කෙනෙක් ඉන්නවා පෝල් දැකලා පුරුදු. එයා තමයි කඩමණ්ඩියෙදි හම්බවුන පියාඹන කුරුල්ලෙක් හදපු කොල්ලා. මෙයාවත් මුඩු බිමට නෙරපන්න ලෑස්ති. පෝල් මුඩුබිම කියන්නේ මොකක්ද කියලා මෙයාගෙන් දැනගන්නවා. අශ්කටත් ඕනි පෝල් ගැන විස්තර දැනගන්න. ඉතින් රාජ්‍යාධිකාරී කොරියොන්ට වැඩ නිසා පෝල් ගැන හොයන්න අශ්කා අවසර ඉල්ලනවා. නමුත් රාජ්‍යාධිකාරී කොරියොන් ඒකට කැමති නෑ.

මේ අතර රියානා මාලිගාවට එනගමන් ඉන්නේ. පාර දන්නෙත් නෑ. නමුත් කොහොමහරි හොයාගෙන මාලිගාව කිට්ටුවටම එනවා. කැත්‍රීනත් නිකන්ම ඉන්නෙ නෑ. සමාන්තර ලෝක ගැන ගවේෂණය කරනවා. මේව වැඩවලට ඇලෙක්ස්නම් එච්චර කැමති නෑ. ඇලෙක්ස් හිතන්නෙත් කැත්‍රීනට පිස්සු කියලා. ඉතින් ඇලෙක්ස් මේ වැඩවලට සම්බන්ධ කරගන්නත් කැත්‍රීනා උප්පරවැට්ටියක් දානවා. මොනවා කරන්නද? අසරණ ඇලෙක්ස් කැත්‍රීනට අකමැත්තෙන් හරි උදවු කරනවා. ඉතින් මේ කොටසේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ කොටස අරගෙනම බලන්න. 07 වෙනි කොටසත් ඉක්මනටම අරන් එන්නම්. ජය වේවා!!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder, TV-show season 1 – 1995

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.

755 downloadsDownload Spellbinder-S01E06.zip17 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

755 downloadsDownload Subtitles17 KB

7 comments

  1. praneeth madu

    ela saho keep going

  2. Ishan Madusha

    ස්තුතියි සහෝ උපසිරැසියට

  3. Ruwan Walla

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි....!
    පුළුවන් නම් ඉස්සරහට knight rider 1982 සම්පූර්ණ ටී.වී. සීරියස් එකේ සබ් එකත් පල කරන්න.

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Udara Damith B\K

    ස්තූතියි

  6. Udara Damith B\K

    එල

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P