පෙර කොටසින්… ස්ක්විඩ් ගේම් තුන්වෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ ආරක්ෂකයෝ අසාර්ථක වුණ රතු කණ්ඩායමේ ක්‍රීඩකයෝ මරණ තැනින්. කැරැල්ලේදී ඝාතනය වුණ ආරක්ෂකයෝන්ට අමතරව විදේශිකයෝ අලුතින් බඳවාගෙන. ඒ අය ක්‍රීඩකයෝ මරන්න හරිම කැමතියි. පස්සේ තමයි හෙළිවෙන්නේ මේ අය VIP ලා කියලා. තානෝස්ගේ පෙති පෙට්ටිය නැතිවුණ එක ගැන නම්-ග…

පෙර කොටසින්…
ස්ක්විඩ් ගේම් තුන්වෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ ආරක්ෂකයෝ අසාර්ථක වුණ රතු කණ්ඩායමේ ක්‍රීඩකයෝ මරණ තැනින්. කැරැල්ලේදී ඝාතනය වුණ ආරක්ෂකයෝන්ට අමතරව විදේශිකයෝ අලුතින් බඳවාගෙන. ඒ අය ක්‍රීඩකයෝ මරන්න හරිම කැමතියි. පස්සේ තමයි හෙළිවෙන්නේ මේ අය VIP ලා කියලා.
තානෝස්ගේ පෙති පෙට්ටිය නැතිවුණ එක ගැන නම්-ගියු මානසිකව වැටිලා හිටියේ. ඒක හොයන ගමන් බොහොම අමාරුවෙන් තමයි මිනිහා පණ බේරගත්තේ. ගැම්-ජා සහ ජුන්-හී අඬන දරුවා එක්කන් එනකොට මියුන්-ගි සැනසිල්ලට පත්වෙනවා. හැබැයි ජුන්-හී එයාව මගහරිනවා.
නෝ-එල් 246 තරඟකරු අර අවයව කපන දොස්තර විදිහට හැඩගස්සලා, කාර්යමණ්ඩලයේ #16 විදිහට එක්කන් යනවා. නෝ-එල් උදව් කරන්නේ ඇයි කියලා මිනිහා කල්පනා කරනවා. කෙල්ල කිසිම උත්තරයක් දෙන්නේ නෑ. නෝ-එල් පැනලා යන්න සැලසුම් කරද්දි මිනිහා #16ගේ කාමරේ හැංගිලා ඉන්නවා.
සෙල්ලමේ ප්‍රතිඵල එළියට එනවා. ක්‍රීඩකයෝ 25ක් ඉතුරු වෙලා ඉන්නවා. එක්කෙනෙක්ට වොන් බිලියන 1.7ක් හම්බවෙනවා. ඒ අතරේ වූ-සොක් කැප්ටන් පාර්ක්ගේ ගම ගැන හොයනවා. හැබැයි කවුරුත් මිනිහව දන්නේ නෑ. ඒ නිසා සොක් තව හොයන්න තීරණය කරනවා. ජුන්-හෝට කියනවා පාර්ක් ගැන හොඳ විමසිල්ලෙන් ඉන්න කියලා.
ඡන්දය පටන් ගන්නවා. VIP ලාට නම් සෙල්ලම්වලට වඩා මේකට උනන්දුයි. ක්‍රීඩකයෝ කොච්චර කෑදරද, සල්ලි වෙනුවෙන් මොනවා කරයිද කියලා මෙයා කතා වෙනවා. මේ අතරේ නම්-ග්යු විරුද්ධව ඡන්දේ දෙනවා. මිනිහා ඇබ්බැහිය නිසා දුක් විඳින්න ඕනේ කියලා හිතලා මින්-සු පක්ෂව ඡන්දේ දෙනවා. ගැම්-ජා දරුවා වෙනුවෙන් ක්‍රීඩා නවත්තන්න කියලා වැද වැටිලා ඉල්ලනවා. හැබැයි කවුරුත් ඒක අහන්නේ නෑ. රතු කණ්ඩායම ලොකු පරතරයකින් ඡන්දය දිනනවා. VIP ලා ගැම්-ජාගේ කතාවයි, තමන්ගෙම පුතාව අලුත හම්බවුණ ගැනියෙකුයි දරුවෙකුයි නිසා මරන්න ගත්ත තීරණයයි සමච්චලයට ලක් කරනවා.
අවයව ජාවාරම් කරන කට්ටිය අන්තිමට වැඩ කරන කාමරේ පරීක්ෂා කරනවා. එතනින් මැරිලා ඉන්න ආරක්ෂකයෝ හම්බවෙනවා. දොස්තර හැර අනිත් හැමෝවම ස්කෑන් කරනවා. මොකද දොස්තරගේ මූණ විකෘති වෙලා, 246ගේ ඇඳුම් ඇඳලා. #16 ද්‍රෝහී වීමක් කරලා කියලා හිතනවා. නිළධාරියෙක් CCTV එක බලද්දි #16ගේ කාමරේ ඉන්න 246ව සහ #11 (නෝ-එල්) නැති බව දකිනවා. කෙල්ල නිළධාරියට තර්ජනය කරලා කියනවා තමන්ටයි #16ටයි පැනලා යන්න උදව් කරන්න කියලා. අවයව ජාවාරමට විරුද්ධ නම් ඇයි දොස්තරට උදව් කරන්නේ කියලා මිනිහා මෙත්නදි තේරුම් ගන්න උත්සාහ කරනවා.
බෝට්ටුවේදී කැප්ටන් පාර්ක් නිදාගන්න යන්න හදද්දි ජුන්-හෝට දූපතක වෙරළක් පෙනෙනවා. පාර්ක් එයාව නවත්තන්න හැදුවත් ජුන්-හෝ දූපතට කිට්ටු වෙන්න කියනවා. මිනිහට පර්වතයක් මතක් වෙනවා. මේක තමයි දූපත කියලා මිනිහා කියනවා. කැප්ටන් පාර්ක්ට ඒක එච්චර හොඳ ආරංචියක් වුණේ නෑ.
ක්‍රීඩාගාරය ඇතුලේ, ජුන්-හී යොං-සික් සහ හ්යුන්-ජුගේ මරණ ගැන වරද තමන් පිට දාගන්නවා. ගැම්-ජා කියනවා ඒක එයාගේ වරදක් නෙවෙයි කියලා, පොඩි දරුවා ගැන හිතන්න කියලා. ගැම්-ජා ගි-හුන්ගෙන් ඉල්ලනවා ජුන්-හීටයි දරුවටයි බේරෙන්න උදව් කරන්න කියලා. එයා තමන්ට වරද දාගනිද්දි ගැම්-ජා මිනිහව සනසවනවා. තමන්ගේ පුතාට උදව් කරන්න බැරි උනත් ජුන්-හීගේ දරුවට උදව් කරන්න ඕනේ කියලා.
රෑ වෙද්දි වූ-සොක් කැප්ටන් පාර්ක්ගේ ගෙදරට කඩා වදිනවා මිනිහගේ යාළුවා එළියේ මුර කරද්දි. මිනිහට මේ ගේ ඇතුළෙදි හම්බවෙනවා සේල්ස්මන් එක්ක ගත්ත පාර්ක්ගේ ෆොටෝ එකක්. ගෙදරට ඇතුළු වෙන්න කලින් පාර්ක්ගේ බල්ලා මිනිහට පහර දෙනවා. වූ-සොක් බල්ලව වෙඩි තියලා මරනවා. මිනිහා යන්න හදද්දි සල්ලියි ස්ක්විඩ් ගේම් ආරක්ෂක නිළ ඇදුමකුයි හම්බවෙනවා. අවාසනාවකට මෙතනට එකපාරටම පොලීසිය කඩාපත් වෙනවා.
පහුවදා උදේ ගේම් එකේ ප්‍රධාන නිළධාරියෙක් නෝ-එල්ට බෝට්ටුවේ යතුර දෙනවා. හැබැයි මොකක්දෝ අවුලක් තියෙන බව දැනිලා ආරක්ෂකයෙකුට කියනවා වැඩ කරන කාමරේ ආයෙත් පරික්ෂා කරන්න කියලා. මෙතනදි දොස්තර මැරිලා, 246 තමයි දොස්තර වගේ වෙස්වලාගෙන හිටියේ කියලා හෙළිවෙනවා.
මිනී පෙට්ටියක් ක්‍රීඩාංගනයට එනවා. ගැම්-ජා රෑ වෙලා එල්ලිලා මැරිලා කියලා දැනගන්නකොට ගොඩ දෙනෙක් දුක් වෙනවා. ජුන්-හී අඬනවා. ගි-හුන්ටත් කඳුළු එනවා. පස්සේ කට්ටියම ඊළඟ සෙල්ලමට සූදානම් වෙනවා. ජුන්-හීගේ වළලු කරේ තත්ත්වය තවත් නරක් වෙලා නිසා ගි-හුන් බබාව වඩාගෙන ඉන්නවා. මියුන්-ගි දුර ඉඳන් මේ දිහා බලන් ඉන්නවා.
VIP ලා හිතන්නේ ජුන්-හී පරාජය වෙයි කියලා. VIP කෙනෙක් කියනවා තමන් වැරදීමකින් ඒ කෙල්ල මත ඔට්ටු ඇල්ලුවා කියලා. හැබැයි මිනිහා හිතනවා අම්මා කෙනෙක් විදිහට ඒ කෙල්ලට විශේෂ ශක්තියක් ඇති කියලා. අවාසනාවට ඊළඟ සෙල්ලම තමයි වුණේ කැරකෙන කඹයක් මත පැනීම. තවත් VIP කෙනෙක් යෝජනා කරනවා දරුවත් සෙල්ලමට එකතු කරගන්න කියලා, ජුන්-හීට ඔට්ටු අල්ලපු VIPට මේකට හොඳටම අවුල් යනවා. VIP ලා සියලු දෙනා මේ VIP කෙනාව මේකට කැමති වෙන්න කියලා පොළඹවනවා, අන්තිමේ මිනිහා කියනවා විනෝදය වෙනුවෙන් තමන්ගේ දරුවව පූජා කරන්නම් කියලා.
ආයෙමත් ජුන්-හී ගැම්-ජාගේ මරණයට තමන්ටම දොස් පවරගන්නවා. ඒත් ගි-හුන් කියනවා ඒක එයාගේ වරදක් නෙවෙයි කියලා.
5වන සෙල්ලම හඳුන්වා දෙනවා. ක්‍රීඩකයන් කැඩිච්ච පාලමක් උඩින් මිනිත්තු 20ක් ඇතුළත ලණුවක් මත පනිමින් එහා පැත්තට යන්න ඕනේ. වෙලාවට යන්න බැරි උනොත් මරණය. ගි-හුන් උපක්‍රමයක් යෝජනා කරනවා දරුවා පැත්තකින් තියලා තමන්ට ජුන්-හී උස්සගෙන යන්න පුළුවන් කියලා. හැබැයි ආරක්ෂකයෝ කියනවා දරුවත් ක්‍රීඩකයෙක් නිසා සෙල්ලම් කරන්නම ඕනේ කියලා.
කවුද මුලින්ම යන්නේ කියලා ක්‍රීඩකයෝ වාද කර ගනිද්දි, මින්-සු නම්-ග්යුට යන්න කියනවා. ඒත් මිනිහා පස්ස ගහනවා. තරහා ගිහින් මින්-සු තානෝස්ගේ පෙති පෙට්ටිය පාලම උඩට විසි කරනවා. නම්-ග්යු සෙල්ලම පටන් අරන් පෙට්ටිය ළඟට කැරකෙන ලණුව මත පනිමින් යනවා. හැබැයි ඒක හිස් බව දකිනවා. මේකෙන් මිනිහගේ සිහි තවත් විකල් වෙලා ලණුව වැදිලා බිමට වැටිලා මැරෙනවා.
ගි-හුන් තීරණය කරනවා දරුවත් එක්ක මුලින්ම ගිහින් ආපහු ජුන්-හී ගන්න එන්න. මේක මියුන්-ගිව අවුලට පත් කරනවා වගේ වෙනවා. බොහොම අමාරුවෙන් ගි-හුන් දරුවත් එක්ක එහා පැත්තට යනවා. දැන් ධෛර්යමත් වෙලා අනිත් අය එනවා. ගි-හුන්ට තේරෙනවා අනිත් අය ඇවිත් ඉවර වෙනකන් ජුන්-හීට යන්න බෑ කියලා. මිනිත්තු 12යි ඉතුරු වෙලා තියෙන්නේ. ජුන්-හී දුක් වෙනවා. 96 තරඟකරු දෙවෙනියට ඇවිත් ඉවර වෙලා ඊළඟට එන හැම ක්‍රීඩකයවම අතරමඟ තල්ලු කරලා මරන්න පටන් ගන්නවා.
ඉතින් මේ එපිසෝඩ් එක ගැන අපි බැලුවොත්,
පෙනුන විදිහට ස්ක්විඩ් ගේම් තුන්වෙනි සීසන් එක දැන් දැන් උපරිම රසවින්දනාත්මක තැනකට ඇවිත් වගේ තියෙන්නේ. චරිත අතර තියෙන පොඩි දේවල්, ගේම් එක ගැන පිටින් කෙරෙන පරීක්ෂණ, සහ ගේම් එක ඇතුලේ වෙන දේවල් එක්ක තමයි ඒක පේන්නේ.
මේ කොටසේදී ම්යුන්-ගි ගේ චරිතය නිහඬ චරිතයක් වුණත් සිවාන් ඒක ගොඩක් හොඳට රඟපානවා. හ්යුන්-ජු මරපු එක නිසා ජුන්-හී කොල්ලව මඟහරිනකොට මිනිහගේ කලකිරීම හොඳටම පෙනෙන්න තිබුණා. ඒත් තමන් ආදරෙයි කියන කෙනාව බේරගන්න ගි-හුන්ට උදව් කරයිද, නැත්නම් තමන් ගැන විතරක් හිතලා වැඩ කරාවිද කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නේ.
VIP ලා ගැනයි, ක්‍රීඩකයන් එක්ක ඔට්ටු අල්ලන මෙයාලගේ විකෘති මානසිකත්වය ගැනයි පෙන්නපු විදිහත් හොඳයි. ජුන්-හී ගේ පුංචි කිරි සප්පයවත් ගේම් එකට ගත්තනේ මේ VIP විකෘති පෝසත් පිස්සෝ… ඒක කොයිතරම් නම් අමානුශික තිරිසන් වැඩක්ද… මට මේකට පට්ට දුක හිතුනා. මුන් මිනිස්සුද කියලත් හිතුනා.
96 වෙනි ක්‍රීඩකයා අන්තිමට පාලමෙන් එන කට්ටියව තල්ලු කරලා කරපු වැඩෙන් අපිට පළවෙනි සීසන් එකේ හොප්ස්කොච් ගේම් එක මතක් කරනවා. එතනදි ක්‍රීඩකයෝ එකිනෙකාට මරා ගන්න පටන් ගත්ත විදිහ එහෙම. මේ විදිහට පළවෙනි සීසන් එක මතක් කරන දේවල් දාලා තියන නිසා ගිය සීසන් එකේ නැතිවුණ පරණ හැඟීම් ආපහු අපිට මතුවෙලා ආවා.
එහෙනම් අද කොටස බලන්න.
ඊගාව කොටස හෙට අරන් එනවා 🙂
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
5,797 downloadsDownload Squid-Game-S03E04.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
UD Shehan
Subtitles
6 comments
Anonymous
Buddhika laKMal
තෑන්ක්ස් මචං සබට.......
ඔක්කොමටික දෙනකං බලං ඉන්නේ එකපාර බලලදාන්න.........
ජයවේවා.........gihan
උපසිරැසියට බොහෝම ස්තුති
THISANGA
thnks
good luckThisara Prabhath Senarathne
Thanks bro
Sahan Gayantha
Thanks a lot Shehan brother sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for the sub.