ආයුබෝවන්, ඔන්න එහෙනම් අපි අද ස්ක්විඩ් ගේම් තුන්වෙනි සීසන් එකේ සහ සමස්ථ කතා මාලාවෙම සමාප්තියට ඇවිත් තියෙන්නේ. ස්ක්විඩ් ගේම් මෙතනින් ඉවර වෙන එක ගැන ඔයාලට දුකද ? ඉතින් අද මේ එපිසෝඩ් එකේ ගොඩක් දුක හිතෙන සහ බලද්දි ඇහැට කඳුළු එන තැන් තියනවා. මේකයි මේ සුන්දර විශිෂ්ට සීරීස් එකේ අවසානය. මේ වගේ වයිබ් එකක් […]

ආයුබෝවන්, ඔන්න එහෙනම් අපි අද ස්ක්විඩ් ගේම් තුන්වෙනි සීසන් එකේ සහ සමස්ථ කතා මාලාවෙම සමාප්තියට ඇවිත් තියෙන්නේ. ස්ක්විඩ් ගේම් මෙතනින් ඉවර වෙන එක ගැන ඔයාලට දුකද ?

 

 

ඉතින් අද මේ එපිසෝඩ් එකේ ගොඩක් දුක හිතෙන සහ බලද්දි ඇහැට කඳුළු එන තැන් තියනවා. මේකයි මේ සුන්දර විශිෂ්ට සීරීස් එකේ අවසානය. මේ වගේ වයිබ් එකක් තියන සීරීස් එකක් අපිට ආයේ කවදා දකින්න ලැබේවීද ??  අපි එතකොට ජීවතුන් අතර ඉඳිවිද ? අනේ මන්දා 🙁


එහෙනම් බලපු අපි පෙර කොටස…
පස්වෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ නො-එල් වා කවුළුවක් හරහා ස්ක්විඩ් ගේම් බේස් එකට ඇතුල් වෙන එකෙන්. ගී-හුන් ක්‍රීඩාගාරයට ආපහු ඇවිත් අනිත් ක්‍රීඩකයන්ව මරන්න උත්සාහ කරනවා නිදි ඇඳේ ඉද්දි, 100 වෙනි තරඟකරුගෙන් පටන් අරන්. ඉන්-හෝ මේ දිහා බලන් ඉන්නකොට, මේ ක්‍රීඩා වල මිනිහා හිටපු කාලේ පෙර මතකයක් පෙන්නුවා. අර 001 වයසක හාදයා එහෙමත් නැත්නම් චෙයාර්මන් ඕ, ඉන්-හෝට එකම යෝජනාව කරනවා. ඉන්-හෝ මුලදි පැකිලෙන්න ගත්තත්, ඉතුරු තරඟකරුවන් 5 දෙනාව මරනවා. මේකට පස්සේ වර්තමාන කාලේ ඉන්න ගී-හුන් සේ-බ්යොක්ගේ බෙල්ලට ඇනලා මරන්න යන එක පෙන්වනවා. නමුත් මිනිහා ඒ මනුස්සයව මැරුවේ නෑ, ආයේ තමන්ගේ හිත වෙනස් කරගත්තා.

මුහුදේ ඉන්න අයට ප්‍රශ්න ඇති වුණා. ආරක්ෂකයෝ 246ගේ බෝට්ටුව ට්‍රැක් කරමින් මිනිහට වෙඩි තියමින් ළං වෙනවා. මේ අතරේ ජුන්-හෝ දිගටම දූපත හොයනවා, ඉන්-හෝ අන්තිමට මිනිහට රේඩියෝ එකෙන් කතා කරනවා. දූපත හොයන වැඩේ නැවැත්තුවේ නැත්නම් මැරෙන්න වෙයි කියලා ජුන්-හෝට කියනවා. ජුන්-හෝ ඒක ගණන් නොගෙන දිගටම සේවිම කරගෙන යනවා.

නො-එල් නිලධාරියාගේ කාමරයට හොරෙන් ගිහින් 246ගේ ඩිජිටල් වාර්තා සර්වර් වලින් මකන්න බල කරනවා. මිනිහව මරන්න ඔන්න මෙන්න තියෙද්දි, මිනිහා කියනවා තව මේවා ලේඛනගතත් කරලා තියෙනවා කියලා, ඒකට තමන්ටයි ගේම් එකේ ප්‍රධානියටයි විතරයි ප්‍රවේශය තියෙන්නේ කියලත් හෙළි කරනවා. සෝපානයෙදි දෙන්න එකට ගහගන්නවා. මෙයාලා අදාල තට්ටුවට ළඟා වෙනවා, නමුත් තුවක්කුව සෝපානය ඇතුළට යනවා.

නිලධාරියා නො-එල්ට තරඟකරු අංක 246 ගැන හැඟීම් තියෙනවද කියලා කල්පනා කරනවා. කෙල්ල කියනවා මේක කරන්නේ තමන්ගේ දුව වෙනුවෙන් කියලා. මෙතනදි මෙයාගේ දුව උතුරු කොරියාවේදී මිය ගිය බව අපි දැන ගන්නවා. අර නිලධාරියා මෙතනදි හෙළි කරනවා මේ කෙල්ලට කැමති වෙලා කරුණාව තමන් දැක්වූවේ තමන්ගේ රටේ කෙනෙක් නිසා නෙවෙයි, තමන්ටත් ආදරය කරපු කෙනෙක් නැති වුණ නිසා කියලා. මිනිහා කෙල්ලට පිහියෙන් අනිනවා. කෙල්ල හිමීට බිම ගාට ගාට සෝපානය දිහාවට ලේ පෙරාගෙන යනවා. මිනිහා එකපාරටම දකිනවා කෙල්ල සෝපානය ළඟට ගිහින් අර ඇතුළේ හිර වුණ තුවක්කුව ගන්න යනවා. මේත් එක්කම මේක නවත්තන්න මිනිහා වේගයෙන් දුවගෙන එද්දිම කෙල්ල වෙඩි වරුසාවක් තියනවා, මේ නිලධාරියා මෙතනදි මැරෙනවා.

අවසාන ක්‍රීඩාව තමයි වුණේ ස්කයි ස්ක්විඩ් ගේම්, වට තුනකින් යුක්ත. තරඟකරුවන් කුළුණකින් කෙනෙක් හෝ කිහිප දෙනෙක් තල්ලු කරලා බිමට වට්ටවලා දාන්න ඕනේ ඊළඟ වටයට යන්න. පළමු වටය පටන් ගන්නේ හතරැස් කුළුණක. විනාඩි 15ක් ඇතුළත කවුරුවත් එලියට දැම්මේ නැත්නම් සියලු දෙනාම මැරෙනවා. හැම කුළුණකම බොත්තමක් තියෙනවා ටයිමර් එක පටන් ගන්න.

රතු කණ්ඩායමෙන් කාව මරන්නද කියලා තීරණය කරගන්න බැරි නිසා, නිල් කණ්ඩායම එකඟ වෙනවා ප්‍රජාතන්ත්‍රවාදීව ඡන්දෙකින් තීරණයක් ගන්න. නමුත් එක ප්‍රශ්නයක් තියෙනවා – ගී-හුන්ව සහ දරුවාව වෙන් කරන්න ඕන, එතකොට වට තුනටම ඉලක්ක තුනක් ලැබෙනවා. ම්යුන්-ගි යෝජනා කරනවා මින්-සුව මුලින්ම මරලා ඉවර කරමු කියලා.

මින්-සු ලේසියෙන් අත දෙන්නේ නෑ, නමුත් ම්යුන්-ගි කුළුණ මැද තියෙන යකඩ පොල්ල වගේ තියන කණුව ගලවලා මිනිහව එකෙන් තල්ලු කරනවා. මින්-සුට සේ-මිව මායාවක් වගේ මානසිකව පේනවා. මිනිහා මැරෙන්න කලින් මේ කෙල්ලගෙන් සමාව ඉල්ලනවා. නො-එල් ලේඛනාගාරයේ තරඟකරු අංක 246ගේ ගොනුව හොයලා හොයලා අන්තිමට හොයා ගන්නවා.

 


තරඟකරුවෝ දෙවෙනි කුළුණට යනවා. ගී-හුන් දැන් තමන්ට වාසි තත්වයක් තියෙන බව තේරුම් අරගෙන පැත්තක ඉඳන් පැලපදියම් වෙනවා. නිල් කණ්ඩායම දැන් මිනිහවයි දරුවාවයි මැරුවොත්, අන්තිම වටයට තමන් අතරින්ම කෙනෙක් මෙයාලට තෝරගන්න වෙනවා. ඉතින් මේ කණ්ඩායම කල්පනා කරමින් ඉද්දි, තරඟකරු අංක 203 එකපාරටම බොත්තම ඔබනවා, ටයිමර් එක යන්න පටන් ගන්නවා, දෙවන වටයත් පටන් ගන්නවා. මිනිහා කියනවා ගී-හුන් දරුවාට වඩා තමන්ගේ ජීවිතය තෝරා ගනීවි කියලා, නමුත් අනිත් අය දන්නවා 203 තරඟකරු වැරදියි කියලා. මෙතනදි 203ට තරහා ගිහින් දරුණු වෙනවා. ම්යුන්-ගි අදහසක් යෝජනා කරමින් මේකට මැදිහත් වෙනවා.

මුහුදේදී, ආරක්ෂක කණ්ඩායම තරඟකරු අංක 246ව හොයාගෙන මිනිහට වෙඩි තියනවා. මිනිහා ආපහු වෙඩි තියනවා නමුත් ඉක්මනින්ම උණ්ඩ ඉවර වෙනවා. මේ කට්ටිය 246ව මරන්න කලින්, ජුන්-හෝ මෙයාලව හොයාගෙන මරලා දානවා.

ක්‍රීඩා පැත්තට ආපහු ආවම, නිල් කණ්ඩායම ගල් කඩදාසි කතුර ගහලා පැරදුණු කෙනා ගී-හුන්ට කියනවා කවුද මරන්නේ කියලා කොළ අරන් වාසනාව උරගලා තීරණය කරමු කියලා. මෙයාලට ඕන ගී-හුන් කණුව මැදට එන එක විතරයි (එතනදී දරුවා අල්ලගන්න සැලසුම් කරලා). මිනිහා බැහැ කිව්වොත්, බී ප්ලෑන් එක තමයි අසාර්ථක වුණු කෙනා දරුවා අල්ලගන්න ගමන් ම්යුන්-ගි කණුවෙන් ගී-හුන්ව තල්ලු කරන එක. පුදුම නැති විදියට, ගී-හුන් එතැනින් හෙලෙන්න බෑ කියනවා, ඉතින් වැඩේ අසාර්ථක වුණු හාදයා ප්‍රහාරයක් එල්ල කරනවා. නමුත් ම්යුන්-ගි එකපාරටම වැඩේ අසාර්ථක වුණු කෙනාව බිමට තල්ලු කරලා දානවා.

හැමෝම පුදුම වෙනවා, ම්යුන්-ගි ගී-හුන්ට කියනවා තමන් තමයි දරුවගේ තාත්තා කියලා. නිල් කණ්ඩායම හිතන්නේ මිනිහා බොරු කියනවා කියලා, නමුත් ගී-හුන්ට මතක් වෙනවා පාලමක් මත පනිනු ලණුවේ ක්‍රීඩාවේදී ම්යුන්-ගි ජුන්-හීට උදව් කරන්න හැදුව හැටි. ඉතින් ම්යුන්-ගි ළඟ කණුවත් ගී-හුන් ළඟ පිහියත් තියෙන නිසා, නිල් කණ්ඩායම යෝජනා කරනවා ඇත්තටම කොළ අරන් වාසනාව උරගමු කියලා. දෙන්නා පැකිලෙද්දී, කණ්ඩායම හදිස්සියේම තමන්ගේම සාමාජිකයෙක්ට ද්‍රෝහි  වෙනවා, 39 වෙනි තරඟකරුගේ කකුල කට්ටිය එකතුවෙලා කඩනවා හරිම අමානුශික විදියට. ඊළඟ වටයේදී 39ව මරන්න තියාගමු කියලා කිව්වත් ගී-හුන් බෑ කියනවා, සාධාරණව සෙල්ලම් කරන්න ඕන කියලා.

 


ඉවසීමේ සීමාව පැන්න 203 තරඟකරු සහ තව තරඟකරුවෙක් මිනිහට පහර දෙනවා. මෙතනදි ලොකු ගුටි කෙළියක් වෙලා, ගී-හුන් සහ ම්යුන්-ගි මෙයාලවා මරනවා. අතිශය කපටි වයසක 100 වෙනි තරඟකරු බයෙන් ගී-හුන් මොනවා කිව්වත් එකඟ වෙන්න හදනවා. කොහොම වුණත් ම්යුන්-ගි මිනිහවත් තල්ලු කරනවා, ත්‍යාග මුදල මේකෙන් තව වැඩි වෙනවා කියලා කෑදරකමින් හිතමින්.

ගී-හුන් පොඩ්ඩක්වත් සතුටින් නෑ, තත්වය තවත් නරක් වෙනවා 39 තරඟකරු දිවි නසාගන්න තීරණය කරද්දී. ම්යුන්-ගි මිනිහව නවත්තන්න තදින්ම උත්සහා කළත්, තමන්ට ආයෙමත් කාගේවත් පාවා දීමකට ලක් වෙන්න බෑ කියලා මිනිහා බිමට පනිනවා, වටය ඉවර වෙනවා. ස්ක්විඩ් ගේම් තුන්වෙනි සීසන් එකේ පස්වෙනි එපිසෝඩ් එක අවසානයේ ඉතිරි වෙන්නේ ගී-හුන්, ම්යුන්-ගි සහ පුංචී අත දරුවා විතරයි.

මේ එපිසෝඩ් එක ගැන බැලුවොත්…

ම්යුන්-ගි මේ තෑගි මුදලට මහ පෙරේත, මනුස්සයෝ ගැන මෙළෝ හැඟිමක් නැති, කොටින්ම කිව්වොත් අමු තිරිසනෙක් වගේ තමා මිනිහා හැසිරෙන්නේ. ක්‍රිප්ටෝ එක්ක, හැංගි මුත්තං ගේම් එකේදී, දැන් 100 වෙනි තරඟකරුව මරද්දීත් එහෙමයි. මිනිහා කෑදර කමට නොයා හිටියා නම්, අන්තිමට එයායි, එයාගේ දරුවයි, ගී-හුනුයි විතරක් ඉතුරු වෙන්නේ නෑ. නොදකින් තෝ නම්, ම්යුන්-ගි… කාලකණ්නි අපතයා !! ඔය කොරේ.

ඒ වගේම පස්වෙනි එපිසෝඩ් එක අන්තිමට කලින් එන එපිසෝඩ් එකක් විදියට බොහොම හොඳට නිර්මාණය කරලා තියනවා. නො-එල් අන්තිමට නිලධාරියත් එක්ක මුහුණට මුහුණ ලා සටන් කරනවා, ඒ වගේම අපි කෙල්ල ගැන ගොඩක් දේවල් දැනගත්තා. මේ දෙන්නගේ සම්බන්ධය ගැනත් පැහැදිලි වෙනවා – මෙයාලා කලින් ඉඳන්ම එකිනෙකා දන්නවා විතරක් නෙවෙයි, තම තමන්ගේ ආදරණීයයන් නැති වීමේ අත්දැකීම් නිසා දෙන්නගේ වඩාත් සමීප සම්බන්ධයකුත් තිබිලා තියෙනවා.

 


අපි බලාපොරොත්තු වුණා අවසාන ක්‍රීඩාවට වැදගත් චරිත ටිකක් ඉතුරු වෙයි කියලා. මින්-සුව මරලා ඊට පස්සේ නිල් කණ්ඩායමේ අනිත් අයත් මැරුවට පළවෙනි සීසන් එකේ අන්තිමට කලින් එපිසෝඩ් එක වගේ හැඟීම් බර පහරක් වැදුනේ නෑ. ඒ වගේම ගී-හුන් සහ ම්යුන්-ගි දිවි ගලවා ගන්න එක කල් තියාම ඕනෙම කෙනෙකුට හිතාගන්න පුළුවන් වුණා, මොකද අවසාන සටන තරඟකරු අංක 100 වගේ වැදගම්මකට නැති චරිතයක් එක්ක වෙන්න විදියක් නෑනේ.

ඉතින් එහෙනම් මේ සීරීස් එක මෙතනින් සදහටම ඉවරයි. නමුත් මම ඔයාලට පුංචී ඉඟියක් දෙන්නම් වැඩිය මේ හයවෙනි එපිසෝඩ් එක ස්පොයිල් නොකර, ඒ තමයි ස්ක්විඩ් ගේම් ඉංග්‍රීසි භාෂාවෙන් යුක්ත ඇමරිකන් සීරීස් එකක් එන්න තියන ඉඩ නම් හොඳටෝම වැඩියි. ඒකේ නම මොකක්ද කවද්ද එන්නේ කියලා නම් දෙයියෝ තමයි දන්නේ… කොහොමහරි මේ හයවෙනි එපිසෝඩ් එක අවසානයේ අපිට මේ ගැන ලොකු ඉඟියක් ලැබෙනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

7,579 downloadsDownload Squid-Game-S03E06.zip16 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Previous BT1

Subtitles by

UD Shehan

Subtitles

7,579 downloadsDownload Subtitles16 KB

6 comments

  1. Sandas

    Mr.house keeping ඕනේ
    Nezha 2 ඕනේ

  2. Sahan Gayantha

    thanks a lot UD saho sub ekata

  3. Ishara Gunarathna

    උපසිරසියට ස්තූතියි

  4. Buddhika laKMal

    ස්තූතියි ශෙහාන් සහෝ මේ සීරිස්එක කම්ප්ලීට් සබ් කෙරුවට.......
    කිව්වත්වගේ මේ ටයිප්එකේ සීරිස්එකක් එන්න තව කොච්චර කල් යයිද දන්නෙ නෑ....
    ආවත් අපි ඉදීද දන්නෙත් නෑ.........
    ස්තූතියි මචං මහන්සිවෙලා මේකට සිංහල උපසිරැසි දුන්නට............

  5. THISANGA

    thnks
    maruwt thibb

  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.