තවම සීසන් 7 බලන අයට පණිවිඩයක්…. පහුගිය සතියේ එපිසෝඩ් එකට වැටුන කමෙන්ට්වල හැටියට මට පෙනුනේ තවම සීසන් 7 බලන අය ටිකක් කලබල වෙලා වගෙයි මේ සීසන් එක දෙන එක ගැන 😛 හොදයි, මේක ඇමරිකාවෙත් දරුණු cult following එකක් තියෙන ෂෝ එකක් නේ. අවස්ථා කීපෙකදිම නිෂ්පාදකයෝ වැඩසටහන නතර කරන්න උත්සහකලත් බැරිවුනෙත් ඒ නිසාම තමය…

තවම සීසන් 7 බලන අයට පණිවිඩයක්….
පහුගිය සතියේ එපිසෝඩ් එකට වැටුන කමෙන්ට්වල හැටියට මට පෙනුනේ තවම සීසන් 7 බලන අය ටිකක් කලබල වෙලා වගෙයි මේ සීසන් එක දෙන එක ගැන 😛 හොදයි, මේක ඇමරිකාවෙත් දරුණු cult following එකක් තියෙන ෂෝ එකක් නේ. අවස්ථා කීපෙකදිම නිෂ්පාදකයෝ වැඩසටහන නතර කරන්න උත්සහකලත් බැරිවුනෙත් ඒ නිසාම තමයි. ඉතින් 10.1 එපිසෝඩ් එකට ආපු ප්‍රතිචාරවල තේරුම මං සාර්ථකයි කියන එකයි, එහෙම නේද?
මෙච්චර කල් මගේ උපසිරැසිය එක්කම කතාව බලන්න බලා හිටපු ඕගොල්ලන්ට මේ තත්වය ගැන පැහැදිලි කිරීමක් කරන්න වටිනව. ඒ නිසා මෙහෙම ලියන්නම්.
ඇත්තටම මේ සීසන් එක දෙන්නේ හේතු දෙකක් නිසා, එකක් මේ වෙනකොට සීසන් 9යම බලලා තියෙන අයට ඕනෙනං බලන්න. අනික් හේතුව තමා, එන විදිහටම දීගෙන ගිහාම මට පස්සේ කරන්න මේ එපිසෝඩ් ගොඩ ගැහෙන්නේ නෑ. ඒක මට පහසුයි, ඒ වගේම සීසන් 9 බලලා ඉවර වෙනකොට ඕගොල්ලන්ටත් හිතෙයි මේ ටික මෙහෙම දීලා තිබුන එක හොදයි කියලා, නැද්ද? 😕
ඇත්තටම තව දීපු නැති එපිසෝඩ් 50කට වැඩි ගානක් තියෙනවා. මං නොදන්න අනාගතේ ගැන පොරොන්දු දෙන්නේ නෑ. හැබැයි මං උපරිම උත්සහ කරනවා ඒ ටිකත් මමම දෙන්න. හැබැයි බැරිවුනොත්, ඒ බව ඕගොල්ලන්ටත් සයිට් එකටත් කියලා, ඒ ටික වෙන කෙනෙක් හරි දෙන බව සහතික කරගෙනයි නවත්තන්නේ. (හදිස්සියේ මං බස් එකකට යටවෙලා මළොත් ඇරෙන්න :-P)
ඒ වගේම මමත් වැඩි වැදගත්කමක් දෙන්නේ දීපු නැති සීසන් ටික දීල ඉවර කරගන්න එක ගැන තමයි. කරන්න ගිය Ancient Aliens එක තාවකාලිකව නතර කලෙත් ඒකයි. ඒ නිසා කලබල වෙන්න එපා. මෙච්චර කල් බලාගෙන ආව විදිහට සීසන් 7 බලන්න. මේ එපිසෝඩ් දැන් සීසන් 10 බලන අය ඉන්නවනං බලයි. නැත්නං ඕගොල්ලෝ සීසන් 9 බලලා ඉවර වෙනකම් සයිට් එකේ තියෙයි. දැනට මේක නොදැක්ක වගේ යන්න. බලන දවසක පුලුවනං කමෙන්ට් එකක් දාගෙන යන්න.
මං කලිනුත් කිව්වා වගේ, මං පොරොන්දු දෙන්නේ නෑ. හැබැයි, මෙච්චර කල් ඕගොල්ලෝ මං ගැන තිබ්බ විශ්වාසෙ රකින්න උපරිම උත්සහ කරනවා.
මං හිතන්නේ ඒ පැහැදිලි කිරීම ඇති නේද? 🙂
————
ඉතින් අද කතාව කලින් කතාවේ දිගුවක් බව කියන්න ඕනේ නෑනේ. ඒ නිසා වැඩි විස්තර කිව්වොත් කුතුහලය නැති වෙනවා.
කෝල්ගේ ග්‍රහණයෙන් පැනගන්න සෑම් ආයිම ඩීන්ව හොයනවා. මේ අතරේ ක්‍රව්ලි තේරුම් ගන්නවා එයාටවත් ඩීන්මන්ව පාලනය කරන්න බැරි බව. මේ අතරේ කැස් තව තවත් දුර්වල වෙන බවයි පේන්නේ
ඉතින් කතාව බලලම දැනගමු මොකද වෙන්නේ කියලා.
———-
අද කතාවේ නම “Reichenbach ” ෂර්ලොක් හෝම්ස්නුයි මොරියාටියි වැටුන ස්විට්සර්ලන්තේ තියෙන දිය ඇල්ලයි
අධ්‍යක්ෂණය : තෝමස් ජේ රයිට් (Thomas J. Wright)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb)
විකාශනය වුනේ : 2014 ඔක්තෝම්බර් 14
මීලග කොටසෙන්:
10.3 Soul Survivor (2014 ඔක්තෝම්බර් 21)
Promo
120 MB කොපිය මෙතනින් බාගන්න 505e003e6d0ac4ac0f84367477aeea668814b26a 219 MB කොපිය මෙතනින් බාගන්න 1fe4fee72c2cd44af59413d0843646de48646089 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,485 downloadsDownload Supernatural.S10E02.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
43 comments
ravindu
dilshan
ela,thanks saho.man sahoge supernatural season 1 episode 1 ekatah comment ekak demma saho eka dipu dawasema.e wagema mata mara satutak etiuna saho supernatural walata sub denna gatta ekata.itin sahoge sub ekakwath download karala beluwe neti unath,(mokada mama supernatural 2009 idan hema satiyakama balana kenek nisa)season 10 nan sahoge sub ekka tamai aniwaryayen balanne.digatama karagena yamu.
Dilip
දැන් මම තව දවස් දෙකක් බලන් ඉන්න එපැයි :(
sajeevi
ස්තූතියි.
මේක ඉවර කරනකම් ඔයාට මැරෙන්න වෙන්නේ නැහැ MDG,
මොකද කට්ටිය ගුරුකමක් හරි කරලා ඔයාව ගේනවා ඩීන් වගේ.nuwan
සිරා සිරා .........
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
මොනවා කියනවද කොල්ලෝ. මග බලන් ඉන්නේ ඔයාගේ සබැ එනකල්..
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)චන්දිම අමරසිංහ
පිස්සු කෙලින්න එපා සහෝ... Supernatural කියන්නේ MDG නේ...
සුභපැතුම් දිගටම කරගෙන යමු...
ජයවේවා ඉදිරියටම යමු.. $$%D.Chamara
maranna wehilo katha kiyanawada yako eta passe api meka balanne kohomada
pissunam katha karanna epa hriya
thank saho degatama karagena yamu jaya... :DShan Jayarathne
Ayyow thawa dawas 2k blan innah epay......
sanjeewa
thanks
oshan
We belive you .thanks
gayan
denakam balan hitiye saho aniwarayenma nawathwanne nathiwa denna patta thanks machan
Hacker
We want Season 07/08/09 Subtitles :D If you die i will sacrifice my Soul to demon and bring alive to srilanka :P
Dilshan
Thanx Macho...
Mama season 9ma baluwa.
uba api gena hithapu ekata bokkenma thanx..
digatama sub denna saho... :-)pamuditha
thank U
මේක නිකං ITN වල කෝපි කඩේ වගේ නේද යනවා යනවා යනවා ඉවරයක් නෑ යනවා වෙනසකට තියෙන්නේ මේක බලං ඉන්න පුළුවන්.
;) ;) ;)Ranil srimal
අනේ, සහෝ ඔයා කොහොමහරි දිගටම supernatural එක්කම ඉන්න ඕන.
ඇත්තටම අපි බලන් ඉන්නේ, කවදද ඊලග කොටස ගේන්නේ කියලා. :)
පුළුවන් ඉක්මනට 7-4 කොටසත් දෙන්න.
ඔයාගේ සබ් නිසාමයි මේ කතාව බලන්නේ.
ඔයාගේ සබ් හරියට, supernatural එකට, සිංහල Dub කරලා වගේ. :)
නියමයි.. සහෝ!
දිගටම සබ් දෙන්න, ඔයාට ඇවැසි ශක්තිය ලැබෙන්න කියලා, ප්‍රාර්ථනා කරනවා.
ජය...!Kulanjana Maduranga
Mcn marena 1ka gn nm kata krn epa. Ubata thawa kal jewath wenn puluwan.baya natiwa I dapan. Pissu krn natiwa sub denna macho. Thanksssssss MDG saho. Digatama sub denna shakthiya labewa. Jaya wewa......
Tharindu
THNX macho Sub ekata Supernatural ube show eka MDG digatama sub diyan
Cena
Ane macho ikamanata 7 dipan...man 6t balala iwarai....uba danakam maga balainne
czRGsl
supiri wadak MDG saho.......... anith ewath ikmanata denna..............
Jamson
season 10 බංග වේවා ..season 07 ජය වේවා
ගයාන් රූකාන්ත (ජෝනා)
පිස්සු කතා කියන්න එපා යකු.
හැබැයි මම නම් සීසන් 10 බලන්නේ.
එලම තමා පරක්කු පරක්කු වෙයි කීවට ඔය ගෙනත් තියෙන්නේ වෙඩි වගේ
ඔන්න සබ ගත්තා ජය!! :) :)“චූටී මල්ලි”
බයවෙන්න එප සහෝ
උබලා වගෙ උන් එහෙම මැරෙන්නෙ නෑ
එල එල
සබට තුති
ඔබට ජය.........nishshanka Ruwan
ස්තූතියි :)
ANJANA
thanks...
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Kasun Sudara
machn umbata season 7 indan subs denda amarunan wadath ekka site ekata eka kyla wena puluwan kenekta bara dena eka honda nadda??ethakota kathwa complete wenawa..thawa kenek wade karala sathutu wenawa..nththan mw series eka hamadama eka thana
thil
thanks brother. waiting for next episode with sub. keep it up......
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
R.D
කොහොම හරි කිව්ව විදියටම season එකේ ඔක්කොම ටික දුන්න එහෙනම්.MDG සහෝ......ඔබට අපගේ උපහාරය.............
Keshan Wasala
ඔන්න සහෝ සබ එක ගත්තා බොහොම ස්තුතියි :D
prabhath
Thanks
Kushen
Thanks macho :)
Bhanuka
menna balana dawasa machan. thnx a lot
chamini
thanks bro
Sahan
thankz a lot saho sub ekata...
pramuk
thanx macho elakiri
LAKSHAN
සබ් එකට බොහොම ස්තුතියි සහො
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට...
KAVINDA GAMAGE
thank you
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ.
maduka
thank you sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Ela saho godak thanks denakam balagena hitiyee :D