ඉතිං මේ අරගෙන එන්නෙ පහුගිය දවසක විකාශය ආරම්භ වුණු අලුත් DC විශ්වයේ අලුත් කතා මාලාවක ආරම්භක කතාංගය. ස්ටාර්ගර්ල් නැත්තං කෝර්ට්නි එලිසබෙත් වයිට්මෝර්ගෙ කොමික් කතාන්දරය. Geoff Johns සහ Lee Moder විසින් තමයි මේ කොමික් චරිතය නිර්මාණය කරන්නෙ 1999 වර්ෂයේ Stars and S.T.R.I.P.E. කොමික් ග්‍රන්ථ මාලාව යටතේ. හැබ…

ඉතිං මේ අරගෙන එන්නෙ පහුගිය දවසක විකාශය ආරම්භ වුණු අලුත් DC විශ්වයේ අලුත් කතා මාලාවක ආරම්භක කතාංගය. ස්ටාර්ගර්ල් නැත්තං කෝර්ට්නි එලිසබෙත් වයිට්මෝර්ගෙ කොමික් කතාන්දරය. Geoff Johns සහ Lee Moder විසින් තමයි මේ කොමික් චරිතය නිර්මාණය කරන්නෙ 1999 වර්ෂයේ Stars and S.T.R.I.P.E. කොමික් ග්‍රන්ථ මාලාව යටතේ. හැබැයි ඊට පෙර 1941 වර්ෂයේදි ස්ටාර්ගර්ල් චරිතය බිහි වී තිබූ බව සඳහන් වෙනව.

ස්ටාර්ගර්ල් කොමික් චායාරූපය සහ කතා මාලාවේ ස්ටාර්ගර්ල්
මේ කොමික් කතා මාලාවට පදනම් වෙන “ස්ටාර් ස්පැංගල්ඩ් කිඩ්” නැත්තං තරු විසිරුණු අඳුමක් හැඳගත් කියන අර්ථය ඇති චරිතය ස්ටාර්ගර්ල් බිහි වෙන්නට ප්‍රථම බිහි වෙන චරිතයක් හා ගෙතී පවතිනව. නමින් ඔහු සිල්වෙස්ටර් පෙම්බර්ටන්. සිල්වෙස්ටර් ජීවත් වෙන්නෙ දෙවන ලෝක යුධ කාල සීමාවෙ. ඉතිං ඔහු ළමා වයසෙදිම තීරණය කරනව නාසි හමුදාවන්ට එරෙහිව ලෝකය බේරා ගැනීමේ සටනට එක්වෙන්න. ඒ අනුව ඔහු ස්ටාර්මෑන් ලෙස මෙලෙස DC සුපිරි වීරයන් අතරට එක් වෙනව. ඉතිං ස්ටාර්මෑන්ගෙ සහායකයා තමයි පැට් නැත්තං ස්ට්‍රයිප්සි. මේ දෙන්නෙ ලෝකය බේරා ගැනීමේ සටනට එක් වෙලා “ඇමරිකානු යුක්තියේ සමාජය” (JSA) එක් වෙලා නාසීන් හා සටන් කරන අතරතුර සොලමන් ග්‍රන්ඩිගේ ප්‍රහාරයකින් සිල්වෙස්ටර් මරණයට පත් වෙනව. ඉන් පස්සෙ පැට් මේ සටන් වලින් ඉවත් වෙලා කෝර්ට්නිගෙ අම්ම බාබරා වයිට්මෝර් සමඟ විවාහ වෙනව. මෙතනින් එහාට තමයි ස්ටාර්ගර්ල්ගෙ කතාව ආරම්භ වෙන්නෙ.
කෝර්ට්නි තමන්ගෙ අම්ම එක්ක කේන්තියෙන් ඉන්නෙ ඇය,පැට් සමඟ විවාහ වීම ගැන. මේ අතරෙ ඔවුන්ට කැලිෆෝනියාවේ තමන් හිටපු ගෙවල් අතෑරල නෙබ්‍රස්කා වල බ්ලූ වැලී කියන ප්‍රදේශයට එන්න වෙනව. ඒ ගැන කෝර්ට්නි සෑහෙන අමනාපෙන් ඉන්නෙ. එක දවසක ඇය හොයා ගන්නව පැට්ගෙ බඩුමුට්ටු අතරෙ තිබිල ස්ටාර්මෑන්ගෙ “විශ්වීය යෂ්ටිය.” මෙතනින් තමයි අපිට ස්ටාර්ගර්ල් කතාවේ පදනම වැටෙන්නෙ. ස්ටාර්ගර්ල් උපන් හැකියාවන් තියෙන කෙනෙක් නෙවෙයි. පුහුණුව මඟින් තමයි ස්ටාර්ගර්ල් තමන්ගෙ හැකියාවන් වර්ධනය කර ගන්නෙ. තමන් ස්ටාර්ගර්ල් කියල සම්පුර්ණයෙන්ම ඇය වටහා ගත්තට පස්සෙ තමයි ඇය, ස්ටාර්මෑන්ගේ ඝාතකයාගෙන් පළි ගන්න ක්‍රියාත්මක වෙන්නෙ. ඉතිං මෙතැන් පටන් ආරම්භ වෙන කතා මාලාව බයිස්කෝප් තුළින් ඔබට සිංහල උපසිරැසි සමඟ බලන්න ඔන්න අපි ඉඩ ලබා දීල තියෙනව. ඉතිං එකතු වෙන්න අපි එක්ක ස්ටාර්ගර්ල් එක්ක අලුත් වීර චාරිකාවක් යන්න. එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
4,075 downloadsDownload Stargirl-S01-E01.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
32 comments
Anonymous
සනිඳු ලක්ඛිත
බැට් ගර්ල් නෙමේ බන් බැට්වුමන්
Lahiru Kekulandara
puluwannam ekatath denna
apu dawas walamanam adminsla eka denna ba kiyanawa kiyala kiwwa
eth puluwannam balala batwoman ekatath sub eka denna
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...සෑහෙන්න වටිනව මේ වැඩේ. DC Universe එකේ එකේ වැඩක් නිසා අනිවාර්යයෙන් සාර්ථක වෙන්න ඕනි. හැබැයි ඉතිං CW එකත් එක්කම එහෙම ක්‍රොස් ඕවර් කරන්න ගියොත් තමා අනාගන්නේ..එහෙම නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරන් බලමු...ජය වේවා..!
Rashmika
sirawata DC Universe nisa hodai math meka baluwa kathawa hodai CW ekka giyoth batwoman wage balannama epa wenawa cw dan katha knawa
Anonymous
Crossover wei... kalin crossover eke anthimata pennuwe stargirl me set eka inne Earth 12 da koheda
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Lahiru Kekulandara
Sub Ekata thnaks
puluwannam ohomama kawruhari DC wala nathara karapu TV serias tikatath sub eka denna
e wagema mekatath seras eka iwarawenakanma sub eka denna
jaya wewa!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට තැන්ක්ස් වේවා මෙයා..
Anonymous
Thank you sub akata.supergirl akatath sub demuda saho.
Dinesh
Sub akata thanks.mekatath sub denawa wage Supergirl akatath demuda yalu
යුරාන් ධනුක (දනුවා)
උපසිරැසියට බොහෝම ස්තූතියි උදයංග සහෝ
geeganagamage
බොහොම ස්තුතියි මේ ට්වි සිරියස් එකත් super girl වගේ අතර මග නතර කරන්නේ නැහැ නේද ?
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
WADENAM ELMA!,sub nathuwa weli weli hitiye,IKMANTAMA DUNNOTH YHAMI GODAK HODA!!!!!!!!
Anonymous
Thank You
Charith Heshan
ගොඩක් ස්තුති උපසිරසියට....
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
නවත්තන් නැතිව දිගටම සබ් දෙමු...
DC Universe එකේ නිසා හොද කතාවක් වෙයි වගේ...Sanjaya
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි සහො
-කරන කියන යහපත් දේ සාර්ථක වේවා
-තෙරැවන් සරණයි-Nuwandika Dilshan
Dunna eka gena sathutui. Thanks
Karan yamu. Good luckSandarunimsara
Sub ekata thanks bro
Anonymous
Thada bro
Udara Damith Dissanayaka
අන්න කෙල්ලෝ
මරුprasanga
thanks for sub.....
YasasPerera
thanks bro
chinthaka.max4
thnakx machan
uvindu
බොහෝම ස්තුතියි සිංහල උපසිරසට.
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
lakshan
thanks ......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ඇයි බැට් ගර්ල් නොදෙන්නේ? ඒකත් දෙන්නකෝ