ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් හතරවන කතා සමයේ හත්වන කතාංගය. පහුගිය සතියෙ වගේම මුලින්ම සමාව ඉල්ලා සිටීමක් කරන්න තියෙනව, මේ සිදුවුණු දරුණු ප්‍රමාදය ගැන. ඇත්තටම මේක මගේ අවුලක්ද, නැත්තං සුපර්ගර්ල්ගෙ අවුලක්ද කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි මම සුපර්ගර්ල් කරන්න අත ගහන හැම වෙලාවකම ලොකු පසුබෑමක්…

ආයුබෝවන් යාළුවනේ..!

මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් හතරවන කතා සමයේ හත්වන කතාංගය. පහුගිය සතියෙ වගේම මුලින්ම සමාව ඉල්ලා සිටීමක් කරන්න තියෙනව, මේ සිදුවුණු දරුණු ප්‍රමාදය ගැන. ඇත්තටම මේක මගේ අවුලක්ද, නැත්තං සුපර්ගර්ල්ගෙ අවුලක්ද කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි මම සුපර්ගර්ල් කරන්න අත ගහන හැම වෙලාවකම ලොකු පසුබෑමක් වෙන කාරණාවක් සිද්ධ වෙනව. ඉතිං වෝකින් ඩෙඩ් දීල අඟහරුවාදා සුපර්ගර්ල් එකට අත ගැහුව විතරයි, එදා රෑ.ල් මාව දරුණු විදියට අසනීප වුණා. අද වෙනකොටත් සම්පුර්ණයෙන් සනීප වෙලා නැතත්, බාරගත්ත දෙයක් නොකර ඉන්න බැරි නිසා අමාරුකම් තියාගෙනත් මම අද වෙනකොට කොහොමහරි වැඩේ ගොඩ දාගත්ත. ඒ වගේම නිලුපුල්ට මේ වෙලාවෙ ස්තුති කරන්න ඕනෙ, කරන්න අමාරුනම් උදව්වක් දෙන්නම් කියල ඇහුවට. හසායියා තමා මම අසනීපයෙන් ඉන්නෙ කියල නිලාට කියල තිබුණෙ. ඒත් ඉතිං කරගන්න බැරුව මට දීපු එක ආයෙත් නිලාටම බාර දෙන එක හොඳ නැති නිසා මමම ඇදගෙන ආව. ඊලඟ සතියෙ ඉඳලවත් මෙවන් අකරතැබ්බයන්ට මුහුණ දෙන්න නොලැබේවි කියල මම හිතනව. පොලු තැබීමක් නෙවෙයි ඇත්තටම අසනීප වුණු නිසා තමයි ප්‍රමාදය වුණේ. එහෙනම් ආයෙත් සමාව ඉල්ලනව මේ වුණු ප්‍රමාදයට.

හරි මේ වෙනකොට විමුක්‍තිවාදීන් නැෂනල් නගරයට ලොකු හිසරදයක් වෙමින් පවතින බව පේනවනේ. මම තව පොඩි දෙයක් මතක් කරන්න ඕනෙ, මම මේ Children of Liberty කියන එකට සමහර තැන්වල “විමුක්තියේ දරුවන්” කියන වචනය වගේම “විමුක්‍තිවාදීන්” කියලත් යොදාගෙන ඇති. ඒ දෙකම එකයි. එහෙම කළේ අවස්ථාවට වඩාම උචිත වචනය යොදන්න ඕන නිසා. ඒ වගේම Agent of Liberty කියන එක “ඒජන්ට් ලිබර්ටි” කියලම කෙලින්ම දැම්ම වටහාගන්න පහසු වෙන්න. එහෙනම් පහුගිය කොටස ගැන ආවර්ජයක් කරගෙන ඉමු.

පසුගිය කොටසින්..

විමුක්‍තිවාදීන් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්කුවට පස්සෙ ඇලෙක්ස් තීරණය කරනව ඒ ගැන පරීක්ෂණ කරගෙන යන්න. හැබැයි සේනාධිපතිනිය ඒකට විරුද්ධ වෙනව. නමුත් ඇලෙක්ස් බ්‍රෙනීව යොදාගෙන රහසේ පරීක්ෂණය කරගෙන යනව. මැන්චෙස්ටර් එයාගෙම විදියකට පැට්‍රොචැලී යොදාගෙන වෙනම පරීක්ෂණයක් කරගෙන යනව. මේ හැමෝම හොයන්නෙ ඒජන්ට් ලිබර්ටි. පහුගිය සතියෙ තිබුණෙ තුති පිදීමේ උත්සවයක් එක්ක ගෙතුණු කතාවක්. මතකද රූපවාහිනී වැඩසටහනට ජේම්ස් වෙනුවට ගියපු කාරා අවසානෙ බෙන් ලොක්වුඩ්ගේ කරුණු දැක්වීම් වලින් අපහසුවට පත් වුණා. ඒ වගේම තුති පිදීමේ උත්සවය පවත්වන හවස් වෙලාවෙ බල්ලො මාර්ගයෙන් හඳුනා ගත්ත පිටසක්වලයන්ගේ ගෙවල් වලට විමුක්‍තිවාදීන් පහර දෙන්න තමයි සූදානම් වෙලා හිටියෙ. මේක ප්‍රහාරය දියත් වෙන්න පොඩ්ඩකට කලින් සුපර්ගර්ල් ඇතුළු පිරිස දැනගන්නව. මැන්චෙස්ටර් එතන ඉඳල ගෙදර ගිහින් එයාගෙ ගෙදරට ආපු ඔක්කොම විමුක්‍තිවාදීන් මරල දානව. ඒ වගේම වද දිදී ප්‍රශ්න අහපු පැට්‍රොචැලීටත් ඒ ඉරණම අත් වුණා වෙන්න ඕනෙ.

විමුක්‍තිවාදීන්ගේ ප්‍රහාරයෙන් නැෂනල් නගරය කැලඹෙනව. මකරෙක් පවා පාරට පැන්න දැක්කනෙ එයාගෙ පවුලෙ අයව බේරගන්න. කොහොමහරි සුපර්ගර්ල් මකර එක්කත් සාර්ථකව ගණුදෙනු කළා. මේ වෙනකොට විමුක්‍තිවාදීන්ගේ වැඩ වලට මැදිහත් නොවී ඉන්න සුපර්ගර්ල්ට වගේම ඇලෙක්ස්ට සේනාධිපතිනිය උපදෙස් දීල තිබුණත් දෙන්නම ඒව කඩ කරනව. නමුත් ඒකෙන් සේනාධිපතිනියගේ ඇස් පෑදිලා DEO එක මඟින් විමුක්‍තිවාදීන් මර්ධනය කළ යුතුයි කියල තීරණයක් ගන්නව. ඒ වගේම ඇලෙක්ස් කියනව සේනාධිපතිනියට තමන්ව යුද්ධාධිකරණයට අරගෙන ගියත් තමන්ට හරි කියල හිතෙන දේ කරනව කියල. කොහොමහරි ලොකු විනාශයක් නතර කරගන්න කට්ටියට හැකි වෙනව. මේ අතරෙ ඇලෙක්ස්ගෙ අම්ම නියා නාල්ට උදව් කරන්න හැදුවත් ඇය බොරුවක් කියල එතනින් මාරු වෙනව. පේන විදියට ලොකු හොරයක් තියෙනව වගේ. ඒ වගේම ඒ හොරය අද කතාවට කෙලින්ම ලොකු බලපෑමක් කරනව කියල හිතන්න පුළුවන්. මේ අතරෙ ජේම්ස් ටොම්ගෙ උදව් නිසා විමුක්‍තිවාදීන්ගේ මර උගුලක පතුළටම ගිලා බහිනව. ලීනාගෙ හර්නෙල් පරීක්ෂණය යම් මට්ටමක සාර්ථකත්වයක් ලඟා කරගෙන තිබුණ. ඔන්න ඇය තීරණය කළා ඇත්තම මිනිස් පරීක්ෂණ වස්තුවක් යොදාගෙන හර්නෙල් මූලාකෘතියේ සැබෑ අත්හදා බැලීමේ පරීක්ෂණ ආරම්භ කරන්න. ඔහොම තමා කලින් කොටසේ සාරංශය වුණේ.

අද කොටසින්..

අද කොටසෙදි ප්‍රධාන වශයෙන් වෙන්නෙ ලීනා තම්න්ගේ හර්නෙල් පරීක්ෂණය මනුෂ්‍යයෙක් යොදාගෙන පළමු වතාවට අත්හදා බලන්න යන එක සහ සුපර්ගර්ල්, මැන්චෙස්ටර් දෙන්න එකතුවෙලා ඒජන්ට් ලිබර්ටි අල්ලගන්න දත කන ආකාරය ගැන. ඉතිං ඒ අනුව මැන්චෙස්ටර් දුන්නු ඔත්තුවක් අනුව සුපර්ගර්ල් යනව ශැලී දිවයින කියන දූපතට. එතනදි හරි දෙයක් තමයි වෙන්නෙ. සුපර්ගර්ල් මැන්චෙස්ටර් එළපු දැලක පැටලෙනව. ඒක වෙන විදිය බලන්න නම් මුල ඉඳල කතාව හොඳ අවධානෙන් බලන්න ඕනෙ. ඒ අතරෙ ජේම්ස්ට ඒජන්ට් ලිබර්ටි මුණ ගස්සන්න ටොම් දන්න පිරිසක් අතේ එයාව යැව්වනෙ. හැබයි එතනදි වෙන්නෙ ඒජන්ට් ලිබර්ටි හදන්නෙ ජේම්ස් ගාඩියන් විදියට අන්දවල, ඔහු විමුක්‍තිවාදීන්ට පක්ෂපාතියි කියල, ජාතික ප්‍රකාශයක් මාධ්‍ය හරහා ප්‍රචාරය කරවන්න. ඉතිං ඒකත් සැලැස්මක් අනුව හෙමින් සිද්ධ වෙනව. මේ ඔක්කොම යන අතරෙ අද ප්‍රධාන තැනක් ලැබෙන්නෙ ලීනාගෙ අත්හදා බැලීමට. ඒක ලොකු කතාවක් එක්ක යන සිදුවීමක්, පසුබෑම් කීපයක්ම වෙලා ලීනා වැඩේ අතෑරලම දාන්න හැදුවත් කොහොමහරි අවසානෙ පරීක්ෂණය කෙරෙනව. ඒකෙ සාර්ථක, අසාර්ථක බව අවසාන විනාඩි කීපයේ බලන්න පුළුවන්.

තව මතක් කරන්න දෙයක් තියෙනව. මම හිතන්නෙ හෙට එන Legend of Tomorrow සහ Supergirl දෙකම බාර වෙලා තියෙන්නෙ මට වෙන්න ඕනෙ. මොකද මම LOT එපිය බාර ගත්තෙ සුපර්ගර්ල් බාර ගන්න ගොඩක් කාලෙකට කලින්. හුවමාරුවක් දාගන්න හැකි වුණොත් දෙකම ඉක්මනට ලැබේවි. මටම කරන්න වුණොත් නම් ඉතිං පොඩි ප්‍රමාදයක් වෙන්න බැරි නැහැ. ඒ නිසා ඒකත් චුට්ටක් කලින් දැනුම් දෙන්න ඕනෙ. එහෙනම් ඉතිං ගිහින් එන්නම්. ජය වේවා..!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,934 downloadsDownload Supergirl-S04-E07.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,934 downloadsDownload Subtitles34 KB

36 comments

  1. manjula

    thank you bro

  2. Nuwandika Dil

    Karume. Gan ganna epa. Thanks bro

  3. Rvmendis85

    Thanks bro

  4. Rashiiddamalgoda

    thanx. bro

  5. SudeshPrasanna

    thanq bro

  6. 100

    Thanks sub eakata

  7. Udara Damith Dissanayaka

    tenkiw

  8. Kanchana

    Thanx sahoooo

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  10. Gayan_madushanka_

    Thanks bro

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. සබ පරක්කු උනාට අවුලක් නෑ මචං. සනීප වෙලා ඉදහන්..ජය වේවා...බුදුසරණයි!!!

  12. Ayesh Prashan

    Thank You

  13. Harindra kumara

    මචං සබ පරක්කු වුණාට අවුලක් නෑ.. Supergirl සබ ගන්න කවුරුත් මම දන්න තරමින් පරක්කු උනා කියලා තාම මුකුත් කියලා නෑ... ඉක්මන් සුව

  14. ලනා

    බොහෝම ස්තූතියි❤️

  15. gayan215

    bohoma sthuthi saho...

  16. Kalhara

    get well soon bro !!

  17. wajira

    THANKS FOR SUB

  18. kdelshan

    super girl 2 episode eka ndda

    1. උදයංග සම්පත් හතරසිංහ

      පිළිවෙලට මේ වෙනකං ඔක්කොම දීල තියෙන්නෙ බං

  19. Thanusha

    Thanks saho

  20. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.........!

  21. Danuska Sanjeewa

    Thanks for sub

  22. Sanath Indika

    THX BROO

  23. mindika

    Thanks !!!!!!!!!!

  24. ak

    Thanks

  25. Kulanjana Maduranga

    subata thanks saho....

  26. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  28. Mr.pamz

    thank you bro

  29. Amal_indika

    thank you.......

  30. futureomega

    thanks

  31. D.Chamara

    bohoma sthuthi sahoooo

  32. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
    ජය වේවා !!!!!

  33. ThusharaIndunilRathnayaka

    Sub ekata thanks....!!!!

  34. Dewadithya

    Thanks for Sub!

  35. Yehan

    Supergirl season 5 sub ඕන