තරහ අවසර මිත්‍රවරුණි, මොනව කියන්නද ඉතිං සෑහෙන දරුණු විදියට සබ් එක දෙන වැඩේ පරක්කු වුණා. නිදහසට කාරණා කියන්න තිබුණත් ඉතිං ඒවයින් වැඩක් නෑනෙ. කොහොම වුණත් ඇත්තටම සමාව ඉල්ලා සිටිනව දවස් 10 විතර මේ වුණු ප්‍රමාදය ගැන. වැල්වටාරම් නැතුව කලින් කොටස ගැන බලල අද ගැනත් පොඩ්ඩක් දැනුම් දෙන්නම්. පසුගිය කොටසින්… ඉත…

තරහ අවසර මිත්‍රවරුණි, මොනව කියන්නද ඉතිං සෑහෙන දරුණු විදියට සබ් එක දෙන වැඩේ පරක්කු වුණා. නිදහසට කාරණා කියන්න තිබුණත් ඉතිං ඒවයින් වැඩක් නෑනෙ. කොහොම වුණත් ඇත්තටම සමාව ඉල්ලා සිටිනව දවස් 10 විතර මේ වුණු ප්‍රමාදය ගැන. වැල්වටාරම් නැතුව කලින් කොටස ගැන බලල අද ගැනත් පොඩ්ඩක් දැනුම් දෙන්නම්.
පසුගිය කොටසින්…
ඉතිං හැමදාම වගේ කලින් කොටස තුළදීත් හර්ලි, ඇලෙක්ස්ට හිසරදයක් වෙන තැනට තමයි කටයුතු කළේ. ඒ තමයි ශිමර් කියල පිටසක්වලයෙක් නැවකට පහර දීපු සිදුවීම වසන් කරන්න කටයුතු කරල. මේ ශිමර් පිටසක්වලයන් යොදාගෙන කරපු ව්‍යාපෘතිය නම් කරල තිබුණෙ “මොරායි” ව්‍යාපෘතිය කියල. මොරායි කියල කියන්නෙ ටෑන්, මැකැලිස්ටර් සහ හර්ලි විසින් මිනී මරන්න පුරුදු කරපු පිටසක්වලයන් විශේෂයක්. නමුත් ජනාධිපතිගේ ආඥාවක් නිසා ටෑන්, මැකැලිස්ටර්ට නියෝග කරනව මේ මොරායිලව සාක්ෂි ඉතිරි නොවෙන විදියට මරල දාන්න කියල. ඒ අනුව තමයි මොරායිලව මරන්න මැකැලිස්ටර් නැවක් අරගෙන ගිහින් තිබුණෙ, කොහොමහරි වැඩේ දෙල් වෙලා මොරායිල මැකැලිස්ටර් ඇතුළු නාවික පිරිස මරල පැනගන්නව, මේ වෙලාවෙ තමයි ලීනා එක්ක හිටපු කාරට මේක ඇහිල උදව් කරන්න නැවට යන්නෙ. එතනදි ඇය දකිනව කර්නල් මැකැලිස්ටර් ඇතුළු පිරිසකට මේ සතා පහර දීල මරල දාල තියෙනව. සුපර්ගර්ල් එක නාවික සෙබළියක් බේරගන්න සමත් වෙන අතරෙ හර්ලි එනව මෙතනට. හැබැයි එකපාරටම DEO එක යටතේ තියෙන මේ නැවට පහර දීම හා සම්බන්ධ දත්ත ඔක්කොම අතුරුදන් වෙනව. පස්සෙ ජෝන් ලඟ තිබුණු ලිපිගොනු අවුස්සල බලපු කාරාට, මේ ශිමර් ප්‍රහාරය එක්ක කර්නල් හර්ලි සෘජුවම සම්බන්ධයි කියල ඔප්පු කරගන්න සාක්ෂි ලැබෙනව. ඇලෙක්ස්ට මේක දැනුම් දීල ටෑන් හමුවෙන්න ගියත් මොරායි ප්‍රහාරයකින් ටෑන් මැරුම් කනව. ඇලෙක්ස් ලඟ හර්ලි ගැන තිබුණ වුණත් සාක්ෂි වලින් වැඩක් ගන්න ඇලෙක්ස්ට අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. හේතුව හර්ලි හොයාගන්නව කාරා තමයි සුපර්ගර්ල් කියල.
ඉතිං කොහොමහරි මොරායිල ඊලඟට එන්නෙ හර්ලි හොයාගෙන. ඒ ප්‍රහාරයේදී හර්ලිව බේරගන්න සුපර්ගර්ල් එනව. ඒ වගේම ජෝන්ගෙ සහය ඇතුව හර්ලිගෙ මතකය මකන්න ඇලෙක්ස් වගබලා ගන්නව. ඒත් ඔක්කොටම පස්සෙ හර්ලි ආයෙත් සුපර්ගර්ල්ගෙ අනන්‍යතාව හොයන්න වෙන ක්‍රියාවලියක් ආරම්භ කරනව. ඒ තමයි “සත්‍ය ගවේෂක” කියල පිටසක්වල ජීවියෙක් යොදාගෙන. ඔන්න එතකොට තමයි ඇලෙක්ස් තීරණය කරන්නෙ DEO එකේ සුපර්ගර්ල්ගෙ අනන්‍යතාව දන්න හැම කෙනෙක්ගෙම මතකය ජෝන් ලවා මකල දාන්න. අවාසනාවට ඒ පිරිස අතරට ඇලෙක්ස් පවා අන්තර්ගත වෙනව. ඉතිං අවසානෙ අපි දැක්ක හැමෝගෙම මතකය මකල දාන ජෝන්, සුපර්ගර්ල් කියන්නෙ තමන්ගෙම නංගි කියල ඇලෙක්ස් සතුව තිබුණු සියලු මතකයන් ඇලෙක්ස්ගෙ මනසින් මකල දැම්ම.
අද කොටසින්…
ඉතිං ඇලෙක්ගෙ මතකය මකා දැම්මට පස්සෙ එයා හැසිරෙන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. ඒකට හේතුව ඇය දන්නෙ නෑ කාරා ඩැන්වර්ස් නැත්තං එයාගෙම සහෝදරිය කියන්නෙ සුපර්ගර්ල් කියල. කොහොමහරි කලින් කොටස් කීපෙකම අපි දැක්ක ජර්මනිය තුළ වෙනත් සුපර්ගර්ල් කෙනෙක් ඉන්නව කියල. මේ කෙනා කවුද? මොකාටද එන්න හදන්නෙ? ඒව මොකුත් තාම අපි දන්නෙ නෑනෙ. කොහොමහරි එයාව ජර්මන් හමුදාව විසින් පුහුණු කරන විදිය අපි දැක්ක. මේ පුහුණුවෙන් පස්සෙ වෙන යම් සංසිද්ධියක් නිසා ඔන්න අද කතාවේ අඩිතාලම වැටෙනව. මේ අතරෙ කාරා යනව නියා එක්ක නියාගෙ ගමේ. නියාගෙ ස්වප්න බලය ගැන ලොකු දෙයක් අද දැනගන්න පුළුවන්. ඒ වගේම කාරා තමන්ගෙ අනන්‍යතාව නියාට හෙළි කරනව යම් හේතුවක් මත. නියා ඊලඟ කතාංගයන් ඇතුළෙ කරලියේ ප්‍රධාන තැනක් අරගනියි කියලත් නිකමට වගේ හිතෙනව. මේ ඔක්කොම අතරෙ ඊලඟ කතාංගයේ ඉඳල කාරාට මූණ දෙන්න වෙන දරුණු අනතුරක ඉඟියක් අවසාන මිනිත්තුවේ අනාවරණය කෙරෙනව. ආයෙත් සුපර්ගර්ල් 12 වෙනි කතාංගය විකාශනය වෙන්නෙ පෙබරවාරි 17. එහෙනම් මම ගිහින් එන්නම්. ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,363 downloadsDownload Supergirl.S04E11.Baiscopelk.com_.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
26 comments
100
Mr.pamz
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAyesh Prashan
Thank You
tharindu
sabata thanks saho.
denizshulz
පරක්කු වුනාට කමක් නෑ, කොහොම හරි සබ දෙනවනම් එච්චරයි.
ak
Thanks.
praneeth01
parakkuwa awlak na ban. sub eka awa nam echcharai. Oka enakam api balanne na.
Kanchana
Thanx saho
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ
ඔබට ජයHarsha Priyanka
Sub ekata godaak thanks.
Jayawewa.................
Sub ikmanata denna hodeeeeeShadow125
Tnx :)
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා...........!
SudeshPrasanna
elma
Kulanjana Maduranga
subata thanks
chathu00
Thanks mchn. . .
Deshani
thank you
ThusharaIndunilRathnayaka
sub ekata thanks.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ak
Godak sthuthi.
Udara Damith Dissanayaka
bdswsaserhwery
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
Gayan_madushanka_
Thanks bro
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.....
ජය වේවා.....
Dewadithya
Thanks for Sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S04 : E11] Sinhala Subtitles | ලෙයට කා වැදුණු මතකයන්..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/Supergirl-Season-4.jpg)




Sub eakata thanks