Watch Trailer

Narcos [S01 : E08] Sinhala Subtitles | එස්කොබාර්ග යටත් වීම [සිංහල උපසිරැසි] [18+]

ඔන්න ඉතිං කාලෙකට පස්සේ තවත් උපසිරැසියකින් හමුවෙන්නයි සූදානම් වෙන්නේ. පසුගිය කතාංග වලදී එස්කොබාර් ජේමී කියලා තරුණ කොල්ලෙක්ව රවට්ටලා මරාගෙන මැරෙන බෝම්බයක් සමග ජනාධීපති ගැවීරියා ගමන් කරන්නට යෙදුනු ගුවන් යානයක යැව්වා. බෝම්බය සඟවලා තිබුනේ විද්‍යුත් කැසට් රෙකෝඩරයක් තුලයි. ජෙමීට උපදෙස් දී තිබුනේ යානය ගුවන…

ඔන්න ඉතිං කාලෙකට පස්සේ තවත් උපසිරැසියකින් හමුවෙන්නයි සූදානම් වෙන්නේ. පසුගිය කතාංග වලදී එස්කොබාර් ජේමී කියලා තරුණ කොල්ලෙක්ව රවට්ටලා මරාගෙන මැරෙන බෝම්බයක් සමග ජනාධීපති ගැවීරියා ගමන් කරන්නට යෙදුනු ගුවන් යානයක යැව්වා. බෝම්බය සඟවලා තිබුනේ විද්‍යුත් කැසට් රෙකෝඩරයක් තුලයි. ජෙමීට උපදෙස් දී තිබුනේ යානය ගුවන් ගත වුනාට පසුව ආසනය ලඟ ඉන්න දෙදෙනෙකුගේ සාකච්ඡාවක් පටිගත කරන්න රෙකෝඩරයේ රෙකෝඩ් බට්න් එක ඔබන්න කියලා විතරයි. ජෙමී ඒක ක්‍රියාත්මක කලේ තමුන්ට තමුන්ගේ අලුත උපන් සිඟිති බිලිඳිය නැවතත් ජීවිතයට දකින්න නොලැබේවි කියන අදහස පිලිබඳව හාංකවිසියක් නොදැනයි. නමුත් එස්කොබාර් මේ මෙහෙයුම ඔහුට බාරදුන්නේ ඒ දරුවාගේ අනාගතය ගැන කිසිම ගානක් නැතුව. කොහොම නමුත් DEA එකට ඒ කුප්‍රකට බෝම්බකරුවෙකුගේ ඡායාරූපයක් ලැබීමත් සමග ජනාධීපතිතුමන්ට අනතුරු අඟවනවා ගුවන්යානයේ ගමන් නොකරන ලෙසට. දෙවරක් සිතා බැලුවත් අවසානයේ එම අනතුරු ඇඟවීමට කන්දුන්නු නිසාම ජනපති තුමන්ගේ ජීවිතය බේරෙනවා. නමුත් සිය ගණනක් වුනු අහිංසක මිනිසුන්ගේ ජීවිතය අහිමි වෙන්නේ එස්කොබාර්ගේ හිත් පිත් නැති ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට ආරම්භයක් ලබා දෙමින්.

මෙම ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට මුල් වුනේ කුඩු ජාවාරම් සමග සම්බන්ධතා ඇති කොලොම්බියානු සිරකරුවන් ඇමරිකාවට බාරදීමේ එකඟතාවයට විරෝධය දක්වමින් එම එකඟතාවය අහෝසි කරන ලෙසට ජනපතිට බල කිරීම සඳහා. නමුත් ජනපති එස්කොබාර්ගේ මේ ක්‍රියාවන් නිසා තම තීරණය වෙනස් කලේ නෑ. මේ නිසා එස්කොබාර් දිගින් දිගටම අහිංසක මහජනතාව ත්‍රස්ත කරමින් ත්‍රස්තවාදියෙකු ලෙස කොලොම්බියාව පුරාම බෝම්බ පිපිරවීම් සිදු කරන්නට වුනා. මේ නිසා මහජනතාව අනේකවිධ මැසිවිලි නගමින් සිරකරුවන් ඇමරිකාවට බාරදීමේ එකඟතාවය අහෝසි කරන්න යැයි ඉල්ලීම් කරන්නට යෙදුනා. ඒත් ජනපති තමුන්ගේ අදහස වෙනස් කරන්නට යෙදුනේ නෑ. මේ නිසා එස්කොබාර් බෝම්බ පිපිරීම නවතා දමා නව සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට යෙදුනා. රටේ සිටින වැදගතුන්ගේ මිත්‍රයින් සහ ඥාතීන් පැහැරගැනීම ආරම්භ වුනේ මේ ආකාරයටයි. මේ සැලැස්මේ කොටසක් විදියට හිටපු ජනපතිගේ දියණිය සහ රටේම ආදරය දිනා ගන්නට සමත් වූ ප්‍රවෘත්ති නිවේදිකාවක් වුනු ඩයනාව පැහැරගෙන ඇය සමග එස්කොබාර් සිදුකල සාකච්ඡාවන් පටිගත කරමින් ජනපති වෙතට යවන්න තීරණය කලා. මෙමගින් හිටපු ජනපතිගෙනුත් සැලකිය යුතු බලපෑමක් අභිනවයෙන් තේරී පත්වුනු ජනපතිට එල්ල වන්නට යෙදුනා.

මේ සිදුවීම් වලින් පස්සේ පෙන්‍යා සහ ස්ටීව් දෙදෙනා පාරක් පාරක් ගානේ කරන පරීක්ශාව අතරේ එස්කොබාර්’ගේ හෙංචයියෙක් වුනු පොයිසන් ප්‍රධාන තවත් දෙදෙනෙක් මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරවගත්තු ජෙමීගේ බිරිඳ සැඟවිලා සිටින තැනට ගිහිල්ලා එයාලව හංගගෙන හිටපු කෙනාව සහ ජෙමීගේ බිරිඳව මරා දමනවා. මේකට හේතුව වුනේ ජාත්‍යන්තර ගුවන්යානයක සිදුවුනු බෝම්බ පිපිරීමට එස්කොබාර්ව සම්බන්ධ බවට තිබෙන සාක්ශි මර්ධනය කිරීම සඳහා. මේ අවස්ථාවේදී මැර කල්ලිය පොඩි අත දරුවා මරන්න ඔන්න මෙන්න තිබියදීම පෙන්‍යා සමග ස්ටීව් එතනට කඩා වදිනවා. මෙහිදී අත දරුවා බේරගන්න හැකියාව ලැබුනත් මැර කල්ලියේ දෙදෙනෙකුට ඔවුන්ගෙන් පැනගැනීමට හැකියාව ලැබෙනවා.

මේ සිදුවීමෙන් පස්සේ කතාවේ ඉතිරිය තමයි මෙම කතාංගයෙන් ආරම්භ වෙන්නේ. කතාවේ ඉදිරියට සිදුවෙන දේවල් දැනගන්න කතාංගය රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නම්.

ආයු- බෝ -වේවා !!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

17,782 downloadsDownload Narcos-S01-E08.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

17,782 downloadsDownload Subtitles29 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. suranuwan

    thanks bro...

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Anonymous

    Thank You

  5. Chandima Prasad

    thanks sub ekata..

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  8. Pramukmili

    thanx bro........

  9. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  10. Manu

    Godak sthuthi..jaya wewa!

  11. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro...
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා...❤️❤️❤️