ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියනේ. ඔන්න 22 කොටසත් අරන් ආවා. පහුගිය කොටස් රසවිඳින්න ඇති කියලා හිතනවා. ඒවාගේ වැරදි අඩුපාඩු තිබුණා නම් සමාවෙන්න ඕනි. මොකද ආයෙත් මං කියන්නේ ඒක අසා ලිවීමක් කියලා. ඒ නිසා අඩුපාඩු නම් අනිවා ගොඩක් ඇති. ඉතින් සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්. පත්තරේ…

ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියනේ. ඔන්න 22 කොටසත් අරන් ආවා. පහුගිය කොටස් රසවිඳින්න ඇති කියලා හිතනවා. ඒවාගේ වැරදි අඩුපාඩු තිබුණා නම් සමාවෙන්න ඕනි. මොකද ආයෙත් මං කියන්නේ ඒක අසා ලිවීමක් කියලා. ඒ නිසා අඩුපාඩු නම් අනිවා ගොඩක් ඇති.
ඉතින් සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්. පත්තරේ මුල පිටුවේ තිබුණ පිටසක්වල කාන්තාව ගැන නිවුස් එක දැක්ක පෝල්ට පොඩි සැකයක් ඇති වෙනවා. මොකද පෝල් දැනගෙන හිටියා අශ්කා තමන්ගෙ ලෝකෙට එන්න උත්සාහ කරනවා කියලා. ඉතින් පෝල්ට සැකයක් ඇතිවුන නිසා පෝල් පත්තරය අරන් ගිහින් විස්තරය ඇලෙක්ස්ට පෙන්නනවා. කැත්‍රීනත් ඉන්නේ එච්චර හිතේ සතුටින් නෙමෙයි. මොකද පෝල්ට බැරිවුනා ඇලෙක්සුයි කැත්‍රීනයි රියානගෙ ලෝකෙ පෙන්නන්න එක්කන් යන්න බැරිවුන නිසා. ඉතින් පෝල්ගෙ අද දවසේ පාටම විද්‍යුත් චුම්භක ගැන. පොල්ට අදහසක් එනවා විද්‍යුත් චුම්භක තරංග හොයාගන්න ක්‍රමයක් ගැන දැනගන්න. මොකද අශ්කාගේ බලඇඳුමෙන් නිකුත් කරන්නෙත් විද්‍යුත් චුම්භක බලය නිසා. පෝල් ඇලෙක්ස් එකතු වෙලා ගුරුතුමියගේ උදවුවෙන් විද්‍යුත් චුම්භක බලය මනින උපකරණය හදනවා. මැග්නටෝමීටර් එකක්. ඒක මාර්ගයෙන් අශ්කව හොයාගන්න එක තමයි දැන් පෝල්ගෙ අරමුණ. කොහොම හරි නයිදන්ට දුන්න රේඩියෝ උපකරණ ආයෙත් ගන්න වෙනවා. මොකද මැග්නටෝමීටරය අරගෙන බෙදිලා යද්දි එකිනෙකා අතර සම්බන්ධයක් තියාගන්න ඕනි වෙන නිසා.
ඉතින් නයිදන්ට පොඩි උගුලක් විදිහට කැත්‍රීනා ඇලෙක්ස්ව සිපගන්නවා. එතකොටම ඇත්‍රීනගෙ අම්මා එතත. සුපුරුදු පරිදි කැත්‍රීනගෙ අම්මා ඊට පස්සෙ දෙන්නේ සුපුරුදු වචන ටික Get in the car. කැත්‍රීනව පුස්තකාලෙ නඟින් බස්සන් අම්මා යන්නේ සැලෝන් එකට. කැත්‍රීනත් නිකන් ඉන්නේ නෑ. කැත්‍රීනත් හොරෙන්ම යනවා අශ්කව හොයාගන්න. කොහොම නමුත් පෝල්ලට කලින් අශ්කව හොයාගන්න කැත්‍රීනට පුලුවන් වෙනවා. ඒ වගේම අශ්කා කැත්‍රීනව රවට්ටලා ඉන්න තැනක් සොයාගන්නවා. අශ්කා පොරොන්දු වෙනවා කැත්‍රීනට එයාගෙ ලෝකෙ පෙන්වනවා කියලා. ඉතින් කැත්‍රිනත් හරිම ආසාවෙන්නෙ හිටියේ රියානගේ ලෝකෙ දකින්න. මේ නිසා අශ්කා ගැන පෝල්ටවත් නොකියා ඉන්න තරම් රියානා අකාරුණික වෙනවා. පෝල් ඇලෙක්ස් දෙන්නට හොරෙන් රියානා අශ්කට විවිධ දේවල් ගෙනල්ලා පෙන්වනවා. ආයුධ ගැන වගේම අලුත් අලුත් තාක්ෂණය ගැන වීඩියෝපට ගෙනල්ලා හැම හොඳ නරක දෙයක්ම උගන්වනවා. අශ්කා කැත්‍රීනව රවට්ටගෙන ඉන්නවා කියලා කැත්‍රීනා දන්නේ නෑ. අශ්කා කැත්‍රීනට කියන්නේ එයා මර්නා කියලා. මර්නා කියන්නේ මායාබන්ධකයන්ගේ රාජ්‍යාධිකාරීවරිය. කොහොම හරි පොල්ලාට අශ්කව මඟහැරෙනවා.
අශ්කා නවාතැන් ගෙන ඉන්නේ හෝටලේක. ඉතින් අශ්කට මේ දේවල්වලට සල්ලි ඕනි වෙනවා. අශ්කා ආරක්ෂක වෑන් එකක් කොල්ලා කනවා. සල්ලිත් අරන් හෝටලේට ගිහින් කාමරේ ඉන්නකොට වේටර් කෙනෙක් එනවා. හදිසයේම අශ්කා බලඇඳුම ක්‍රියාත්මක කරද්දි පෝල්ගේ මැග්නටෝමීටර් එකට මේක චෙක් වෙනවා. පෝල් දැනගන්නවා අශ්කා ඉන්නේ මේ හෝටලේ කියලා. ඉතින් අශ්කට මොනවා වෙයිද? පෝල් පොලීසියට කියයිද අශ්කා ගැන? එහෙමත් නැත්තන් පෝල් අශ්කව අල්ලලා පොලීසියට භාර දෙයිද? එහෙමත් නැත්තන් අශ්කා එයාගෙ ලෝකෙට යවයිද? හරියටම දැනගන්න මේ කොටස බලන්නම වෙනවා. එහෙනම් 23 කොටස හැකි ඉක්මනින් අරන් එනකන් ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
487 downloadsDownload Spellbinder-S01E22.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
4 comments
Ishan Madusha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E22] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

ස්තුතියි සහෝ