හොදයි, දැන් මාස ගානක ඉදන් ඩීමන් ඩීන්ගෙ නැත්නං, ඩීන්-මන්ගේ ආගමනය බලන්න ඇඟිලි ගැනපු කට්ටිය වෙනුවෙන් මේ සීසන් එක විකාශනය වෙන අතරේම ගේන්නයි හිතුවේ. 🙂 මුලින්ම නිවේදන කීපෙකින්ම පටන් ගමු. 1. අවංකවම සුප(ර්)නැචුරල් උපසිරැසි ගන්වන්න පටන් ගනිත්දී මං හිතා හිටියේ වැඩේ මේ වෙනකොට අවසන් කරලා තියන්නයි. නමුත් බැරිවු…

හොදයි, දැන් මාස ගානක ඉදන් ඩීමන් ඩීන්ගෙ නැත්නං, ඩීන්-මන්ගේ ආගමනය බලන්න ඇඟිලි ගැනපු කට්ටිය වෙනුවෙන් මේ සීසන් එක විකාශනය වෙන අතරේම ගේන්නයි හිතුවේ. 🙂
මුලින්ම නිවේදන කීපෙකින්ම පටන් ගමු.
1. අවංකවම සුප(ර්)නැචුරල් උපසිරැසි ගන්වන්න පටන් ගනිත්දී මං හිතා හිටියේ වැඩේ මේ වෙනකොට අවසන් කරලා තියන්නයි. නමුත් බැරිවුනා. ඒ ගැන සමාවෙන්න. ඉතිං, දැනට සීසන් 9 බලලා නැති කට්ටිය මේක දුන්න කියලා කලබල වෙන්න එපා. දැනට සීසන් 6ක උපසිරැසි දීලනේ තියෙන්නේ, ඉතුරු ටිකත් ඒ වගේම දෙනවා, ඉවසීමෙන් ඉන්න 🙂
2. මේ එපිසෝඩ් එක විකාශනය වෙන්නේ අගහරුවාදා දිනවල රෑටයි. ඉතින් දන්නවනේ, ටොරන්ට් ඊලග දවසේ උදේ වෙනකොට හොයාගන්න පුළුවන්. හැබැයි මට සිංහල උපසිරැසිය ලබා දෙන්න පුළුවන් නිශ්චිත වෙලාවක්, දවසක් කියන්න බැහැ. මම පුළුවන් තරං ඉක්මනින් උපසිරැසිය ලබා දෙන්න උත්සහ කලත්, ඒ සදහා සතියක් කල් දෙන්න කියලා මං ඉල්ලනවා. ඒ කියන්නේ ඊලග අගහරුවාදා දක්වා සතිය ඇතුලත කොයි වෙලේ හරි මම උපසිරසියේ වැඩ අවසන් කල වහා ඕගොලලන්ට ලැබෙන්න සලස්වනවා. මගේ අනිත් වැඩකටයුතු අතරෙනේ මේක කරන්නේ, ඉතින් ප්‍රමාදයන් ඇති වුනොත් සමාවෙන්න කියලා ඔන්න මුලින්ම ඉල්ලුවා.
3. තව දෙයක් තමයි, සුප(ර්)නැචුරල් එකට මම හදපු උපසිරැසි බලල තියෙනවනම්, ඕගොල්ලෝ දන්නවා, මම සමහරවෙලාවට උපසිරැසි යටින් පොඩි සටහන් ලියන බව. ඇත්තටම ඒ ගොඩක් ඒවා ලියන්නේ මගේ දැනුමට වඩා රසික පිටුවලින් හොයාගෙනයි. ඉතින් මේ අලුත්ම එපිසෝඩ් සදහා ඒවා අප්ඩේට් වෙන ටික කලක් යනවනේ. ඉතින්, වෙනදා කරන, ඒ පැහැදිලි කිරීම් කරන්න සමහරවිට මට අමාරු වෙයි, ඒ වගේම සමහරවිට වැරදෙයි, ඒ වගේ වැරදි ගැනත් සමාවෙන්න. කවුරු හරි නිවැරදිම තොරතුරු ඕන කෙනෙක් ඉන්නවනම්, මම ගොඩක් වෙලාවට ඒ යටින් දාන සටහන්වලට තොරතුරු බොහොමයක් මම හොයාගත්ත වෙබ් අඩවිය මේකයි. අප්ඩේට් වුනහම ගිහින් බලන්න.
4. මේ සීසන් එක අන්තිම සීසන් එක වෙයිද කියන්නං මම දන්නේ නෑ, කටකතාවල හැටියටනං, තවදුරටත් සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබුනොත් 11, 12 ආදී වශයෙනුත් ඉදිරියට ගෙනියන්න නිෂ්පාදකයන්ට අදහසක් තියෙන බවකුයි පේන්නේ. හැබැයි බොහෝ දුරට මම උපසිරැසි ගන්වන අන්තිම සීසන් එක මේකයි. (දහයක් කලාම මදෑ, නේද? 😉 )
ඉතින්, අද කතාවට හැරෙමු.
පහුගිය සීසන් එක අවසන්වෙලා සති කීහිපයක් ගතවුණාට පස්සෙයි මේ සීසන් එක පටන් ගන්නේ. දැන් ඩීන්-මන් යන්න ගිහින්. එයා මොනවද කරන්නේ කියලා කතාව බලලම දැනගමු.
සෑම් ඩීන්ව හොයන්න වෙහෙසෙන අතරේ කැස්ගේ හොරකම් කරපු දේව වරම (ග්‍රේස් එක) වේගයෙන් ක්ෂවෙලා යමින් තියෙන්නේ. (අවංකවම මට පහුගිය සීසන් එකේ ගොඩක් තැන් දැන් මතක නෑ. කැස් මේක ඉස්සුවේ කාගෙන්ද කියලවත්, සෑම්ගේ අත කැඩුනේ කොහොමද කියලවත් මට දැන් මතක නෑ. 😛 කමක් නෑ, ඕගොල්ලන්ට මතක ඇතිනේ නේද? 😛 )
මේ අතරේ ඒන්ජල්ලා ඒගොල්ලන්ගේ කට්ටියව ආපහු ස්වර්ගෙට දක්කන්න උත්සහ කරනවා. ඒත් සමහර ඒන්ජල්ලා බෑ කියනවා 😛
ඩීන්ගේ පරණ හතුරෙක්වත් කතාවට එකතු කරන්න හදනවදෝ, කියලා ලකුනකුත්, පේනවා, අපි බලමුකෝ නේද? කොහොම වුනත් පහුගිය සීසන් එක ඉවරවුන හැටියට කුතුහලෙන්නේ ඉන්නේ, විශේෂයෙන්ම ඩීන් තවම ඉන්නවද කියලා. ඒ නිසා වැඩිය කතාව ගැන කියන්නේ නැතිව ගිහින් කතාව බලලම කුතුහලේ සංසිදුවා ගන්න. හැබැයි ඉතින් හිතා ඉන්න එපා එහෙම සංසිදෙයි කියලා, අද බලලා සතියක් දුක්විදින්න තමයි වෙන්නේ. 😛
අවශ්‍යනම් මෙන්න මේ එපිසෝඩ් එකට නිකුත්කරපු ප්‍රවර්ධන වීඩියෝ දෙකක්,
Clip 1
Clip 2
————
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුනේ : ඔක්තෝම්බර් 7, 2014
ඊලග එපිසෝඩ් එකෙන්:
10.2 Reichenbach
10.0 අතිරේකය:
සුප(ර්)නැචුරල් එක සදහා මේ විදිහේ විශේෂ එපිසෝඩ් එකක් පලවෙනි වතාවට තමයි මේ විකාශනය වුනේ. වැඩසටහනේ පසුබිමේ විස්තර, නළුවන් සහ නිෂ්පාදකයන් සමග සාකච්චා තමයි මේ එපිසෝඩ් එකෙක් තියෙන්නේ.
ඇත්තටම අවුරුදු ගානක් තිස්සේ බලපු වැඩසටහන ගැන සොදුරු මතක අවදි කිරීමක්. කොහොම වුනත් මේක කතාවට සම්භන්ධයක් තියෙන එපිසෝඩ් එකක් නෙමේ. ඒ නිසා අවශ්‍යනං විතරක් ඩව්න්ලෝඩ් කරන්න. කොහොම වුනත් සීසන් 10ක් තිස්සේ වැඩසටහනේ ප්‍රධාන හවුල් කරුවන්ගේ අත්දැකීම් ගැන, මී මැස්සෝ කාපු හැටි ගැන :- P , කැමති අකමැති එපිසෝඩ් ගැන තියෙන මේ වැඩසටහන එදා ඉදන් සුප(ර්)නැචුරල් බලපු රසිකයන්ගේ සිත් ගනියි කියලා මම හිතනවා. පෞදලිකව මංනං රසවින්දා.
ඒ වගේම මේකේ ප්‍රධාන කතාවට සම්බන්ධ නැති එපිසෝඩ් කීපයක් ගැන ඇරෙන්න බරපතල spoilers මොකුත් නෑ. (100% නැහැ නෙමේ, පොඩි පොඩි ඒවා තියෙනවා) ඒ නිසා සීසන් 9 දක්වා බලලා නැති අයට වුනත් මේක බලන්න පුළුවන්. (මං හිතන්නේ) ඒ වගේම කතාව බලනවද නැද්ද කියලා තීරණයක් ගන්න බැරුව ඉන්නවන්නං ඒ ගොල්ලන්ටත්, මේ අතිරේකය ප්‍රයෝජනවත් වෙයි.
මේක විකාශනය වුනේ 2014 ඔක්තෝබර් 6 වෙනිදා, පසුබිම් කථනය කරන්නේ චක් ෂර්ලිට (දිවැසිවරයාට) රගපපු රොබ් බෙනඩික්ට් (Rob Benedict)
ප.ලි
මං මේක මීට කලින් දෙන්නයි හිටියේ, ඒත් එපිසෝඩ් දෙකේම වැඩ ඉවරකරලා දෙන්න ගිය නිසා පරක්කු වුනා. සමහරු දැනටමත් බලල ඇති මගේ හිතේ, සමාවෙන්න..!
ප.ප.ලි
සීසන් 7 ටත් ඉක්මනින්ම සබ් දෙනවා.. ඒ නිසා තරහා ගන්න එපා. මේක දුන්නේ මේ වෙනකොට 9 සීසන් එකත් බලලා ඉන්න අයටයි…:)
Supernatural (S10 : E00) කොටස
150 MB කොපිය මෙතනින් බාගන්න 9f79d89da938d67c4e4ea58e2d526d7b0dd3df3d 219 MB කොපිය මෙතනින් බාගන්න a8d5aefbbf607308b36df1fcbbf0ceafa375479d
4,191 downloadsDownload Supernatural.S10E00.zip34 KB
Supernatural (S10 : E01) කොටස
120 MB කොපිය මෙතනින් බාගන්න db584e4e090c64bce44cc381a96771e533605508 204 MB කොපිය මෙතනින් බාගන්න e417bb56391a1a62a6454a3cb5314c90a84835a1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,452 downloadsDownload Supernatural.S10E01.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
MDG
75 comments
චන්දිම අමරසිංහ
dilshan
menna bole MDG saho season 10 walata sub dela.aparade man ada ude tamail me episode eka beluwe:-(.kawda danne saho meka dewi kiyala.ela digatama demu
INDIKA NUWAN
niyama wadak bro.... man season 9ma balala 10 enakan agili gana gana hitiye. man hithuwe na mekata sub karai kyla. ganna mahansiyata godak thnx. digatama sub denna kyla suba pathanawaaaa.......... :-)
Chathura
Elazzzzzzzz............
gayan
patta machan agili gana gana unne meka nakam ubanam kollo deviyek mechchara kal dipuwaath ekkama thanks
oyage sub thamyi patta
Ishara
wow mamanam meka eye rama baluwa...
patta kathawa
Thanks...oshan
Mdg api thama naga hirawela7sub ikmanata denna plz
nalaka
මොකද්ද මචන් ඒ කරපු කැත වැඩේ.අපි සීසන් 6 වෙනකන් බලලා තිබුනේ.දැන් අපිට මොකද වෙන්නේ.අපිට ඉංග්‍රීසි බැරි නිසා තමයි මචන් සිංහල එනකන් ඉන්නේ.කැත වැඩ නොකර 7,8,9 දාපන් බං......
sajeevi
thanks.
akalanka
ane 7 dapnko bn aneeeeeeee
Shan Jayarathne
Ewa katha wada affa.... dn season 7 denneh ndda... ayyow
mavitha
අයියෝ සීසන් හත කෝ එතකොට . ඇයි එහෙම කලේ
mavitha
ඔය දැම්ම නිසා සබ බාන්නම් .එත් වැඩකට නම් නෙමෙය් . දැම්ම නිසා
kasun
කැත වැඩ නොකර 7 දාපන් බං……
සඳුන් ආර් විමලවීර
නියමයි සහෝ..තැන්ක්ස්
7ත් ඉක්මනට ඕනා..
සුබපැතුම්!!!yumal
anee bn api thaama maga season7 ikmanta diyan api uba dena vidiyatane baluwe ikmanta ara tika deyan
czRGsl
ape affoooooooooo menna s10 dila......... matanam tawa season 3kma balanna tiyenawa... kohoma hari ewath ikmanata dennaaaaa................. :) :)
Cena
Thanks machan..7tat ikmanata Subone....eka balala epai meka balanna....Et meka tawat adenawa kiyannenam Boring wena ekai..
kanushka
7, 8, 9 season wlath sub dipan mcn.
Asantha Akila
apita one 7... >___________________<...
Ranil srimal
නියමයි සහෝ, නියමයි.
සීසන් 10 දුන්න එක ගැන බොහොම සතුටුයි.
ඒ වගේම ඔයාට ගොඩාක් ස්තූති වන්ත වෙනවා.
හැබැයි සීසන් 7 සබ් දෙන්න, හරි.
ජය වේවා...Ranil srimal
නියමයි සහෝ, නියමයි.
සීසන් 10 දුන්න එක ගැන බොහොම සතුටුයි.
ඒ වගේම ඔයාට ගොඩාක් ස්තූති වන්ත වෙනවා.
හැබැයි සීසන් 7 සබ් දෙන්න, හරි. :) :)
ජය වේවා...Ranil srimal
මේක නම් ලොකු වැරදීමක්.. :)
KH7
Ela maco.. Ela.. Hebei Kollo Season 7 Ta Sub One.. Ela.. Jayawewa..
BACHA
kawru monawa kiwwath baiscope eke supirima dial eka thamai mdg.suba sahoo
ANJANA
thanks.. jaya wewa!!!
Sanjaya
මෙන්න ඇවිල්ලා.. :v
නියමයි සහෝ..
!!..ජය වේවා..!!
:)Sanjaya
අනේ සීසන් 10 නෙ දීලා තියෙන්නෙ කෝ 7 :( :o
Bhanuka
මොකද්ද මචන් ඒ කරපු කැත වැඩේ.අපි සීසන් 6 වෙනකන් බලලා තිබුනේ.දැන් අපිට මොකද වෙන්නේ.අපිට ඉංග්‍රීසි බැරි නිසා තමයි මචන් සිංහල එනකන් ඉන්නේ.කැත වැඩ නොකර 7,8,9 දාපන් බං……
සුනෙත්
ඔක්කොටම කලින් ලිපිය කියවලා හිටින් බන් නිකන් කෑ ගහන්නේ නැතුව... MDG කොල්ලා ඒ ටිකත් දෙනවා කියලා යටින් කියලා තියෙනවා මැට්ටො.. මේක දීලා තියෙන්නේ අපි වගේ සීසන් 9 යම බලපු උන්ට.
Dilshan
kohoma unath ubata Thx machan............ ikmanata 7 denakan api balan innawa
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
ශාන් විමුක්ති [විමා]
එල එල
මේකත් දෙන ගමන් ඉතුරුටිකත් දෙමු ඔහොමම
බොහොම ස්තුතියි වෙච්ච මහන්සියට :)dg.gihan
keta wedakne ko 7 aeka para 10 danne
NIRO
ane ban dawasak dekak athulatha sub eka hadala dapan sathiyak yanakal inne komada balanne nathuwa....
සුනෙත්
රොම්බ තෑන්ක්ස් කොල්ලෝ....!
ගයාන් රූකාන්ත (ජෝනා)
අම්මෝ මම හිතුවේ සීසන් නවයම ඇදලා මේක පටන් ගනියි කියලා
කලින් සීසන් නවයම බලලා තියන නිසා ඊයෙම මේකත් ගත්තා
දුකෙන් හරි කඩ්ඩත් එක්කම බලන්න කියලා :( :( මෙන්න යකු අද සබ දීලා. :) :)
එල ඔහොම තමා ඉන්න ඕනේ....සබට තුති සහෝ පොඩ්ඩක් පරක්කු උනාට මොකෝ
අනිවා සබ් දෙනවා කියලා දන්නවනේ..එහෙනම් ජය!! :) :)කල්හාර ප්‍රසාද්
මේ උඹ මගෙන් අහගන්න එපා, රෙද්ද, උඹ බැලුවට අපි බැලුවෙ නෑනෙ. අපි මේ බලන් ඉන්නෙ සීසන් 7 සිංහලෙන් බලන්න, උඹ මගුලක් කතා කරනවා. "MDG" මචං මේක නවත්තලා 7 දෙන්න පටන්ගනින් බං, පිං සිද්දවෙයි.
ගයාන් රූකාන්ත (ජෝනා)
හික්ස්.. :) :)
sasitha madhuwantha
ane bro apita meka blnna klin S07 blnna one. plzzzzzzz eka dennnnooooooo. ee wgema oya me karana deta jayenjaya.... elzzzzzzzzzz brooooo
Jamson
අයියෝ මචං මේක නම් හරියන් නැ .. උඹ මේක දෙන එකෙන් වෙන්නේ සීසන් 7 පරක්කු වෙන එකයි :( .. පිළිවෙලට 7- දැන් සීසන් එකට වෙනකන් දෙන්න පුළුවන් නම් මිට වඩා වටිනවා . මේ සීසන් එකනම් දැනට සතේකට වැඩක් නැ .. එත් උඹ දාන නිසා බානවා.. 7 දීල හිටපන් බන් ... 10 න් නම් නවත්තන්න එපා මේක දෙන තාක් කල් උඹම සබ දිපන් .. උඹේ සබ් හරිම රසයි බන් ...පටන් ගත්ත වැඩේ ඉවරම කරලා මිසක් නවත්තන්න එපා
Praveen
ඔන්න පිස්සොනේ 7 දීලා.. දැන් ඉතින් කෑ නොගහා ගිහිල්ලා බලාපියව්.. :D
http://www.baiscopelk.com/supernatural-s07-e01-sinhala-subt…
kasun
මොන මගුලක්ද බන් මන් බලනවා සීසන් ඉතුරු ටික තේරේන විදියට :-D .......මදෑයි බලන් හිටියා සීසන් 07 බලන්න ........
saman
machan 7 th dapan ikmanatama
Sadis M. Kulatunge
macho season 07 08 09 nadda bng! ewat diynko. thanku
SNTL
පිස්සු කෙලින්න එපා බං... උඹ මේකට කාලෙ යොදවනවා කියන්නෙ ඉතිං සීසන් 7 හම්බෙන්නෙ නෑ කියන එක තමා. විකාර නැතුව 7 දෙන්න පටන්ගන්න. මේක පස්සෙ දෙන්න බැරියෑ. පිළිවෙලට වැඩේ කොරහන්කෝ බං, එපා වෙනවනේ, දැන් ඉතිං සබ නැතුව හරි බලන්න වෙනවා මොනවා කොරන්නද :-(
Praveen
ඔන්න පිස්සොනේ 7 දීලා.. දැන් ඉතින් කෑ නොගහා ගිහිල්ලා බලාපියව්.. :D
http://www.baiscopelk.com/supernatural-s07-e01-sinhala-subt…
Bhanuka
ඔව් බන්. සීසන් 9 වෙනකන් සබ් නැතුව බලන්න පුලුවන්නම් 10 ඉදන් මොන සබ් ද බන් ආපහු
“චූටී මල්ලි”
මාත් හිතුවෙ පලවෙනි සීසන්9ම දිලා ඉදිවි කියලා
හැබැයි ඉතින් මෙහෙම 10නි එක දුන්නා කියලා
කට්ටිය තරහගන්න එකනම් ම්ම අනුමත කරන්නෙ නෑ
කියලා තියෙනෙ අනික් සීසන් ටිකත් ඉක්මනට දෙනවා කියලා
9නි එක බලලා ඉවර අයටත් සින්හල එක්කම බලතෑකි අපි 9නි එක බලලා ඉවර වෙනකොට 10නි එකත් ඉවර වෙලා තියෙයි එතකොට ඒකත් එක හුස්මට බලලා දැම්මැහැකි
එල එල
සබට තුති
ඔබට ජය.............තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)KaSun Chathuranga
ThanxXx mchn :) uba loku help ekak kle meka enkn ne bn masa 5k blgena htye :/ thnxxx again mchn 11 , 12 kloth nawattanne natuwa a tkt dpn ape kollo hmotma eng ba ne bn anika me wge fatta series ekakta sub dnwa kynne (Y) dgtma krpn mchn :D thnxxx again bro!!! :) :) :)
janith
machoooo oya nan deyyek nemey dewaaalayak ammapa bn ubata jayawewa
ඉසු ඩිපි (Isu DP)
නියමයි MDG සහෝ..
පට්ට පට පට.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!pathum sankalpa
me MDG AIYA FACEBOOK innawada innawanam mata name eka kiyannakoooooooooo???/
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
nishshanka Ruwan
ස්තූතියි :)
lakshan
piliwelata sub tika diyan mchn.....ela kiri
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

නියමයි සහෝ එල සුපිරි වැඩක් ...
සුභපැතුම්..
දිගටමකරගෙනයමු.
ජයවේවා...!