Watch Trailer

Spider-Noir [S01 : E04] Sinhala Subtitles | කවදාවත් ආපහු නොකරන වැරැද්දක්! [සිංහල උපසිරසි]

Spider-Noir Season 01 Sinhala Subtitles හතරවෙනි එපියට සබ් එක තමා මේ සබ් එක ගෙනාවේ Spider-Noir සීරිස් එකේ. එහෙනම් පසුගිය සිද්දිය ගැන සුපුරුදු හෑල්ල යටින් දාන්නම් අයිඩියා එකක් ගන්න කියවන අය කියවලා… මේ ෆ්ලින්ට් ගේ සිද්දිය ගැන අපේ “බෙන් රයිලි” හොයලා බලද්දී තමයි මීටර් වෙන්නේ. මේ ලොනී, ෆ්ලින්ට් මාර්කෝ, ස…

Spider-Noir Season 01 Sinhala Subtitles

හතරවෙනි එපියට සබ් එක තමා මේ සබ් එක ගෙනාවේ Spider-Noir සීරිස් එකේ. එහෙනම් පසුගිය සිද්දිය ගැන සුපුරුදු හෑල්ල යටින් දාන්නම් අයිඩියා එකක් ගන්න කියවන අය කියවලා…

මේ ෆ්ලින්ට් ගේ සිද්දිය ගැන අපේ “බෙන් රයිලි” හොයලා බලද්දී තමයි මීටර් වෙන්නේ. මේ ලොනී, ෆ්ලින්ට් මාර්කෝ, සහ ඇඩිසන් කියන තුන්දෙනාම ඉස්සර යුද්ධෙකදී හිරකාරයෝ වෙලා හිටපු සෙට් එකක් කියලා. ඔය අතරේ, පොලිසියත් එක්ක වළියට ගියපු වෙලාවක ලොනී, ෆ්ලින්ටුයි පුදුම විදිහේ මාර බලයක් පාවිච්චි කරනවා “රොබී” ඇස් දෙකෙන්ම දකිනවා.

ඔන්න ඔය අස්සේ “සිල්වර්මේන්”, බෙන්ට එකෙක්ව හොයන්න බාර දෙනවා. වැඩේ තමා සිල්වර්මේන්ගේ රහස් පොලිසියට ලීක් කරපු එකා කවුද කියලා හොයන එක. හැබැයි බෙන්ට මීටර් වෙනවා මේකෙන් “කැට් හාඩිට” ලොකු අනතුරක් වෙන්න යන්නේ කියලා. බෙන් තව ටිකක් පස්සෙන් එලවද්දී තේරෙනවා කැට් සහ ඇඩිසන්ගේ ඉන්වෙස්ටිගේෂන් එක අතරේ ලොකු කනෙක්ෂන් එකක් තියෙනවා කියලා. ඉතින් කැට්ව බේරගන්න හිතාගෙන, බෙන් හොරෙන්ම සිල්වර්මේන්ගේ සේෆ් එකෙන් ලකුණු කරපු සල්ලි වගයක් හොරකම් කරනවා.

කතාවට පොඩි ලව් සීන් එහෙකුත් සෙට් වෙනවා. කැටුයි, ෆ්ලින්ටුයි දෙන්නා ආදරේ කරනවා කියලා ඔන්න එළිදරව් කරනවා. හැබැයි ඉතින් ඒ සතුට වැඩි වෙලාවක් තියෙන්නේ නැහැ. ෆ්ලින්ට්ගේ අර වැලි ලෙඩේ දරුණු වෙනවා. එකපාරටම මිනිහා වැලි බවට පත්වෙලා එතනින් පැනලා දුවනවා. එපිසෝඩ් එක ඉවර වෙන්නේ සුපිරිම සස්පෙන්ස් එකකින්! සිල්වර්මේන්ගේ මැරයෝ ටික බෙන්වයි, කැට්වයි වට කරලා අල්ලගෙන, කවුරුත් නැති පාළු ප්ලේස් එකකට අරන් යනවා.

ඔය අස්සේ සිල්වර්මේන් දකිනවා තමන්ගේ අර ලකුණු කරපු සල්ලි “වේරා” ළඟ තියෙනවා. මිනිහා හිතන්නේ තමන්ගේ අවංකම බොඩිගාඩ් වෙන “වින්ස්ටන්” තමන්ට ද්‍රෝහි වුණා කියලා. සිල්වර්මේන් දෙපාරක් හිතන්නේ නැතුව එතනම වින්ස්ටන්ව ෂොට් එක දීලා මරලා දානවා! හැබැයි සිල්වර්මේන් හිතන්නේ තව ඉන්සයිඩර්ස්ලා මේක අස්සේ ඉන්නවා කියලා. පොර ඊළඟට කාටද ගේම දෙන්න ලෑස්ති වෙන්නේ? බෙන්ටයි, කැට්ටයි මොනවා වෙයිද? ඔය සීන් එකෙන් තමා එපිය ඉවර වෙන්නේ, එහෙනම් එතනින් ඉස්සරහට මේකෙන් බලාගන්න…

 

Spider-Noir Season 01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,499 downloadsDownload Spider-Noir.S01E04.zip26 KB

width=

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1All BT1Nxt Season BT12

Subtitles by

අතුල සංජීව

Subtitles

1,499 downloadsDownload Subtitles26 KB

3 comments

  1. Sandaru Nimsara

    Thanks

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචං

  3. Sahan Gayantha

    thanks a lot Athula Sajeewa brother sub ekata