ආයුබෝවන් යාළුවනේ! ක්‍රොස්ඕවර් එකෙන් පස්සෙ තමයි මේ ආයෙත් සුපර්ගර්ල් ඔයාලව හමුවෙන්න එන්නෙ. ඇත්තටම වැඩ රාජකාරි ගොඩ එක්ක මේක ලබාදෙන්න ටිකක් ප්‍රමාද වුණා. ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. ඉඩ ලැබුණු හැම වෙලාවෙම ලයින් 10, 15 ගාණෙ ටයිප් කරල තමයි අද මේක ගොඩදාගන්න හැකියාව ලැබුණෙ. පසුගිය කොටස් වලින්.. ඉතිං ක්‍රො…

ආයුබෝවන් යාළුවනේ!
ක්‍රොස්ඕවර් එකෙන් පස්සෙ තමයි මේ ආයෙත් සුපර්ගර්ල් ඔයාලව හමුවෙන්න එන්නෙ. ඇත්තටම වැඩ රාජකාරි ගොඩ එක්ක මේක ලබාදෙන්න ටිකක් ප්‍රමාද වුණා. ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. ඉඩ ලැබුණු හැම වෙලාවෙම ලයින් 10, 15 ගාණෙ ටයිප් කරල තමයි අද මේක ගොඩදාගන්න හැකියාව ලැබුණෙ.
පසුගිය කොටස් වලින්..
ඉතිං ක්‍රොස්ඕවර් එකට කලින් කොටස බැලුවනම් කට්ටිය දන්නවනෙ නියා නාල්ගෙ ස්වප්න මායාවන් නිසා ඒජන්ට් ලිබර්ටිගෙ සැලැස්ම විනාශ වෙලා ගිහින් ඒජන්ට් ලිබර්ටි විදියට ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි බෙන්ජමින් ලොක්වුඩ් කියල එළි වුණා. නමුත් ඒ වෙලාවෙන් පස්සෙ DEO එකට ආපහු එන සුපර්ගර්ල්ට මුහුණ දෙන්න වෙන්නෙ නොහිතන අර්බුදයකට. ජනාධිපතිතුමා ඇවිල්ල කියනව සුපර්ගර්ල්ට ඇයගේ අනන්‍යතාව හෙළි කරන්න කියල. නමුත් සුපර්ගර්ල් ඒක ප්‍රතික්ෂේප කරනව. මේ හේතුවට කේන්ති ගන්න ජනාධිපති සුපර්ගර්ල් DEO සේවයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කරල හරිනව. ඒ වගේම ලීනා හර්නෙල් පරීක්ෂණය තුළින් හදවත අපරාජිත කරන්න පුළුවන් කියල හොයාගත්ත.
අද කොටසින්..
ඉතිං හැමෝම දන්නව වගේ කර්නල් හර්ලි ඇලෙක්ස්ට මළ ඇණයක් වේගෙන ආවනෙ. මේ අතරෙ ශිමර් කියල පිටසක්වලයෙක් නැවකට පහර දෙනව. කාරට මේක ඇහිල කාරා යනව උදව් කරන්න. එතනදි ඇය දකිනව කර්නල් මැකැලිස්ටර් ඇතුළු පිරිසකට මේ සතා පහර දීල තියෙනව. සුපර්ගර්ල් එක නාවික සෙබළියක් බේරගන්න සමත් වෙන අතරෙ හර්ලි එනව මෙතනට. හැබැයි එකපාරටම DEO එක යටතේ තියෙන මේ නැවට පහර දීම හා සම්බන්ධ දත්ත ඔක්කොම අතුරුදන් වෙනව. ඒ වගේම මේ ශිමර් ප්‍රහාරය එක්ක කර්නල් හර්ලි සෘජුවම සම්බන්ධයි කියල ඔප්පු කරගන්න ඇලෙක්ස්ට හැකියාව ලැබෙනව. නමුත් ඒ සාක්ෂි වලින් වැඩක් ගන්න ඇලෙක්ස්ට අවස්තාවක් ලැබෙන්නෙ නෑ හර්ලි හොයාගන්නව කාරා තමයි සුපර්ගර්ල් කියල. ඉතිං මොකෝ දැන් වෙන්නෙ? මේක විසඳන්න ගිහිල්ල ඇලෙක්ස්ට මොකක්ද වෙන්නෙ? ඒ ටික ඔයාලට බාරයි. එහෙනම් ගිහින් එන්නම්.. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,781 downloadsDownload Supergirl-S04-E10.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
30 comments
apsara supun
ak
Sub ekata godak thanks.Jayawewa!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත නැවත හමුවෙමු...
ජයRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
දිගටම සබ් දෙමු...Rashiiddamalgoda
Thnx... bro..
Gathsara Umesh
Bhooooooooom Sthuthi ❤️
thanula D
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා...................!
lahiru sadaruvan
thank you so much brother...
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි.... ජයවේවා......!!!!!!!!!!!!
ashanyashitha123
ela bro keep it up
Thanusha
Thanks bro
100
Sub eakata thanks
Tharangani
thanx
Nuwandika Dil
Tnks kollo ,hrmin unath funna ekata. Elamah
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
saihns
එලම..
Punisher Season 2 subtitles set එක් ඉක්මනට දාගෙන යන්ඩෝ...Udara Damith Dissanayaka
elaaaaaaaa
ThusharaIndunilRathnayaka
sub ekata thanks.....!
Ayesh Prashan
Thank You
D.Chamara
bohoma sthuthi saoo
Mr.pamz
Thanks brother
Kulanjana Maduranga
subata thanks saho....
chathu00
thanx mchn. . . .
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා..............!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayan_madushanka_
Thanks bro
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
ජය වේවා......
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S04 : E10] Sinhala Subtitles | ඇලෙක්ස්ගේ සමුගැනීම..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Supergirl-Season-4.jpg)




Thanks brooo..
1st comment & 1st downloader