ඔන්න ඉතින් තෙවැනි කතාමාලාවේ අවසාන කොටස තමා අද ගෙනාවේ. මට අද මේක කියන්නම ඕනේ කියලා හිතුනා මොකද ඉදිරි දින වලදී මට මේ ගැන කියන්න හිටියට කාලයක් ලැබෙයිද කියන එක ගැන කිසිම විශ්වාසයක් නැහැ. මේ කොටස් බලද්දී ඔයාලා අනිවාර්යෙන්ම දෙවැනි කතා මාලාව රස විදලා ඇති කියලා මම හිතනවා. ඒ වගේම මේ දවස්වල අපි බ්‍රහස්පතින්ද…

ඔන්න ඉතින් තෙවැනි කතාමාලාවේ අවසාන කොටස තමා අද ගෙනාවේ. මට අද මේක කියන්නම ඕනේ කියලා හිතුනා මොකද ඉදිරි දින වලදී මට මේ ගැන කියන්න හිටියට කාලයක් ලැබෙයිද කියන එක ගැන කිසිම විශ්වාසයක් නැහැ. මේ කොටස් බලද්දී ඔයාලා අනිවාර්යෙන්ම දෙවැනි කතා මාලාව රස විදලා ඇති කියලා මම හිතනවා. ඒ වගේම මේ දවස්වල අපි බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල අනිවාර්යෙන්ම ඔයාලට Strike Back පස්වෙනි කතා මාලාවේ කොටස් ලබාදෙනවා කියලා දකින්න එහෙම ඇතිනේ. ඒක අපි විශේෂයෙන්ම ලබාදුන්නේ මේ Strike Back පළමුවන , දෙවන ,තෙවන හා සිව්වැනි කතා මාලා සියල්ල මේ වනවිටත් කෙසේ හො බලලා තියෙන කට්ටිය සදහාමය. නමුත් ඒවගේම සතුටට කාරණයක් විදිහට අපි හිතුවට ඒ පස්වෙනි කතා මාලාව සම්බන්ධයෙන් ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හා ඉල්ලීමක් තියෙනවා. ඒ ගැන මට ගොඩක් ලොකු ආඩම්බරයක් හා සතුටක් තියෙනවා ඒ වගේම අපේ බයිස්කෝප් සිංහලෙන් ඇඩ්මින් කට්ටියට ලොකු සතුටක් ඇති කියලා මම විශ්වාස කරනවා. මම අර විශේෂයි කියලා කිව්වට තාම පරණ කොටස් බලන අය මුකුත් හිතන්න එපා. ඔයාලත් අපේ හැකි විහස ලබාදෙන Strike Back සිව්වැනි කතාමාලාවේ කොටස් බාගත කරගෙන තියාගන්න එක ඇගට ගුණයි. මොකද ඉතින් ටොරන්ට් කියන දේ මට විශ්වාස කරන්නම බැහැ. මොකද සීඩ්ස්ලා නැති උනාම තමා රගේ තේරෙන්නේ.
කලින් කොටසේ මතක ඇතිනේ අර තවත් න්‍යෂ්ටික බෝම්නයක් අරන් ගියපු ට්‍රක් එක අල්ලන්න ගිහින් මයික් හා ස්කොට් 3,2,1 0 [ බිංදුව ] කියන්න ගිහින් පිස්සුවක් කෙලියා. එකෙන් අර මිනිහා පැනගෙන යද්දී ඉදිරියේදී පොලිස් මාර්ග බාධක දාලා තිබ්බ නිසා ඒ මිනිහා වාහනේ වෙන පත්තටකට හරවාගෙන ගිහින් හැප්පිලා පිපිරුණා.ඒක නිකන්ම නිකන් පිපිරුමක් උනේ නැහැ . එකෙන් විකිරණ කාන්දු වෙලා ලොකු ප්‍රශ්ණයක් උනා. ගම්වාසින් ඒ හරියෙන් ඉඅව්ත් කරලා බෙහෙත් එහෙම කරන්නත් උනා.ඒවගේම ඒවගේම අර නීතිඥ ලූකස් නොක්ස් එක්ක හවුලේ වැඩ කරන්න ගිහින් වෙච්ච දේ මතකනේ. ලූකස් ඒක නයිජිරිනුවන්ට ගණුදෙණු කරලා තිබ්බේ.නමුත් ඒක තමා අර ගමේදී පිපිරුනේ. ඒ නිසා නයිජිරිනුවන්ට ගොඩක් කේන්ති ගිහින් එයාලට එයාලගේ සල්ලි නැවත ඕනේ කියලා තර්ජන වගේම ලොකු ලොකු පිස්සු නටුවනේ.ඒවගේම අනිත් න්‍යෂ්ටික ප්‍රේරක දෙක තවත් දෙන්නෙක්ට කේවල් කරලා තිබ්බේ. ඒ නිසා ලූකස් කරගන්නම දෙයක් නැහැ.ඒ ඔක්කොම වමාරන්න ගත්තනේ section 20 එකේදී .ඒවගේම ලූකස් පොරොන්දු උනා section 20 එකට උදව් කරන බවත්.මේ වග දැනගත්තේ වෙන කවුරුත් නෙවේ.ක්‍රිස්ටි බ්‍රයන්ට් කියන ගෑනි. මෙකි ව CIA එකෙනුත් එළවලා කියලා පස්සේ section 20 එකත් දැනගත්තේ. ඒවගේම මයිකල් ට එයාගේ අවස්ථාව ලැබුනා. ඒ හැන්සන් ව මරන්න .නමුත් ඒ නගරයේ හිටපු පොලිසිය ඇවිත් ඒක විනාශ කළා. ඒවගේම ස්කොට් යනවා ක්‍රිස්ටි බ්‍රයන්ට් ව හොයාගෙන.
අද එතැන් සිට…
ස්කොට් යනවා ක්‍රිස්ටි බ්‍රයන්ට් ව අල්ලගන්න. එ වන විටත් ක්‍රිස්ටි යන්න ලෑස්ති වෙනවා. ඒවගේම මේ නගරයේ හැම දෙකටම පොලිසිය මැදිහත් වෙනවා.මෙතනට එනවා. නමුත් ඇත්තටම ක්‍රිස්ටි කරගන්න දෙයක් නැහැ ස්කොට්ගේ උදව් හැරෙන්න. ඒකට හිලව් වෙන්න ක්‍රිස්ටි කියනවා ඊළගට නොක්ස් කරන්න යන දේ . ඒ මොකද්ද? ක්‍රිස්ටි කියන දේ ස්කොට් විශ්වාස කරලා ඇයට උදව් කරයිද? ඒවගේම හැන්සන් ව අරන් ගියානේ පොලිසියේ කට්ටිය.හැන්සන් ඉතින් ගල්ආදා කියලා දන්නවනේ. මේ මිනුහා පොලිසියේ අයට මොනා කරයිද?? ඒවගේම ස්කොට් හා ක්‍රිස්ටි අතර ලොකු ලොකු පළහිලව්වක් තියෙනවා කියලා ඔයාලට මේ තෙවැනි කතාමාළාව පටන් ගත්ත දවසේ ඉදන් තේරෙන්න ඇතිනේ. ස්කොට් ඇති ඒ දවස් වල පොඩි වැරැද්දක් වෙලා. නමුත් ඒක ලොකුම ලොකු වැරැද්දක්. ඒ කරපු වැරැද්ද නිසා ස්කොට් ට බැහැ තමන්ටම සමාව දෙන්න. එහෙම තමන්ට සමාව දෙන්න බැරි තරම් ඔහු කරපු වැරැද්ද මොකද්ද? ඒවගේම ඔයාලා දාන්න දෙයක් නේහ් නරක මිනිස්සු ගාව වැඩ කරපුවාම ඒවාට වමාරන්න වෙනවාමයි. ඒවගේ ප්‍රතිඵලත් හරිම දරුණුයි.ඒවගේ ඉතා දරුණු ඉරණමක් මැට්ලොක් ට උදා වෙනවා එමොක්ද්ද? නොක්ස් අර ඉතිරිවෙලා තියෙන බෝම්බ දෙක කොහේ ක්‍රියාත්මක කරයිද? මේ මිනිහා පලිගන්න හදන්නේ කාගෙන්ද? මොකක් නිසාද මෙහෙම පළිගන්නේ? අපේ section 20 එකේ කට්ටියට පුලුවන් වෙයිද මේ බෝම්බ නිෂ්ක්‍රිය කරලා මේ තත්වය පාලනය කරගන්න? ඒවගේම නොක්ස්ට මොනා වෙයිද? මයිකල් ට එයාට එයාගේ පලිය හැන්සන්ගෙන් ගන්න අවස්ථාවක් ලැබෙයිද? කතාව අවසානය කොහොම එකක් වෙයිද කියලා දැනගන්න ඕනේ නම් ඉතින් මේ අන්තිම කොටසත් බලලම ඉන්න.
මම හිතනවා මම මේ මහන්සියෙන් ලියපු ලිපිය කියවාවි කියලා. ඒවගේම මං දන්නවා ගොඩක් කට්ට්ය දැන් මේ කතාවට ගොඩක් ආසා වෙලා ඉන්නේ. සමහර ඇබ්බැගි වෙලා. ඒක සතුටක්. නමුත් කමෙන්ටුවක් කොටන්නේ නැති එක නම් දුකක්. කමෙන්ට් කොටන අයට ගොඩාක් ස්තුතියි. මේක නිදහස් රටක්.! කමෙන්ටුවක් කොටන්න බය වෙන්න එපා, ලජ්ජා වෙන්නත් එපා, තමන් ගැන විතරක් හිතලා සබ විතරක් අරන් යන්න එපා. මෙතෙක් කල් දීපු සබ් වල අඩුපාඩු තියෙනවනම් කියන්න. අපේ සතුට ඔයාලගේ අදහස් විතරයි. ඒවගේම මේකත් මට අන්තිම වශයෙන් කියන්න ඕනේ කියලා හිතුනා. අපි මේ කරන දේ බලන් ඉන්න බැරිව අපිට අධෛර්ය වෙන විදිහේ සමහරු කමෙන්ට් කරනවා. කමක් නැහැ.” වෛරයෙන් වෛරය නොසන්සිදේ” කියලා දෙයක් තියෙනවනේ බයිස්කෝප් සිංහලෙන් අපි කවදාවත් ඒ වගේ මිනිස්සුන්ට වෛර කරන්නේ නැහැ. :p මිලග හතරවෙනි කතාමාලාවෙන් ඉක්මණින් හමුවෙමු ජය..!!
කරුණාකර ලබාදී ඇති ටොරන්ට් පිටපතේ Strike Back තෙවන කතා මාලාවට අදාළ කොටස් දහය පමණක් බාගත කරගන්න.
350 MB (3.5 GB) කොපිය මෙතනින් බාගන්න
DCCD968AFC31E0FC707F44803E4BAA58CB2E645E ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,851 downloadsDownload Strike-Back-03x10-baoscopelk.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චාමර සම්පත්
Subtitles
26 comments
gamage
thisal
S05E06 සිංහල සබ් එක දෙන්නකෝ සහෝ
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!R.D
නියමයි සහෝ.ඒ සීසන් එකත් ඉක්මනින්ම ඉවර උනා වගේ.කමක් නෑ.ඊළඟ සීසන් එකත් එහෙනම් හෙටම ගේමු.
පලවෙනි එපිය දුන්න ගමන් සීසන් එකම බාලා තියා ගන්නවා.නැත්නම් මන් බාන කොපිය සබ් දෙන කොපියට ගැලපෙයිද දන්නේ නැහැනේ.
එහෙනම් සීසන් 4 න් හමු වෙමු.ඔබට ජය.............NaveenJ
Strike Back S05E06 kawadada denne macho
Raveen
S05E06 සිංහල සබ් එක දෙන්නකෝ සහෝ
malinda
niyamai saho.3n wana season akath ewarai.dannema nathuwa season 4tath awa.oya gana kiyala wadak naha.ahenam 4season aken muna gahemu.sub akata thanks.
Suranga
thank you saho man nam mekata addict wela inne samahara sub wala timing tikak awl seoson 4 eka dowload karanna wenne itin next month tamai denatama Data iwarai
jaya wewa sampath bro
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
චාරුක ඉඳුනිල්
උපසිරැසියට ගොඩක් තුති.
ලිපියනම් මරු.bobby
පසුගිය සතියේ බලන්න උනේ නැහැ. අදයි බා ගත්තේ. බොහොම ස්තතියි
රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun
Supiri macho
Thanks.......
Keep it up...rawana king
mul tika dekkama nam baya hithuna. torrant file nethiwei kiyala. ei ane baya kale?????
Isuru Chamara
ela
Rashmi lakshitha
නියමයි සහෝ...
Sub එකට බොහොම ස්තුතියි ......sagara
thanks machan
chathuranga madushan
තෑන්ක්ස් සහෝ..උපසිරසි ටික සුපිරියි...ජයම වේවා
දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
ජයsachith4716
Thanks for the subtitle.good job bro.
Janith Ramanayaka
thanx bro
ajan
Aiye samahara sab wala lin galapenne na wage mage adu paduwakda danne eth sab walata godak pin
Dave
Thanks broh
Sahan Gayantha
thanks a lot saho sub ekata
Anushka
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

kollage upasirasi lipiyeth gathiyak thiyenawa. ikmanata se 05 sub denawa nam godak pin