ඉතින් කොහොමද යාළුවනේ. මායාබන්ධන කතා මාලාවේ අවසන් කොටසටත් ලඟා වුනා. 26 කොටස තමයි අද අරන් ආවේ. ඒ කියන්නේ අවසන් කොටස. අවසන් කොටස කොහොම අවසන් වෙයිද කියලා දැනගන්න කලින් පහුගිය කොටස සුපුරුදු පරිදි ටිකක් මතක් කරගමු. මතකයිනෙ පහුගිය කොටසේ අශ්කා පෝල්ගෙ කමරේට ඇවිල්ලා තර්ජනය කරලා ගියා. ඉතින් පෝල් තර්ජනවලට බය ව…

ඉතින් කොහොමද යාළුවනේ. මායාබන්ධන කතා මාලාවේ අවසන් කොටසටත් ලඟා වුනා. 26 කොටස තමයි අද අරන් ආවේ. ඒ කියන්නේ අවසන් කොටස. අවසන් කොටස කොහොම අවසන් වෙයිද කියලා දැනගන්න කලින් පහුගිය කොටස සුපුරුදු පරිදි ටිකක් මතක් කරගමු. මතකයිනෙ පහුගිය කොටසේ අශ්කා පෝල්ගෙ කමරේට ඇවිල්ලා තර්ජනය කරලා ගියා. ඉතින් පෝල් තර්ජනවලට බය වෙලා සද්ද නැතුව ඉඳියිද? පෝල් කියන්නේ එවට බය වෙන චරිතයක් නෙමෙයි නේද? මං හිතන්නේ පෝල් මොකක් හරි ගේමක් දෙයි. පෝල්ගෙ තාත්තා නම් රෑ එලි වෙනකන් බලඇඳුම හදලා ඉවර කරලා. උදේම පෝල්ට නැගිට්ටවන්නේ බලඇඳුම හදලා ඉවර වුන එක සමරන්න. පෝල්ගෙ තාත්තායි ඇනයි දෙන්නා බලඇඳුමත් තියාගෙන ෆොටෝ එකක් ගන්නවා.
ඒ වගේම පෝල් බලඇඳුම ගැන තාත්තාගෙන විස්තර ටිකකුත් අහලා දැනගන්නවා. ඒ වගේම බලඇඳුමේ ඉගිලුම් පාලන ඒකකය මාරු කරලා පිච්චුන එක සවි කරනවා. හොඳ එක කුණු බක්කියට දානවා. මේ සැමරීමට කෑම හදන්න භාර ගන්නේ පෝල්ගෙ නංගි ක්‍රිස්ටීන්. පෝලුත් එක්ක එකතු වෙලා කෑම හදලා මේසෙට ඇරියට පස්සේ පෝල් බඩයන බෙහෙතක් ඇනාගෙ පිඟානට දානවා. මේක කන ඇනා අවුට් හවුස් එක හොයනවා. පෝල්ට හරිම සතුටුයි. පෝල් ෆොටෝ එකත් අරන් ගිහින් ඇලෙක්ස්ටයි කැත්‍රීනටයි පෙන්නනවා. එයා රියානා පැහැරගෙන ගිහින් නිසා රියානව හොයාගන්න උදවු ඉල්ලනවා. කට්ටියට අද ඉස්කෝලෙ විභාගයක්. නමුත් පෝල්ට උදවු කරන්න යනවා. පෝල්ගෙ ගෙදර ගිහින් තාත්තාගේ කාමරේ අවුස්සලා බලන්නේ අශ්කා ඉන්න තැන ගැන තොරතුරක්. නමුත් හමුවන්නේ ඇගේ ජංගම දුරකථන අංකය විතරයි. ඇලෙක්ගේ මොළයට පින් සිද්ධ වෙන්න අශ්කා ඉන්න තැන ලිපිනය හොයාගන්නවා. කට්ටිය ලිපිනය හොයාගෙන යද්දි අශ්කා ගෙදර ඉන්නේ. ඉතින් රියානා ඉන්නවද නැද්ද කියලා තොරතුරක් ගන්න ක්‍රමයක් කල්පනා කරද්දි තමයි මතක් වෙන්නේ අශ්කා කියවන්න දන්නෙ නෑ කියලා. ඒ නිසා ඇලෙක්ස්ව ඇතුලට යවනවා ගෑස් සමාගමක නිළධාරියෙක් විදිහට. ඇලෙක්සුත් කොහොම හරි ඇතුලට ගිහිල්ලා ජනේලයකුත් ඇරලා එනවා. අශ්කාට පෝල්ගෙ තාත්තාගෙන් දුරකථන ඇමතුමක් එන්නේ බලඇඳුම පරීක්ෂා කරන්න විද්‍යාගාරෙදි හමුවෙන්න කියලා. ඉතින් අශ්කා පුලුවන් ඉක්මනින් විද්‍යාගාරයට යන්න පිටත් වෙනවා.
මේ අවසරයෙන් පෝල්, ඇලෙක්ස්, කැත්‍රීනා ගේ ඇතුලට පනිනයි හදන්නේ. නමුත් පෝල් කියනවා ඇලෙක්ස්ටයි කැත්‍රීනටයි එලියේ ඉන්න කියලා. එයා ඇතුලට යන්නම් කියලා. මේ ටික බලන් ඉන්නවා අල්ලපු ගෙදර ඇන්ටි කෙනෙක්. එයා ඉක්මනින්ම පොලීසියට කතා කරලා මේ ගැන කියනවා. පොල්ට රියානව බේරා ගන්න තව වෙලා ඕනි නිසා පෝල් රේඩියෝවෙන් කතා කරලා කියනවා පොලීසියේ අය වෙන දිහාවකට යවන්න කියලා. ඉතින් ඇලෙක්සුයි කැත්‍රීනයි නැතිවෙච්ච බල්ලෙක් හොයනවා වගේ බොරුවට රඟපානවා. පොලීසියේ අය මේ දෙන්නව ඉස්කෝලෙන් බස්සන්න අරගෙන යනවා. පෝලුයි රියානයි දෙන්නා ටැක්සියක් අරන් තාත්තා හම්බෙන්න යනවා. ඉගිලුම් පාලන ඒකකය පිච්චුන එකට මාරු කරපු නිසා ඇඳුම ඉගිලෙන්නේ නෑ. අශ්කා රත්වෙලා. ඉතින් පෝල්ගෙ තාත්තා හිතනවා පෝල් ඒක ගන්න ඇති කියලා. මේ ගැන කල්පනා කරද්දි පෝල් එතනට එනවා. ඒත් එක්කම ටැක්සි මාමත් එනවා සල්ලි ඉල්ලාගන්න. පෝල් කාර්යාලයට යවන්නේ ඉගිලුම් පාලන ඒකකය ගැන අහගන්න. මේ අතර පෝල් වීඩියෝ පටය තාත්තාට පෙන්නන්න කටයුතු කරනවා. පෝල්ගෙ තාත්තා මේක දකිනවා. පෝල් විමේ ගැන විස්තර කරද්දිම අශ්කා එතනට එනවා. ඒ විතරක් නෙමෙයි අශ්කා රියානගෙ නම කියනවා රියානා දැක්ක ගමන්ම. පස්සේ වැඩේ වරදින බව දැනගෙන අශ්කා කට්ටිට පස්සෙන් පන්නනවා. පෝලුයි රෙනෝල්ඩ්ස් මහත්තයයි රියානයි දුවගෙන ගිහින් හැංගුනත් අශ්කා බලඇඳුම පාවිච්චි කරලා දොර කඩනවා. පෝලුයි රියානයි වතුර ගැහුවත් පෝල්ගෙ තාත්තා ඇඳුම හදලා තියෙන්නේ ජලයට ඔරොත්තු දෙන විදිහට. ඒ නිසා හානියක් වෙන්නෙ නෑ. ඉතින් අශ්කා මේ අයට මොනවා කරයිද? හරියට දැනගන්න නම් මේ අරන් ආව අවසන් කොටස බලන්න වෙනවා.
ඉතින් මායාබන්ධන පළමු කතා මාලාව අදින් ඉවර වෙනවා. මෙච්චර දවසක් උපසිරැසි අරන් මගෙත් එක්ක හිටිය මායාබන්ධන රසික රසිකාවියන්ට බොහොම ස්තූතිවන්ත වෙනවා. ඉතින් වැරදි අඩුපාඩු බොහොම සිද්ධ වෙන්න ඇති. ඒ සියලුම දේට සමාව භජනය කරන අතර මේ සමුගැනීම නොවෙයි. මායාබන්ධන මකර රජදහන හෙවත් මායාබන්ධන දෙවන කතා මාලාවටත් උපසිරැසි අරන් ඉක්මනින්ම හමුවෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මායාබන්ධන රසික රසිකාවියන් බලාපොරොත්තු බිඳගන්න එපා. මකර රජදහන දැන් සූදානම් වෙමින් පවතිනවා. හැකි ඉක්මනින් ඔබට ලබා දෙන්නම්. එහෙනම් මකර රජදහනින් හමුවන තුරු ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
621 downloadsDownload Spellbinder-S01E26.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
28 comments
Ishan Madusha
Sashika
බොහොම ස්තුති... Thank you.
Chinthaka Bandara
මායාබන්ධන පළමු කතා මාලාවේ අවසන් කොටස තමයි අද ලැබුනේ නේද? ඉතින් මායාබන්ධන රසික රසිකාවියන් දුක් වෙන්න එපා. මොකද තව කොටස් 26 කින් යුක්ත මායාබන්ධන මකර රජදහන සඳහා මේ වන විටත් සියළුම උපසිරැසි සාදා අවසන්. හැකි ඉක්මනින් එය ලබා දීමට කටයුතු කරනවා. ඉතින් මගෙත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මකර රජදහනත් රස විඳින්න. ඒ වගේම මේ කතාමාලාව අවසන් වන තුරු මගෙත් එක්ක රැඳිලා ඉඳලා උපසිරැසියට ස්තූති කරලා කමෙන්ට් එකක් දාලා ගිය අයට ගොඩාක් ස්තූතියි. ඒ වගේම සද්ද නැතුව උපසිරැසිය අරන් ගිය ප්‍රමාණය නම් ගොඩක් වැඩියි. හැමදාම කමෙන්ට් එකක් දාලා ගිය යාළුවෝ ඉන්නේ තුන් හතර දෙනෙක් විතරයි. ඉතින් කොහොම වුනත් කමක් නෑ. උපසිරැසිය අරන් රස වින්දා නම් ඒක තමයි මං ලබල ලොකුම සතුට. මොකද මේ උපසිරැසි හදන්නේ හුදෙන් විනෝද ආස්වාදය පිණිස පමණයි. උපසිරැසි සකස් කරන හැම කෙනෙක්ම සතුටක් ලබන්නේ ඔයාලාගේ අදහස් බලලා. ඉතින් දින 26 ක්ම මගෙත් එක්ක රැඳිලා හිටිය සියළුම දෙනාට ස්තූතියි. ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියේ ඇඩ්මින් මණ්ඩලයටත් ගොඩාක් ස්තූතියි මගේ උපසිරැසිය පලකරලා මට සහයෝගයක් දුන්නාට. ජය වේවා!
Dhanushka N Perera
මේ දිලා තියෙන උපසිරස වලට ගැලපෙන ටොරෙන්ට්ස් ලින්ක්ස් එකක් හොයා ගන්න නෑ. පුලුවන්නම් ලින්ක් එක දෙන්න පුලුවන්ද ? එහෙම නැත්තනම් මෙය කුමන ටොරෙන්ට්ස් පේජ් එකෙන්ද Doenload කර ගත්තේ කියලා කියන්න.
Ex: - Extra Torrent , kickass .. etc.
exit_9.1
Patta bro... Keep it up.
Dhanushka N Perera
මේ දිලා තියෙන උපසිරස වලට ගැලපෙන ටොරෙන්ට්ස් ලින්ක්ස් එකක් හොයා ගන්න නෑ. පුලුවන්නම් ලින්ක් එක දෙන්න පුලුවන්ද ? එහෙම නැත්තනම් මෙය කුමන ටොරෙන්ට්ස් පේජ් එකෙන්ද Download කර ගත්තේ කියලා කියන්න.
Ex: - Extra Torrent , kickass .. etc.
Kokilakumara
http://www.baiscopelk.com with-sinhala-
Dana
බොහොම ස්තුතියි..........!!! (y)
Dhanushka N Perera
මේ දිලා තියෙන උපසිරස වලට ගැලපෙන ටොරෙන්ට්ස් ලින්ක්ස් එකක් හොයා ගන්න නෑ. පුලුවන්නම් ලින්ක් එක දෙන්න පුලුවන්ද ? එහෙම නැත්තනම් මෙය කුමන ටොරෙන්ට්ස් පේජ් එකෙන්ද Doenload කර ගත්තේ කියලා කියන්න.
Ex: - Extra Torrent , kickass .. etc.
Dhanushka N Perera
මේ දිලා තියෙන උපසිරස වලට ගැලපෙන ටොරෙන්ට්ස් ලින්ක්ස් එකක් හොයා ගන්න නෑ. පුලුවන්නම් ලින්ක් එක දෙන්න පුලුවන්ද ? එහෙම නැත්තනම් මෙය කුමන ටොරෙන්ට්ස් පේජ් එකෙන්ද Download කර ගත්තේ කියලා කියන්න.
Ex: - Extra Torrent , kickass .. etc.
Chinthaka Bandara
බයිස්කෝප් අඩවියේ ටොරන්ට් ලින්ක් පලකරන්නේ නෑ. ටොරන්ට් එක හොයාගන්න අමාරුයි නම් මාව G+ හරහා සම්බන්ධ කරගන්න. මං ටොරන්ට් ෆයිල් එක ගන්න ලින්ක් එකක් දෙන්නම්.
Udara Damith B\K
ගොඩක් ස්තුතියි උපසිරසට...............
Udara Damith B\K
ගොඩක් ස්තුතියි උපසිරසට අනිත් එකත් ඉක්මනට දෙන්ඩ
chinthy
elaga episode ekath ikmanata depan macha
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chamila
Thankssss...........
DDT
උපසිරැසිවලට බොහොම ස්තූතියි යාළුවා!
මේ කතාවෙ එපි 26 දැනට අවුරුදු කිහිපයකට කලින් මට යාළුවෙකුගෙන් ලැබුනා. රූපවාහිනියෙ යද්දි නරඹල තිබුනු නිසා මම නැවත වරක් බොහොම කැමැත්තෙන් බැලුවා. සමාන්තර විශ්වයක්/ලෝකයක් ගැන කිසිම හැඟීමක් නොතිබුනු අපේ පාසල් අවදියෙදි මේ කතා මාලාව මට නම් අලුත්ම අත්දැකීමක් උනා. දැන් ඔබේ උපසිරැසි සමඟ තවත් වරක් බලන්න හිතාගෙන ඉන්නෙ.
Madhushanka
Thanks yaluwa..... Season 2 ekath denakan balagena innawa................................. THANKS A LOT
Thilan Weerasinghe
Time line හදාගෙන මේ විදියට සබ් දෙන එක කොච්චර අමාරුද කියලා ඕනම කෙනෙක් දන්නවා.
අනික english sub වත් කොහෙවත්ම නැති, ඒත් මේ වගේ ලස්සන TV Series එකකට ගොඩක්ම මහන්සි වෙච්ච එක ගැන අවංකවම මගේ ස්තුතිය චින්තක සහෝ.මේ කැපවීමට අපිට දෙන්න පුළුවන් ඉහලම ගෞරවය මේ අදහස් දැක්වීම විතරයි.
ජයෙන් ජය ඔබට....!!!රයන් ද සිල්වා
එල පට්ට පදිරි…. ගින්දර…………….
Thanks, සහෝ..!!!
**ජය**2 වන කාතාසමයෙන් හමු වෙමු
Janaka Priyashantha
Thanx bn sub walata.mn me tika video wlta dala hadanwa.biscope.lk eken gttai kyla ekata danwa.aulk na neda.
මිතුල් ලක්ශිත
ස්තූතියි චින්තක සහෝ සිංහල උපසිරැසියට…
දෙවන සීසන් එකෙන් හමු වෙමු….
෴෴ජය වේවා෴෴cns
Thankz......................
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
BandaYB
thanks!okkoma baawa.
Anonymous
ගොඩක් ස්තුතියි Sub එකට ....ජය වෙවා
Marline
තව මේ වගේ සමාන්තර ලෝක ගැන කතා මොනවාද තියන්නෙ,දන්න එක්කෙනෙක් දාන්න
isuru
Sub valata thanx.
ජය වේවා
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E26] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

බොහෝම ස්තුතියි සහෝ ඉක්මනින්ම උපසිරසි ලබා දුන්නාට
ජය වේවා!