කොහොමද යාළුනේ? ඔන්න පොරොන්දුව ඉටු කරන්න මං ආවා 18 වෙනි කොටසත් අරගෙනම. ඉතින් කොහොමද පහුගිය කොටස්? වැඩි කතා නැතුව මං පහුගිය කොටස ගැන විස්තරයක් කරන්නම්. මතකයිනේ කැතී සහ මෙක් දෙන්නා අමරණීයයන්ගේ ලෝකයෙන් පැනලා ආවා. නමුත් මකර රාජධානියට නම් නෙමෙයි. වෙනත් ලෝකයකට. මීට කාලයකට කලින් මොලොක්ස් නම් යන්ත්‍රය විසින…

කොහොමද යාළුනේ? ඔන්න පොරොන්දුව ඉටු කරන්න මං ආවා 18 වෙනි කොටසත් අරගෙනම. ඉතින් කොහොමද පහුගිය කොටස්?
වැඩි කතා නැතුව මං පහුගිය කොටස ගැන විස්තරයක් කරන්නම්. මතකයිනේ කැතී සහ මෙක් දෙන්නා අමරණීයයන්ගේ ලෝකයෙන් පැනලා ආවා. නමුත් මකර රාජධානියට නම් නෙමෙයි. වෙනත් ලෝකයකට. මීට කාලයකට කලින් මොලොක්ස් නම් යන්ත්‍රය විසින් ජන සංහාරයක් කරපු ලෝකයකට. මෙක් ආපහු මේ මොලොක්ස්ට පණ දුන්නා නේද? දැන් මොලොක්ස් ආපහු වැඩ පටන් අරන්. දිගට හරහට මිනිස්සු පස්සෙන් පන්නනවා. ගමේ මිනිස්සු ඔක්කොම සුපුරුදු විදිහට පොළව යටට යනවා. මෙයාලා කාලයක් තිස්සේ ජීවත් වෙලා තියෙන්නේ පොළව යට. ඒ මොලොක්ස්ගෙන් බේරෙන්න. මොලොක්ස් ගමේ තියෙන හැම ගෙයක්ම විනාශ කරලා දානවා. ජේස් කැතීවත් එක්කන් උමඟකට රිංගනවා. මොලොක්ස් ඇවිල්ලා කැතීලා ගිය ගේ විනාශ කරනවා. මේක දකින මෙක් හිතන්නේ කැතී මැරුණා කියලා. ජේස් කැතීවත් එක්කන් පොළව යට උමඟට ආරක්ෂිතව යනවා. මේ අතර මොලොක්ස් පොළව යට තියෙන උමං මාර්ග දිගේ දඩයම් කාරයෝ එවනවා. දඩයම් කාරයන්ගෙන් බේරෙන්න උමඟ පුපුරවන්න ලෑස්ති වෙන්නේ. ඉතින් කැතී මේකට කැමති වෙන්නේ නෑ. මොකද කැතීට පොළව යට ඉන්න බෑ එයාගෙ ලෝකෙට නොගිහින්. ඒ නිසා කැතී පැනලා දුවනවා. ජේස් කැතී පස්සෙන් යන්නේ කැතීට උදවු කරන්න.
මේ අතර මාලිගාවේ ශාරක්ට ඉන්න දෙන්නේ නෑ සන්. එයා හොල්මන් කරනවා. ශාරක් එලවන්න තමයි ලෑස්ති වෙන්නේ. ගම්වල මිනිස්සු නම් ශාරක්ටයි එයාගේ මිනිස්සුන්ටයි කැමති නෑ. එයාලා වගාකරන්නේ නෑ. ඒ වගේම මාලු අල්ලන්නෙත් නෑ. දැන් මාලිගාවටත් කෑම හිග වෙනවා. ඒ නිසා අශ්කා අණකරනවා ගම්වල තියෙන ධාන්‍ය මාලිගාවට ගේන්න කියලා. නමුත් මිනිස්සු ලෑස්ති නෑ මායාබන්ධකයාගේ සහ ශාරක්ගේ පාලනය පිලිගන්න.
ඉතින් ඊට පස්සේ මොනවා වෙයිද කියලා දැනගන්න නම් මේ කොටස අරන් බලන්නම වෙනවා. එහෙනම් පුලුවන් ඉක්මනට මං ඉතුරු කොටසත් අරගෙනම එන්නම්. එතකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා කියලා පතනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder.S02E18.DSRip.XviD
මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.
673 downloadsDownload Spellbinder.S02E18.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
7 comments
රයන් ද සිල්වා
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Ishanka
Thanks.saho sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Hope
Thanks..
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි චින්තක සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴