Record of Ragnarok Season 03 Sinhala Subtitles මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 7 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ. හේඩිස් සහ කින් ෂි හුවාංග් සටන් වැදුනු රැග්නරොක්හි 7 වෙනි ස…

Record of Ragnarok Season 03 Sinhala Subtitles
මිනිස් සංහතියේ ඉදිරි පැවැත්ම තීරණය කරනු පිණිස, දෙවිවරු සහ මිනිස්සු අතරෙ පැවැත්වෙන මහා රැග්නරොක් සටන හෙවත් Record of Ragnarok ඇනිමෙ කතා මාලාවේ Season 3 හි 7 කොටසේ උපසිරැසිය සමගයි මේ එකතු වෙන්නෙ.
හේඩිස් සහ කින් ෂි හුවාංග් සටන් වැදුනු රැග්නරොක්හි 7 වෙනි සටනේ අවසාන උනේ ඉතාමත් දරුණු ප්‍රචණ්ඩකාරී සටනක් සමඟ කින් ෂි හුවාංග් ජය ගැනීමෙනුයි. හේඩිස්ගේ නොසිතූ නොවිරූ පරාජය මුළු දේව මණ්ඩලයම නිශ්ශබ්ද කරන තැනට පත් උනා. අතිශය දරුණු ශරීර හානි නිසාවෙන් කින් ෂි හුවාංග්ව රෝහල් ගත කරායින් පසුව මීළඟ 8 වෙනි සටනේ මිනිස් සටන් කරුවා හොයාගෙන වැඩිමල්ම වැල්ක්‍රී යනවා. ඒ අතරේ මීළඟට දෙවියන් වෙනුවෙන් සටන් කරන්න තවත් කෙනෙක් සැදී පැහැදී ඉන්නවා. ඒ කවුද? මීළඟට මිනිස් සටන්කරුවා වෙන්නෙ කවුද? නරඹන්න මේ කොටස.
මේ season 3 හි සිංහල උපසිරැසි නිර්මාණය වෙන්නෙ Record of Ragnarok S03 2025 1080p NF WEBRip Dual Audio 10bits x265-Rapta කියන ටොරන්ට් පිටපතේ වීඩියෝ පිටපත් වලට. Baiscope downloads වෙබ් අඩවියෙනුත් වීඩියෝ පිටපත් ලබා දේවි. උපසිරැසි ගැන ඔයාගෙ අදහස් පහළින් කියන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉදිරි කොටස් වලින් හමුවෙමු.
සැ.යු. – උපසිරැසිය නිර්මාණය කරල තියෙන්නෙ japan audio එකට ගැලපෙන විදිහටයි. dual audio වීඩියෝ පිටපතකින් කතා මාලාව නරඹනවා නම්, එය japan audio එකට මාරු කරගෙන නරඹන්න. නැතහොත් උපසිරැසිය english audio එක සමඟ නරඹන විට පරස්පරතා ඇති විය හැකියි.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
593 downloadsDownload Record-of-Ragnarok-S03-E07-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
0 comments
No comments yet.
Advertisement


