ආයුබෝවන් යාළුවනේ..! මුලින්ම සමාව ඉල්ලා සිටිනවා ප්‍රිය රසික රසිකාවියන්ගෙන් සිදුවුණු ලොකු ප්‍රමාදය ගැන. ඇත්තටම වෝකින් ඩෙඩ් ඉවර කරල මේක ඉක්මනින් දෙන්න තමයි හිතාගෙන හිටියෙ. ඒත් අවසානාවට මගේ අතක් පිච්චිලා ඇඟිලි තුනකට ටිකක් බරපතල හානි වුණු නිසා ටයිප් කරන වැඩේ දවස් ගාණක් තිස්සෙ කොහොමටවත් කරගන්න හැකියාවක්…

ආයුබෝවන් යාළුවනේ..!
මුලින්ම සමාව ඉල්ලා සිටිනවා ප්‍රිය රසික රසිකාවියන්ගෙන් සිදුවුණු ලොකු ප්‍රමාදය ගැන. ඇත්තටම වෝකින් ඩෙඩ් ඉවර කරල මේක ඉක්මනින් දෙන්න තමයි හිතාගෙන හිටියෙ. ඒත් අවසානාවට මගේ අතක් පිච්චිලා ඇඟිලි තුනකට ටිකක් බරපතල හානි වුණු නිසා ටයිප් කරන වැඩේ දවස් ගාණක් තිස්සෙ කොහොමටවත් කරගන්න හැකියාවක් ලැබුණෙ නැහැ. ඒ නිසා මට මේක ඉවරයක් කරගන්න සතියක්ම ගියා. හෙට ඊලඟ කොටසත් එන්න නියමිතයි. ඉතිං නැවත සමාව ඉල්ලා සිටිනවා සිදුවුණු ප්‍රමාදය සහ අපහසුතාවය ගැන.
ඉතිං කොහොමහරි මේ අරගෙන එන්නෙ සුපර්ගර්ල් හයවන කතාංගය. වෝකින් ඩෙඩ් සහ සුපර්ගර්ල් එකම දවසෙ එක වෙලාවෙ නිකුත් වෙන නිසා ඉතිං මට වෝකින් ඩෙඩ් සඳහා ප්‍රමුඛත්වය දෙන්න වෙනව. මොකද ෆෑන් බේස් එක කොච්චර අඩු වුණත් වෝකින් ඩෙඩ් කියන්නෙ පට්ටම සීරීස් එකක්. අනික දැන් ආයෙ අලුත්ම කේස් එකක් නිසා කතාව ගින්දර වෙලා තියෙන්නෙ. ඉතිං සුපර්ගර්ල් පහුගිය කොටසෙදි මම කිව්වට, මේක පුරුදු විදියට නිලුපුල් සබ් අරගෙන ඒවි කියල, රැකියාවත් එක්ක නිලා කාර්‍යබහුල වීම නිසා හසායියා ඇහුව මේ සීසන් එක මට කරල දෙන්න පුළුවන් ද කියල. මළත් නම් CW ඒව බාරගෙන සබ් කරන්නෙ නෑ කියල හිතාගෙන හිටියත් අපේ එකෙක් අමාරුවේ වැටුණම ගොඩදාන්නෙ නැතුව බෑනෙ. ඉතිං හසායියා මාව මේ පටලවපු කුණ්ඩවාලයේ පිනෙන් එතුමාට දහස් ගණනින්, ආත්ම ගණනක් CW උපසිරැසි කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව! 😂😂 (මොකද CW සීරීස් පරම්පරා කීපයක් යනකං ඉවර වෙන්නෙ නෑ.) 😀😀
පසුගිය කොටසින්..
ඉතිං අපි දැක්ක විදියට පරපෝෂිතයා ශරීරගත කළාට පස්සෙ ජෙන්සන් හිටියෙ සෑහෙන ලොකු වේදනාවකින්. නමුත් ඒජන්ට් ඔෆ් ලිබර්ටි, නැත්තං විමුක්තියේ ඒජන්තවරයා කියල හඳුන්වාගන්න කෙනා ජෙන්සන්ව එක්කගෙන ගිහින් ශරීරයෙන් ගින්දර පිට කරන පිටසක්වලයෙක් පෙන්නල දැන් ජෙන්සන් සතුවෙලා තියෙන බලය අණාවරණය කරල පෙන්වනව. ඒ අනුව ජෙන්සන්ට හැකියාව තියෙනව පිටසක්වලයෙක් සතු ඕනෑම බලයක් අවශෝෂණය කරගෙන පිටසක්වලයා රොඩ්ඩක් කරල දාන්න. ඉතිං මේ අනුව සුපර්ගර්ල්ට ජෙන්සන්ගෙ ලඟට කිට්ටු වෙන්නවත් බැහැ. ඒ නිසා බ්‍රෙනි, DEO අලුත් සේනාධිපතිනිය සහ ඇලෙක්ස් සැලැස්මක් හදනව ජෙන්සන් අල්ලගන්න. මේ වෙනකොට ජෙන්සන් අමඩෙයි ඩෙරස්ගෙ කවචය අරගෙන අපරාජිත මට්ටමේ බලයක් ලබාගෙන ඉන්නෙ. ඒ අනුව අමඩෙයි ඩෙරස්ගෙ අසපුවට ඔහුව බලන්න එන පිටසක්වලයන්ගේ බලය අවශෝෂණය කරගන්න ජෙන්සන් එතනට එනව. ඒ ආවට පස්සෙ බ්‍රෙනී ගෝලාකාර ආරක්ෂක ආවරණය ක්‍රියාත්මක කරල ජෙන්සන් හිර කර ගන්නව. නමුත් මේ ගෝලය තුළ සාමාන්‍ය මිනිස්සු ඉන්න නිසා ජෙන්සන්ට අධිභාර කරල පුපුරුවා හරින්න විදියක් නැති වෙනව. ඒ නිසා ඇලෙක්ස්, සුපර්ගර්ල් නිතරම පාවිච්චි කරන ක්‍රමයක් උත්සාහ කරනව. ඇය ජෙන්සන්ගෙ ඇතුළෙ ඉන්න හොඳ මනුස්සයට කතා කරනව. ඒ අනුව ජෙන්සන් පරපෝෂිතයාගෙන් නිදහස් වෙනව. මිනිස්සු මැරෙන එකත් නතර වෙනව. නමුත් ඒකෙන් ජෙන්සන්ගෙ මොළය අකර්මණ්‍ය වෙනව. ඒ නිසා විමුක්තියේ ඒජන්තවරයා ගැන කිසි තොරතුරක් ඔහුගෙන් ලබාගන්න බැරි වෙනව. මේ අතරෙ බෙන් ලොක්වුඩ් මිනිසුන් හා පිටසක්වලයන් භේදභින්න කිරීමේ යටි අරමුණට ජේම්ස්වත් පටලවගන්න උත්සාහ කරන හැටි අපි දැක්ක. ඒ වගේම අලුත් සේනාධිපතිනිය ඇලෙක්ස්ට හිසරදයක් වේගෙන එන ලකුණු පෙන්නුම් කරමින් තමයි තියෙන්නෙ.
අද කොටසින්..
ඉතිං ඔන්න අද කොටසෙදි බලන්න වෙන්නෙ තුති පිදීමේ උත්සවය එක්ක ගැටගැහුණු සිදුවීම් පෙළක්. කොහොමහරි මේ වෙනකොට ලොක්වුඩ් විමුක්තිවාදීන් උසි ගන්වල තියෙන්නෙ. ඔන්න ඒ අස්සෙ ජේම්ස් කෝල් කළානෙ ලොක්වුඩ්ට. ඒ මර්ගයෙන් ජේම්ස් අද ටොම් කියල විමක්තිවාදියෙක් හමු වෙනව. ඒ වගේම මේ හමුවීමට ලීනා කොහෙත්ම එකඟ වෙන්නෙ නැහැ. දෙන්න අතරෙ බහින්බස් වීම් වෙලා දෙන්න වෙන් වෙනව වගේ තමා පේන්නෙ. ලීනා කියපු දේ නාහපු ජේම්ස්ටත් ලොකු අනතුරකට මූණ දෙන්න වේවි වගේ. මේ ඔක්කොම අතරෙ විමුක්තිවාදීන් තුති පිදීමේ උත්සවය වෙලාවට ප්‍රහාරයක් දියත් කරන්න සූදානම් වෙනව. ඒක කොහොමහරි කාරා ඇතුළු පිරිස මේක දැනගෙන සටනක් දෙනව පිටසක්වලයින් බේරගන්න. ඔන්න බ්‍රෙනී භෞතික විද්‍යාවෙන් සටන් කරන්නෙ කොහොමද කියල කට්ටියට දැනගන්න පුළුවන්. ඒ වගේම නියා නාල්ගෙත් මොකක්හරි ලොකු හොරයක් තියෙනව වගේ තමයි පෙන්නෙ. තාම ඒක මොකද්ද කියන එක පැහැදිලි නැහැ. මේ අතරෙ ලීනාගෙ හර්නෙල් පරීක්ෂණයේ මොකක්හරි වෙනසක් වෙලා යම් මට්ටමක ප්‍රතිඵලයක් ලැබිල තියෙනව. ඒ වගේම ලීනා තීරණය කරනව පරීක්ෂණය අත්හදා බලන්න. එහෙනම් හෙට වෝකින් ඩෙඩ් තුළින් නැවත හමුවෙමු. ප්‍රමාදය ගැන නැවත සමාව ඉල්ලා සිටිනවා. ගිහින් එන්නම්. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,044 downloadsDownload SUPERGIRL-S04E06.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
46 comments
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයCastlevania සීසන් 2 සබ් දෙනවද සහෝ.....
උදයංග සම්පත් හතරසිංහ
දෙනව සහෝ අනිවාරෙන්. ඉක්මනට දෙනව. දන්නවනෙ වැඩ ගොඩ එක්ක හිර වෙලා ඉන්නෙ පොඩ්ඩක්. මේ සතියෙ අනිවා දෙනව ඒකත්.
sachintha
එල එල... :)
Kanchana
Thanx sahooo
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව. බුදුසරණයි..ජය වේවා!
100
Sub eakata thanx
ak
Sub ekata thanks bro.Meka denakan thama balagena hitiye!
Gayan_madushanka_
Thanks bro
mindika
Thanks !!!!!!!!
දෙනුවන්
බොහෝම ස්තූතියි❤️
Nuwandika Dil
Meka pahu unath t.w.d nam balanawa ikmnni. Tnks bro xekatama
Nuwandika Dil
Sub nam monada engili tika hoda karan indahm bro.
Nuwandika Dil
Ayesh Prashan
Thank You
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . .
gagulinu
Thanks sahoo
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට .
dcdweerawardhana
Thanks :-)
Madushanka
Thanks very much for the subtitle bro...
pradeepravindra
මේ සබ් වලට ගොඩක් ස්තූති
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............. ජයවේවා..........!!!!!!!!!!!!!
Harindra kumara
thnx bro
Nilupul Madukapriya Perera
තෑන්ක්ස් වේවා බෑ නොකියා මේක කර ගැහුවට..
දන්නවා වෝකින් ඩෙඩ් එක්ක වැඩේ අමාරුයි කියලා.. එහෙමවෙලත් බාරගත්තා නොවෑ. හසාටනම් කොච්චර පින් දුන්නත් වැඩක් නෑ ඕන්. මිනිහ cw කර ගහන්නෙ නෑ .. එහෙමනම් ඊළග කොටහත් ඉක්මනට දෙයි කියලා හිතනවා.. අද ඉදලා මාත් මේක බලන්නෙ උඇබේ සබ් එක්කඋදයංග සම්පත් හතරසිංහ
මේක හරියන්නෙ නෑ බං.. අසාධාරණ ඇඩ්මින් පාලනයට එරෙහිව අපි නැගී හිටින්න ඕනෙ. වහාම සෑම ඇඩ්මින්වරයෙකුටම තමාගේම කියල CW සීරීස් එකක් බාර ගන්නකං අපි වර්ජනය කරන්න ඕනෙ. :| :|
Rushanwickrama
Thnxz mchn enakn balagena hitiye...ela thnxz sub ekata digatama karamu....jp
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milinda1987
නිදහසට කරුනු ඕන නෑ බං උබට පුලුවන් වෙලවට දීපන් අපි බලන් ඉන්නම්. සබ් එකට හුගක් ස්තූතියි..
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!jonn jones
ස්තූතියි මේ සබ් එක දුන්නට ඊලග කොටස මේ සතියෙ එවනවද?
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
Viraj
elama... thanks
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා............!
Kulanjana Maduranga
subata thanks
Amila89
Thanks
Kasun Tharaka Weerasooriya
Thank you very much!!! WEBRips please!!
Mr.pamz
thanks brother
Kasu GTX
e07 sub dapn ikmanata
ThusharaIndunilRathnayaka
Sub ekata thanks...!
wajira
THANKS FOR SUB
Udara Damith Dissanayaka
ela
D.Chamara
bohoma sthuthi sahoooo
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ......
ජය වේවා !!!!!Dewadithya
Thanks for Sub!
Anonymous
Supergirl Season 5 eke sinhala sub දෙන්න පුළුවන් ද
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S04 : E06] Sinhala Subtitles | කැරපොත්තෝ සහ වෙස් මූණෝ..![සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Supergirl-Season-4.jpg)




බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට ඔයාලා නොහිටින්න අපි මේවා බලනවා බොරු තේරුමක් ඇතුව.!