ඇස් දෙකම පුපුරලා ගිහින් අත්භූත විදිහට මැරුණ කෙනෙක් ගැන ප්‍රවෘත්තියක් දැකපු අයියා, මලෝ දෙන්න යනවා ඒක ගැන හොයලා බලන්න. පුංචි ළමයෙක් මේ දෙන්නට කියන්නේ බ්ලඩී මේරී මේ දේ කරපු බවයි. රට පුරාම පුංචි ළමයි අතරේ තියෙන සෙල්ලම් හොල්මනක් ඇත්ත වෙන්න පුලුවන්ද? තවත් අය මරන්න කලින් මේ දරුණු භූතයව නවත්වන්න සෑම්ටයි ඩ…
ඇස් දෙකම පුපුරලා ගිහින් අත්භූත විදිහට මැරුණ කෙනෙක් ගැන ප්‍රවෘත්තියක් දැකපු අයියා, මලෝ දෙන්න යනවා ඒක ගැන හොයලා බලන්න. පුංචි ළමයෙක් මේ දෙන්නට කියන්නේ බ්ලඩී මේරී මේ දේ කරපු බවයි. රට පුරාම පුංචි ළමයි අතරේ තියෙන සෙල්ලම් හොල්මනක් ඇත්ත වෙන්න පුලුවන්ද? තවත් අය මරන්න කලින් මේ දරුණු භූතයව නවත්වන්න සෑම්ටයි ඩීන්ටයි පුලුවන් වෙයිද? ඉතින් අපි කථාව බලලම දැන ගමු.
දැනුමට:
බ්ලඩී මේරි කියන්නේ අපේ ළමයි අතෙරේ තියෙන ගෝනි බිල්ලෝ ප්‍රවාදය වගේ බටහිට ළමුන් අතර ඉතාම ජනප්‍රිය ප්‍රවාදයක්ලු. කන්නාඩියක් ඉස්සරහට ගිහින් බ්ලඩී මේරී කියලා කියන එක සෙල්ලමක් හැටියට ළමයි කරන දෙයක්. ජනප්‍රවාදයේ හැටියට එහෙම කිව්වහම මේරී ඇවිත් සාප කරන බවත් ඇස් උගුල්ලා ගන්න බවත් පැවසෙනවා. ඒත් පැරණිම ප්‍රවාදවලට අනුව ගෑනු ළමයෙක් කන්නාඩියක් ලග බ්ලඩී මීරි කියලා කිවොත්, තමන්ගේ අනාගත සහකාරයාගේ චායාවක් දැකගන්න ලැබෙන බවයි පැවසෙන්නේ.
බ්ලඩී මේරී ගැන චිත්‍රපටි, ටෙලි වෘතාන්ත බොහොමයක් නිර්මාණය වෙලත් තියෙනවා. බ්ලඩී මේරී ගැන තව විස්තර කියවතහැකි මෙන්න මෙතනින්.
හිතන්න:
මීට අමතරව, අපේ රටෙත් දකින්න ලැබෙනවා මල ගෙවල්වල කන්නාඩි ඇතුළු දිලිසෙන මතුපිටවල් වහලා දානවා, නැත්නම් අනිත් පැත්ත හරවනවා. මේක බටහිර රටවලත් දකින්න ලැබෙන දෙයක්. මේකට ලංකාවේ උදවිය දක්වන හේතුවනම් මං දන්නේ නෑ. දන්නවනම් මටත් කියන්න. කොහොම වුනත්, අද කතාවේ ඒකට බටහිර උදවිය දක්වන හේතුවනම් කියවෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
21,768 downloadsDownload Supernatural.S01E05.zip126 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
54 comments
wow
vee
Thnaks saho
asiri
thanks meyka nm pattama tv s akak
rusuru | රුසිරු
එල එල සහෝ
yasas
digatama subs denna meyke thankssssssss
venura
pattama kathawak jaya!
tharanga
සුපිරි සබ් දෙනකම් උන්නේ
ජය!harsha
supiri :D
bandula
loweth na elama kathwak meyka nam
ccnp
Thanks
Sahan
fattama thankz wewa bro...
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි එම් ඩි ජි සහෝ...
එන්න එන්නම ආසා හිතෙනවා බලන්න ඔයාගේ ලිපිය දැක්කට පස්සෙත්...
දිගටම කරන් යමු කියල කියන්න ඕනේ නැහැ, මොකද අපි දැන් දන්නවා කොහොමත් දිගටම ලැබෙනවා කියලා...
ජය වේවා...prabhath
සීරියස් 1 ම බෑවා සබ් දෙනකන්ම තමයි බලන් හිටියේ ගොඩක් ස්තූතියි..
“චූටී මල්ලි”
එල සහෝ
කරගෙන යන් ඉහිරියටම
අපි ඉන්නවා සබ් ගන්න බලන්
සබට තුති
ඔබට ජය...........DanstM
supiri macho....apita meka nam ikmannata ona.ela ela.best tv series that i ever had
හර්ෂ ලහිරු
සබ් ටික වෙඩි වගේ දෙනවනේ :D
ලිපි ටිකත් ලෙසටම දෙනවා :-)
ස්තුතියි සහො ජය :PNisal Lakshan
baya hithenawa thankxxxxx
siraj
නියමයි නියමයි සහෝ.
සබ් එකට ස්‍තූතියි සහෝ.supun dilshan
niyamayi machan
චතුරබුද්ධි
බොහොම ස්තුතියි සහෝ.. දිගටම දෙන්න ඕනි මේ විදියට. ඔයාගේ ලිපි පෙළ නම් නියමයි. ඕනි කෙනෙකුට බලන්න හිතෙනවා ඒක කියෙව්වම...
dampataya
ela machan.man balapu supirima tv series akak.digatama demu .don't stop.jayen jaya.
Download Manager
Thanx bro
Anu
ele ela...........
uda
MDG සහෝ! මම මේ වගේ සංකල්ප ගැන තොරතුරු හොයනවා. නමුත් මම දැන හිටියෙ නෑ Supernatural කතාමාලාව ඒවා ගැන හොඳ අධ්‍යයනයක් සහ පදනමක් ඇතුව කරපු එකක් වග...
මම හිතාන හිටියේ, මේක තවත් ෆැන්ටසි/ හොරර්/ ඇඩ්වෙන්චර් කතාවක් කියලා. ඔයාගෙ විස්තර අනුව දැන් පේන්නෙ මේක මට බලන්ඩම වෙයි වගේ... ස්තුතියි නිවැරදි දැනුවත් කිරීමක් මේ සම්බන්ධ ආශ්‍රිතයන් ගැනත් කරන එකට.
මම හිතන්නේ ඔය කණ්නාඩි අනිත් පැත්ත හරවන එකට හේතුව ඔයාට තේරෙවි "Mirror" චිත්‍රපටි බැලුවානම්.(මම හිතන්නෙ දහ දොළොස් පාරක්වත් බලල ඇති මේ වෙනකොට; නේද? ;) )
"කෝපයෙන් නැතිනම් වෛරයෙන් මේ ලෝකෙන් යන ආත්මයක් කණ්නාඩි හරහා ගමන් කළ හැකි වෙනත් මානයකට, ආසන්නයේ තිබෙන විනිවිද පෙනෙන පෘෂ්ඨයන් හරහා පිවිසෙනවාය" කියන සංකල්පය තමා ඒවයේ පදනම. වෙනත් හේතු තියෙන්නත් පුළුවනි. ලංකාවෙ හේතුවනම් මේකමද කියන්න දන්නෙ නෑ.
බොහෝවිට තමන්ගෙ ළඟම හිතවතෙක් මියගිය කම්පනයෙන් ඉන්න කෙනෙකුට, ඒ වගේ මතුපිටක් දිහා බලනකොට ඒ මියගිය කෙනාව දර්ශනය වෙන්න පුළුවන් හිතේ තිබෙන ව්‍යාකූලත්වයත් එක්ක. (නැතිනම් ඒ කෙනාගේ ආත්මය ඒ හරහා දර්ශනය වී, සිරුරට ආවේශ වෙන්නත් පුළුවනි තමන්ගේ අයිති දේවල් දාලා තියෙන අකමැත්ත ඉස්මතු වෙලා) කොහොම වුණත් ඒ වගේ දේවල් හරහා එහෙම දෙයක් දැක්කොත් ඇති වෙන තත්ත්වය කොයි වගේද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ...
එනිසා මම හිතනවා මේ කාරණා එකක් හෝ කීපයක්වත් ඔය වීදුරු වහන එකට බලපානවා විය හැකියි කියලා... මේ කතාව මම බලන්න ගන්නවා. නොදන්න බොහොම කරුණු කාරණා දැනගන්න හැකි වෙයි කියලා හිතෙන නිසා...
මොකද දැන් තමයි මම හරියටම දැනගත්තේ, මේකේ ඉදිරිපත් කරන කතාංග පදනමක් ඇති, පවත්නා සංකල්ප මත ගොඩනැගුණු ඒවා බව. එනිසා ඔයාගෙ විස්තර දැක්වීමට බොහොම තුති. ජය!
MDG
මුලින්ම කියන්න ඕනේ, මං කලින් හිතා හිටියේ කමෙන්ට්වලට පිළිතුරු නොලියන්නයි. මොකද හැම කමන්ට් එකටම ලියන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ, අනික සමහර ඒවාට විතරක් ලිව්වොත් අනිත් අයගේ හිත නරක් වෙන්න පුළුවන්. ඒ නිසා. ඒත් මේ දැනුවත් කිරීමට ස්තුති නොකලොත් වැරදියි කියලා හිතුනා. ඒ නිසා මේකට විතරක් උත්තර ලිව්වට අනිත් කවුරුවත් තරහ වෙන්න එහෙම එපා.
ඉතින්,තොරතුරුවලට බොහොම ස්තුතියි. මාත් එකගයි කන්නාඩි සම්භන්ධයෙන් ඔයා දක්වලා තියෙන මතයට. අද මේ එපිසෝඩ් එකේ තියෙන්නෙත් ඒ වගේම දෙයක් තමයි.
අනික, මේ ෂෝ එක ගැන ඔහොම හිතපු එකේ පුදුමයක් නෑ. මං මේක ගැන කොච්චර අහලා තිබුනත් බලන්න පටන් ගත්තේ පස්වෙනි සීසන් එකත් ටී වී එකේ යන්න පටන් ගත්තට පස්සෙයි. මාත් මේ ෂෝ එක ගැන හිතුවේ මේක නිකන් horror, fantasy යක් වෙන්න ඇති කියලයි. පලවෙනි එපිසෝඩ් එක බැලුවට පස්සෙත් මං කලේ වෙන බලන්න දෙයක් නැති වුනාම බලනවා කියලා පැත්තකට කරලා තියපු එකයි. මං මේකේ දෙවැනි එපිසෝඩ් එක බැලුවේ පලවෙනි එක බලලා මාස තුනකට විතර පස්සේ. පලවෙනි සීසන් එකේ ටික දුරක් බැලුවට පස්සේ තමයි තේරුනේ මේක නරක නැති බව. ඒත් ඊට පස්සේ ඉදන් පස්වෙනි සීසන් එකත් ඉවර වෙනකම්ම බැලුවේ එක හුස්මට.
කථාවක් බලද්දී තිරයක් මත සෙලවෙන රූපවලට වඩා යමක්, දකින්න පුරුදු වෙන්න ඕන කියලයි මාත් හිතන්නේ. මේ කථා මාලාවේ බොහෝ කතාවලට ඇත්තටම සමාජයේ තියෙන ප්‍රවාද, මිත්‍යා විශ්වාස ආදිය පදනම් වෙලා තියෙනවා. ඒ වගේම මේ කථාව තුල බයිබලයේ දකින්න ලැබෙන තොරතුරුත් සෑහෙන තියෙනවා. නමුත්, සමහර අවස්ථාවලදී, විශේෂයෙන් ඇමරිකානු නොවන ප්‍රවාද භාවිතා කරද්දී, ඒවායේ තියන කරුණු වැරදියට දැක්වීම්, විකෘති කර දැක්වීම් නැත්තෙත් නැහැ. ඒත් ප්‍රභන්ධ කතාවක් බලද්දී එහෙම දේවල් සාමාන්‍යයි. ඒවා ඉවසන්න වෙනවා.
මං ලියන්න ගත්තම නිකම්ම දික් ගැහෙනවා. ඒ ගැන සමාවෙන්න! ඉතින්, කථාව බලන්න ගන්නවා කිව්ව එකට සතුටුයි. කථාව බලලා ඒ ගැන මොකද හිතන්නේ කියලා මටත් කියන්න.!
mudiya / මුදියා
මාරම කතා සෙට් එකක් තමයි මේක.
ඉක්මනටම බලන්න පටන් ගන්නවා.
නියමයි එම්ඩීජී.
ජයවේවා.බොහෝ........................................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shani
thanks
ශාන් විමුක්ති [ විමා]
බොහොම තුති සහෝ උපසිරසට
sasi
pattaaaa
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍kosala
supernatural ithurutika nadda
Rashmika
thanks lot!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
nishshanka ruwan
thanks :)
Thisara Buddhika (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
gayan
ස්තූතියි MDG සහෝ
lakshan fernando
ela saho
lahiru444
ස්තූතියි MDG සහෝ උපසිරැසියට........\\\\
Erängä
බොහොම ස්තුතියි...!!! ^_^
lakshan
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
sanath
thankz bro
kavinda
mage gawa meka masa 4kawithara idala thibuna matath hithune meka wedakata nethi akak kiyala ada delete karanna aragenath aye oya sub akath akka depu comment aka kiyawala beluwa athakota thama therune meka niyama kathawak kiyala aththatama thaks bro oya dala thiyana wistareta mokada me wage dewal lankawe witharai wedipura thiyenne kiyala hithan hitiye
Malith
thanz මචන් නියම කතාව මම දැන් මාසයක් තිස්සේ බලනවා වෙන කතා වගේ එපා වෙන්නේ නැහැ . නියමයි.
kavinda
සැහෙන්න වටිනවා මචෝ. උඔට ජයෙන් ජයම වේවා!
බොහොම ස්තුතියි සහොIshan Madusha
නියමයි සහෝ.සබ් එකටයි ලිපියටයි බෝම ස්තුතියි
Geetharukumarage
Thanks bro
chamith555
ft
Kaazz_bat
තැන්ක්ස් බ්‍රෝ සබ් එකට,.. ජය වේවා,..
Rumesh Asanka
thank you
Maduranga chamal
උපසිරැසියට බොහොම ස්තූතියි
Lahiru Lakshan
thanks....
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
wow, maru :D