Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E02] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න පොරොන්දු වුන විදිහටම දෙවන කොටස සඳහා උපසිරැසිය අරන් ආවා. ඉතින් අදහස් දක්වපු අයට ගොඩාක් ස්තූතියි. ඒ වගේම සද්ද නැතුව උපසිරැසිය අරන් ගිය ගොඩාක් දෙනාටත් මං ස්තූතිය පුද කරනවා උපසිරැසිය ලබා ගත්තට. මේ කොටසත් මට පරිවර්ථනය කරලා දුන්නේ මගේ නංගි නිශාරා මධුවන්ති. එයාටත් මේ අවස්ථාවේ ඔයාලා සි…

Spellbinder-TV

කොහොමද යාළුවනේ. ඔන්න පොරොන්දු වුන විදිහටම දෙවන කොටස සඳහා උපසිරැසිය අරන් ආවා. ඉතින් අදහස් දක්වපු අයට ගොඩාක් ස්තූතියි. ඒ වගේම සද්ද නැතුව උපසිරැසිය අරන් ගිය ගොඩාක් දෙනාටත් මං ස්තූතිය පුද කරනවා උපසිරැසිය ලබා ගත්තට. මේ කොටසත් මට පරිවර්ථනය කරලා දුන්නේ මගේ නංගි නිශාරා මධුවන්ති. එයාටත් මේ අවස්ථාවේ ඔයාලා සියළු දෙනා වෙනුවෙන්ම ස්තූතිය පුද කරනවා.

සුපුරුදු විදිහට පහු ගිය කොටස ගැන කියන්නම්. මෝගන් පවුල නිවාඩු කඳවුරක තමයි ගතකරන්නේ. කැතී නම් ඉතින් ටිකක් කම්මැලි කමෙන් තමයි ඉන්නේ. මොකද අම්මා නිවාඩු කඳවුරේ ඇවිල්ලත් රාජකාරි කරනවා. තාත්තයි අයියයි ෆුට් බෝල් ගහනවා. මොනවා කරන්නද? කැතී තනියම ඉන්නවා. මේ අතර පොඩි විහිලුවක් නිසා කැතීගෙ හිත අමනාප වෙලා කැලේ ඇතුලට ඇවිදගෙන යනවා. මේ අතර අමුතු විදිහක බෝට්ටුවක් දැකලා ඒක ඇතුලට බැහැලා ටිකක් අතපත ගාලා බලනවා. ඉතින් බෝට්ටුව වටේට විදුලි සැරක් එක්කම එලියක් නිකුත් වුනා. කැතී පැනගන්න හැදුවත් විදුලි සැර වදිනවා. මේ අතර අමුත්තෙක් දුවගෙන ඇවිල්ලා බෝට්ටුවට නගිනවා. එයා ඒක නතර කරන්න හැදුවත් එයාටත් විදුලි සැර වදිනවා.

කැතී එක පාරටම බෝට්ටුවෙන් එලියට බැහැලා දුවන්න පටන් ගන්නවා. අම්මාගෙනුයි තාත්තාගෙනුයි උදවු ඉල්ලගෙන දුවනවා. ඉතින් කැතීට නම් අදහසක් නෑ මේ කොහේද කියලා. කැතී පස්සෙන් අමුත්තෙක් පන්නනවා. ඒකට බය වෙච්ච කැතී කන්දකින් පහළට වැටෙනවා. කොහොම නමුත් පස්සෙන් පැන්නුව අමුත්තා කැතීව බේරාගන්නවා. ඒ නිසා කැතීගෙ බය ඇරෙනවා. ඒ අමුත්තා තමයි මෙක්. මෙක් මේ විස්තරේ කියනවා. මොකක්ද මේ සිද්ධ වුනේ කියලා.

කැතී අතුරුදන් වුනා. නංගි තනියම කොහේ යනවද බලන්න හොරෙන්ම පස්සෙන් ආව ජෝෂ් නම් සිද්ධිය දැක්කා. නමුත් බෝට්ටුවෙන් ආව විදුලි සැරයක් වැදුන නිසා ජෝෂ්ගෙ ඔලුව ගහක වදිනවා. නමුත් කාල් සහ විකී ඒ කියන්නේ කැතීගේ අම්මයි තාත්තයි නම් මේ කතාව විශ්වාස කරන්නේම නෑ. එයාලා හිතන්නෙම ඔලුව ගහේ වැදිච්ච නිසා ජෝෂ්ගෙ ඔලුව කොලොප්පම් වෙලා කියලා. ඉතින් මේකට හේතුවකුත් කියනවා. ජෝෂ්ගේ තාත්තා දවසක් පා පන්දු පිටියේ වැටිලා ඔලුව වැදිලා. එයා තමන්ගේ පුහුණුකාරයාව දැකලා තියෙන්නේ කුමාරිකාවක් වගේ. ඉතින් මොනවා වුනාද දන්නේ නෑ එතනින් එහාට.

ඉතින් මෙක්-කැතී දෙන්නා ආපහු බෝට්ටුව ලඟට එන්නේ කැතීගේ ලෝකයට එන්න. මේ අතරමඟදී මේ දෙන්නට තව දෙන්නෙක් හමු වෙනවා. ඒ කවුද? මායාබන්ධකයෙක් සහ එයාගේ ශිෂ්‍යයා. මේ දෙන්නා කොරියොන්ට කතා කරලා දන්වනවා අමුතු දෙන්නෙක් ඉන්වා කියලා. මායාබන්ධකයා ලෑස්ති වෙන්නේ කැතීවයි මෙක්වයි මාලිගාවට අරන් යන්න. ඉතින් මේ දෙන්නා බය වෙලා පැනලා දුවනවා. නමුත් මායාබන්ධකයා පස්සෙන් පන්නන් ඇවිල්ලා මෙයාලව නවත්තා ගන්නවා. ඉතින් මොනවා වෙයිද? මෙයාලා දෙන්නා මායාබන්ධකයාට කොකා පෙන්නලා පැනලා ආපහු එයිද? එහෙමත් නැත්තන් මේ දෙන්නා මායාබන්ධකයන්ගේ මාලිගාවට අරන් යයිද? ඒක දැනගන්න නම් මේ කොටස අරගෙනම බලන්න වෙනවා. එහෙනම් 03 වෙනි කොටසත් අරගෙන පුලුවන් ඉක්මනින් එනතුරු මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E02.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

904 downloadsDownload Spellbinder.S02E02.zip19 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

904 downloadsDownload Subtitles19 KB

11 comments

  1. Rasindu Perera

    නියමයි....එනකන් හිටියේ....සබ් එකට තැන්ක්ස් දෙන්නටම....

  2. Jayaneth

    godak sthuthiyi sub ekata.

  3. chaminda kuruwita

    නියමයිනේ .... අනිත් ඒවත් ඉක්මනට දෙන්න ...

  4. harith fernando

    Lucifer eke sub denna kawuruth nadda bro??

  5. Udara Damith B/K

    තැන්ක්ස් ..................................
    ..............ඉක්මනට දෙවෙනි කොටසත් දුන්නට

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Ishan Madusha

    ස්තුතියි සබ් එකට

  8. Jack

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
    ජය...

  9. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. yeshu

    tnx

  11. Tharindu Athukorala

    බොහොම ස්තූති.ජය වේවා