ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න මං පොරොන්දු වුන විදිහටම 25 කොටසත් අරන් ආවා. මං හිතනවා සියලුම දෙනා මේ වෙනකන් කොටස් නරඹන්න ඇති කියලා සිංහල උපසිරැසිත් එක්කම. දැන් ඉතින් මකර රජදහනත් අවසන් වේගෙන එනවා නේද? මේක දුන්නම තව එකයි. පුරුදු විදිහටම පහුගිය කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්කෝ. ජෝෂ්, කැතී, අශ්කා කියන තුන්…

ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න මං පොරොන්දු වුන විදිහටම 25 කොටසත් අරන් ආවා. මං හිතනවා සියලුම දෙනා මේ වෙනකන් කොටස් නරඹන්න ඇති කියලා සිංහල උපසිරැසිත් එක්කම. දැන් ඉතින් මකර රජදහනත් අවසන් වේගෙන එනවා නේද? මේක දුන්නම තව එකයි.
පුරුදු විදිහටම පහුගිය කොටස ගැන පොඩි විස්තරයක් කරන්නම්කෝ. ජෝෂ්, කැතී, අශ්කා කියන තුන් දෙනා බ්‍රයන් ෆලෝ කරගෙන යන්නේ ඔරකල් අන්තර්මුහුණත සහ ආභරණ ටික අරගන්න. ජෝෂ්-ජෝෂ් දෙන්නා නැව ඇතුලට රිංගුවට පස්සේ කාමරේ දොර ඇරලා තියෙනවා දැකලා වහලා ලොක් කරගෙන යනවා. මේ දෙන්නා කාමරේ ඉන්නවා කියලා කවුරුත් දන්නේ නෑ. කැතී නම් ඈත ඉන්නවා පේනවා. නමුත් කතාකළාට කැතීට ඇහෙන්නේ නෑ. පේන්නෙත් නෑ. මොකද පුංචි කවුලුවක් නිසා. ජෝෂ් කෙනෙක්ට පොඩ්ඩක් මොළය පෑදෙනවා. එයා කවුලු වීදුරුවේ GET DAD කියලා ලියලා කැතීගේ මූණට කණ්ණාඩියක් අල්ලනවා. කැතී මේක දැකලා ඉක්මනින්ම යන්නේ කැතීගේ ගෙදරට. කැතීගේ ගෙදර ජනේලයෙන් පැනලා මෙයා මෙයා ඉස්සර වෙලාම කරන්නේ නාගන්න එක. ඉතින් මේ අතරේ අනෙක් කැතීත් ගෙදරට එනවා. කොහොම නමුත් ගේ ඇතුලේදි කැතී-කැතී මුණගැහෙනවා. ඒත් එක්කම කාල් ගෙදරට එනවා. කොහොම හරි කාල්ට කතාව පැහැදිලි කරලා කාල්ව එක්කනැ නැවට යනවා ජෝෂ් සහ ජෝෂ් බේරාගන්න. කාල් ජනප්‍රිය තරුවක් නිසා නැවට ඇතුල් වෙන්න ගොඩක් අමාරු වුනේ නෑ. කාල් ගිහින් මේ එයාගේ නිවුන් පුතාලා කියලා ජෝෂ්ලා දෙන්නා බේරාගන්නවා. කැතී මේ අතර අශ්කා බේරාගන්නවා. අශ්කාගේ අතපයයි කටයි ගැටගහලා කාමරයකට දාලා ඉන්නේ. කොහොම හරි මේ දෙන්නා අන්තර්මුහුණතයි ආභරණ ටිකයි අරගෙන නැවෙන් එලියට යනවා. බ්‍රයන් සහ බෙරී නිකන් ඉන්නේ නෑ. පස්සෙන් පන්නාගෙන ආවත් අශ්කා නම් බෝට්ටුවක් අරන් පැනලා යනවා. ජෝෂ්, කැතී සහ කාල් තුන් දෙනාට පැනගන්න බැරි වෙනවා. අශ්කා බඩු ටික අරන් පැනලා ලිය තරහට බෙරී කාල්ට පහර දෙන්න ආවත් අනෙක් ජෝෂ් බල ඇඳුම ඇඳගෙන මෙතෙන්ට එනවා. බලඇඳුමෙන් පහරක් එල්ල කළාම බෙරී සහ බ්‍රයන් මුහුඳට පනිනවා. අශ්කා බෝට්ටුව අරන් නැවතත් ඇවිල්ලා මෙයාලව බෝට්ටුවට නංවාගෙන යනවා. එයා ආපහු එන්නේ බලඇඳුම ගන්න මිසක් මේ කට්ටියව බේරාගන්න නෙමෙයි. කට්ටිය ආපහු සන්ගේ ලෝකයට යන්න හදද්දී අශ්කා බලඇඳු ඇඳගෙන එන්නේ අන්තර්මුහුණත ආපහු ගන්න. කොහොම නමුත් ජෝෂ් අශ්කව වාහනයෙන් හප්පලා වතුරට දානවා. ඒ නිසා බලඇඳුම ක්‍රියා විරහිත වෙනවා. මේ නිසා ජෝෂ් සහ කැතී ආපහු සන්ගේ ලෝකයට යනවා.
මේ අතර සන් සහ ජස්මින් පොඩි මෙහෙයුමක් දියත් කරනවා ආයාව බේරාගන්න. මේකට උදවු කරන්න මාස්ටර් ලිං කටයුතු කරනවා. කොහොම වුනත් සැලැස්ම නම් නියමෙටම වැඩ කරනවා. නමුත් නොසිතූ විදිහට ශාරක් ආව නිසා වැඩේ කරගන්න බැරි වෙනවා. ඉතින් මොනවා කරන්නද? ආයා ආපහු කූඩුවේ දාගෙන මාලිගාවට අරන් යන්න ශාරක් අණ දෙනවා. ජෝෂ් සහ කැතී දෙන්නා සන්ගේ ලෝකෙට එද්දි සන් පස්සෙන් ශාරක්ගේ හමුදාව පන්නනවා. ඊට පස්සේ සන්වත් අරන් ආපහු අර ලෝකෙටම යන්නේ බෝට්ටුව තියෙන තැන මාරු කරලා ආපහු මේ ලෝකෙට එන්න. ඉතින් භට පස්සේ මොනවා වෙයිද කියලා දැනගන්න නම් මේ කොටස අරගෙනම බලන්න වෙනවා. එහෙනම් අවසන් කොටසත් අරන් ඉක්මනින්ම එනකන් මායාබන්ධන රසික රසිකාවියන්ට ජය වේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
Spellbinder.S02E25.DSRip.XviD
මෙම ලබා දී ඇති උපසිරසි DSRip පිටපත් සඳහා වලංගු වේ.
583 downloadsDownload Spellbinder.S02E25.zip18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/Chinthaka-Bandara-e1471755493212.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක බණ්ඩාර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චින්තක බණ්ඩාර
Subtitles
10 comments
රයන් ද සිල්වා
කවීන් ලහිරු
නියමයි සහෝ මැක්සා
26 වෙනි කොටසෙන් හමු වෙමුඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ සබ් එකට
Ishanka
Thanks saho sub ekata
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
yeshu
tnx
Kalum
Sub akata thanx macho.....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jeewan
නියමයි සහෝ මැක්සා සුපිරි
මට මෙකේ තාම 4,7,12,20 යන කොටස් වල සබ් හොයාගන්න බැහැනේChinthaka Bandara
ඇයි සහෝ? මොකක්ද අවුල? ඒ හැම කොටසකටම සබ් දීලා තියෙන්නේ. මොකුත් ප්‍රශ්නයක් තියෙනවානම් Facebook හරහා මාව සම්බන්ධ කරගන්න. මේකේ S1E1 ලිපියේ මගේ facebook ID එක දීලා තියෙනවා. ඉන්බොක්ස් කරන්න.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
එහෙනම් අවසාන කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴