හායි කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඕන්න මං පොරොන්දු වුන විදිහටම 17 කොටසත් ගෙනාවා. ඉතින් පහුගිය කොටස් ටික ඔක්කොම බලන්න ඇති කියලා විශ්වාස කරනවා. වැරදි අඩුපාඩු තිබුනා නම් සමාවෙන්න කියලත් කියනවා. ඒ වගේම ආරාධනා කරනවා උපසිරැසිය සද්ද නැතුව බාගෙන යන්නේ නැතුව අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකකුත් දාලා යන්න…

හායි කොහොමද මායාබන්ධන රසික රසිකාවියන්ට? ඕන්න මං පොරොන්දු වුන විදිහටම 17 කොටසත් ගෙනාවා. ඉතින් පහුගිය කොටස් ටික ඔක්කොම බලන්න ඇති කියලා විශ්වාස කරනවා. වැරදි අඩුපාඩු තිබුනා නම් සමාවෙන්න කියලත් කියනවා. ඒ වගේම ආරාධනා කරනවා උපසිරැසිය සද්ද නැතුව බාගෙන යන්නේ නැතුව අපිව දිරිමත් කරන්න කමෙන්ට් එකකුත් දාලා යන්න කියලා.
සුපුරුදු විදිහට පහුගිය කොටස ගැන විස්තරයක් කරන්නම්. කැතී මෙක්වත් බේරාගෙන දොස්තර එල්වෝගේ ගෙදරින් පනිනවා. දොස්තර එල්වෝ බෝට්ටුව විනාශ කරන්න මිටියකින් පහර දෙනවා. කැතී විදුලි බලය එල්ල කරලා තමයි බෝට්ටුව බේරාගන්නේ. නමුත් දොස්තර එල්වෝ මැරුනේ නෑ හරිද. කොහොම හරි දෙන්නා පැනලා යනවා බෝට්ටුවෙන්. නමුත් මකර රජදහනට නම් නෙමෙයි. වෙනම ලෝකයකට. මකර රජදහනට යන්න බැරි වෙන්නේ අන්තර්මාන බෝට්ටුවේ කණ්ණාඩි කීපයක් විනාශ කරන්න දොස්තර එල්වෝගේ මිටි පහර සමත් වෙලා තිබුන නිසා. ඉතින් ඒ ටික නිවැරදි කරගන්නකන් මකර රාජධානියට යන්න සැකසුම් හදාගන්න බෑ. මෙයාලා මේ ලෝකේ ඇවිදලා බලන්නේ කණ්ණාඩියක් හොයාගන්න විදිහක්. මෙහෙම ඇවිදගෙන යද්දි මෙයාලට දකින්න ලැබෙනවා අමුතු විදිහක වාහනයක්. මේක ඇතුලට ගිහින් බලන මෙක් විදුලිය ගැන ඉගෙනගන්නවා. මොකද මෙක් විදුලිය ගැන දන්නේ නෑ. මෙක්ගේ ලෝකයේ විදුලිය වෙනුවට භාවිතා කරන්නේ ආලෝකය. මේ අමුතු වාහනය ඇතුලේ තියෙන විදුලියෙන් තාපය නිපදවලා බිඳුණු කණ්ණාඩිය යතා තත්ත්වයට පත් කරන්න තමයි මෙක් උත්සාහ කරන්නේ. ඉතින් මෙක් තමන් දන්න සියලුම වැඩ කෑලි ටික දාලා මේ වාහනය හදනවා. මෙක් කොහොම හරි තමන්ට ඕනි වැඩෙත් කරගන්නවා. මේ අතර කැතී යන්නේ කන්න දෙයක් හොයාගන්න. මොකද මෙයාලා දැන් සෑහෙන්න බඩගින්නේ තමයි ඉන්නේ. මේ ගමේදි මෙයාලට හමුවෙනවා ජේස් කියලා පිරිමි ළමයෙක්. මෙයා කැතීව එක්කන් යන්නේ මේ ගමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන එලින් ලඟට. එලින් කැතීව ආදරයෙන් පිළි අරන් කෑම බීම දීලා තව මෙක්ට අරන් යන්නත් කෑම දෙනවා. කැතීගේ උදවුවට ජේස් කැතිත් එක්ක යනවා.
ඉතින් මෙක් එයා හදපු ටික කැතීට පෙන්නනවා. ඊට පස්සේ දෙන්නා යන්නේ ගමේ මිනිස්සු මුනගැහෙන්න. මේ අතර අර අමුතු වාහනයට පණ එනවා. මොකක්ද මේ අමුතු වාහනේ? මොලොක්ස්. මොලොක්ස් කියන්නේ විද්‍යාඥයින් නිර්මාණය කරපු යුධ භටයෙක්. එයා සතුරන් විනාශ කරලා අන්තිමේදි මිනිස්සුන්වත් විනාශ කරලා මිනිසුන්ව සමූහ ඝාතනය කරන්න පටන් ගත්ත යන්ත්‍රයක්. මෙක්ටයි කැතීටයි මේ ලෝකෙන් යන්න විදිහක් නැතිවෙනවා. මොකද මෙක් ඇවිල්ලා තියෙන්නේ පලිඟුව මොලොක්ස්ගේ ඇතුලේ තියලා. දැන් මොකද කරන්නේ මොලොක්ස්ට පණ ඇවිල්ලා. එයා ආපහු මිනිස්සු හොය හොයා මරන්න පටන් අරගෙන තියෙන්නේ.
මේ අතර මකර රධිරාජයා විදිහට ශාරක්ව පිලිගන්න කියලා දැන්වීම් පත්‍රිකාවයක් යවන්නයි ශාරක් ලෑස්ති වෙන්නේ. නමුත් මකර අධිරාජයා වෙන්න පුලුවන් සහ මිනිස්සු මකර අධිරාජයා විදිහට පිලිගන්නේ ආයාගේ පවුලේ අය විතරයි. දැන් මොකද වෙන්නේ? ශාරක්ට ඕනි වෙනවා ආයාගේ පවුලේ කෙනෙක් වෙන්න. ඒ කොහොමද? ශාරක් ආයාට විවාහ යෝජනාවක් ගෙනාවා. ආයා අකමැති වුනත් ශාරක් බලෙන් හරි ආයාව බඳින්න තමයි ලෑස්ති වෙන්නේ.
මේ අතර ජෝෂ් සහ සන් යාළු භූතයෙක් හොයාගන්න ක්‍රමයක් කල්පනා කරනවා. ඉතින් ගිනිකෙලි දකින ජෝෂ්ට අදහසක් පහල වෙනවා. ජෝෂ් සහ සන් එකතු වෙලා සන් මැරුණ විදිහට රඟපාලා මාලිගාවේ හොල්මන් කරන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් එතන ඉඳන් මොනවා වෙනවද කියලා දැනගන්න මේ කොටස අරගෙන බලන්න. ඊලඟ කොටස අරගෙන පුලුවන් ඉක්මනින්ම එන්නම්. එතකන් ජය වේවා කියලා පතනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder.S02E17.DSRip.XviD
මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.
645 downloadsDownload Spellbinder.S02E17.zip13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
8 comments
Kulanjana Maduranga
Ishanka
Elz.thanks saho sub ekata..
Kalum
Sub akata thnx macho....
ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
Ruwan
Niyamai. sub ekata thanks saho
praneeth madu
බොහොම ස්තූතියි..ඉදිරියට යන්..ඔබට ජය..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
warunageth
Download karanda link ekak nedda?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……