Watch Trailer

Spider-Noir [S01 : E01] Sinhala Subtitles | කළු සුදු ස්පයිඩර් [සිංහල උපසිරසි]

Spider-Noir Season 01 Sinhala Subtitles හේ කට්ටිය… මේක ඇවිල්ලා අති සුපිරියක් !, මම වගේ මාර්වල් රසිකයෙක් නම් මඟ බලාගෙන හිටපු සීරිස් එකක් තමා මේක. වැඩේ කියන්නේ මචං පළවෙනි සීරිස් එක එහෙන්මම රිලීස් උනා කියාම්කෝ, ඒ කියන්නේ එපි 08ම එකපාරම ආවා. මෙහෙමයි ඉතිං පොඩි කාලයක් යයි වැඩේට හරිය, දවසට එක එපිය වගේ දෙන…

Spider-Noir Season 01 Sinhala Subtitles

හේ කට්ටිය… මේක ඇවිල්ලා අති සුපිරියක් !, මම වගේ මාර්වල් රසිකයෙක් නම් මඟ බලාගෙන හිටපු සීරිස් එකක් තමා මේක. වැඩේ කියන්නේ මචං පළවෙනි සීරිස් එක එහෙන්මම රිලීස් උනා කියාම්කෝ, ඒ කියන්නේ එපි 08ම එකපාරම ආවා. මෙහෙමයි ඉතිං පොඩි කාලයක් යයි වැඩේට හරිය, දවසට එක එපිය වගේ දෙන්න උපරිම ට්‍රයි එක දෙන්නම් මොකද මේ ටිකේ හෙන බිසී වෙලා ඉන්නේ වැඩ එක්ක. Daredevil : Born Again දෙවෙනි සීසන් එකෙන් පස්සේ ආයත් මාර්වල් සීරිස් එක්කටම සබ් හදන්න සෙට් උනා මේ තමයි “Spider-Noir” කියන සීරිස් එක.

මේක ඇවිල්ලා මෙහෙමයි සාමාන්‍ය සුපිරි වීර ෆිල්ම්ස්, සීරිස් වලට වඩා මේක සෑහෙන්න වෙනස් මොකද කියනවනම් මේක රහස් පරීක්ෂක සීන් වලට ටිකක් බර කරලා හදලා තියෙන්නේ. එහෙම කියලා මේකේ ආතල් එක නැතිවෙන්නේ නෑ, මේකේ හෙන සටන් සීන්, අපරාධ වැටලීම් ඔය හැම දේම එකතු කරලා තමා හදලා තියෙන්නේ.

සීරිස් එක ගැන කියනවනම් ඇවිල්ලා, අපේ ප්‍රධාන චරිතේ හැඩ කරන්නේ ඉතිං හැමෝම දන්න හඳුනන සුපිරි වැඩ්ඩෙක් වෙන Nicolas Cage. පොර ගැන ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ සෙට් වෙන වැඩේ ලෙසටම කරනවා ආය ඉතිං කියලා වැඩක් නෑ. Benjamin “Ben” Reilly කියන රහස්පරීක්ෂක වරයාගේ චරිතයට තමා පොර රඟපාන්නේ, ඔව් ඔව් පොරම තමා අපේ ස්පයිඩර්.

මම හෙන හෑල්ලක් දාන්න යන්නේ නෑ ලාවට වගේ මේ පළවෙනි එපියේ සිද්දිය ගැන පොඩියට කියන්නම් ඔයාලට අදහසක් ගන්න…  

කතාව පටන් ගන්නේ 1933දි. බෙන් රයිලි කියන්නේ රහස් පරීක්ෂකයෙක්. ඉස්සර මිනිහා “ද ස්පයිඩර්” (The Spider) කියලා නමක් දාගෙන අපරාධකාරයොන්ට ගේම දෙන Vigilante කෙනෙක් විදිහටත් වැඩ කළා. හැබැයි එයාගේ පෙම්වතිය වෙච්ච රූබි විලියම්ස් නැතිවුණාට පස්සේ මිනිහා ඒ වැඩ ඔක්කොම අතෑරලා දැම්මා. අවුරුදු පහකට පස්සේ, බෙන්ටයි එයාගේ යාලුවෙක් වෙන ඩොනෙගල් කියන රහස් පරීක්ෂකයාටයි වැඩක් සෙට් වෙනවා ජිමී ඇඩිසන් කියන අපරාධකාරයාව හොයන්න. මේ ජිමීට ගින්දර පාලනය කරන්න පුළුවන් බලයක් තියෙනවා කියලා දැනගත්තාට පස්සේ, ඩොනෙගල් එයාව මරලා දානවා.

ඊටපස්සේ බෙන්ට තව කන්ට්‍රැක්ට් එකක් හම්බවෙනවා. ඒ තමයි කාර්මඩි කියන කෙනාගේ තරුණ බිරිඳ වෙන, නයිට් ක්ලබ් එකක සින්දු කියන කැට් හාඩි ගැන හොයන්න. එයාට වෙන සම්බන්ධයක් තියෙනවද කියලා බලන්නයි බෙන්ට බාරවෙන්නේ. “රෙඩ්ක්ලිෆ්” කියන තැනදි, කැට්ගේ හොර මිනිහා කියලා හිතන කෙනා කැට්ට කරදර කරන්න හදද්දි බෙන් ගිහින් ඒක නවත්තනවා. මේ අතරේ බෙන්ටයි ඩොනෙගල්ටයි දැනගන්න ලැබෙනවා අර ජිමී ඇඩිසන්ව හොයන්න එයාලට කන්ට්‍රැක්ට් එක දීලා තියෙන්නේ වින්ස්ටන් කියලා ඩයල් එකක් කියලා. ඌ වෙන කවුරුවත් නෙවෙයි, පාතාල නායක සිල්වර්මේන්ගේ (Silvermane) දකුණු අත! ඒ අස්සේ බෙන් සහ එයාගේ සෙකට්‍රි ජැනට් හොයාගන්නවා අර කැට් එක්ක හිටිය මිනිහා නගරාධිපති ඇල්ෆ්‍රඩ් මොරිස් කියලා. සීන් එක බරපතල වැඩි නිසා එයාලා ඒ වැඩේ එතනින්ම අතෑරලා දානවා.

පොලිසියට ජිමී ඇඩිසන්ගේ බොඩිය හම්බවුණා කියලා දැනගත්තාම, බෙන් “ඇල්කෝව්” කියන නයිට් ක්ලබ් එකට යනවා කැට්ව බ්ලැක්මේල් කරන්නයි, සිල්වර්මේන්ගේ කේස් එක ගැන ඩොනෙගල්ට අනතුරු අඟවන්නයි. ඒත් වැඩේ අවුල් ගිහින් සිල්වර්මේන් ඩොනෙගල්ව අල්ලගෙන වධ දීලා මරලා දානවා. ඒ අස්සේ කැට් කරන්නේ, තමන්ගේ ඇඟ වැලි බවට පත් කරන්න පුළුවන් ෆ්ලින්ට් මාකෝ කියන පොරව බෙන්ගේ පස්සේ යවන එක. අන්තිමට බෙන් අර බ්ලැක්මේල් කරන අදහස අතෑරලා දානවා. හැබැයි පහුවෙනිදා මාර සීන් එක වෙන්නේ, කැට්ම ආයෙත් ඇවිත් බෙන්ට කන්ට්‍රැක්ට් එකක් දෙනවා අර එකපාරටම අතුරුදන් වෙච්ච ෆ්ලින්ට් මාකෝව හොයලා දෙන්න කියලා. ඕක තමා මේ එපියේ වෙන ප්‍රධානම සිද්දිය, එහෙනම් ඉදිරි එපිසෝඩ් වලින් සෙට් වෙමුන් කට්ටිය ජය වේවා…

Spider-Noir Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,692 downloadsDownload Spider-Noir.S01E01.zip24 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

All BT1Nxt Season BT12

Subtitles by

අතුල සංජීව

Subtitles

2,692 downloadsDownload Subtitles24 KB

4 comments

  1. Buddhika laKMal

    Thanks mekata sub denna patan gatthata

  2. Sandaru Nimsara

    Thanks

  3. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  4. Sahan Gayantha

    thanks a lot Athulasaho sub ekata