මේ මුණගැහෙන්නෙ ජූලි පළමු වැනිදා නිකුත් වුන ස්ට්‍රේන්ජර් තිංග්ස් සිව්වන කතාසමයෙ Vol.2 වලට අදාල දෙවැනි කොටස නොහොත් හතරවෙනි සීසන් එකට අදාල අවසන්ම කොටස අරගෙන. පසුගිය කොටසින් නැන්සිව වෙක්නට අහුවෙලා ඉද්දි වෙක්නා එයාව මරනවා වෙනුවට කලේ ඉස්සරහට වෙන්න පුලුවන් මහා විනාශයක පෙර නිමිති පෙන්නුම් කරපු එක. මේ දේවල්…

මේ මුණගැහෙන්නෙ ජූලි පළමු වැනිදා නිකුත් වුන ස්ට්‍රේන්ජර් තිංග්ස් සිව්වන කතාසමයෙ Vol.2 වලට අදාල දෙවැනි කොටස නොහොත් හතරවෙනි සීසන් එකට අදාල අවසන්ම කොටස අරගෙන.
පසුගිය කොටසින්
නැන්සිව වෙක්නට අහුවෙලා ඉද්දි වෙක්නා එයාව මරනවා වෙනුවට කලේ ඉස්සරහට වෙන්න පුලුවන් මහා විනාශයක පෙර නිමිති පෙන්නුම් කරපු එක. මේ දේවල් ගැන එලෙවන්ට නැන්සි ලවා කියවන්නයි වෙක්නට ඕන කලේ. මේ නිසාම වෙක්නා මරණ සැලැස්මකට තමයි මැක්ස් ඇතුළු කට්ටියම ආවේ. වෙක්නාගේ අවධානය මැක්ස් අරං තියෙන අතරේ තවත් කට්ටියක් වෙක්නාගේ ලෝකයට ගිහිල්ලා එයාව මරණ එකයි මේ අයගේ සැලැස්ම වුනේ. ආයෙ වතාවක් තමන්ගේ බලය ලබාගත්ත එලෙවන් පවා මේ සේරම දැක්කා. බොහොම අමාරුවෙන් එලෙවන් හිටිය බංකරයෙන් එලියට ඇවිල්ලා එයා පිටත් වුනේ ලොකු අනතුරක් වෙන්න පුලුවන් මැක්ස් ඇතුළු එයාගේ යාළුවන්ට උදව් කරන්න.
ඒ දේවල් එහෙම වෙද්දී හොපර් හිරවෙලා හිටිය රුසියානු හිර ගෙදරින් පැනලා එන්න ජොයිස්, මරේ, යූරි වගේම ඇන්ටනෝට අවස්ථාව ලැබෙනවා. ඒ අය මූලස්ථානයෙන් පැනලා එන්න කලින් අප්සයිඩ්-ඩවුන් එකේ හිටිය සත්තු කිහිප දෙනෙක්ම ඒ හිර ගෙදර තියාගෙන නොයෙකුත් පරීක්ෂණ කරලා තියෙනවා කියලත් දැනගන්න ලැබුනා.
අද කොටසේ පසුබිම
Vol. 01 එකට අදාල කොටස් ටික නිකුත් වුනේ මිලියන 286 ක නැරඹුම් පැය ගණනක වාර්තාවක් සටහන් කරගෙන වුනත් මේ වතාවේ Vol. 02 නිකුත් වෙන්නෙ අවසන් කොටස් දෙක නිකුත් වෙලා පැය කිහිපයක් ඇතුලත Netflix වෙබ්අඩවිය බිද වට්ටන තරමේ නරඹන්නන්ගේ පිරිසක් ඇද ගැනීමත් එක්කයි.
Vol. 01 එකේ දීර්ඝතම කොටස වුනේ හත්වැනි කොටස වුනත්, Vol. 02 එකේ දීර්ඝතම කොටස තමයි මේ නවවැනි කොටස. කාලය විදිහට ගත්තොත් පැය 02 ක් හා විනාඩි 22ක චිත්‍රපටයක් තරම් විශාල ධාවන කාලයකුත් අවසන් කොටසේ සටහන් වෙනවා.
අවසන් කොටස අවසන් වෙන්නෙ ලොකු විනාශයකට මුල පුරමින්. මේ ලොකු විනාසයට මුහුණ දෙන විදිහ දැනගන්න නම් පස්වැනි සීසන් එක එනකල් ඉන්නම වෙනවා. මේ වෙද්දී හරියටම නිකුත් වෙන දිනයක් හො වසරක් ගැන දැනුම් දීලා නැතත් 2023 වසරේ අවසන් කාර්තුවේදී හො 2024 වසර ඇතුලත පස්වැනි සීසන් එක නරඹන්න ලැබේවි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්.
ආයෙත් දවසක තවත් උපසිරැසියකින් මුණගැහෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
24,292 downloadsDownload Stranger-Things-S04E09.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී. දමැල්” සොහොයුරාට සහ “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #2022
- #Brett Gelman
- #Caleb McLaughlin
- #Charlie Heaton
- #David Harbour
- #Editor's Pick
- #Finn Wolfhard
- #Gaten Matarazzo
- #Joe Keery
- #Matthew Modine
- #MaxxA
- #Maya Hawke
- #Millie Bobby Brown
- #Natalia Dyer
- #Netflix
- #Noah Schnapp
- #Offbeat
- #Priah Ferguson
- #Sadie Sink
- #Season 04
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stranger Things
- #Stranger Things Season 04
- #Subtitles
- #Winona Ryder
- #එල්. සී. දමැල්
- #චාමර සම්පත්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
40 comments
Anonymous
Gihan
Thanks for sub
Ravindra
Thanks machan sub ekata
කසුන්
බොහොම ස්තුතියි. Thank You
Sameera
Thanks for the Sub.
Anonymous
Thanks bn.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
5 වෙනි සීසන් එකෙන් නැවත හමු වෙමු...Doctor.Strange.in.the.Multiverse.of.Madness. එකට සබ් දෙනේ නැද්ද සහෝ...
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks sub ekata
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Mokada Meka
❤️❤️❤️
Mihin Benway
අනෙ where the scary things are 2022,release වුන film එකෙ sub එක දෙන්නකෝ
rashi
thanks sub ekata.
Anonymous
ඔන්න ආයේ පරණ බයිස්කෝප් එක ආපු ගමන් සබ් දුන්නා තෑන්ක්ස් සහෝ
Bihandu
❤️
kavinda gamage
බොහොම ස්තුතියි සුපිරිම වැඩක්
Naveen Chathumal
❤️
Akila Dilhara
Thanks Brothers...
Lahiru Lakshan
thanks machn.....
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Damith
Hi
Anonymous
Doctor strange sub dennko
Sandaru Nimsara
Thanks bros❤️
Anonymous
doctor strange sub deepallako
sahangayantha
thanks a lot saho sub ekata
Yasindu Kalana
Thanks sub ekata
Thilinda Randeera
ස්තූතියි සහෝ දිගටම දෙන්න
Darkmoon
gmmk thmy ithim , season 5 enkm balam inna epay ithim dam
Anonymous
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Pavith Wijesooriya
මේ එපියටත් උපසිරසිය ලබා දීම ගැන අයියලා දෙන්නටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.ඒ වගේම 4th Season එකටම සබ් දීපූ බයිස්කෝප් කණ්ඩායමටම ගොඩක් ස්තූතියි.5 Season එකටත් මේ වගේම උපසිරසි බලාපොරොත්තු වෙනවා.ජය!
Rison
price less. keep up
sithara sihan
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Anonymous
tnks
Malith Sandeepa
උපසිරැසි ලබාදුන් සියලු දෙනාට බොහොම ස්තුතියි❤️
Thisara dilshan
Supiri
kavinda saman
Thx sub ekata
THISANGA
ada kota kot inna welwk na
thanks
!!!!!!!!!!!Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks bn