Watch Trailer

Stranger Things [S05 : E08] Sinhala Subtitles | උඩුයටිකුරුවෙන් හරි පැත්තට [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මනින්ම ඔයාලට ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතාමාලාවේ අවසාන එපියත් අරන්ආවා. පැය දෙකකට ආසන්න කාලසීමාවක් අතරේ මේ අවසාන එපිය දර්ශනය වෙනවා. අද එපිය බලන්න කලින් ඔයාලට කලින් උන දේ ගැන ටිකක් මතක් කරලා ඉන්නම්. ස්ට්‍රේන්ජර් තින්ග්ස් ( volume 2 ) කතාව ආරම්භ වෙන්නේ විල්, ” සෝර්සර් ” එහෙමත්…

ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මනින්ම ඔයාලට ස්ට්‍රේන්ජර් තින්ග්ස් කතාමාලාවේ අවසාන එපියත් අරන්ආවා. පැය දෙකකට ආසන්න කාලසීමාවක් අතරේ මේ අවසාන එපිය දර්ශනය වෙනවා. අද එපිය බලන්න කලින් ඔයාලට කලින් උන දේ ගැන ටිකක් මතක් කරලා ඉන්නම්.

ස්ට්‍රේන්ජර් තින්ග්ස් ( volume 2 ) කතාව ආරම්භ වෙන්නේ විල්, ” සෝර්සර් ” එහෙමත් නැත්තම් මායාබල තියෙන පුද්ගලයෙක් හැටියට හඳුන්වලා දීලා. මතක ඇතිනේ එපිසෝඩ් හතරෙදී හොඳ වැඩකිඩ දාලා විල් කට්ටියව පුදුම කරා. විල්‍ට එයාගේ බලය පාවිච්චි කරන්න පුලුවන් වෙන්නේ වෙක්නාගේ හයිව් මයිඩ් එකට ලඟින් ඉන්නකොට විතරයි. ඒ නිසා “shok jock” එපිසොඩ් එකේදී කණ්ඩායම රේඩියෝ ස්ටේශන් එක භාවිතා කරලා විල්‍ව ආපහු සැරයක් හයිඩ්මයින්ඩ් එකට සම්බන්ධ කරවන්න උත්සහ ගන්නවා ඒ අපේ මැක්ස්වයි හෝලිවයි බේරගන්න. ඒ අස්සේ වෙක්නා කැමසොට්ස් කියන මනෝ ලෝකය ඇතුලේ ළමයින්ව පාලනය කරනගමන් එයාලට කියනවා එයලා එතන ඉන්න නිසා එයාලා අඳුරුලෝකයෙන් ආරක්ශා වෙනවා කියලා. මැක්ස් සහ හොලී මතකයන් අතරින් ගිහින් බේරෙන්න උත්සහර කරන අතරේ විල් මයින්ඩ් එකට කනෙක්ට් වෙලා කැමසොට්ස් වල ඉන්න ළමයි, වෙක්නා කරන්නේ මොනාද කියලා දැනගන්නවා.

ඒ අතර හොව්කින්ස් ලැබ් කණ්ඩායම (ඩස්ටින්, ස්ටීව්, ජොනතන්, නැන්සි) හිතන් ඉන්නේ එයාලා විනාශ කරන්න යන්නේ ශීල්ඩ් එකක් කියලා. ඒ ඇත්තටම ඒක ලෝක දෙක සම්බන්ධ කරන ” core energy” බල මූලාශයක් කියලා පස්සේ තේරුම් ගන්නවා. එපිසෝඩ් හයේදී සහ හතේදී ලොකු රිවීල් එකක් එනවා. ඒ UPSIDE DOWN කියන්නේ වෙනම ලෝකයක් නෙවෙයි, ඒක EXOTIC MATTER වලින් හදපු පාලමක් කියලා. ඒ පාලම විනාශ උනොත් දෙපැත්තේම ලෝක විනාශ වෙන්නත් පුලුවන්. වෙක්නාගේ සැලැස්ම තමයි, එයා පැහැරගෙන ගියපු ළමයි පාවිච්චි කරලා වෙක්නාගේ බලය තව වැඩිදියුණු කරගෙන ලෝක දෙක එකතු කරලා අලුත් ලෝකයක් හදන එක.

මැක්ස් අවසානයේ බේරෙන්න උත්සහ ගත්තත් තවමත් හොලී ඉන්නේ අවධානම් තත්වයක. මේ අතර හමුදා කණ්ඩායම, විද්‍යාඥයෝ මේ බලය පාලනය කරන්න උත්සහ ගන්නවා. හත්වෙනි එපිසෝඩ් එක වෙනකොට, හැමෝම අවසන් සටනට සූදානම් වෙනවා. වෙක්නට එදිරිව එලවන් සහ එයාලගේ කණ්ඩායම.

අවසාන එපිය ගැන නම් මුකුත් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, ඒක ගැන දැනගන්න එක ඔයාලටම බාරයි.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

7,877 downloadsDownload StrangerThings-S05E08.zip46 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

 

Previous BT1

All BT1

 

Subtitles by

යසිරු හසරංග

Subtitles

7,877 downloadsDownload Subtitles46 KB

9 comments

  1. Anonymous

    tnx brother!

  2. Sahan Gayantha

    thanks a lot Yasiru saho sub ekata

  3. Sandaru Nimsara

    Thanks

  4. Sanuga Gamage

    ඉක්මනටම උපසිරස ගෙනාපු එකට thanks සහෝ. ජය වෙවා

    1. Yasiru Kapurusinghe

      ❤️❤️

  5. THISANGA

    thanks!
    next??

  6. Nuwan Sandeepa

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි බ්‍රෝ. Westworld Season 3 කට දැනටම Sub දීල තියෙන්නේ. Season 4, 5 වලටත් Sub දෙන්න.

  7. Tharusha

    Sub 8tama godak thanks.

  8. Anonymous

    Thanks.. bokka