ඔන්න පස්වෙනි කොටසටත් උපසිරැසි අරන් ආවා. මතකද පසුගිය කොටස? පසුගිය කොටසේ වෙච්ච දේ ටිකක් මතක් කරගමු නේද? පෝල්ට ආපහු යන්න බැරි වුනා. දොර වැහුනා. ඉතින් රියානා පෝල්ව එක්කන් ක්ලේහිල් වලට ආවා. රියානා පෝල්ව මඬුවෙ හංගලා තියනවා. එකපාරට අම්මලාට කියන්න බැරි නිසා. මොකද පෝල් කාගෙ කවුද කියලා කියන්න විදිහක් නැති නි…

ඔන්න පස්වෙනි කොටසටත් උපසිරැසි අරන් ආවා. මතකද පසුගිය කොටස? පසුගිය කොටසේ වෙච්ච දේ ටිකක් මතක් කරගමු නේද? පෝල්ට ආපහු යන්න බැරි වුනා. දොර වැහුනා. ඉතින් රියානා පෝල්ව එක්කන් ක්ලේහිල් වලට ආවා. රියානා පෝල්ව මඬුවෙ හංගලා තියනවා. එකපාරට අම්මලාට කියන්න බැරි නිසා. මොකද පෝල් කාගෙ කවුද කියලා කියන්න විදිහක් නැති නිසා. ඉතින් රියානගෙ නංගි අර්ලා රියානයි පෝලුයි මඩුව ඇතුලෙ කැමරාව බල බලා ඉන්නවා දකිනවා. මෙයා හොරෙන්ම ගිහින් අම්මටයි තාත්තාටයි කියනවා. මේ දෙන්නා මඩුවට එනකොට පෝල්ව දකිනවා. අම්මා භය වෙලා ඉන්නේ. මොකද මංකොල්ලකාරයෝ ඇවිල්ලා කියලා මායාබන්ධකයෝ කියලා තියෙන නිසා. රියානගෙ අම්මා ලෑස්ති වෙන්නේ පෝල්ව අණ දෙන්නට බාර දෙන්න. නමුත් රියානා කියනවා තමන්ව වතුරෙ ගහගෙන යද්දි බේරා ගත්තේ පෝල් කියලා. මේ අතරෙදි ක්ලේහිල්වල අණදෙන්නා මෙතනට එනවා. අණදෙන්නා පෝල් ගැන විස්තර අහනවා. නමුත් රියානගෙ තාත්තා මැදිහත් වෙලා අණදෙන්නට බොරු කියලා පෝල්ව බේරා ගන්නවා. රියානගෙ තාත්තා බ්‍රෝන් කියනවා පෝල් කියන්නෙ තමන්ගෙ ඥාතියෙක් කියලා. ටික දවසක් ක්ලේහිල්වල නැවතිලා ඉන්නවා කියලා කියනවා. ඒනිසා පෝල්ට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් රියානගෙ අම්මා නම් පෝල්ව ගේ ඇතුලට ගන්න බය වෙනවා. එයා කියනවා පෝල්ව මඬුවෙ තියන්න කියලා. පහුවදා පෝල් සාමාන්‍ය විදිහට කාලය ගෙවනවා ගොවිතැන් කටයුතුවටල උදවු කරමින්.
කැත්‍රීනාටනම් යම් ඉවක් වැටිලා. එයා තමන් දැක්ක දේ විශ්වාස කරලා සමාන්තර ලෝක ගැන හොයන්න පටන් ගන්නවා. පොත්පත් කියවමින් මිස් ගිබ්සන්ගෙන් කරුණු අසමින් සමාන්තර ලෝක ගැන දිගින් දිගටම හෙයන්නේ පෝල්ව සමාන්තර ලෝකෙක හිරවෙලා ඉන්නවා කියලා කැත්‍රීනට ඉවක් වැටුනු නිසා. නමුත් ඇගේ හොඳම යෙහෙලිය පවා හිතන්නේ කැත්‍රීනට පිස්සු කියලා. මේ අතර අනෙක් ලෝකයේදී පෝල් රියානත් එක්ක එකතු වෙලා කුඹුරු වැඩ කරනවා. පෝල් වැට පහසු කරගන්න ලේසි ක්‍රම කීපයක්ම සකස් කරගන්නවා. මේ අතර රියානගෙ මල්ලි ගඟට වැටිලා වතුර පෙවෙනවා. නමුත් හීලා නමින් හඳුන්වන ගමෙ වෛද්‍යවරිය කියන්නේ රියානගෙ මල්ලි බේරාගන්න බෑ කියලා. මේ වෙලාවේ පෝල් රියානත් එක්ක එකතු වෙලා මල්ලිට කෘතීම ස්වසනය දීලා නැවත හෘදය ක්‍රියාත්මක කරනවා. මේ නිසා රියානගෙ අම්මා පෝල් ගැන පැහැදීමක් ඇතිකර ගන්නවා. ඒ නිසා පෝල්ට ගේ ඇතුලෙ ඉඩ ලැබෙනවා.
පෝල් මායාබන්ධකයන්ගේ මාලිගාව ගැන අහලා එහෙට යන්න කල්පනා කරනවා. මොකද මායාබන්ධකයන්ට පෝල්ව ගෙදර යවන්න ක්‍රමයක් හොයාගන්න පුලුවන් වෙයි කියලා පෝල් හිතන නිසා. නමුත් මායාබන්ධකයන්ව දකින්න යන්න හැමෝටම බෑ. මේ නිසා පෝල් ග්‍රෙවෝන්ගෙන් මේ ගැන අහනවා. ග්‍රෙවෝන් කියන්නේ ගමේ අණදෙන්නගෙ පුතා. එයා ආධුනිකයෙක් විදිහට වැඩ කරනවා. ඒ කියන්නේ මායාබන්ධකයෙක් වෙන්න කලින් ගෙවන පුහුණු අවධිය. නමුත් වැඩේ හරි යන්නේ නෑ. ඒ නිසා පෝල් වෙන ක්‍රමයක් කල්පනා කරනවා. පෝල් රියානත් අඬගහගෙන අණදෙන කුළුණ ලඟ තියෙන ගුහාවකට යන්නේ ග්‍රෙවෝන්ව පුදුම කරන්න වෙඩිබෙහෙත් හදන්න. ඉතින් පෝල් හොරෙන්ම වෙඩිබෙහෙත් හදලා ඉවර වුනාට පස්සේ මංකොල්ලාකාරයෝ මේ ගමට පනිනවා. පෝල් වෙඩිබෙහෙත් පත්තු කරලා මංකොල්ලාකාරයන්ව පලවා හරිනවා. ඉතින් මායාබන්ධන නීතියට අනුව නම් මේක තහනම් දෙයක්. මැජික් කියලා තමයි මෙයාලා කියන්නේ. ඒ නිසා පොල්ව අල්ලලා හිර කරනවා. මායාබන්ධකයන්ට දන්වනවා පෝල්ව අරන් යන්න එන්න කියලා. ඉතින් මායාබන්ධකයෝ පියාඹන නැවෙන් පෝල්ව අරන් යන්න එනවා. පෝල්ව අරන් යන්න පුලුවන් වෙයිද? පෝල් පැනලා යයිද? සිද්ධ වෙන දේ බලන්න මේ කොටසත් අරගෙනම බලන්න. ඊලඟ උපසිරැසියෙන් හමුවන තෙක් ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
761 downloadsDownload Spellbinder-S01E05.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
8 comments
praneeth madu
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Ishan Madusha
ස්තුතියි උපසිරැසියට සහෝ
Udara Damith B\K
උපසිරසියට බොහොම ස්තූතියි...................................
...................................Udara Damith B\K
ela
asanka
thanks saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E05] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

tnx saho