සුපර්මෑන්ගේ පැමිණීම එක්ක කතාව වෙනමම පැත්තකට ගියා. සුපර්ගර්ල්ටත් සතුටුයි එයාට දැනට ඉන්න එකම ඥාති සොහොයුරාව හමුවෙන්න ලැබීම. මේ හන්දා එයත් හිටියේ ගොඩක් ලොකු සතුටකින්. ඒ අතරේ ජේම්ස් හා කාරා දෙන්නා අතරේ ආදර සම්බන්ධයක් තිබුනා. යන්තම් ඒකත් පටන් අරගෙන යද්දීම ඒ දෙන්නත් අන්තිමට වෙන්වුණා. මොකද ඒ දෙන්නා එකතුවෙ…

Supergirl TV S2-1

සුපර්මෑන්ගේ පැමිණීම එක්ක කතාව වෙනමම පැත්තකට ගියා. සුපර්ගර්ල්ටත් සතුටුයි එයාට දැනට ඉන්න එකම ඥාති සොහොයුරාව හමුවෙන්න ලැබීම. මේ හන්දා එයත් හිටියේ ගොඩක් ලොකු සතුටකින්. ඒ අතරේ ජේම්ස් හා කාරා දෙන්නා අතරේ ආදර සම්බන්ධයක් තිබුනා. යන්තම් ඒකත් පටන් අරගෙන යද්දීම ඒ දෙන්නත් අන්තිමට වෙන්වුණා. මොකද ඒ දෙන්නා එකතුවෙන්න හදන හැම වෙලාවකම සුපර්ගර්ල්ට අපරාධයක් විසදන්න යන්න වුන නිසා. වෙන්චර් එක කඩාගෙන වැටෙන අතරෙන් පස්සෙනේ සුපර්මෑන්ව කතාවට අන්තර්ගත කලේ. ඒ වෙලාවේ ඉදන් සුපර්මෑන්ව වගේම හෑන්ක් අතරේ ඒ හැටි හිතහොද බවක් තිබුණේ නෑ. පරණ කෝන්තරයක් නිසා. මිස් ග්‍රෑන්ට් කාරාට පලවෙනි කතාමාලාව අවසන් වෙද්දීම අළුත් තනතුරක් දුන්නා. ඒත් එයා ඒ තනතුරු පහුගිය කොටසේ අන්තිම මොහොත වෙනකන් අරගෙන තිබුණේ නෑ. ජෝන් කෝබෙන්ව අල්ලගෙන වෙන්න ගිය වුනාශය නම් නතර කළා. නමුත් අන්තිමට කවුදෝ මන්දා ගෑණු කෙනෙක් ජෝන් කෝබෙන්ට මොනාදෝ මන්දා එන්නත් කරලා මැරෙන්න ගිය මිනිහව බේරගෙන මෙටාලෝ කියන නම තියෙන කෙනෙක්ට පණ දුන්නා.

සුපර්මෑන් නැෂනල් සිටි වලට ආවත් හරි සුපර්ගර්ල්ගේ දගකාර කමත් එක්ක ටිකක් කල්පනාව නැහැයි වගේ හැසිරෙන්න ගත්තා. පිස්සු නෙවෙයි ඉතින් තමන්ගේ එකම ඥාති සොහොයුරා අවුරුදු ගාණකට තමන් ගාවට ආවට පස්සේ එහෙම නොදැනුනොත් පුදුමයක්. මේ නිසාම ජෝන් හා සුපර්මෑන් අතර තියෙන තරහ වැඩි වුණා මිසක් නැතිවුනේ නෑ. මෙටාලෝට පණ ලැබුනත් එක්ක කැඩ්නස් එකේ හිටපු ගෑණු කෙනා මෙටාලෝව යවනවා නැෂනල් සිටි එකේ හැමෝගෙම අවධානෙ යොමු වෙන විදිහේ වැඩකට. සුපර්මෑන් වගේම සුපර්ගර්ල් යනවා මොකද මේ වෙන්නේ කියලා බලන්න. නමුත් ඒ දෙන්නට ඒ වෙලාවේ තත්වය පාලනය කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ කෝබෙන් කියන්නේ තවදුරටත් මිනිහෙක් නෙවෙයි ලෝහ වලින් හැදිච්ච ක්‍රිප්ටෝනයිට් පුරවපු සැකිල්ලක්. එයාට පුළුවන් මේ ක්‍රිප්ටෝනියන් දෙන්නට හානි කරන්න. මාස හතරකට කලින් DEO එකෙන් ක්‍රිප්ටෝනයිට් වගයක් නැති වෙලා තියෙනවා. මේ ගැන නම් සුපර්ගර්ල්වත් දන්නේ නැහැ. ඒ කියන්නේ DEO එකේ ඔත්තුකාරයෙක් ඉන්නවා කියන එකනේ. බලාගන්න පුළුවන් වේවි ඒ කවුද කියලා. අද තමයි කාරා පළවෙනි වතාවට වාර්තාකරුවෙක් හැටියට රස්සාව බාරගන්නේ. ඒ නිසා එයාට අද හමුවෙනවා අළුත් බොස්ව. මිනිහා නම් හෙන තදයා. කොහොමෙන් කොහොම හරි කාරාට රස්සාව දෙන්නෙත් නැහැ. මේ නිසා මෙයා ඒ ගැන කැට් ග්‍රෑන්ට්ට කියන්න යනවා. එතකොට ග්‍රෑන්ට් කාරාට උදව් කරන එක ප්‍රතික්ෂේප කරනවා වගේම ඒ වෙලාවේ කාරාට දැනගන්න ලැබෙනවා ග්‍රෑන්ට් කැට්කො එක අතහැරලා යන බව. ටික කාලයකට කියලයි කියන්නේ නමුත් කොහොම වෙයිද කියලා නම් කියන්න දන්නේ නැහැ. ග්‍රෑන්ට් වෙනුවට ජේම්ස්ව ඒ තනතුරට පත්කරලයි යන්නේ.

සුපර්මෑන් නැෂනල් සිටිවලට ආවට පස්සේ කැඩ්නස් එකෙන් මේ දෙන්නා අවධානයට පත්වුණා වැඩියි. කැඩ්නස් එකේ අරමුණ වෙලා තියෙන්නේ මේ පිටසක්වලයො දෙන්නවම මරලා දාන එක. මොකද එයාලා දකින්නේ මේ දෙන්නා ලෝකෙටම තර්ජනයක් හැටියටයි. ක්ලාක් නැෂනල් සිටිවල ඉන්න අතරේ මෙට්‍රොපොලිස්වලටත් ටිකක් ලොකු හානියක් වෙනවා කැඩ්නස්එකෙන් එල්ල කරපු පහර දීමක් නිසා. මේ නිසා ක්ලාක් කෙන්ට් එහෙමත් නැත්තම් සුපර්මෑන් ආයෙමත් වතාවක් මෙට්‍රොපොලිස්වලටම යනවා. අද කොටසේ ඉදන් කැඩ්නස් එක සුපර්ගර්ල් එක්ක වගේම සුපර්මෑන් දෙන්නා වගේම ඒ දෙන්නට උදව් කරන/කරපු හැමෝම එක්ක එළිපිට යුද්ධ ප්‍රකාශ කිරීමත් එක්ක ඉදිරියේදී සුපිරි ආරම්භයක් තියෙන විත්තිය ගැන කිසිම සැකයක් නැහැ. බොහෝවිට සුපර්මෑන් වගේම මිස් ග්‍රෑන්ට් ආයේ කතාවට නොඑන්නත් පුළුවන්. ඒ විතරක් ඈ මේ සුපර්ගර්ල් දෙවැනි කතාමාලාවේ විකාශය අතරෙදි ප්‍රකාශ කළා ජේම්ස්ව සුපිරි චරිතයකට ගේන්න යනවා කියලා. යන්ග් ජස්ටිස් බලපු අය ඉන්නවනම් “ගාඩියන්” කියලා කෙනෙක්ව මතක ඇති. සුපර්ගර්ල් තවත් සුපිරි වෙයි හැබැයි මේ කතාවට වෛර කරන අය බැන බැන කතාව හෙමින් සැරේ බලනවා සත්තයි. ඔය පහල ඉන්නේ ගාඩියන්.

czdkbp6js13jcokn0nxf

එහෙනම් ඉතින් මිස් ග්‍රෑන්ට් වගේම සුපර්මෑන්ගේ නික්ම යාමත් එක්ක මට මේ කතාමාලාවෙන් නික්ම යන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. මං මේක පටන් ගද්දිම කිව්වනේ මේක මං කරන්න ගත්තට කරගෙන යන්න අමාරුයි කියලා. නමුත් කට්ටිය කිව්වේ “නවත්තන්න එපා දිගටම දෙන්න කියලා.” එහෙම කිව්වට මට බෑනේ. මොකද Supernatural, The Exorcist එක්ක මේකත් කරන්න අමාරු තත්වයක් ඇවිල්ලා තියෙන්නේ අධ්යාපන කටයුතු හා පුද්ගලික වැඩත් එක්ක. මේ අතරේ මං කලින් කරපු වෙබ් සිරිස් එකකුත් ඇවිල්ලා. ඒක සම්පුර්ණ වුනාම ඒක දෙන්නත් වෙනවා. මං 200 වැනි කඩයිම කලාට පස්සේ හිතාන හිටියේ උපසිරැසිකරණයෙන් ඈත්වෙලා ඉන්නවයි කියලා. නමුත් කලින් කරපු සුපර්නැචුරල් එක දෙන්න කවුරුත් නැති හින්දයි කලේ. The Exorcist කරලා ඉල්ලගෙන කෑමක් කරගත්තේ. ඒ අස්සේ ලබන අවුරුද්දේ ජනවාරියේ ඔරිජිනල්ස් එනවා. මේවා කොහොම කරන්නද මන්දා. කවුරු මේ කතාමාලාවට ආසා නැති වුණත් මං නම් පුද්ගලිකවම ආසා කරපු කතාවක් තමයි මේක. එහෙව් එකේ මට මේක අතහරින්න කිසිම හිතක් නැහැ. නමුත් තන්හාවට ගත්තා වගේ නෙවෙයි දෙන්න ගියාම හිරවෙන්නේ. වෙලාව තිබ්බා නම් මං කීයටවත් මේ ෂෝ එක දෙන එක නවත්වන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය හේතු නිසාමයි මං සුපර්ගර්ල් එක අයින් කරලා දාලා වෙන කෙනෙක්ට දෙන්න හිතුවේ. ඔයාලා හුගක් දන්න කියන මටත් වඩා හොදට උපසිරැසි ගන්වන කෙනෙක් තමයි එයා. එහෙනම් එයාට ඉදිරියේදී සහයෝගය ලබා දෙන්න මං ඉල්ලනවා.

ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!

Supergirl on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Supergirl.S02E02.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

9,769 downloadsDownload Supergirl-S02E01.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                          All Episodes                        Next Episode>>

Subtitles

9,769 downloadsDownload Subtitles32 KB

38 comments

  1. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි චාමර සහෝ
    the originals ආපු කාලෙක ඔයාගෙන් සබ් ඕනා සහෝ
    උපසිරැසි කරන එකනම් නවත්තන්න එපා දෙයියෝ මේන් වැන්දා...

    එහෙනම් supernatural එකෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  2. Kaazz_bat

    තෑන්ක්ස් බ්‍රො සබ් එකට,. අවුලක් නෑ බ්‍රෝ,. අමරුවෙන් හරි දුන්නනෙ. එල එලම,. කරගෙන් යන සබ් ටික එලටම හිරකරගන්නෙ නැතුව කරගන්න සුබ පතනව බ්‍රො...
    තෑන්ක් බන් ආපහු,.

  3. CityDuardian

    thnx machan!!sub ekak karanawa kiyanne pattama kattak tama!!

  4. lahiru

    Thanks for the sub bro

  5. කවීන් ලහිරු

    නියම්යි සහෝ සබ් එකට තුති...
    සුපර්නැචුරල් 02 වෙනි කොටසෙන් හමු වෙමු

  6. ayesh

    thank you

  7. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි චාමර සහෝ....

  8. Kavindu Gimhan

    ස්තුති.....පුලුවන් නම් දිගටම කරගෙන් යන්න...හැබැයි සහෝ supergirl sub දාන්න බැරි උනත්..Supernatural SUB දිගටම දෙන්න..

  9. Shan Kenway

    ane deiyoooo mekata sub dena eka nm nawattanna epaaaaa.. kauruma hari sub eka dihn pinsidda wei :D :D :D :D

  10. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Gathsara Umesh Kumara

    හරිම සංවේදී විදිහට නික්මයම කියල තියෙනවා චාමර sසහෝ.(මම කිව්වෙ ඔයාගෙ වෙන්වයාම)හරි සුප්ර් ගර්ල් නම් නැති උනාට කමක් න.ෑ.හැබැයි බ්‍රෝරිජිනල් එක නොදුන්නොත් නම් හොයාගෙන එනවා හොදේ.....අනිවාරෙන්, මොකක් නැතත් ඔරිගිනල් එක ඕඔනෙ..එක නවතුනේ හුස්ම ටික අපේ හි.රකරලනේ......හරි එහෙනම් සහෝ හැමදාම වගේ සබ් කෙට හදවහින්ම සුබ පතන්වා........
    අහ්හ්...සුපෙර්නැචුරල් එකත් නවත්තනව එහෙම නෙවෙයි හොදේ..එහෙ ඊලග එපියෙන් සුපෙර් නැචුරල් එකෙන් හමුවෙමු.....ආයෙත් කියන්වා ඔරුජිනල් නම් නොදී ඉන්න බෑ හොදේ........

  12. sadun

    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    Supernatural SUB දිගටම දෙන්න..

  13. Kasun

    බොහොම ස්තූතියි සහෝ....

  14. mindika

    Thanks !!!!!!!!!!!!!!

  15. Gihan Iddamalgoda

    thanks 4 sub.

  16. rrandika

    Thanks මචන්............
    Originals නම් අනිවා ඕනේ..........

  17. ලහිරු ප්‍රසාද්

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.
    ඔයා සබ් දුන්න Originals එක නම් බැලුවා. නියමෙටම තිබ්බා.
    ඊලග සීසන් එකත් ආවම දෙන්න.
    ජය වේවා!!

  18. Indumil

    Thanks brooooooo

  19. dharshana...

    Thanks...

  20. මාලින්ද

    අපි වෙනුවෙන් මේ කන කට්ට වෙනුවෙන් ගොඩක් ස්තූති වන්ත වෙනවා

  21. Práðèép Üðäýàñgå

    ස්තුති මචො සබට..
    අත් අරින්නේ නැතුව දිගටම කරන් යන්න බලමු...
    ජය

  22. S.K.Ruchiranga

    elma sahoo

  23. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි චාමරයෝ..
    සතියට ටීවී තුනක් දෙන්න ගියාම
    විදින්න වෙන කරදරේ ඉතින් මමනම් හොදටම දනී.
    හැබැයි මේ එහෙමයි කියලා සබ් දෙන එක එහෙම නතර කරන්න එපා.
    පුළුවන් විදිහට කරගෙන යමු.

  24. Sanula Jeter

    Thank's

  25. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    එහෙනම් මේකට සමු දුන්නට අනිත් කතා මලා දෙක දිගටම
    පුලුවන් විදිහට දෙමු..
    හැබැයි උපසිරැසි කරන එක එහෙම නතර කරන්න එපා..
    නැවත හමුවෙමු.

    ජය වේවා !!!

  26. සුරේෂ් ජයතිලක

    Thanks for the subtitle!!

  27. Udara Damith B/K

    බොහොම ස්තුතියි
    උපසිරැසි කරන එක එහෙම නතර කරන්න එපා

  28. Sanath Indika

    thx broo

  29. Amila

    thanks mchn

  30. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Tharaka Lahiru

    tnx

  32. Amalka

    thanks

  33. Dayan Randula

    සබ් වලට thanks සහෝ

  34. Sri Lanka Mansala

    Ela bro ...........

  35. dilshan

    supiri

  36. Akash De Silva

    චාමර අයියෙ ඔයා Sub හදන වැඩෙන් අයින් වෙන්න එපා, ඔයාගෙ සබ් එල.

  37. master

    නවත්තහන් බන් ඒක හොදයි දෙවෙනි එපිසොඩ් එකේ සබ් එක බැවම එන්නෙ කලින් එකෙ එක

  38. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!