Spider-Noir Season 01 Sinhala Subtitles එහෙනම් කට්ටිය ඔන්න Spider-Noir දෙවෙනි එපියටත් සබ අරං ආවා. ඔව් ඔව් පොඩි ටයිම් එකක් යනවා ඉතිං හෙන බිසී ඕයි ගනං ගන්න එපා හරි. ආ ඒත් එක්කම කියන්න ඕනි මේ සීරිස් එකේම පට්ට ලස්සන සිංදු ටිකක් තියේ, ආය Theme Song එකත් Skip නොකරන්නම දීලා තියෙනවා ඒක නම් සුපිරියක් බං. හැ…

Spider-Noir Season 01 Sinhala Subtitles
එහෙනම් කට්ටිය ඔන්න Spider-Noir දෙවෙනි එපියටත් සබ අරං ආවා. ඔව් ඔව් පොඩි ටයිම් එකක් යනවා ඉතිං හෙන බිසී ඕයි ගනං ගන්න එපා හරි. ආ ඒත් එක්කම කියන්න ඕනි මේ සීරිස් එකේම පට්ට ලස්සන සිංදු ටිකක් තියේ, ආය Theme Song එකත් Skip නොකරන්නම දීලා තියෙනවා ඒක නම් සුපිරියක් බං. හැකි පමණින් සිංදු ටිකත් පරිවර්ථනය කරනවා ඉතිං ඔන්න. සිද්දිය ගැන පොඩියට කියන්නම් එහෙනම්…
කවුද මේ බෙන්?
බෙන් රයිලි (Ben Reilly) කියන්නේ ඉස්සර නිව්යෝර්ක් නගරයේ හිටපු “The Spider” කියන සුපිරි වීරයා. තමන් පණ වගේ ආදරය කරපු “රූබි” (Ruby) කියන කෙල්ලගේ අවාසනාවන්ත මරණය නිසා, පොර මේ වීර කතා ඔක්කොම අතඇරලා දැම්මා. දැන් අවුරුදු 5ක ඉඳන් සාමාන්‍ය ප්‍රයිවට් ඩිටෙක්ටිව් (Private Investigator) කෙනෙක් විදිහට තමයි ජීවත් වෙන්නේ. දවසක් නිව්යෝර්ක් වීදිවල සිද්ධ වුණු දරුණු ලුහුබැඳීමකින් පස්සේ “ජේම්ස් ඇඩිසන්” කියලා මනුස්සයෙක්ව අභිරහස් විදිහට මරලා දානවා. මෙන්න මේ මරණයත් එක්ක තමයි බෙන් ආයෙත් අර අඳුරු ලෝකෙට අඩිය තියන්නේ.
බෙන් මේ ගැන හොයද්දී පට්ට රහසක් මතු වෙනවා, වින්ස්ටන් (Winston) කියන භයානක මැරයෙක්, මේ ඇඩිසන් ගැන හොයන්න බෙන්ව වගේම “පැට්‍රික් ඩොනගල්” කියන තවත් ඩිටෙක්ටිව් කෙනෙක්වත් සල්ලිවලට අරන් තිබිලා තියෙනවා. මේ අස්සේ නගරයේ ඉන්න දරුණුම අපරාධ බොස් කෙනෙක් වෙන සිල්වර්මේන්ගේ (Silvermane) මාලිගාව වගේ ගේ කවුරුහරි ගිනිතියලා. ඒ සීන් එකටත් ගෑවිලා ඉන්නෙ අර මැරුණු ඇඩිසන්ම තමයි. බෙන් මේ කේස් එක පස්සෙන් පන්නද්දී දේශපාලනඥයන්ගේ කුණු කතා, බ්ලැක්මේල් කිරීම්, සහ කැට් හාඩි (Cat Hardy) කියන පට්ට ලස්සන, ආකර්ෂණීය ගායිකාවක් මේකට ගෑවිලා ඉන්නවා කියලා හොයාගන්නවා.
නිව්යෝර්ක් නගරයේ නඟරාධිපතිගේ (Mayor) හොර සීන් එකක් ගැන ඔත්තු බලන්න ගිහින් බෙන්ට තේරෙනවා, මේක සාමාන්‍ය කේස් එකක් නෙවෙයි, මුළු නගරයම හොල්ලන ලොකු කුමන්ත්‍රණයක් කියලා. මේ හැමදේම අස්සේ බෙන්ට ඉස්සර තිබ්බ සුපිරි බලයන් (Spider Powers) ආයෙත් මතු වෙන්න ගන්නවා. මාර විදිහට ඔළුවේ කැක්කුමවල් එනවා, ඉව වැඩ කරනවා. හැබැයි පරණ මතකයන් නිසා පොර ආයෙත් “The Spider” වෙන එක නවත්තගන්න උපරිම ට්‍රයි එකක් දෙනවා. සීන් එක තවත් දරුණු වෙන්නේ සිල්වර්මේන් අර අනිත් ඩිටෙක්ටිව්ව (ඩොනගල්) අල්ලගෙන, ඇඩිසන් ගැන තොරතුරු වද දීලා අහලා, පොරව අමානුෂික විදිහට මරලා දැම්මාමයි.
ඊට පස්සේ බෙන්ට හම්බවෙනවා කැට් හාඩිගේ බොඩිගාඩ් “ෆ්ලින්ට්” (Flint) ව. මූ සාමාන්‍ය මිනිහෙක් නෙවෙයි! මූට වැලි වගේ වෙන්න පුළුවන් අස්වාභාවික, බය හිතෙන බලයක් තියෙනවා. රූෆ්ටොප් එකක සිද්ධ වුණු දරුණු ෆයිට් එකකින් පස්සේ ෆ්ලින්ට් එකපාරටම අතුරුදන් වෙනවා. දැන් අතුරුදන් වුණු ෆ්ලින්ට්ව හොයලා දෙන්න කියලා කැට් හාඩි, බෙන්ව හයර් කරනවා. බෙන් තමන් නොදැනුවත්වම නිව්යෝර්ක් පාතාලයේ තියෙන දරුණු සුපිරි බලවතුන්ගේ රහස්, පාවාදීම් සහ මිනීමැරුම් අස්සට තව තවත් ගිලෙනවා. ඔය සිද්දිය තමා මේ වෙනකං උනේ, එහෙනම් ඉදිරි සිද්දිය මේකෙන් බලාගන්න කට්ටිය…
Spider-Noir Season 01 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,972 downloadsDownload Spider-Noir-S01E02.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අතුල සංජීව
Subtitles
- #2025
- #Comic
- #Editor's Pick
- #Marvel
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Spider-Man
- #Spider-Noir S01 Sinhala Sub
- #Spider-Noir S01 Sinhala Subtitles
- #Spider-Noir Season 01 Sinhala Sub
- #Spider-Noir Season 01 Sinhala Subtitles
- #Spider-Noir Sinhala Sub
- #Spider-Noir Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #අතුල සංජීව
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Lakmal
Buddhika laKMal
සබ්එකට තෑන්ක්ස් මචං
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks bro sub ekta