ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න මං පොරොන්දු වුන විදිහටම මායාබන්ධන දෙවන කතා මාලාවත් අරන් ආවා. මේ කතාමාලාව නම් කරලා තියෙන්නේ Spellbinder – Land Of the Dragon Lord එහෙමත් නැත්තන් මායාබන්ධන මකර රජදහන කියලා. මායාබන්ධන රසික රසිකාවියන් නම් දන්නවා මේ ගැන හොඳින්ම. ඉතින් සුපුරුදු විදිහටම මේ කතා…

ඉතින් කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඔන්න මං පොරොන්දු වුන විදිහටම මායාබන්ධන දෙවන කතා මාලාවත් අරන් ආවා. මේ කතාමාලාව නම් කරලා තියෙන්නේ Spellbinder – Land Of the Dragon Lord එහෙමත් නැත්තන් මායාබන්ධන මකර රජදහන කියලා. මායාබන්ධන රසික රසිකාවියන් නම් දන්නවා මේ ගැන හොඳින්ම. ඉතින් සුපුරුදු විදිහටම මේ කතා මාලාව සඳහාත් ඉංග්‍රීසි උපසිරැසියක් හොයාගන්න නම් තිබුනේ නෑ. මේකත් සුපුරුදු පරිදි අසාලිවීමක් කරන්න සිද්ධ වුනා. මේක මට පරිවර්ථනය කරලා දෙන්නම් කියලා මගේ නඟා භාරගත්තා. එයාගේ නම නිශාරා මධුවන්ති. මං මේ අවස්ථාවේදී එයාටත් ස්තූතිය පුද කරනවා. නමුත් එයාට මේක පරිවර්ථනය කරන්න තරම් කාල වේලාවක් තිබුනේ නෑ. කොහොම නමුත් කොටස් දෙකක් පරිවර්ථනය කරලා මට දුන්නා. අධ්‍යාපන කටයුතු නිසා තමයි එයාට කාල වේලාව හොයාගන්න බැරි වුනේ. කොහොම නමුත් මං පොරොන්දු වුන විදිහටම මායාබන්ධන සියළුම කොටස් සඳහා උපසිරැසි සකස් කළා. ඉතින් ඔයගොල්ලන්ට මේක බය නැතුවම බාගන්න පුලුවන්. මොකද ටොරන්ට් එකේ සියළුම කොටස් අන්තර්ගත වෙනවා. ඒ වගේම කියන්න කැමතියි මේකේ ටොරන්ට් ෆයිල් එක හොයාගන්න අමාරු කෙනෙක් ඉන්නවානම් G+ හරහා මට මැසේජ් එකක් එවන්න. මං ටොරන්ට් ෆයිල් එක සඳහා ලින්ක් එකක් දෙන්නම්.
මායාබන්ධන මකර රජදහන කරලියට එන්නේ 1997 වර්ෂයේ. කතාව අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Noel Price. රචනය සහ නිර්මාණය කරලා තියෙන්නේ Mark Shirrefs සමඟ John Thomson. කතාවේ ප්‍රධාන චරිත බවට පත් වෙන්නේ මේ අය. කැතීගේ චරිතයට පණ පොවන්නේ Lauren Hewett. ජෝෂ්ගේ චරිතයට පණ පොවන්නේ Ryan Kwanten. ඒ වගේම මෙක් ගේ චරිතයට පණ පොවන්නේ Anthony Brandon Wong. සන් හෙවත් මකර අධිරාජයාගේ චරිතයට පණ පොවන්නේ Leonard Fung. ඒ වගේම මේ කතා මාලාව IMDb දර්ශකය 7.9 ක් පමණ ලබාගෙන තිබෙනවා.
කතාව ගැන ටිකක් විතර කියන්නම්. මකර රාජධානිය කියන්නේ සමාන්තර ලෝකයක්. මේ රාජධානියේ රජතුමා තමයි මකර අධිරාජයා කියලා හඳුන්වන්නේ. මේ කතාව පටන් ගන්නෙම සමාන්තර ලෝකෙකින්. මකර රජදහනේ ඉන්නවා ටිකක් දඟ ශිෂ්‍ය විද්‍යාඥයෙක්. මෙයාගේ නම තමයි මෙක්. මකර අධිරාජයා අණ මෙයාට අණ කරනවා සංගීත ආභරණ කට්ටලයක් නිර්මාණය කරලා දෙන්න කියලා. මෙයා මේ ගැන පර්යේෂණ කර කර ඉන්න අතරේ මෙයාට පොඩි මාර්ගයක් පෑදෙනවා. එයා සංගීත භාණ්ඩ හදන එක පැත්තකින් තියලා බෝට්ටුවක් නිර්මාණය කරනවා. එක නම් සාමාන්‍ය බෝට්ටුවක් නෙමෙයි. මේක වතුරෙ පදින්නත් බෑ. එහෙනම් මොකක්ද මේ අමුතු බෝට්ටුව? මේක තමයි විවිධ මාන අතරේ ගමන් කරන්න පුලුවන් බෝට්ටුවක්. ඇත්තටම ක්වොන්ටම් භෞතික විද්‍යාව උපකල්පනය කරනවා විවිධ මානවලට අයත් විවිධ ලෝක අපේ ලෝකයට සමාන්තරව තියෙන්න පුලුවන් කියලා. ඉතින් ශිෂ්‍ය මෙක් නිර්මාණය කරපු මේ බෝට්ටුවෙන් පුලුවන් මේ මාන අතරේ තියෙන ලෝක අතර ගමන් කරන්න. ශිෂ්‍ය මෙක් තමන්ගෙ ගුරුතුමාත් එක්කත් හිත් අමනාපයක් ඇති කරගෙන එයාගෙ බෝට්ටුවෙන් පළමු චාරිකාව යනවා. ඉතින් මෙක් එන්නේ අපේ ලෝකයට.
මෝගන් පවුල කියන්නේ සාමාන්‍ය තත්ත්වයේ පවුලක්. තාත්තා පා පන්දු ක්‍රීඩකයෙක් වෙලා ඉඳලා තියෙනවා. ආබාධයක් නිසා ජාතික කණ්ඩායමෙන් ඉවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් ක්‍රීඩා භාණ්ඩ අලෙවි සැලක් තමයි පවත්වාගෙන යන්නේ. කාල් තමන්ව හඳුන්වා ගන්නේ ක්‍රේසි කාල් කියලා. එහෙමත් නැත්තන් පිස්සු කාල්. කාල් මෝගන්ගේ බිරිඳ තමයි විකී මෝගන්. පුතා ජෝෂ් මෝගන්. දුව කැතී මෝගන්. මේ මෝගන් පවුල නිවාඩුවක් ගත කරන්න කඳවුරක් ගහනවා පොඩ්ඩක් කැලෑබද පැත්තක. කැතීට නම් මේ කඳවුරු කෙරුවාව ටිකක් බෝරිං. මොකද එයාට සෙට් වෙන කවුරුත් නැති නිසා.
ශිෂ්‍ය මෙක් තමන්ගේ බෝට්ටුවේ මංගල ගමන ඇවිල්ලා තියෙන්නෙත් මේ කෑම්පිං සයිට් එක කිට්ටුවටමයි. මෙක් මේ ලෝකෙ තියෙන අමුතු දේවල් බල බලා ඉන්නවා. පොඩි විහිළුවක් නිසා හිත රිදවාගත්ත කැතී තනියම කැලේ ඇතුලට යනවා. ඉතින් ජෝෂ් හෙමින් තමන්ගෙ නංගි යන දිහා බලන්න හෙමින් පස්සෙන් යනවා. මේ අතර කැතී දකිනවා මෙක් ආව අන්තර්මාන බෝට්ටුව. ඉතින් කැතී හෙමීට බෝට්ටුවට නැගලා කෑලි බෑලි ටිකක් එහෙ මෙහෙ කරනවා. ඉතින් මොනවා වෙයිද? ඒක දැනගන්න නම් මකර රජදහන පළමු කොටස අරන් බලන්න. එහෙනම් පුලුවන් ඉක්මනින් දෙවන කොටස සඳහා උපසිරැසිය අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එතෙක් මායාබන්ධන රසික රසිකාවියන්ට ජයම වේවා!
ප.ලි.
නිකන්ම උපසිරැසිය අරන් යන්නේ නැතුව අදහස් දක්වලාම අරන් යන්න. ඒක ගොඩාක් වටිනවා. මොකද අපි උපයාගන්නා ධනය ඔබලාගේ අදහස් නිසා. අපි සතුටක් ලබන්නේ ඔයාලගෙ කමෙන්ට් කියවලා. පළමු කතා මාලාව සඳහා දුන්න උපසිරැසි නම් ගොඩක් දෙනෙක් බාගෙන ගිහින් තියෙනවා සද්ද නැතුව. හැමදාම කමෙන්ට් එකක් දාලා මාව දිරිමත් කළේ කිහිප දෙනයි. ඉතින් මේ කතා මාලාව සඳහා වත් වැඩි වැඩියෙන් කමෙන්ට් දාන්න සිත් පහළ වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා. ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder.S02E01.DSRip.XviD
මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.
1,055 downloadsDownload Spellbinder.S02E01.zip15 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
69 comments
Madhushanka
gishan
torent link ekak dennako puluwannam
Madhushanka
Sub ekata pattama thanks. Season 1 ekath gaththa. Meke link ekak hoyaganna ba. Plz link ekak dennakoooooooooooooooooooooooooooooo
Chinthaka Bandara
උඩ කමෙන්ට් එකක තියෙනවා හෑෂ් එක. ඒකෙන් ටොරන්ට් එක හොයාගන්න පුලුවන්. නැත්තන් හෑෂ් එකෙන් ටොරන්ට් බාන හැටි දැනගන්න තවත් ලින්ක් එකක් තයෙනවා. ඒකට යන්න.
දිල්ශාන් සචින්ත
තැන්කූ සහෝ උපසිරසියට
Ishan Madusha
බෝහෝම ස්තුතියි ඉක්මනින්ම සබ් දුන්නට
මිතුල් ලක්ශිත
සබ් එකට තුති සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴රයන් ද සිල්වා
පට්ට සහෝ
2 වන කතාමාලාවත් පටන් ගත්තට ස්තූතියිLahiru lakmal
Thanks for sub...
Devinda
elama elama elama ela.fatta.ty bro.
Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දැක්වීම වෙනුවෙන්.
Hope
Haffa.... Pissu korai bn.
Mama asama TV series ekak. S1ekata S2 eka supiri machan.Keep it up bro and sis!!!
thushara madusanka
link 1ka dipan ko
Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දැක්වීම වෙනුවෙන්. දිගටම මායාබන්ධන උපසිරැසි සමඟ රැඳී සිටින්න.
Chinthaka Bandara
https://www[.]facebook[.]com/suminda.bandara.33
මාව සම්බන්ධ කරගන්න. ලින්ක් එකක් ලබා දෙන්නම්.
Dk
elaz
Chinthaka Bandara
ස්තූතියි අදහස් දැක්වීම වෙනුවෙන්. දිගටම මායාබන්ධන උපසිරැසි සමඟ රැඳී සිටින්න.
thushara madusanka
link 1k denna puluwanm hodai hoyaganna amarui
Chinthaka Bandara
https://www.facebook.com/suminda.bandara.33
Facebook එකෙන් මාව සම්බන්ධ කරගන්න. නැත්තන් G+ හරහා හරි. මං අනිවා ලින්ක් එකක් දෙන්නම්. අදහස් දැක්වීමට ගොඩාක් ස්තූතියි සහෝ.
Sasika Ravindra
Thanks Bro
Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දැක්වීම කාලය කැප කිරීම වෙනුවෙන්.
Jack
නියමයි සහෝ...
පොඩි කාලේ බලපු කැමතිම TV Series එකක් තමයි.
අනිවා බානවා.
බොහෝම ස්තුතියි සබ් එකට..
ජය..Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දැක්වීමට. සීසන් එකම බය නැතුව බාගන්න. සියල්ලටම උපසිරැසි සාදා අවසන්.
Chinthaka Bandara
ඔන්න යාලුවනේ මං පොරොන්දු වුන විදිහටම Spellbinder S2- Land of the Dragon Lord එකත් අරන් ආවා. බලන් හිටිය මායාබන්ධන රසික රසිකාවියන් උනු පිටින්ම බාගෙන යන්න. බය නැතුව සීන් එකම බාගන්න. මොකද සම්පූර්ණ කතා මාලාවටම උපසිරැසි හදලා ඉවරයි. උපසිරැසිය පලකිරීම සම්බන්ධයෙන් බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මණ්ඩලටයත් බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. ජය!!!
Nalaka Dananjaya Rathnayake
saho torrent hash eka denna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහස් දැක්වීම වෙනුවෙන්. දිගටම මායාබන්ධන මකර රජදහනත් එක්කම රැඳිලා ඉන්න.
yeshu
TNX
Chinthaka Bandara
ස්තූතියි සහෝ මදක් නැවතිලා මං වෙනුවෙන් අදහසක් තියලා ගියාට. අපි උපසිරැසියක් හදලා උපයාගන්නා එකම ධනය තමයි මේ.
ගිහාන්
elaaa
Chinthaka Bandara
අදහස් දැක්වීමට ස්තූතියි සහෝ. ඔබලාගේ අදහස්වලින් තමයි අපි පන්නරයක් ලබන්නේ.
Asanka
Ai ban me kata padam series danne?.meka jathike langadid giya.honda series ekak balala sub karahanko.umbe kaleth aparade.
Nalaka Dananjaya Rathnayake
umba jathike eka balapan api meka balannam. umbata wage tv balanna wela nathi unuth meke innawane
Chinthaka Bandara
මමනම් දැක්කේ මායාබන්ධන කතාමාලාවට සිංහල උපසිරැසි නැති එක ලොකු අඩුපාඩුවක් විදිහට. ඒ නිසයි මේ කතාමාලා දෙකටම කාලයක් වෙන් කළේ. මොකද මං පොඩිකාලේ මායාබන්ධන බැලුවේ ලොකු ආසාවකින්. කොච්චර ආසාවකින්ද කියනවානම් ඒක බලන්න බැරිවුන දවසට පුදුම මානසික පීඩනයකුත් දැනෙනවා. ඉතින් මේ කතාමාලාව මං කීප සැරයක්ම රූපවාහිනියේ බලලා තියෙනවා. ඒ වගේම මං දන්නවා මේක බලන්න පිස්සුවෙන් වගේ ඉන්න රසික රසිකාවියෝ ගොන්නකුත් ඉන්නවා කියලා. ඒ නිසයි මගේ වටිනා කාලය කැප කරලා මේ කතාමාලා දෙකට සබ් කළේ. මං මේ සබ් ටික කළේ මායාබන්ධන රසික රසිකාවියන්ට. ඒ වගේම මං දැනගෙන හිටියා මේක බයිස්කෝප් එකේ පලවෙනකන් ඇඟිලි ගැන ගැන හිටිය පිරිසකුත් ඉන්නවා කියලා. කොහොම නමුත් ඔබගේ අදහස ඉතාමත් ගෞරවයෙන් පිලිගන්නවා. ස්තූතියි කොමෙන්ටුවට.
chaminda kuruwita
නියමයිනේ මල්ලි .... ඉක්මනටම sub එක දුන්නට thank. series එකම බාගෙ න හිටියෙ suba enakam. අනිත් sub ටිකත් ඉක්මනට දාන්න. පුළුවන්නම් මට sub ටික mail කරන්න. දුව ගෙන් berillak නැහැ . [email protected]
Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහසක් දැක්වූවාට. දිගමට මායාබන්ධන කතාමාලාවත් එක්කම රැඳිලා ඉන්න.
Nalaka Dananjaya Rathnayake
Ela Saho Elama. Sthuthi Sub ekata
Chinthaka Bandara
ස්තූතියි සහෝ අදහසත් කියලා යන්න අමතක නොකළාට. ඒ වගේම මං වෙනුවෙන් පෙනී හිටිය එකටත් ස්තූති නොකර බෑ. මගේ උපසිරැසියක් පලවුනාම මං සැරින් සැරේ ඇවිල්ලා බලන්නේ කමෙන්ට් කීයද, ඒ වගේම සබ් එක කී දෙනෙක් ඩවුන්ලෝඩ් කරලා තියෙනවද කියලා. ඉතින් ඒක තමයි අපි උපයන සතුට. දිගටම කතාමාලාවත් එක්ක රැඳිලා ඉන්න.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Chinthaka Bandara
ස්තූතියි සහෝ කොමෙන්ටුවක් දාලා හිතේ තියන දේ කියලා ගියාට. මේ තමයි අපි උපයන ධනය. දිගටම රැඳිලා ඉඳන් උපසිරැසි සියල්ලම ලබාගන්න.
Udara Damith B/K
දෙවෙනි සීසන් එකේ ඔක්කොම කොටස් ඩවුන් ලෝඩ් කරගත්තා............
උපසිරසට ස්තූතියි................................................
මේක බයිස් කෝප් එකේ තිබුනේ නැති එක ලොකු අඩුවක් තමයි ..............
මේකේ උපසිරස දෙන්ඩ ඔයාට උදවු දුන්න නංගිටත් ස්තූතියි................James DC
Me wage parana TV series walata sub lebenne godak aduwen. E nisa me wage sub ekak godak watinawa. Puluwannam e dawas wala rupavahiniye giyapu Crash Zone (Pariganaka Dangayo), Willam Tell, Round the Twist wage TV series walatath sub denna. Ewage hondata seeds tiena torrent tienawa. Eth english sub hoyaganna ne. E nisa sinhala sub ekak dunnoth sehenna watinawa
nilupul
patta bro..jaya wewa..!! keep it up..man Asama tv series 1k.habai thama complete balala na.meken wath balanna ona.
bro meke season 01 eka iwara wena thana idanda 2 eka continue wenne.e kiyanne S1 1i S2i ekata sambandaida??Lahiru
niyamai machan... Thanks
Madhawa
ගොඩක් ස්තුතියි සහෝ,පුලුවන්නන් TORRENT link එකක් හොයල දෙන්න,දිගටම කරගෙන යමු,
Chinthaka Bandara
Mage facebook ekata msg ekak danna. Man torrent eka ganna link ekak dennam.
sanka
machan mama msg euwa likn eka awe ne ne
King Ruwan
godak pin saho me karana kepaveemata.... Budu Saranai...
Roshan
thank you.
Roshan
stargate tv series ekatath sub dennako.please
sanka
niyamai machan mama seson 1 baluwa...thank you.......
sanka
macan download karaganna link ekak dipanko...mama fb eken msg ekak damma
Kavishka Aravinda
පලවෙනි එපිසෝඩ් එක බැලුවම ඊලග එක බලනකන් ඉවසිල්ලක් නෑ , ගොඩක් පින් සහෝ , පුලුවන් වෙලාවට තව මෙ වගේ සුපිරි ටී.වී සෙරීස් දෙන්න අපි බලන් ඉන්නවා.
ishan
ELA MACHOOOO.MEKANAM PATTA.UBANAM DEVALAYAK......
MEKA DENAKAN SAHENAKAL BALAN HITIYA#########
JAYEN JAYAMA WEWA SAHO OYATATH OYAGE NANGIYATATH@@@
@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Oshan
This is great bro thanx
Rumesh
Thankz සහො......first akath bluwa
Hithuwe na kauruth mekta sub kari kiyla
Uba ela kollek thankz ඉදිරියට ජය....!Devinda
ty bro.gdk pin.
Tharindu Athukorala
බොහොම ස්තූති.ජය වේවා
Tharaka
Thanx සහෝ සබ් එකට.
Kusumkumara
Patta bro. Godak thanks. Podi kale baluwata asse balanna asa hithuna ayeth
Charith Bandara
Patta Brother Good work appreciate it
anura silva
ටොරන්ට් ලින්ක් සොයා දෙන්න පුළුවන්ද
Pathum Nuwan
Niyamai machn Thanks apiw ayet podi kalet ekkan giyata
lasaa
Thanks
sachintha
සුපිරි වැඩක්.
සුභ අනාගතයක් වේවා !Buddhika
Best !
Anonymous
ටොරන්ට් ලිංක් එවන්න
Anonymous
NIYAMAI SAGO
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thanks brooooooooooooooo...
Puluwannam Download karaganna Torrent link ekak dennako, Plz... eka hoyaganna amarui.. :(