Watch Trailer

Spellbinder – Land Of the Dragon Lord (1997) [S02 : E16] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 16 ත් අරගෙන මං ආවා. ඉතින් කොහොමද යාලුවනේ? පහුගිය කොටස්වල අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැම කෙනෙක්ටම ස්තූතිය පුද කරනවා. ඒ වගේම සද්ද නැතුව අරන් ගිය අයටත් මං ආරාධනා කරනවා අදහසක් තියලා යන්න කියලා. පහුගිය කොටස ගැන මං පුරුදු විදිහටම ටිකක් විස්තර කරන්නම්. ශාරක් අශ්කාගේ උදවු ඇතිව මකර අධිරාජය පරාජය කරල…

Spellbinder-TV

ඔන්න 16 ත් අරගෙන මං ආවා. ඉතින් කොහොමද යාලුවනේ? පහුගිය කොටස්වල අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැම කෙනෙක්ටම ස්තූතිය පුද කරනවා. ඒ වගේම සද්ද නැතුව අරන් ගිය අයටත් මං ආරාධනා කරනවා අදහසක් තියලා යන්න කියලා.

පහුගිය කොටස ගැන මං පුරුදු විදිහටම ටිකක් විස්තර කරන්නම්. ශාරක් අශ්කාගේ උදවු ඇතිව මකර අධිරාජය පරාජය කරලා බලය අල්ලා ගත්තා. මකර අධිරාජිණිය පරාජය භාර ගත්තේ තමන්ගේ මල්ලි ශාරක්ගේ ග්‍රහණයේ හිටිය නිසා. දැන් කැතීගේ පවුලේ හැම කෙනෙක්ම වගේම මකර අධිරාජිණිය ඇතුලු හැම කෙනෙක්ම හිර කාරයෝ. නමුත් ජෝෂ් සහ විකී දෙන්නා හැංගිලා ඉන්නේ. සන්ව හිර කරන්න ශාරක් අණ දුන් නිසා සෙබලු දෙන්නෙක් සන්ව අරන් යනවා හිර කරන්න. විකී සහ ජෝෂ් දෙන්නා ගේමක් දීලා සන්ව බේරාගන්නවා. නමුත් විකීව අත්අඩංගුවට පත්වෙනවා. දැන් සන් සහ ජෝෂ් දෙන්නා හැංගිලා ඉන්නේ.

මේ අතර කැතීට වෙච්ච දේ මතකයි නේද? දොස්තර එල්වෝ විශ්වාස කරලා එයාගෙ ගෙදරට කැතී ගියේ මෙක්ව හමුවෙන්න. නමුත් නොසිතූ විදිහට දොස්තර එල්වෝ කැතීව කාමරයක දාලා හිර කළා. මෙක්වත් හිරකරලා ඉන්නේ. දොස්තර එල්වෝල ලෑස්ති වෙන්නේ අලුත් මානව පරම්පරාවක් බිහි කරන්න මෙක් සහ කැතී එකතු කරලා. ඉතින් කැතී සහ මෙක් දෙන්නත් ලේසියෙන්ම පරාජය බාරගන්න ලෑස්ති නෑ කියලා ඔයාලා දන්නවානේ නේද? රෑ එලිවෙනකන්ම මහන්සි වෙලා කැතී කඹයක් හදලා මෙක්ගෙත් උදවු ඇතිව ඇසිඩ් බෝතලයක් ගන්නේ ලොක් එකට වක්කරලා උණු කරන්න. ඉතින් වැඩේ හරි ගියා. කැතී දොර කඩලා එලියට ආවා. නමුත් මෙක්ව බේරාගන්න බැරි වුනා. මොකද ඇසිඩ් හොයාගන්න බැරි වුන නිසා. ඒත් එක්කම දොස්තර එල්වෝත් එතෙන්ට ආවා.

මේ වෙද්දි කැතී පැනලා ගිහින් කියලා මුලු ගමේම මිනිස්සු කැතීව හොයනවා. දොස්තර එල්වෝ කිසිම දෙයක් නොවුන ගානට ඉන්නවා. දොස්තර එල්වෝ දන්නේ නෑ කැතී එයාව හිරකරපු තැනිනුත් මේ වෙද්දි පැනලා කියලා. ආපහු ඇවිත් බලද්දි තමයි කැතී නැති බව දැනගත්තේ. දැන් දොස්තර එල්වෝත් කැතීව හොයනවා. මේ අතර ආපහු ආව කැතී මෙක්ව මුදාගන්න උත්සාහ කරනවා. නමුත් යාන්ත්‍රිකයන් නිසා ටිකක් අමාරුයි. කොහොම හරි යාන්ත්‍රිකයන් පරාජය කරන්න මෙක්ට සහ කැතීට පුලුවන් වෙනවා. කොහොම හරි මෙතනින් පැනගත්ත කැතී සහ මෙක් දෙන්නා දුවන්නේ දොස්තර එල්වෝ බෝට්ටුව හංගපු කර්මාන්ත ශාලාවට. ඉතින් දොස්තර එල්වෝ යන්නේ බෝට්ටුව තියෙන තැනට. දොස්තර එල්වෝ බෝට්ටුව විනාශ කරන්නයි හදන්නේ. මොකද කැතීට සහ මෙක්ට පැනලා යන්න බැරි වෙන්න. දොස්තර එල්වෝ මිටි පහරක් එල්ල කරලා බෝට්ටුව විනාශ කරනවා. නමුත් කැතී සහ මෙක් ඒ ලෝකෙන් පැනලා යනවා. ඉතින් මේ කොටසත් අරගෙන බලන්න මොනවා වෙයිද කියලා. ඊලඟ කොටසත් අරන් ඉක්මනින්ම එන්නම්. එතකන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Spellbinder on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Spellbinder.S02E16.DSRip.XviD

මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.

643 downloadsDownload Spellbinder.S02E16.zip16 KB

 

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                      Next  Episode >>        

Subtitles by

චින්තක බණ්ඩාර

Subtitles

643 downloadsDownload Subtitles16 KB

12 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට

  2. Ishanka

    Elz thanks saho sub ekata..

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  4. Kalum

    Sub akata thanx macho....

  5. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි චින්තක සහෝ
    මේක දෙනකල් බලන් හිටියේ
    ෴෴ජය වේවා෴෴

  6. කවීන් ලහිරු

    තෑන්ක්ස් සහෝ සබ් එකට….
    ඊලග කොටසෙන් හමු වෙමු....

  7. රයන් ද සිල්වා

    නියමයි සහෝ සබ් එකට තෑන්ක්ස්
    17 වෙනි කොටසෙන් හමු වෙමු

  8. කනිශ්ක ලක්මාල්

    සුප්ප සහෝ පදිරියි...
    ඊලග කොටහත් ඉක්ම්නට දෙමු

  9. ඩිලාන් හසිත

    මැක්සා බොක්ක...
    තෑන්ක්ස් ආ සබ් එකට....

  10. Udara Damith B/K

    ස්තුතියි
    ස්තුතියි
    ස්තුතියි
    ස්තුතියි
    ස්තුතියි
    ස්තුතියි
    ස්තුතියි

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P