Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E05] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න පොරොන්දු වුන විදිහටම 05 වෙනි කොටසටත් උපසිරැසිය අරන් ආවා. පහුගිය කොටස් ටික කොහොමද? උපසිරැසි හොඳට තිබ්බද? සුපුරුදු පරිදි අදහස් දක්වලා තියෙන කීප දෙනාට ස්තූතිය පුදකරනවා. සද්ද නැතුවම උපසිරැසිය බාගත්ත අයත් එක්කත් මං තරහා වෙන්නේ නෑ. ඉතින් පහුගිය කොටස ගැන ටිකක් විස්තර කරනවානම් සන…

Spellbinder-TV

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න පොරොන්දු වුන විදිහටම 05 වෙනි කොටසටත් උපසිරැසිය අරන් ආවා. පහුගිය කොටස් ටික කොහොමද? උපසිරැසි හොඳට තිබ්බද? සුපුරුදු පරිදි අදහස් දක්වලා තියෙන කීප දෙනාට ස්තූතිය පුදකරනවා. සද්ද නැතුවම උපසිරැසිය බාගත්ත අයත් එක්කත් මං තරහා වෙන්නේ නෑ.

ඉතින් පහුගිය කොටස ගැන ටිකක් විස්තර කරනවානම් සන් කැතීගේ ලෝකෙට ගියා චොකලට් හොයාගෙන. ඉතින් චොකලට් හොයාගන්න විදිහක් තිබුනේ නෑ. මොකද සන්ගෙ පස්සේ රාක්ෂයෙක් පැන්නුවා. සන් මෙක් එක්ක පැනලා ගියත් වැඩක් වුනේ නෑ. රාක්ෂයා බෝට්ටුවේ එල්ලිලා සන්ගෙ ලෝකෙටම ආවා. මේක දැකපු සන් බෝට්ටුවෙන් පැනලා දුවන්න පටන් ගත්තා. මෙක් සන්ගෙ පස්සෙන් පන්නන් යනවා එයාව අල්ලාගන්න. මේක දැක්ක ශාරක් සන්ගෙ පස්සෙන් පන්නන්නේ එයාව අත්අඩංගුවට ගන්න. මොකද මකර රාජධානියට එන්න අවසර නොදුන්න නිසා. ජෝෂ් නිකන් හිටියේ නෑ. කැතීව අරන් ගියපු මනුස්සයා දැකලා එයා පස්සෙන් ජෝෂ් පන්නාගෙන යනවා. ජෝෂ් හිතන්නේ ශාරක්ගේ හමුදාව තමන්ට පහර දෙන්න එනවා කියලා. කාල් වාහනයත් ස්ටාර්ට් කරගෙන ජෝෂ්ව දාගන්න එනවා. මේකට බයවුන ශාරක්ගේ හමුදාව පැනලා දුවනවා. ඒනිසා සන්ව අල්ලාගන්න බැරි වෙනවා.

මේ අතර ඔරකල් සෙන්සෝට දන්වනවා සන්ගේ වළල්ල ප්‍රතිචාර දක්වන්නේ නෑකියලා. මොකද සන් මායිමෙන් පිටවුනා කියලා සටහනක් ඔරකල්ගේ සටහන් වෙලා නෑ. ඔරකල් හිතන්නේ මායිමේ යුද්ධයක් කියලා. සන්ගෙන් ප්‍රතිචාර නැති නිසයි ඔරල් සෙන්සෝගෙන් මේ ගැන අහන්නේ. ඉතින් සන්ට මායිම පහුකරන්න ඉඩ ලැබෙන්නේ නෑ. මොකද සන්ගේ වළල්ල කැතීගේ ලෝකෙද ගලවා විසිකළ නිසා. දැන් මොනවා කරන්නද? ශාරක් පිටිපස්සෙන් බලන් ඉන්නවා. යෝධ යුධභටයා සන්ට පහර දෙනවා. යුධභටයාගෙන් සමාවක් නැති නිසා ශාරක්ට අහුවෙන එක හොඳයි කියලා සන් පහුබහිනවා. මේ සිද්ධිය ඔරකල් හරහා දැකපු කැතී අශ්කත් එක්කන් මායිමට එන්නේ සන්ව බේරාගන්නයි. අශ්කාගේ බලඇඳුමේ පහරක් ශාරක්ට වදිද්දී සන්ව අතෑරලා ශාරක්ගේ හමුදාව පහුබහිනවා. ඉතින් මේ සිද්ධිය නිසා සන් අශ්කට කැමති වෙනවා. දැන් සන් කැතීව ගනන් ගන්නේ නෑ. අශ්කා තමයි සන්ගේ හොඳම යාළුවා. ඉතින් මේක සමරන්න පුංචි උත්සවයක් සංවිධානය කරලා. මේ වෙලාවෙදී සන් අශ්කට අලුත් පත්වීමක් ලබා දෙනවා. ඒක තමයි මකර අධිරාජයාගේ උපදේශක තනතුර. සෙන්සෝ මේ තනතුරින් ඉවත් කරලා තමයි සන් මේ තනතුර අශ්කට දෙන්නේ.

ඉතින් අශ්කට ඕනි ඔරකල් ගැන ඔක්කොම දැනගන්න. සන් නැති වෙලාවක අශ්කා හොරෙන්ම ප්‍රධාන ඔරකල් තියෙන කාමරයට රිංගනවා. කැතීත් අශ්කා පස්සෙන් හොරෙන්ම යනවා. සන් ප්‍රධානනන ඔරකල්ට අණ දෙන හැටි දෙන්නම බලන් ඉන්නවා. මේ වෙලාවෙදි අශ්කා කැතීගෙන් දැනගන්නවා ඔරකල්ගේ වෙස්මුහුණ කැතීගේ ලෝකයේ අධික වටිනාකමක් තියෙනවා කියලා.

මේ අතර කැතීව හොයාගෙන අම්මයි තාත්තයි අයියයි තවමත් ඇවිදිනවා. එයාලා දන්නේ නෑ මොකක්ද මේ වුනේ කියලා. එයාලා සමාන්තර ලෝකෙක ඉන්නවා කියලා කොහොම දැනගන්නද? ඉතින් සිතියම් අනුව ඇවිදගෙන යනවා. නමුත් සිතියම් පවා වැරදියි. ඉතින් මේ කට්ටිටම එක තැනක නවතින්නේ තේ එකක් බීලා මහන්සි නිවාගන්න. මේ අතර ශාරක්ගේ හමුදාව විසින් මෙයාලාව අත්අඩංගුවට ගන්නවා. නමුත් ජෝෂ් අහුවෙන්නේ නෑ. ඉතින් මොනවා වෙයිද? ජෝෂ් ගැටයක් ගහලා මේ දෙන්නව බේරාගනියිද? නැත්තන් ජෝෂුත් මෙයාලට අහුවෙයිද? එහෙමත් නැත්තන් ඔක්කොම දාලා ජෝෂ් පැනලා දුවයිද? හරියටම දැනගන්න මේ කොටසත් අරගනම බලන්න. එහෙනම් ඊලඟ කොටසත් අරගෙන ඉක්මනින්ම එන්නම්. එතකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E05.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

713 downloadsDownload Spellbinder.S02E05.zip16 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

713 downloadsDownload Subtitles16 KB

13 comments

  1. Práðèép Üðäýàñgå

    ස්තුති සබට....

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ..

  3. Ishan Madusha

    ස්තුතියි සබ් එකට

  4. Udara Damith B/K

    thanksssssssssssssssssss

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Jack

    බොහෝම ස්තුතියි සහෝ.

  7. Lahiru Lakmal

    Thanks for sub.......

  8. Lahiru

    Thanks Bro...

  9. Chamee

    karana wede elal thanks bro

  10. King Ruwan

    Thanx saho sub ekata.... Budu Saranai

  11. praneeth madu

    සුභ පැතුම්

  12. Ishanka

    Thank saho sub ekata

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P