ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න පොරොන්දු වුන විදිහටම 23 කොටසත් අරන් ආවා. සුපුරුදු පරිදිම පහුගිය කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම් අමතක අයටත් මතක් වෙන්නත් එක්කම. සිකුරුටි වැන් එක කොල්ලා කාලා ඒ සල්ලිත් අරන් හෝටලේ කාමරේ ඉන්නකොට වේටර්වරියක් එනවා අශ්කාගේ කාමරේට. අශ්කා බලඇඳුම ක්‍රියාත්මක කරනවා. එතකොට පෝල් සහ ඇල…

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න පොරොන්දු වුන විදිහටම 23 කොටසත් අරන් ආවා. සුපුරුදු පරිදිම පහුගිය කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම් අමතක අයටත් මතක් වෙන්නත් එක්කම.
සිකුරුටි වැන් එක කොල්ලා කාලා ඒ සල්ලිත් අරන් හෝටලේ කාමරේ ඉන්නකොට වේටර්වරියක් එනවා අශ්කාගේ කාමරේට. අශ්කා බලඇඳුම ක්‍රියාත්මක කරනවා. එතකොට පෝල් සහ ඇලෙක්ස් මැග්නටෝමීටරයත් අරන් ඉන්නේ ඒ කිට්ටුවමයි. ඉතින් බලඇඳුමෙන් නිකුත්වන විද්‍යුත් චුම්භක ධාරාවල මාර්ගයෙන් පෝල් දැනගන්නවා අශ්කා ඉන්නේ මේ හෝටලේ උඩම තට්ටුවේ කියලා. ඉතින් උඩම තට්ටුවේ වුනාට කාමර කීයක් නම් තියෙනවද? පෝල් පොඩි ක්‍රමයක් කල්පනා කරනවා අශ්කාගේ කාමරේ හොයාගන්න. ඒකට ඇලෙක්ස් තමයි අන්දලා ගන්නේ. කොහොම හරි පෝල් අශ්කා ඉන්න කාමරේ හොයාගෙන යතුරත් මාරු කරගන්නවා. පස්සේ පෝල් පහළට ඇවිල් අශ්කාට කෝල් එකක් දෙනවා පහළට ඇවිල්ලා එයාව හම්බ වෙන්න කියලා. මේ අතර පෝල් ඇලෙක්ස් එක්ක කාමරේට පැනලා පරීක්ෂා කරලා බලනවා. බල ඇඳුම වගේම අශ්කා හොරකම් කරපු සල්ලිත් කාමරේ තිබිලා හම්බ වෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් දෙයක්. රියානත් පොත් මිටියකුත් අරගෙන අශ්කාගේ කාමරේට එන්නේ මර්නා… කියලා කතා කරගෙන. අශ්කාගේ කාමරේ පෝලුයි ඇලෙක්සුයි ඉන්නවා දකින කැත්‍රීනාට වෙච්ච දේ හිතාගන්න බැරි වෙනවා.
කොහොම හරි අශ්කා නැවත කාමරේට එද්දි පෝලුයි ඇලෙක්සුයි නාන කාමරේ හැංගෙනවා. අශ්කාගේ ඔලුවට රෙද්දක් දාලා බලඇඳුමත් අරගෙන කට්ටියම පැනලා දුවනවා. අශ්කා නිකන් ඉන්නේ නෑ. පෝල් පස්සෙන් පන්නනවා. කොහොම හරි අශ්කාට බල ඇඳුම නොදී කුණු ලොරියට දාලා විනාශ කරන්න පෝල්ට පුලුවන් වෙනවා. අශ්කා ආපහු ඇවිල්ලා සල්ලිත් අරන් ගිහින් හැංගිලා බලන් ඉන්නේ පෝල් එලියට එනකන්. පෝල් පස්සෙන් ගිහින් පෝල්ගේ ගෙදර තියෙන තැන හොයාගන්නවා. ඒ වගේම පෝල්ගෙ තාත්තා වැඩ කරන තැනත් බලාගන්නවා. නැවතත් මායාබන්ධකයන්ගේ ලෝකයට යන ඇය බලගල් සහ බලඇඳුම් නිර්මාණය ගැන තියෙන පරිපථ සටහනක් ඇතුලත් පොතක් අරන් එනවා. ඇනා හාලි නමින් පෙනී ඉඳිමින් පෝල්ගෙ තාත්තාගේ හිත දිනාගන්න අශ්කා සමත් වෙනවා.
රියානා අශ්කයි ග්‍රෙවෝනුයි දෙන්නා කරන දේවල් ගැන පරීක්ෂාවෙන් ඉන්නේ. නටබුන් අතර තියෙන පරණ මාලිගාවේදි අශ්කයි ග්‍රෙවෝනුයි කරන කතාබහක් පෝල්ගේ වීඩියෝ කැමරාවෙන් පටිගත කරගන්න රියානා සමත් වෙනවා. මේ පටිගත කිරීම ගොඩාක් වැදගත් සාක්ෂියක් බවට පත්වෙනවා අනාගතේදි. ඉතින් වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. මං හිතනවා මේක බැලුවානම් බලපු කෙනෙක්ට අමතක වෙන්නෙ නෑ මේ කොටසේ මොකද වුනේ කියලා. අශ්කා බලගල් ගේන්න ග්‍රෙවෝන්ගෙ උදවු ගත්ත හැටි, ග්‍රෙවෝන් බොරුවක් කියාගෙන මාලිගාවට ගිය හැටි, අශ්කායි ග්‍රෙවෝනුයි රියානාව මාලිගාව ඇතුලේ දාලා පිටවෙනන බැරි වෙන්න ගලක් හිර කරලා ආව හැටි. ඉතින් ඊලඟ කොටසත් අරන් එනකන් මායාබන්ධන රසික රසිකාවිය් පුල පුලා බලා සිටිනවා කියලා මං දන්නවා. එහෙනම් හැකි ඉක්මනින් ඊලඟ කොටසින් හමුවෙන තුරු ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
500 downloadsDownload Spellbinder-S01E23.zip16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
5 comments
Ishan Madusha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sadun
tnx saho. strain s03 eke sub detahakida
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...අනිත් එකත් ඉක්මනට දෙන්න....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Spellbinder (1995) [S01 : E23] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

ස්තුතියි සහෝ