ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මං පොරොන්දු වුන විදිහටම අවසන් කොටසත් අරන් ආවා. කතා මාලා දෙකම අවසන් වෙනතුරු මගෙත් එක්ක රැඳිලා හිටිය මායාබන්ධන රසික රසිකාවියන්ට මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ගොඩක් දෙනෙක් ස්තූති කරලා කමෙන්ට් දාලා තිබුණා. ඒ වගේම විශාල පිරිසක් කතා මාලා දෙකම රසවිඳලා තිබුණා. ඉතින් සුපුරුදු විදිහට…

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මං පොරොන්දු වුන විදිහටම අවසන් කොටසත් අරන් ආවා. කතා මාලා දෙකම අවසන් වෙනතුරු මගෙත් එක්ක රැඳිලා හිටිය මායාබන්ධන රසික රසිකාවියන්ට මං ගොඩාක් ස්තූතිවන්ත වෙනවා. ගොඩක් දෙනෙක් ස්තූති කරලා කමෙන්ට් දාලා තිබුණා. ඒ වගේම විශාල පිරිසක් කතා මාලා දෙකම රසවිඳලා තිබුණා.
ඉතින් සුපුරුදු විදිහටම මං පහුගිය කොටස ගැන විස්තරයක් කියන්නම්. කැතී-කැතීගේ ලෝකෙන් කාල්ගේ උදවු ඇතිව සන්ගේ ලෝකයට ආව කැතී සහ ජෝෂ් දෙන්නා දකින්නේ සන් පස්සෙන් පන්නන ශාරක්ගේ හමුදාව. සන්ව බේරාගෙන අහලා බලද්දි තමයි දැනගන්නේ ශාරක් අද හිරු බැස යනකොට ආයාව විවාහ කරගන්න ලෑස්ති වෙලා ඉන්නවා කියලා. මේ අය ඉන්නේ මාලිගාවෙන් ගොඩක් ඈත. ආපහු මාලිගාවට යන්න නම් පයින් ගිහින් යන්න බෑ. මොකද දැන් කාලය තමයි ගොඩක්ම වැදගත්. මෙයාලා පරක්කු වුනොත් ආයාව බේරාගන්න තියෙන ඉඩකඩ බොහෝම අඩු වෙනවා. ඒ නිසා මෙයාලා කතා වෙන්නේ ආපහු අර ලෝකෙට ගිහින් බෝට්ටුව තියෙන තැන මාරු කරලා නැවතත් මේ ලෝකෙට එන්න. ඉතින් සන්වත් අරගෙන ජෝෂ් සහ කැතී දෙන්නා ආපහු අර ලෝකෙට ගිහින් කාල්ට ඇමතුමක් දීලා ටේලරයක් එක්කම කාල්ව ගෙන්නා ගන්නවා. ඊට පස්සේ බෝට්ටුවත් පටවාගෙන අරගෙන යන්නේ කිලෝ මීටර් 20 ක් ඈතට. බෝට්ටුව ප්‍රවාහනය කරද්දි අශ්කා මේක දකිනවා. යකඩ පෑස්සුම් කරන උපකරණයකින් අශ්කා බලඇඳුමත් බලගන්වා ගන්නවා. හරි දැන් ඇඳුමත් වැඩ. අශ්කා බෝට්ටුව අරන් යන කාල්ගේ වාහනය පස්සෙන් පන්නනවා. අන්තිමේදි කැතීලා යන්න ලෑස්ති වෙද්දිම අශ්කත් බෝට්ටුවට පැනගන්නවා. කොහොම හරි සන්ගේ ලෝකෙට ඇවිල්ලා අශ්කා ලෑස්ති වෙන්නේ අන්තර්මුහුණතත් අරන් බෝට්ටුවෙන් පනින්න. ශාරක්ගේ හමුදාවට අශ්කා අල්ලාගන්න පුලුවන් වෙනවා. ඒ සැනින්ම කැතී, සන් සහ ජෝෂ් නැවතත් අර ලෝකයට යනවා. ආපහු බෝට්ටුව තියෙන තැන වෙනස් කරලා ආයෙත් මාලිගාව ඇතුලටම එන්න කැතීලට පුලුවන් වෙනවා.
ශාරක් ආයාව විවාහ කරගන්න සියලුම කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ශාරක්ට සන්ව අල්ලා ගන්න උවමනාව තියෙන්නේ ආයාව පාලනය කරගන්න. සන්ට කරදර කරනවට ආයා කැමති නැති නිසා ශාරක් කියන ඕනිම දෙයක් ආයා ලවා කරගන්න පුලුවන් වෙනවා. කොහොම වුනත් අන්තිමේදි සන් අල්ලාගන්න ශාරක්ට පුලුවන් වෙනවා. මේ අතර කැතී සහ ජෝෂ් ඔරකල් සවිකරන්න උත්සාහ කළත් වැඩේ හරියන්නේ නෑ. මේක කරන්න පුලුවන් හොඳම කෙනා වෙන්නේ මෙක්. නමුත් මේ වනවිට මෙක් ඉන්නේ හිරකරලා. කැතී සහ ජෝෂ් උපායක් යොදවලා මෙක්ව එලියට ගන්නවා. මෙක් ඔරකල් සවිකරන අතර ආයාව එලියට ගන්න උත්සාහ කරන්නේ ඔරකල් පාලනය කරන්න පුලුවන් එකම කෙනා ආයා නිසා. මේනිසා කැතී සහ ආයා ගිහින් අශ්කාව මනමාලිය විදිහට අන්දවලා ශාරක්ට බන්දන්න ප්ලෑන් කරනවා. අන්තිමේදි අශ්කා කැමති වෙනවා මේ වැඩේ කරන්න. ඉතින් මෙතනින් එහාට මොනවා වෙයිද කියලා දැනගන්න අන්තිම කොටස බලන්නම වෙනවා.
ඉතින් ඔන්න මායාබන්ධන අදින් ඉවරයි. කතාමාලා දෙකටම උපසිරැසි දුන්නා. මං හිතනවා මායාබන්ධන රසික රසිකාවියන් ඒවා රසවිඳින්න ඇති කියලා. වැරදි අඩුපාඩු නම් බොහොමයක් තියෙන්න ඇති. ඉතින් ඒ හැම අඩුපාඩුවකටම සමාව ඉල්ලන්න කැමතියි මේ අන්තිම ලිපියෙන්. එහෙනම් තවත් ඉදිරියට ඉල්ලීම් ගොඩක් තියෙනවා. ඒවට පුලු පුලුවන් විදිහට උපසිරැසි දෙන්නම්. කාල වේලාව හොයාගන්න තමයි ඉතින් ගොඩාක් අමාරු. රාජකාරියත් කරන ගමන්ම තමයි මේ වැඩ ටිකත් කරන්නේ. ගෙදර ආව ගමන්ම ලැප් එක දිගෑරගෙන හෙඩ්ෆෝන් එකත් කනේ ගහගෙන කරන මේ වැඩේ දිහා බොහෝම සාවදානව බලාගෙන ඉන්න මගේ ආදරණීය බිරිඳ තුෂාරි තක්ෂිලාටත් මං මේ වෙලාවේ ස්තූතියක් පුද කරන්න කැමතියි. මොකද එයා කිසිම වෙලාවක මට මේ දේවල් කරන්න එපා කියලා කියලා නෑ. මේ කරන දේවල්වලට බාධා කරලා නෑ. ඉතින් මේවා සාවදානව දරාගත්ත එකත් ලොකු වැඩක්නේ නේද? එහෙනම් තවත් ඉස්සරහට තවත් උපසිරැසි කීපයක් පලකරන්න අදහසක් තියෙනවා. ඒවගෙන් හමු වෙනකන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත් දිනෙන් දින වැජඹේවා කියලා පතනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder.S02E26.DSRip.XviD
මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.
657 downloadsDownload Spellbinder.S02E26.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
27 comments
Sandhanuwan
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.ඒවගේම ඉක්මනින්ම සබ් දුන්නට
ඉදිරි කාලය තුලදී imdb අගය 8.7 ලබා තිබෙන මේ ජපන් ඇණිමේෂන්
සිරියස් එකටත් සබ් දෙන්න.ඔක්කොම episodes 51.එක episode එකක
play time එක විනාඩි 23.මේකට සබ් දෙනවනම් පිං
Fullmetal Alchemist (2003) [DUAL-AUDIO] [1080p] [HEVC] [x265]
ජය වේවා!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉක්මනටම අලුත් TV Series එකකින් එන්න..Ishanka
thanks saho elzzz..
Práðèép Üðäýàñgå
බොහොහ ස්තුති මචං මේ මේතරම් දුරට කරන් ඇවිත්
නියම විදියට අවසන් කරාට, තව අලුත් වැඩකට අත
ගහමු එහෙම නම්...
ජය.... !Jack
බොහෝම ස්තුතියි මචන්...
සමහර කොටස් වලට නම් කමෙන්ට් එකක්වත් දාන්න බැරි උනා මචෝ.
කරපු වැඩේට ආයෙමත් බොහෝම ස්තුතියි.
ජයෙන් ජය..Lahiru Lakmal
Thanks for sub
Chamee
thenzx broo nice job
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අවසාන කොටසත් ඉක්මනට ලබා දුන්නටත් ස්තූතියි
එහෙනම් තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴Udara Damith B/K
උපසිරසට ස්තුතියි..
දිගටම උපසිරස දුන්නට .
උපසිරස වලනම් කිසිම අඩු පාඩුවක් තිබුනේ නෑ දෙකේම.
අපේ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියත්
දිනෙන් දින වැජඹේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chinthaka Bandara
මායාබන්ධනත් ඉවරයි නේද? ඉතින් බොහෝම ස්තූතියි කොටස් 52ක් අරන් එනකල් මගෙත් එක්ක රැඳිලා හිටියට. මායාබන්ධන කතාමාලාවට ආදරය කරන බොහෝ දෙනෙක් මගෙත් එක්ක හිටියා කියලා මං දන්නවා මොකද මං බලාපොරොත්තු වුනාටත් වැඩි පිරිසක් මේක බාගත කරලා තියෙන නිසා. මං හිතුවේ මේක ගොඩක් පරණ වගේම රූපවාහිනියේ ඇති වෙනකන් බලලා තිබුන නිසා 10-12 ක් වත් බාගන්නේ නැතිවෙයි කියලා. කොහොම වුනත් මේක ලියන වෙලාව වෙද්දි අවසන් කොටසත් බාගත කරලා තියෙනවා 250 ක්. ඉතිං මට ගොඩක් සතුටුයි. අදහසක් නොදැක්වුවත් බාගත කරපු ගාන හිතුවටත් වඩා වැඩියි. මේ තරම් කාලයක් මගෙත් එක්ක රැඳිලා හිටිය මායාබන්ධන රසික රසිකාවියන්ට ගොඩාක් ස්තූතියි. ඒ වගේම කියන්න කැමතියි ඉල්ලීම් කොඩක් කරලා තිබුනා. පුලු පුලුවන් විදිහට ඒවත් ඉටු කරන්නම්. ඒ වගේම බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් මණ්ඩලයටත් ගොඩාක් ස්තූතියි මගේ උපසිරැසි රසික රසිකාවියන්ට ලබා දෙන්න මැදිහත් වුනාට. බයිස්කෝප් සිංහලෙන් දිගුකල් වැජඹේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි අලුත් උපසිරැසියකින් හමුවෙමු. ජය වේවා!!!
yeshu
tnx
James DC
ආපහු සැරයක් මොකක්හරි පරණ ටීවී සීරීස් එකකට සබ් දෙන්න සහෝ...
Eranga Sandaruwan
උපසිරැසි ඔක්කෝටම බොහොම ස්තූතියි..
එකින් එකට කමෙන්ට් කලේ නෑ.
ජය වේවා..Cavil
Sub walata thanx karanna wachana Madi.
Deshani
thank you
series 1kma baluwa ayethJanaka nuwan
Tnxx bro sub files denawata lassanai oyalage wada hamadaama congratulate
hrahula
ගොඩාක් හොද වැඩක්. ගොඩක් ආශාවෙන් බලමු කතාවක්. උපසිරස ටික හොය හොයා හිටියෙ. ගොඩක් ස්තුතියි.
Madushanxp
Great Work Bro...
Mithusha Dinelka
Thank you so much brother
sujith sampath97
Thanks bokka
gampahacom
thanks..... well done.
isuru
Sub valata Thanks...
ජය වේවා.මේනක විශ්වජිත්
නියමයි බොහොම ස්තූතියි subtitle එකට
Dineth Kanishka
මුල ඉදන් දිපු උපසිරැසි වලට ස්තුතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Bohoma sthuthiy yalu.
digatama sub denna labewa :)