Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles ඔන්න යාලුවනේ හැමෝම බලාගෙන හිටපු විධියට බයිස්කෝප් අඩවියෙන් Stranger Things: Tales from ’85 අලුත්ම ඇනිමේෂන් සීරිස් එකට සිංහල උපසිරැසි අරගෙන ආවා. 2025 අප්‍රේල් මාසයේදී Netflix විසින් ප්‍රථම වරට නිවේදනය කරන ලද මේ ඇනිමේෂන් කතා මාලාව, Stranger Things…

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles
ඔන්න යාලුවනේ හැමෝම බලාගෙන හිටපු විධියට බයිස්කෝප් අඩවියෙන් Stranger Things: Tales from ’85 අලුත්ම ඇනිමේෂන් සීරිස් එකට සිංහල උපසිරැසි අරගෙන ආවා. 2025 අප්‍රේල් මාසයේදී Netflix විසින් ප්‍රථම වරට නිවේදනය කරන ලද මේ ඇනිමේෂන් කතා මාලාව, Stranger Things නිර්මාපකයින් වන Matt සහ Ross Duffer මෙන්ම 21 Laps හි Shawn Levy සහ Dan Cohen, Upside Down Pictures හි Hilary Leavitt සහ Flying Bark Productions සමඟ Eric Robles විසින් විධායක නිෂ්පාදනය කර තිබෙනවා. මේ කතා මාලාව Stranger Things හි දෙවන කතාසමය සහ තුන්වන කතාසමය අතර සිදුවන සිද්ධීන් මාලාවක් පාදක කරගනිමින් නිර්මාණය කර තිබෙනවා. Stranger Things හි Eleven, Mike, Dustin, Lucas, Will සහ Max – Upside Down හි නව රාක්ෂයන්ට මුහුණ දෙන ආකාරය සහ “ඔවුන්ගේ නගරය භීතියට පත් කරන අද්භූත අභිරහසක්” හෙළිදරව් කරන ආකාරය මේ කතාමාලාවෙන් නිරූපණය කෙරෙනවා.
- පළමුවැනි කොටස – “Chapter One: Welcome to Hawkins, New Kid” – “අලුත් වාරයේ අලුත් ළමයා”
- අධ්‍යක්ෂක – Eric RoblesSarah Jean Partington
- තිරරචනය – Jennifer MuroEric Robles
- මුල්වරට විකාශය කෙරුණු දිනය – 2026 අප්‍රේල් 23
- IMDb Ratings – 6.4/10
අද කතාව ආරම්භ වෙන්නේ 1985 ජනවාරි 10 වැනිදා රාත්‍රියෙන්. එක්තරා විද්‍යාඥයෙක් අප්සයිඩ් ඩවුන් වල ඉන්න අද්භූත ජීවියෙක්ව පුළුස්සා දමන්නට සමත් වෙනවා. එහෙත් ඒ මඟින් හෝකින්ස් නගරයේ හිම මතට දීප්තිමත් කොළ පැහැති බීජාණු විශේෂයක් මුදා හැරෙනවා. ඒ මොනවද? මේ අතර මයික්, ඩස්ටින්, ලූකස්, විල් සහ මැක්ස් ඔවුන්ගේ ශීත නිවාඩුව ගත කිරීමට අමතර මුදල් හොයාගන්න ගෙවල් වල හිම ඉවත් කරන වැඩසටහනක් කරන්න සූදානම් වෙනවා. හොපර්ගේ දැඩි “නීති” යටතේ එලෙවන් කුටිය තුළ හැංගිලා ඉන්නවා. ඔවුන්ට පාසලේදී පාසැලට මාරු වෙලා ආපු නිකී බැක්ස්ටර් නම් ශිෂ්‍යාව හමුවෙනවා වගේම ඇය ඔවුන්ගේ සිත් ගන්නවා. පාසලේ විද්‍යා ගුරුවරයා වන ස්කොට් ක්ලාක් මහත්මයා නිවාඩුවකට යන අතර ඔහු වෙනුවට පත්වෙන්නේ නිකීගේ මව වන ඇනා බැක්ස්ටර්. ළමයි කණ්ඩායම අමතර මුදල් හොයන්න නිවෙසක හිම සුද්ධ කරන අතරේ හිමෙන් මතුවන අද්භූත භූගත සත්වයෙක් ඔවුන්ව ගොදුරු කරගන්නට උත්සාහ කරනවා. ඔවුන්ට මේ සත්වයාගෙන් ගැලවෙන්නට හැකිවෙයිද? අද කොටසින් බලමු.

Stranger Things: Tales from ’85 Season 1 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.
84 downloadsDownload Stranger-Things-Tales-from._85-S01E01.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Stranger Things: Tales from ’85 Sinhala Subtitles
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2025
- #Brett Gelman
- #Caleb McLaughlin
- #Charlie Heaton
- #David Harbour
- #Editor's Pick
- #Finn Wolfhard
- #Gaten Matarazzo
- #Joe Keery
- #Matthew Modine
- #MaxxA
- #Maya Hawke
- #Millie Bobby Brown
- #Natalia Dyer
- #Netflix
- #Noah Schnapp
- #Offbeat
- #Priah Ferguson
- #Sadie Sink
- #Season 05
- #Season 5
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stranger Things
- #Stranger Things: Tales from '85 S01 Sinhala Sub
- #Stranger Things: Tales from '85 S01 Sinhala Subtitles
- #Stranger Things: Tales from '85 Season 1 Sinhala Sub
- #Stranger Things: Tales from '85 Season 1 Sinhala Subtitles
- #Stranger Things: Tales from '85 Sinhala Sub
- #Stranger Things: Tales from '85 Sinhala Subtitles
- #Subtitles
- #Winona Ryder
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


