ඔන්න 25 කොටසත් අරන් ඉක්මනින්ම ආවා. මඟ බලන් හිටියා නේද? දැන් හරිම හදිස්සියි ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න. ඒ නිසා ඔන්න ඉක්මනින්ම අරන් ආවා. සුපුරුදු පරිදි පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්. මොකද ආයේ මතක් කරගන්නත් ඕනිනේ මේ කෙටස බලන්න. රියානා පෝල්ව හොයාගෙන මේ ලෝකෙට ආවා කියලා මතකයි නේද? පෝල් එක්ක…

ඔන්න 25 කොටසත් අරන් ඉක්මනින්ම ආවා. මඟ බලන් හිටියා නේද? දැන් හරිම හදිස්සියි ඊලඟට සිද්ධ වෙන්නේ මොකක්ද කියලා දැනගන්න. ඒ නිසා ඔන්න ඉක්මනින්ම අරන් ආවා. සුපුරුදු පරිදි පහුගිය කොටස ගැන ටිකක් කියන්නම්. මොකද ආයේ මතක් කරගන්නත් ඕනිනේ මේ කෙටස බලන්න. රියානා පෝල්ව හොයාගෙන මේ ලෝකෙට ආවා කියලා මතකයි නේද? පෝල් එක්ක එකතු වෙලා අශ්කව හොයාගන්න තමයි දැන් රියානගේ උත්සාහය. දැන් පෝල්ගෙ යාලුවෝ දෙන්නත් පෝල් එක්ක එච්චරම හිත හොඳ නෑ වගේ. දෙන්නම පෝල්ව මඟහරිනවා මොකක් හරි බොරුවක් කියලා. ඉතින් පෝල් මේ වෙනස දැනගත්තත් කැත්‍රීනාගෙනුයි ඇලෙක්ස්ගෙනුයි උදවු ඉල්ලනවා. නමුත් මේ දෙන්නම පෝල්ව ප්‍රතික්ෂේප කරනවා. කැත්‍රීනා කියනවා පෝල් ආයේ බොරුවක් ගොතනවලු එයයි ඇලෙක්සුයි එකට ඉන්න එකට ඉරිසියාවේ. මේක ඇත්ත නම් සාක්ෂියක් ගේන්න කියනවා ඔප්පු කරන්න. පෝල් හොය හොයා හිටිය කෙනා තමන්ගෙ ගේ ඇතුලෙම ඉන්නවා දැක්කම පෝල්ට ගොඩක් තරහා යනවා. තාත්තා පෝල් කියන කිසිම දෙයක් අහන්නේ නෑ. තාත්තා හිතන්නේ පෝල්ට මොළේ අවුලක් කියලා. පෝල් අශ්කට බැනලා ගෙදරින් එලවාගන්න හදනවා.
නමුත් තාත්තා ඊට ඉඩ දෙන්නේ නෑ. තාත්තා හිතන්නේ මේ අලුත් ව්‍යාපෘතියෙන් ලැබෙන ප්‍රතිලාභ ගැන විතරයි. බැරිම තැන රෙනෝල්ඩ්ස් වැඩේ ඉතිරි ටික කරන්න ආපහු විද්‍යාගාරයට යනවා හාලිත් එක්ක. පෝල් ආපහු ඉස්කෝලෙ ලඟට යනවා රියානව මුනගැහෙන්න. රියානා ආපහු එද්දි පෝල්ගෙ වීඩියෝ කැමරාව අරන් ඇවිල්ලා. ඒක පෝල්ගෙ කාමරේ කබඩ් එකේ තියෙනවා කියලා රියානා කියනවා. පෝල් රියානත් එක්ක ගෙදර යද්දි ක්‍රිස්ටීන් දොරවල් වහගෙන. පෝල්ට සිද්ධ වෙනව ජනේලයෙන් පැනලා කාමරෙට යන්න ක්‍රිස්ටීන්ගෙන් ගුටිත් කාගෙනම. කොහොම හරි ක්‍රිස්ටීන් ගෙදර තියලා පෝල් රියානත් එක්ක තාත්තා වැඩ කරන තැනට යනවා තාත්තාට වීඩියෝ එක පෙන්වන්න. බොහෝම අමාරුවෙන් කාර් එකකට හොරෙන් දාගෙන තමයි රියානව ඇතුලට අරන් යන්නේ. මොකද තාත්තා වැඩ කරන්නේ විද්‍යාගාරයක නිසා. පිට අයට ඇතුල්වීම තහනම්. කොහොම හරි රියානව ඇතුලට පන්න ගත්ත පෝල් ට්‍රොලියක තියාගෙන පෙට්ටියක් ඇතුලට දාගෙන රියානව විද්‍යාගාරය ලඟට එක්කන් යනවා. අශ්කාගේ ඇඳුමේ පර්යේෂන ටිකත් බලාගෙන ඉඳලා රියානව උඩ හංගලා පෝල් යනවා තාත්තව එක්කන් එන්න. පෝල් ගෑණු ළමයෙක්ගෙ ප්‍රශ්නයක් තාත්තත් එක්ක කතා කරන්න ඕනි කියලා තාත්තව උඩට එක්කන් එනවා. නමුත් අශ්කට පෝල් කරන්න යන දේ ගැන ඉඟියක් දැනෙනවා.
අශ්කත් පස්සෙන් ගිහින් බලඇඳුම කියාත්මක කරනවා. ඒ නිසා රූපවාහිනිය හරියට වැඩ කරන්නේ නැතුව යනවා. අශ්කා රියානවත් අල්ලගෙන අශ්කා නැවතිලා ඉන්න තැනට අරන් ගිහින් බැඳලා තියනවා. පෝල්ට හොඳටම පිස්සු කියලයි තාත්තා හිතන්නේ. පෝල්ව ගෙදරට එක්කන් ගිහින් දොස්තර කෙනෙක්ට කතාකරනවා කියලා පෝල්ගෙ තාත්තා කියලා පෝල්වත් අඩගහගෙන ගෙදර යනවා. ඇනාටත් පණිවිඩයක් දෙනවා ඉගිලුම් පාලන ඒකකය සවි කරන්න ඇඳුමත් අරන් ගෙදරට එන්න කියලා. ඇනා එන්නේ රෑ කෑමත් අරගෙන. පෝල්ගෙ මේ පිස්සුව ගැන අහන්න රෙනෝල්ඩ්ස් දොස්තර කෙනෙක්ට කතා කරනවා. මේ අතර පෝල් ගෙදරින් පැනලා යනවා. ගිහින් තමයි යාලුවන්ගෙන් උදවු ඉල්ලන්නේ. පෝල් නැවත ගෙදර එන්නේ රෑ වෙලා. අශ්කා පෝල්ගෙ ගෙදරට ඇවිල්ලා. අන්තිමේදි අශ්කා පෝල්ගෙ කාමරේට ඇවිල්ලා පෝල්ට තර්ජනය කරනවා මේකට මැදිහත් වුනොත් තාත්තටයි නංගිටයි වන්දි ගෙවන්න වෙයි කියලා. ඒ නිසා පෝල් ටිකක් සන්සුන් වෙලා ඉන්නවා. නමුත් පෝල් ගේම අතෑරලා නම් නෑ. ඉත්න් බලන්න පෝල් අශ්කාගේ තර්ජන වලට බය වෙයිද කියලා. පෝල් මොනවා කරයිද? හරියටම දැනගන්න අවසාන කොටසත් බලන්නම වෙනවා. එහෙනම් අවසන් කොටස අරන් ඉක්මනින්ම එන්නම්. එතකන් සියලුම මායාබන්ධන රසික රසිකාවිය්ට ජය වේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder, TV-show season 1 – 1995
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත් සඳහා වලංගු වේ.
531 downloadsDownload Spellbinder-S01E25.zip17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
9 comments
Ishan Madusha
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...Spellbinder: Land of the Dragon Lord එකටත් සබ් දෙන්න මේක ඉවර උන ගමන්ම....
Chinthaka Bandara
Spellbinder S2-Land Of the Dragon Lord කතා මාලාවට සම්පූර්ණයෙන් උපසිරැසි සකස් කරලා අවසානයි. හැකි ඉක්මනින් බයිස්කෝප් අඩවියේ පලවෙයි.
Udara Damith B\K
.සබ් එකට තැන්ක්ස්
Udara Damith B\K
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ash
මචං පුලුවන්නම් මේකේ ටොරන්ට් ලින්ක් එකක් මගේ ඊමේල් එකට එවපන්කෝ... හෙව්වා හෙව්වා හොයාගන්න බෑ බං...
[email protected]රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janaka nuwan
Sub walata tnxxx good luck for youre all
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Spellbinder (1995) [S01 : E25] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/01/Spellbinder-TV-e1472370635992.jpg)

ස්තුතියි සහෝ.ඉක්මනින්ම අවසන් episode එකත් දෙන්න ලැබේවා