අධ්‍යක්ෂණය කලේ : ස්ටීව් බෝයම් (Steve Boyum) කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 නොවැම්බර් 16 වෙනිදා අද කතාවේ නම “Crossroad Blues” කියන්නේ අද කතාවෙදී නිතර සදහන් වෙන Robert Johnsonගේ ගීතයක්. බිල්ඩිමකින් වැටිලා මැරුණ ගෘහනිර්මාණ ශිල්පියෙක් මැරෙන්න කලින්…

අධ්‍යක්ෂණය කලේ : ස්ටීව් බෝයම් (Steve Boyum)
කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශය වුනේ : CW නාලිකාවේ 2006 නොවැම්බර් 16 වෙනිදා
අද කතාවේ නම “Crossroad Blues” කියන්නේ අද කතාවෙදී නිතර සදහන් වෙන Robert Johnsonගේ ගීතයක්.
බිල්ඩිමකින් වැටිලා මැරුණ ගෘහනිර්මාණ ශිල්පියෙක් මැරෙන්න කලින් භයානක කළු බල්ලෙක් ගැන කියවනවා. මේ ගැන හොයලා බලන්න යන සෑම්නුයි ඩීන්නුයි හොයා ගන්නවා, මේ මරණෙට මුල ඒ මනුස්සයා ඩීමන් කෙනෙක් එක්ක ගහපු ගිවිසුමක් බව (ඩීන්ගෙ තාත්තත් මෙහෙම වැඩක් කල බව මතකයිනේ). කොහොම හරි ඩීමන් එක්ක ගිවිසුම් ගහලා තියෙන්නේ මේ මැරුණ මනුස්සයා විතරක් නෙමේ බව දැනගන්න අයියා මලෝ දෙන්න හදන්නේ අනිත් අයගේ ජීවිත බේරලා දෙන්නයි.
දැනුමට :
ඩීමන්ලා එක්ක නැත්නම් යක්ෂයා එක්ක ගිවිසුම් ගහනවා කියන එක බටහිට රටවල විශේෂයෙන් ක්‍රිස්තියානි රටවල දකින්න ලැබෙන මිත්‍යා මතයක්. මේ විශ්වාසෙට අනුව යක්ෂයාගෙන් යමක් කරවගන්න පුළුවන් යමක් දුන්නම. ඒත් ගොඩක් වෙලාවට යක්ෂයා ඉල්ලන්නේ බොහොම බරපතල් දේවල්, උදාහරණයක් විදිහට ගිවිසුම ගහන කෙනාගේ ආත්මය, පලවෙනි ළමයා, නැත්නම් මිනිස් බිල්ලක් වගේ දේවල්. ගිවිසුමේ හැටියට ආත්මය දෙන්න එකග වුනොත් මැරුණම යන්නේ අපායට කියන එකයි එකේ තේරුම. කොච්චර හොද කෙනෙක් වුනත් එහෙමයි.
මේ ගැන කියවන්න පුළුවන් විකිපිඩියා පිටුවක් මෙන්න.
අද කතාවේ රොබර්ට් ජොන්සන් (Robert Johnson) කියන ගිටාර් වාදකයා සහ ගායකයා ගැන සෑහෙන කියවෙනවා. මොහු 20වෙනි ශතවර්ෂයේ මුල් භාගයේ ජීවත් වුන නිග්‍රෝ ඇමරිකානුවෙක්. මොහුගේ ගීත බොහොමයක හන්දියකදී ආත්මය විකුනන්න එකගවී යක්ෂයා සමග ගිවිසුමක් ගැසීම ගැන නිතර නිතර සදහන් වෙනවා. මේ නිසාම මොහුත් මෙවැනි ගිවිසුමක් ගැහුවයි කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. රොබර්ට් ජොන්සන්ගේ ගිවිසුම ගැන මෙතනින් කියවතහැකි.
යම බල්ලෝ එහෙම නැත්නම් hell houndsලා කියන්නේ ලෝකේ විවිධ තැනවල විවිධ නම්වලින් අදුන්වන අත්භූත සත්වයෙක්. නමුත් මුන් ගැන තියෙන විස්තර රටෙන් රටට විවිධාකාරයි. නමුත් ගොඩක් කතාවලට අනුව උන් අපායේ දොරටු මුරකරන බවත් ආත්ම අපායට රැගෙන එම සිදුකරන බවත් කියවෙනවා. දැන් අමතක වෙලා තිබුනත්, අපේ රටේ පැරණි ප්‍රවාදවලට අනුවත් අපායේදී වද දෙන්න කපුටන් සහ බල්ලන් යොදවන බව කියවෙනවා 🙂 .
යම බල්ලෝ ගැන විකිපීඩියා පිටුව මෙන්න.
යක්කු එක්ක ගහන ගිවිසුම්, යම බල්ලො, වගේ දේවල් අපේ උදවියට අලුත් වුනත් හනදිවල හොල්මන් තියෙනවය, අත්භූත බලයන් තියෙනවය කියන එකනම් අලුත් දේවල් නෙමේ. පාරවල් එක්කහු වෙන හන්දිවල අපේ රටේ ඈයොත් ගුරුකම් එහෙම කරනවා, මල් බුලත් තට්ටු තියනවා නොදැකපු කෙනෙක් නැතුව ඇති. ලෝකේ බොහෝ රටවල මිත්‍යා විශ්වාසවලදී පාරවල්වල හන්දීවලට විශේෂ තැනක් ලැබෙනවා. මේ නිසා, අධිස්වාභාවික දේවල් සිද්ධ වෙනවය කියලා විශවාස කරන හන්දි, ලෝක අතරේ ගනුදෙනු කරන්න බොහෝ රටවල පාවිච්චි කෙරෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
4,746 downloadsDownload Supernatural.S02E08.zip149 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
35 comments
Asitha
Ayesh
ela.niyamai
හර්ෂ ලහිරු
එලකිරි ස්තුතියි සහො :D ජය
PaThUm MaDuShAn (ශාන්)
ස්තුතියි සහෝ උපසිරැසියට...දිගටම දෙමු.ජය! :P :P :P
PaThUm MaDuShAn (ශාන්)
විස්තරේ නම් කියන්න වචන නෑ සුපිරියටම කියලා තියනවා.එක නිසාම තමයි මේක බලන්න ආස හිතෙන්නෙත්... :D :D :D
නිපුන්
Fatta Fatta
Sachin
ambo anthimata hambuna :D
Nalaka
එලකිරි ස්තුතියි සහො :D ජය
Kushen
wow niyamaine...saho ada hodata wisthara karalath thiyanawa.hithuwata wada ikmanata sub hamba wenawa.season 8ma ba gattha.eth sub enakan balanne na.ithuru tikath ikmanata denna saho thanks.
Oshan
thanx thanx thanx
sithum
maxxa bro! subata thnx.
shani
thanks
oyage wisthara pelagasmanam niyamaiThisara Neo
නියමයි සහෝ.......
කදිම කතා මාලාවක්නේ..... :)
ජයවේවා........
උපසිරැසියට තුති.......... :) :)DanstM
oya nam supiriyata ma wade karanawa machan!
Isuru
Niyamai sahoo..digatama yamu..
sarath
thanks mdg
Sanjaya
!!!!....උපසිරැසියට ස්තූතියි....!!!!
“චූටී මල්ලි”
එල අනික්වත්
දෙමු ඉක්මනටම
සබට තුති
ඔබට ජය.....Kalpa
elaa tkzz 9ya denntooo
dilaJ
thanks for sinhala subtitle
nishshanka ruwan
thanx :)
D.chamara
niyamai niyamai eithuro tikatha ekmanata denna jaya
මලියා
ඔබට ජය!!!
kosala
ela macho
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rashmika
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ජයවේවා!!!!!!
DAMER
එළ එළ..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා..! 👍Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි........
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න හැකියාව ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ :)
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට.. ජයවේවා....
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Chandimal Kariyapperuma
Thanks for the sub. keep it up.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
Thnx bro....