පෙර කොටසින්… හතරවන කොටස ආරම්භ වුණේ ගී-හුන් සහ තරඟකරු අංක 96 අතර ගැටුමකින්. 96 කියන්නේ ඊළඟ ඡන්ද වටයේදී ක්‍රීඩාව අවසන් කරන්න පුළුවන් කියලා. හැබැයි ගී-හුන් අනෙක් තරඟකරුවන් මරන්න උදව් කරන්න බෑ කියනවා. ඊළඟට තරඟකරු අංක 100 අවසාන රේඛාවට ළඟා වෙනවා. මිනිහා 96 එක්ක කතා කරන්න උත්සාහ කරනවා. ඒ අතරේ තරඟකරු 203 ආ…

පෙර කොටසින්…

හතරවන කොටස ආරම්භ වුණේ ගී-හුන් සහ තරඟකරු අංක 96 අතර ගැටුමකින්. 96 කියන්නේ ඊළඟ ඡන්ද වටයේදී ක්‍රීඩාව අවසන් කරන්න පුළුවන් කියලා. හැබැයි ගී-හුන් අනෙක් තරඟකරුවන් මරන්න උදව් කරන්න බෑ කියනවා.

ඊළඟට තරඟකරු අංක 100 අවසාන රේඛාවට ළඟා වෙනවා. මිනිහා 96 එක්ක කතා කරන්න උත්සාහ කරනවා. ඒ අතරේ තරඟකරු 203 ආපහු යන තරඟකරුවෙක්ව මරනවා. ගී-හුන් අන්තිමට 96ට තර්ජනය කරලා පැත්තකට වෙන්න කියනවා. මෙතනින් ගොඩක් තරඟකරුවෝ දිනන්න පටන් ගන්නවා. ජුන්-හී පුහුණු වෙන්න හදනවා, හැබැයි කෙල්ලට ඒ කකුලෙන් නම් මොන විදියකටවත් පනින්න බෑ. ම්යුන්-ගි උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒත් කෙල්ල හ්යුන්-ජුගේ මරණය ගැන නැවත මතක් කරලා කොල්ලට දොස් කියනවා. තමන් එයාට කැමති නෑ සහ තමන්ගේ දරුවාගෙන් ඈත් වෙන්න කියලා කොල්ලට අනතුරු අඟවනවා. ඉතින් මිනිහට ජුන්-හීව උස්සගෙන යන්නත් බැරි නිසා කෙල්ලව අත ඇරලා පාලෙමෙන් ගොඩ වෙන්න ආවා.

අවසාන රේඛාව ළඟදී තරඟකරු අංක 96 නැවත ක්‍රියාත්මක වෙලා ගී-හුන්ට පහර දෙන්න එනවා, මෙතනදි දැඩි සටනකින් පස්සේ  ගී-හුන්ට පුළුවන් වෙනවා මිනිහව පහළට වට්ටලා දාන්න. අනිත් ක්‍රීඩකයෝ ඉක්මනින් පාලමෙන් එතෙර වෙනවා, ම්යුන්-ගි සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච මින්-සු ඇතුළුව. ගී-හුන් ජුන්-හී වෙනුවෙන් ආපහු යන්න හදනවා. හැබැයි වෙලාව මදි. කෙල්ල මෙතනදි ගී-හුන්ට කියනවා තමන්ගේ දරුවා බලා ගන්න කියලා, ඊට බිමට පැනලා දිවි නහ ගන්නවා.

වෙන තැනක, නෝ-එල් සහ ක්‍රීඩක 246ට පිටත මුර සංචාරය භාර දෙනවා. මෙයාලා බෝට්ටුවේ ඉන්න කොට නිලධාරියා නෝ-එල්ව අමතනවා. මිනිහා 246ගේ දුවව මරනවා කියලා තර්ජනය කරනවා. ඒ නිසා නෝ-එල් දූපතට ආපහු එනවා. කෙල්ල 246ට මේ තර්ජනය ගැන කියලා, ප්‍රධාන භූමියට ගියාම පොලීසියට කතා කරන්න කියනවා. පස්සේ කෙල්ල වායු නාලයක් හරහා ක්‍රීඩා ඇතුළට යනවා. 246ට යන්න දුන්න නිසා නිලධාරියා දෙන්නවම මරන්න අණ දෙනවා.

මේ අතරේ, VIPලා පොඩි බබාව මරනවද නැද්ද කියලා සාකච්ඡා කරනවා. ගේම් එකේ ප්‍රධානිය මෙයාලව පොළඹවනවා දරුවාට ජුන්-හීගේ තැන ක්‍රීඩා කරන්න දෙන්න කියලා. ඒත් දැන් ක්‍රීඩකයෝ 8ක් වෙනුවට 9ක් ඉන්නවා. ගොඩක් ක්‍රීඩකයෝ ත්‍යාග මුදල අඩු වීම ගැන කලකිරිලා දරුවා මරන්න තීරණය කරනවා. ගී-හුන් දරුවා ආරක්ෂා කරද්දී ම්යුන්-ගි මේකට උදව් කරන්නේ කොහොමද කියලා හිතනවා. මේ පාර ආරක්ෂකයෝ මේ අනිත් අයගේ මරන්න යන වැඩේ නවත්තනවා. අලුත් නීතියක් එනවා – තව දුරටත් ක්‍රීඩකයන් අතර ප්‍රචණ්ඩත්වය තහනම් කියලා.

 


බෝට්ටුවේ, කුලී හමුදාව ළඟපාත දූපත් පරීක්ෂා කරනවා. ජුන්-හෝගේ ඔක්සිජන් ටැංකිය අනුව ප්‍රධාන දූපත ළඟ තියෙන්න ඕනේ කියලා මෙයාලා හිතනවා. ජුන්-හෝ කැප්ටන් පාක්ගෙන් අහනවා මොකද හිතන්නේ කියලා. මිනිහා එක කොටසක් සිතියමේ කටුගලා දාලා අනිත් පැත්තේ දූපත් පෙන්නනවා.

වූ-සොක් අර බල්ලට වෙඩි තියපු සද්දේ ඇහිලා ළඟ ගෙදරක කෙනෙක් ඒ ගැන පොලිසියට කිව්ව නිසා මිනිහව අත්අඩංගුවට ගන්නවා. මිනිහා මේ ක්‍රීඩා ගැන පොලීසියට දිගින් දිගටම කියනවා. නමුත් මේක පොලීසිය විශ්වාස කරන්නේ නෑ. පොලීසිය කැප්ටන් පාක් ගැනත් හොයනවා. මෙතනදි හෙළිවෙන්නේ අවුරුදු 10කට කලින් සූදු ක්‍රීඩාවකට සම්බන්ධ වීමේ වරදක් පමණක් වෙලා තියෙනවා කියලා විතරයි. ඇත්තටම මේ මනුස්සයා මීට අවුරුදු 10කට කලින් ස්ක්විඩ් ගේම් දිනපු කෙනෙක්වත් ද ?

තවත් පොලිස් නිලධාරියෙක් කැප්ටන් පාක්ට කතා කරලා තමන්ගේ ගේ බිඳීම ගැන කියනවා. වූ-සොක් හොඳටම බය වෙනවා පොලිස් නිලධාරියා මේ මාරක ක්‍රීඩාව ගැනත් කියපු නිසා. ෆෝන් එක තිබ්බට පස්සේ, පාක් දෙවන බෝට්ටුවේ නායකයාට කියනවා අපි ගැන හැමදේම හෙළි වෙලා හැමෝම මරන්න කියලා.

වූ-සොක් ෆෝන් එක පොලිසීයෙන් උදුරලා අරගෙන දුවනවා ජුන්-හෝට කතා කරන්න. මිනිහා කියනවා කැප්ටන් පාක් ස්ක්විඩ් ගේම් එකේ ආරක්ෂකයෙක් කියලා පොලීසිය මිනිහව අල්ලගන්න කලින්. ඒ වෙලාවේම, පාක් කුලී හමුදාවේ කට්ටිය මරන්න පටන් ගන්නවා. ජුන්-හෝ මාළු බාන කූරක් අරගෙන මිනිහට ඇනලා ඇත්ත හෙළි කරන්න කියලා ඉල්ලනවා. පාක් කියනවා කෙනෙක් තමන්ට ජුන්-හෝව පුළුවන් හැමදේම කරලා බේරගන්න කියලා අණ දීලා තිබුණා කියලා. මිනිහගේ අවසාන වචන තමයි වුණේ ජුන්-හෝ එක්ක කරපු මේ වැඩ විනෝදයක් වුණා කියන එක. ඇත්තටම මිනිහා කලින් මේ ක්‍රීඩා දිනපු කෙනෙක් වගේ 🙂

ක්‍රීඩාගාරයෙදි, තරඟකරුවන්ට අවසාන සාදයක් තියෙනවා. VIPලා බය වෙනවා දැන් ක්‍රීඩකයෝ ක්‍රීඩාව නවත්තන්න ඡන්දය දෙයි කියලා. හැබැයි ගේම් එකේ ප්‍රධානියා ගාව මේකට උපක්‍රමයක් තියෙනවා.

ඊළඟ ඡන්දයට පවත්වන්න කලින්, අවසාන ක්‍රීඩාව ගැන ඉඟියක් හැමෝටම දෙනවා. තරඟකරුවෝ එකඟ වෙලා අඩුම තරමේ තරඟකරුවන් 3 දෙනෙකුවත් ඉවත් කරන්න ඕනේ. ඉතුරු වෙන අය ජයග්‍රාහකයෝ වෙනවා. ඡන්දය පටන් ගන්නවා. ම්යුන්-ගි ඇතුළු හැමෝම වගේ ඔව් කියලා ඡන්දය දෙනවා. ඒක ගී-හුන්ව කලකිරීමට පත් කරනවා. මත්ද්‍රව්‍ය නැතිව අසරණ වෙලා ඉන්න මින්-සු නෑ කියලා ඡන්දය දෙනවා. හැබැයි ඒකෙන් වෙනසක් වෙන්නේ නෑ.

බෝට්ටුවේ, එක කුලී සොල්දාදුවෙක් විතරක් බේරෙනවා. මිනිහා මේ වැඩ අත අරින්න කැමතියි. ජුන්-හෝත් අතඅරින්නේ නැත්තේ ඇයි කියලා අහනවා. ජුන්-හෝ කියනවා තමන්ගේ සහෝදරයා බේරගන්න ඕනේ කියලා. මෙයාලා අන්තිමේ කැප්ටන් පාක් වැඩක් නෑ කියලා කටුගාලා දාපු ප්‍රදේශය හොයන්න තීරණය කරනවා. දෙවන බෝට්ටුවේ නායකයා ගේම් එකේ ප්‍රධානියට කියනවා පාක් අසාර්ථක වුණා කියලා.

 


ක්‍රීඩාගාරයේ නිල් කණ්ඩායම එකඟ වෙනවා ගී-හුන්, දරුවා සහ මින්-සු මරන්න. ම්යුන්-ගිත් මේ ගිවිසුමට බැඳෙනවා කිසිම හැඟීමක් නැති තිරිසනෙක් වගේ. හැමෝම නිදාගත්තට පස්සේ, ගී-හුන්ව ගේම් එකේ ප්‍රධානියා හමු වෙන්න කැඳවනවා. මිනිහා ගී-හුන්ට පිහියක් දෙනවා රෑට හැමෝම මරන්න කියලා. ඒත් ගී-හුන්ට විශ්වාස නෑ මිනිහා ගැන සත පහකටවත්. පස්සේ ගේම් එකේ ප්‍රධානියා මුහුණු වැස්ම ගලවනවා.

මේක දැකලා කලබල වෙච්ච ගී-හුන් ඉන්-හෝව මරන්න හදනවා. හැබැයි මිනිහා සන්සුන්ව කියනවා තමන්ව මැරුවත් වැඩක් නෑ මේ ක්‍රීඩා දිගටම යනවා මම වෙනුවට වෙන කෙනෙක්ව දායි කියලා. මිනිහා මෙතනදි ගී-හුන්ගෙන් ජුන්-බේගේ මරණයට සමාව ඉල්ලනවා. හැබැයි තමන් ගී-හුන්ගේ පැත්තේ ඉන්න නිසා දරුවා බේරගන්න පුළුවන් කියනවා. තරඟකරුවෝ දෙන්නෙක් හිටියොත් ක්‍රීඩාව කරන්න බෑ. මිනිහා දිගින් දිගටම කියනවා ගී-හුන්වයි දරුවාවයි මරන්න තමයි දැන් අර අපත මිනිස්සු ටික හදන්නේ කියලා. අන්තිමට මිනිහා ගී-හුන්ගෙන් අහනවා තවමත් මිනිස්සු ගැන විශ්වාසයක් තියෙනවද කියලා. ඒ එක්කම ස්ක්විඩ් ගේම් සීසන් 3 හතරවන කොටස අවසන් වෙනවා.

ඉතින් මේ එපිසෝඩ් එක ගැන බැලුවොත්,

තුන්වෙනි සීසන් එකේ හැම එපිසෝඩ් එකක්ම කලින් සීසන් වල වගේ නෙවෙයි, තව තවත් කතාව හොඳයි රසවත්. මේ එපිසෝඩ් එකේ මාරක ක්‍රීඩාවක් එක්ක, කුමන්ත්‍රණ, මරණ කිහිපයක් සහ දූපතේ පිටත සෙවීම් කටයුතු වුණා. ජුන්-හීගේ මරණය හ්යුන්-ජු, හෝ ගුම්-ජාගේ මරණ තරම් හැඟීම්බර නැති වුණත්, ඒක ගී-හුන් සහ ම්යුන්-ගි මත විශාල පීඩනයක් තබනවා කෙල්ලගේ පරිත්‍යාගය නිකන් අපතේ යන්න නොදී එයාගේ දරුවා බලා ගන්න.

ම්යුන්-ගි මේ සීසන් එක පුරාවටම මම නම් දැක්කේ හැංගිලා ඉඳලා හරි වෙලාවට පහර දෙන්න බලන් ඉන්න කෙනෙක් විදිහට. ඒ වගේම මිනිහා තව මොළෙත් හොඳට පාවිච්චි කරනවා. තරඟකරු අංක 100යි අනිත් අයයි එක්ක හදාගත්ත ගිවිසුමත් මට නම් පෙනුනේ මිනිහා උන් ඔක්කොවම අන්තිමේ පාවා දීලා තමන්ගේ දරුවා බේරගන්න හදපු උපක්‍රමයක් විදිහට.

 


ම්යුන්-ගිගේ මේ කපටි අපත වැඩ නිසා මිනිහට අපි ගැන තියන කැමැත්ත අඩු වෙද්දී, ගේම් එකේ ප්‍රධානියා ආපහු හැමෝගේම හිත් දිනාගන්නවා, දෙවෙනි සීසන් එකේ අපි ඇයි මිනිහට කැමති වුණේ කියලා නැවත මතක් කරමින්. මිනිහා දෙබිඩි විදියට හිතන කෙනෙක් වුණත්, මිනිහගේ අවංක බව ජුන්-හෝව බේරගැනීමෙනුත්, ගී-හුන්ට උදව් කරන්න ඉදිරිපත් වීමෙනුත් තහවුරු වෙනවා. දැන් පේන විදිහට මිනිහා අපේ විශ්වාසය නැවත කෙමින් කෙමින් ගොඩනඟාගනිමින් ඉන්නවා වගේ. කොච්චර අපතයෙක් වුණත් අපිට මිනිහට ආස හිතෙනවා නේද ?? 🙂 නැත්තම් එහෙම මට විතරද ??

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

5,928 downloadsDownload Squid-Game-S03E05.zip23 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Previous BT1

Subtitles by

UD Shehan

Subtitles

5,928 downloadsDownload Subtitles23 KB

9 comments

  1. THISANGA

    "කොච්චර අපතයෙක් වුණත් අපිට මිනිහට ආස හිතෙනවා නේද ?? "
    w kathw aththa

    1. UD Shehan

      :)

  2. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට

  3. THISANGA

    supiriyt thibb
    EL
    thnks

  4. Sahan Gayantha

    Thanks a lot UD Shehan saho sub ekata

  5. Thisara Prabhath Senarathne

    Naa bro apitath ara porata dan asa hithenawa.. Anyway thanks mechchara ikmanata sub dunnata.

    1. UD Shehan

      :)

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  7. lakmal

    season ektma sub dunnta godak thanks bro