200යි! ස්තුතියි! හම්මේ… දෙසීයයි! දැන්නං මට ඇති ඇති වගේ. 😉 මේ කඩයිම් අතරේ ලොකු කාල පරතරයක් නැති හින්දා දැනෙන්නේ ආයි ආයි එකම දේ ලියනවා වගේ. ඒත් ලියන්න වෙනස් දෙයක් නෑ. නැවත නැවත නැවතත් වෙනදා වගේම ස්තුති කරනවා මේ වෙනකම් මට මේ වැඩේට අදහස් දැක්වූ, දිරි දුන්, සුභ පැතු, සහය සහ උපදෙස් ලබා දුන් සියලු දෙනාට.…

200යි! ස්තුතියි!
හම්මේ… දෙසීයයි! දැන්නං මට ඇති ඇති වගේ. 😉
මේ කඩයිම් අතරේ ලොකු කාල පරතරයක් නැති හින්දා දැනෙන්නේ ආයි ආයි එකම දේ ලියනවා වගේ. ඒත් ලියන්න වෙනස් දෙයක් නෑ. නැවත නැවත නැවතත් වෙනදා වගේම ස්තුති කරනවා මේ වෙනකම් මට මේ වැඩේට අදහස් දැක්වූ, දිරි දුන්, සුභ පැතු, සහය සහ උපදෙස් ලබා දුන් සියලු දෙනාට. ඇයි, පසුබිමේ ඉදන් වෙහෙසෙන බයිකොප් කණ්ඩායමටත් බොහොමත්ම ස්තුතියි!
ඉතින්, පහුගිය ටිකේ සැහෙන ප්‍රමාදවීම් ඇති වුන බව පිළිගන්නේ නැතුව බෑනේ. එහෙම වෙත්දීත් අත් නොහැරම මා එක්ක හිටපු, කමෙන්ට් කරපු, මං ගැන විශ්වාසෙ තියපු කට්ටයට මං හිතන්නේ විශේෂ ස්තුතියක් හිමි වෙන්න ඕනේ. තවදුරටත් මෙහෙමම, මා එක්ක රැදේවි, අදහස් දක්වාවි කියලා හිතනවා. එච්චරනේ මට ලැබෙන එකම දේ. මෙච්චර දුර ආවෙත් ඉතිරි දුර යන්න පුළුවන් වෙන්නෙත් ඒ මතමයි. අනික, ඉදහිටලා වැටෙන “අමන කමෙන්ට්” 😛 , මම ගණන් නොගත්තත්, මං වෙනුවෙන් ඒවාට විරුද්ධව තරහ ගත්ත, කතා කරපු හැමෝටමත් හෘදයාංගමව ස්තුති කරනවා. ඒ හිතවත්කම හයියක් වුන බව අමුතුවෙන් කියන්න ඕනේ නෑ මං හිතන්නේ.
විශ්වාස කරනවා උපසිරැසි දෙසීයක් වෙනුවෙන් වැයකරපු ශ්‍රමයත් කාලයත් අපතේ ගියේ නෑ කියලා. මං දීපු උපසිරැසිවලින් ඕගොල්ලන්ට වැඩසටහනක් රසවිදින්න පුළුවන් වුනානං මගේ උත්සාහය සාර්ථකයි. මං උපරිම උත්සහ කලා බලන අයගේ රසවින්දනයත් දෙබස් වල තේරුමත් දෙකම ගැන හිතලා උපසිරැසි හදන්න. ඒත් මං දන්නවා වැරදි අඩුපාඩු ඕන තරම් තියෙන්න ඇති. ඒවා ගැන සමාව ඉල්ලනවා. උපසිරැසිනං දෙසීයක්ම හැදුවා තමයි, ඒත් මං ආපු වැඩේවත් තවම කරලා ඉවර නෑ. බලොපොරොත්තු වුනේ නෑ මෙච්චර කල් අදින්න. මොනව කරන්නද ඉතින්. ඒ ගැනත් සමාව ඉල්ලනවා. කොහොම වුනත්, ආපු වැඩේයි පස්සේ බාර ගත්ත ඒවයි ඔක්කොම ඉවර කරලම යන්න (දැනට තියෙන ඒවා, හොදේ, බුදු අම්මෝ, තවම ආපුවත් නැති එවානං නෙමේ! 😛 ) මං පුළුවන් තරම් උත්සහ කරන බව කියන්න ඕනේ. මේ කඩයිම් කොහොම පහුවුනත්, ඇත්තටම මං සතුටු වෙන්නේ ඒක ඉවර කරලා යන්න පුළුවන් වුනොත් විතරයි.

කලින් සතියේ කිව්වනේ කැස් කේන්ව හොයාගන්න ලං වෙනවා කියලා. හොයාගෙන බැලින්නං කේන් අමුතුම ව්‍යාපෘතියක් පටන් අරන්. කේන් කරගෙන යන ව්‍යාපෘතිය නවතන්න ඩීන් අතට නොගන්නම ඕන දේ ආපහු අතට ගන්නවා. මොකද ඒකෙන් වෙන්නේ කියලා කතාව බලලම දැනගමු. මේ අතරේ ක්‍රව්ලිගේ අම්මගේ සැලසුම් සාර්ථක වෙන තැනට පාර හැදෙනවා. ඒකත් බලලම දැනගමු.
————————–
අධ්‍යක්ෂණය : ෆිල් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : රොබර්ට් බෙරන්ස් (Robert Berens)
විකාශනය වුනේ : 2015 පෙබරවාරි 17
මීලග කොටසෙන්:
10.15 The Things They Carried (2015 මාර්තු 18) – ඊලග එක තව මාසෙකින්, හොදේ 😉
ඉතින්, ආයිමත් කියන්නේ, හැමෝටම බොහොම ස්තුතියි! ඉදිරියටත් පුළුවන් තරම් කල් මගේ උපසිරැසි සමගත්, හැමදාමත් බයිස්කෝප් සමගත් රැදෙන්න කියලා ඉල්ලනවා. 🙂
ඔබ සැමටත් බයිස්කෝප් අඩවියටත් ජය!
0ABA931ED7A7FF2691B142C06D463E6C9589B9EB CF55EF316F4A9DC599FE86B237A5EB0563CD8145 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,865 downloadsDownload Supernatural-S10E141.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
61 comments
Isuru
Rukshi
සුබ පැතුම් ඔයාට. ඒ වගේම ගොඩක් ස්තූතියි අපි වෙනුවෙන් කාලය කැප කරලා වෙන මහන්සිය වෙනුවෙන්.
ලසා
සබ කෙසේ වෙතත් මේන්වයි උන්නු යක්කු ටික මතක තියා ගත්ත එකක් පට්ටම වැඩක්.
ඒකෙන් මේකෙන් මොකෝ ද්විත්වශතක ලාභියෙක් උනානි කෝම හරි.
සුබම සුබ පැතුම් මචං. දිගටම ඕනී හරියේ.
නැතිනම් බයිස්කොප් එකට යක්කු නැති වෙනෝනි. ;) :DDulan
Congrats saho!!!
දුලිත රාජපක්ෂ
දෙනකන් හිටියේ. බොහොම ස්තුතියි සබට. දිගටම කරගෙන යමු මචං. සුබපැතුම් 200 ට.
නලින්
හම්මේ! ඉතින් ඇති කියලා බැ බං.. තාම 200 නේ තව නම් ඉතින් ලොකු ගමනක් තියනවා නේ. මේ අවා වගේ තව ඉදිරියටම යන්න ඕනේ.. ඉතින් එහෙනම් මේ කඩඉමට මගේ සුබ පැතුම් මචෝ. නම දන්නේ නැති එක ලොකු අඩුවක් වගේ.
එහෙනම් ස්තුතියි මචෝ
ජය වේවා!
Prabath
subapathum macho
thx sub ekatawioduranga
subapathum sahoo 200ta
300k lagadima gahamu...
thanx sub walataJamson
Great work machan.. congrats for 200th.. keep up good work and never give up.. You are the best sub provider here...Thanks
Kasun Widusha
මචන් කියාගන්ඩ බෙරි තරම් සතුටුයි.....මම tv series බලන්ඩ පටන්ගත්තෙ උබ sub දෙන supernatural එකන්, එදා ඉදන් උබ සුබ් එකක් දානකල් බලන් ඉන්නව.......ගොඩාක් ස්තුතියි සහො අපේ රසවින්දනයට ඔයාගෙ වටිනා කාලය කෙපකරල මෙවගෙ දෙයක් කරන එකට.........supernatural තියෙනතාක් කල් ඔයාගෙන්මඉ sub ඔනෙ සහො......200 ට හදවතින්ම සුබ පතනවා........කරගෙන යන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල..................ජය වෙවා මචො.................
Kasun Widusha
මචන් කියාගන්ඩ බෙරි තරම් සතුටුයි.....මම tv series බලන්ඩ පටන්ගත්තෙ උබ sub දෙන supernatural එකන්, එදා ඉදන් උබ සුබ් එකක් දානකල් බලන් ඉන්නව.......ගොඩාක් ස්තුතියි සහො අපේ රසවින්දනයට ඔයාගෙ වටිනා කාලය කැපකරල මෙවගෙ දෙයක් කරන එකට.........supernatural තියෙනතාක් කල් ඔයාගෙන්මයි sub ඔනෙ සහො......200 ට හදවතින්ම සුබ පතනවා........කරගෙන යන හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියල..................ජය වෙවා මචො.................
amuthu
suba pathum.
Thanuja Deema
200 වෙනි සබ් එකට සුබ පැතුම් සහෝ..... දිගටම දෙමු .... එල.... #MDG
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
සෑහෙන මහන්සියක් ඔයා වෙන්නේ
ඇත්තටම මේ වගේ ලොකු සීරියස් එකක් තනියම අදිනවා ක්ලියන එක මම වගේ නම් ලොවෙත් කරන්නේ නැහැ
කොහොම කරනවද කියලනම් හිතාගන්න බැහැ
එදා පටන් ගත්තු වැඩේ තවම එලටම කරගෙන යනවා
අතරමදින් එක එක කතා අහගන්න උන බව දන්නව
එක පිස්සෙක් ෆේස්බුක් එකෙන් සෑහෙන ප්‍රචාරයක් කරලා චෝදනා එල්ලකරා මම MGD කියල නමකින් සුපර්නචුරල් කරල කතෝලික ආගම ප්‍රචාරය කරන්න හදනව කියල, හේහ් හෙ..
එහෙමනම් සහෝ බෑයි කියල බෑ
දිගටම නොනැවතී ඉදිරියටම යමු
ජයෙන් ජය වේවා!chandana
සමහර කොටස් වලට කොමෙන්ට් ඉතාම අඩුවෙන් වැටුනු අවස්ථා මම ඕනෙ තරම් දැකල තියෙනවා එහෙම උනත් ඔයා මේක අතහැරලා දැම්මේ නෑ ඒ වගේ ම ඉදල හිටල බැනුම් අහන්න උන වෙලාවලුත් තිබුනානේ මොනදේ උනත් ඔයා සුපර් නැචුරල් එක තාමත් කරනවා ඔයාට වැටුන සමහර කොමන්ට් වලට වෙන කෙනෙක් නම් මොනතරම් අධෛර්යමත් වෙනවද ඉතින් මේ හැම දේකින්ම මට වැටහෙන්නෙ ඔයා ගොඩාක් ධෛර්යවන්ත නිර්ලෝභි නිරහංකාර කෙනෙක් බව ඔයා වගේ කෙනෙක්ට කවදාවත් වරදින්නේ නෑ සහෝ ඔයා කරන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..! දියුනුවෙන් දියුනුවට පත්වේවා..!
sachintha
ammooo 200... sellanda kolloo.... niyamai sahoo 250 th gahamu....
-==(czRGsl)==-
200 වෙනි සබ් එකට සුබ පැතුම් සහෝ........................ ජයෙන් ජය වේවා!....
sajeevi
200 වන උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
මේකත් එක්ක මමත් උපසිරැසි 200 ම බැලුවා.
ඔක්කොම නියමයි...Gayan
සුපිරියි මචෝ, හදවතින්ම සුබ පතනවා..දිගටම sub දීපන් මචන් 300ට තව වැඩිදුරක් නැහැනෙ.
Lakshan
Congrtz,Thanks!!!Bro,S8 eketh Last episodes 2 denna...
Kulanjana Maduranga
Wow.congrtz MDG saho......sub 200k lesi pahasu gemak nemei......hadawathinma suba pathanawa......
siyalu de mudal math yapena me kale kisima laba prayojanayak nathiwa krn me sewaya sahena watinawa....me sewaya digatama krn ynna labewa kyla prarthana krnawa....sahoge siyalu wada katauthu sarthaka wewa.....obata jayen jaya......
Kulanjana Maduranga
baiscope 1ken sub aragena comment 1k wth noda yn ayagen mm illanne api wenuwen me sahodara sahodario krnne sewayak...eken eyalata labeena 1kma de thama oyala dala yn 1ka wachanekin hari labena sathuta.....maha deyak ona na eyalage uthsahata ''isthuthi''kyla hari kynn puruduwenna kyla mm karunawen illanawa......
gayan
හදවතින්ම සුබ පතනවා..දිගටම sub දීපන් මචන්
නැතිනම් බයිස්කොප් එකට යක්කු නැති වෙනෝනි. ;) :Dවගේ කෙනෙක්ට කවදාවත් වරදින්නේ නෑ සහෝ ඔයා කරන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා..! දියුනුවෙන් දියුනුවට පත්වේවා..!
Asel
සුපර්නැචුරල් නම් MDG ම තමා අයේ ඉතින් වෙන කියන්න දෙයක් නෑ :D
සුපිරි මචන් !!!
ඉතුරු සීසන් එකත් ඉක්මනට ඇදල දාල ගේම සම්පූර්න කරමු ,
ජය වේවා !!!thilini
Very nice brother. keep it up..
ISHAN
Gud Luck brOooo. 300k ona.
nuwan
niyama wadak machan api hamadama uba ekka innawa....
dilan
ela ela bro..good luck..
Kushen
mama supernatural season 01 idalama ube sub ekka balanne...ada wenakan ube sub nathuwa eka episode ekakwath balala na...kohoma hari datha kagena uba sub eka denakanma balagena innawa..a tharamatama ube sub ekata addict wela inne...mama kawadawath ube sub wala kisima aduwak dakala na..baiscope eke sub karana ayagen supirima dial ekak thamay uba...api hamadama uba ekka innawa...good luck brother :)
Kushen
aah thawa ekak api thama season 08 balana set eka hode :) ...late novi ikmanata sub denawanam loku udawwak sahooo
manoj
thankxxx saho digatama karagena yanna.. jaya wewa.. Good luck..
Keshan Wasala
උණුසුම් සුබ පැතුම් සහෝ 200 වැනි උපසිරසියට. මමත් ලගකදී ඉදල තමා ඔයා සබ් දෙන සුපර්නැචුරල් බලන්න ගත්තේ අපරාදේ කියන්න බෑ ඔයාගේ සුපිරි සබ් එක නිසාම කතාව බලන්න අසා හිතුනා :D සිරාවට මේ සෑම් ඇන්ඩ් ඩින් එවුන් දෙන්න කියන වචන වල තේරුම හොයලා ඒවා අපිටත් කියලා දෙන්න තරම් ඔයාගේ කැපවීම අගේ කරන්නම ඕනේ දෙයක් ..ඕක නිකන් බැලුව නං මුන් දෙන්නගේ අන්ඩර දෙමළ අපිටත් තේරෙන් නෑ :P ගොඩක් දෙනෙක් අදහස් නොදැක්වුවත් නොනවත්වා අපිට මේ කතාව ලබා දුන්නට බොහොම පින් ...කරන කියන සියලු කටයුතු ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ද වේවා !! නවත්තන්න එපා සහෝ :D දිගටම යමු නොනැවතී (Y) ජය වේවා !!
Tanya
Godak sthuthie ayya me karana wadeta. epa wela athi ayyata ona tharam. eth api gana hithala me karana sewayata godak sthuthie. Jaya wewaa !!
isuru
200 sub ekata suba pathum bro!
කණිශ්ක මල්ලි
සුබ පැතුම් අයියේ ඔයාට..ඔයා සබ් දුන්න නිසාම Ancient Aliens සීසන් ටිකත් බලන්න පටන් ගත්තා :) ..ඒකටත් සබ් දෙන්න කියලා ඉල්ලන්න බෑ නේ ඉතින් නේද,සුපර්නැචුරල් එකට සබ් දෙන එකම ඇති..සීසන් 14ක් එන කතාවක් තියෙනවනේ ඉතින්..කොහොම කොහොම හරි ඒ ටිකටත් සබ් දාමු අයියේ :P
Asel
සුපර්නැචුරල් නම් MDG ම තමා අයේ ඉතින් වෙන කියන්න දෙයක් නෑ :D
කේ.යූ.ජී. උදාර
මාත් ඊයේ පෙරේදා ඉඳන් තමයි සුපර් නැචුරල් බලන්න ගත්තෙ. ඒ මොකවුණත් සබ් 200 ක් දෙනව කියන්නෙ ලේසි කෙලියක් නෙමෙයි. ඔයාල වගේ සම්පත්දායකයින් අද වගේම හෙටටත් චිත්‍රපටි බලන අයට බොහොම වටිනවා. ඒ හින්ද මේ වැඩේ නවත්තන්න හිතන්න එපා. පුළුවන් විදිහට දිගට ම මේ වැඩේ කරගෙන යමු.
200 ට මගේ උණුසුම් සුබ පැතුම් සහෝ......... සිංහල සබට බොහොම ස්තූතියි.රොයිලි
මගේ අම්මෙ එසේ මෙසේ වැඩක්ද 200 ක් සබ් දානවා කියන්නෙ. මොනා වුණත් මම වැඩියෙන්ම අගය කරන්නෙ පටන් ගත්තු දේ නොනවත්වාම ඉදිරියට ගෙනාව එකයි මේකත් එක්ක තව කතා මාලාවනුත් ඇදගෙන යන එකයි. හැමදාම වගේ බොහොම ස්තූතියි කියල කියනවා සිංහල උපසිරැසියටත්. තව ටික දවසකින් මේක ඉවරයක් කරල දාලම තව සුපිරි එකක් පටන් ගනී කියල හිතනවා. එහෙනම් ජයම වේවා෴෴ :P :P
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ඔන්න ඉතිං මම උඩ ඉඳගෙන පහලට එනකං ඔයාට දාපු කමෙන්ට් කියවාගෙන ඇවිල්ලා තමයි මේ
කමෙන්ටුවක් දාන්න හදන්නේ.ඇත්තටම කියන්න දෙයක් ඉතුරු කරලා නෑ.
මෙච්චර උපසිරැසි කරන්න වෙච්චි මහන්සිය ගැන දන්නේ උපසිරැසි දාන අය විතරයි.
උණූසුම් සුබපැතුම් එකතු කරනවා ඔයාගේ 200 වෙනි උපසිරැසියට.
මේ විදියට දිගටම උපසිරැසි සැකසීම වගේම අනෙක් වැඩ කටයුතු පවා සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට
පත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ආයු -බෝ -වේවා !!!
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
ඇඩෙනවා සහෝ.
ඇත්තටම මරේ මරූ.
නියමයි.
ගොඩ දෙනෙක් වගේ මාත් සුපර්නැචුරල් බලන්න ගත්තේ, සයිට් එකෙන් සබ් දෙන්න ගත්තු නිසා.
නමුත් ඔයාගේ සබ් එක්ක කතාව බලන්න ගත්තු නිසා කතාවට නිකම්ම සිත ඇදිලා ගියා.
දැනට සීසන් 6ක් ඉවර වෙනකම් තමා බලා තියෙන්නේ.
ඒ හැම කොටසකම සබ් වලට අදහස් දැක්වීම පිලිබඳව සතුටු වෙනවා.
මොකද ඒ අදහස් ඔයාට ශක්තියක් වන නිසා.
200 වෙනි කඩයිමට හෘදයාංගම උණුසුම් සුබ පැතුම්.
තව තවත් සබ් හදන්නට අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
සියලු වැඩකටයුතු සාර්ථක වේවා!
ජයෙන් ජයම වේවා, සහෝ!!!!!!ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඇත්තටම සතුටුයි. :-)
මම Supernatural සීසන් 2ක් විතරයි තාම බලලා තියෙන්නෙ.
මේකත් කියන්නම ඔනේ. මේ Site එකේ ගුණාත්මක උපසිරසි දෙන ගොඩක් අය ඉන්නවා.
ඒ අය අතර ඔයා සුවිශේෂියි. සබ් එකේ යටින් දාන අමතර විස්තර ගොඩක් අගය කරන්න ඔනේ.
අනික තමයි ලිපියේ දැනුමට කියලා දාන කොටස. ඒ දේවල් ගොඩක් අය නොකරන දේවල්.
මේ කතාව CW එකෙන් නවත්තනකම් ඔයාගෙන්ම සබ් ලැබේවි කියලා හිතනවා.
අනිත් කියන්නම ඔනේ දේ තමයි, මෙතනින් නවතින්න එපා කියන ඉල්ලීම.
තවත් සුපිරි කතාවක් ඔයාගේ සබ් එක්ක බලන්න ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනාව.
ජය වේවා. !Ama
හදවතින්ම සුබ පතනවා.
ජය වේවා !!!!!Yenu
MDG brother aththatama oya gena kiyanna wachana na,supernatural digatama balanna hithune aththatama oya deepu sub nisa,Samge charithayata galapena widiyatath,Deange dagakara charithayata galapena widiyatath wena wenama wachana yodagena sub daala thibuna hati wishishtai,e wagema wisheshayenma kiyanna oni Dean nitharama eka eka moviewala character wala nam,e e agamwala prabandawala nam eka episode ekaka then 2 ,3kama pawichchi karanawa,e hema awasthawakama kisima kammalikamakin thorawa ewage mulashra hoyala balala e mona movie walada,mona prawada walada kiyana ape kuthuhaleta uththara sapayanna oya kisi welawaka amathaka kale na,aththama kiwwoth podi podi pramada weem thibunath oya sahena wagakeemen oya deepu sub walata sadaranyak itu kala.e nisa apinam hadawathinma oyata suba pathanawa sub 200k neme 400kinwath nawathinna labenna epa kiyala...MDG saho oya nam genius.....Digatama sub denna...NEVER GIVE UP....
සුපුන් බුද්ධික
නියමයි සහෝ...
ඇත්තටම සතුටුයි මේක නවත්තන්නේ නැතුව කරගෙන අපු එකට...
ආ තව 8 Season එකටත් ඉක්මනට දිලා දාමු.
තවත් සුපිරි කතවකින් හමු වෙමු.
200 වෙනි කඩයිමට සුභ පැතුම්..
ජය වේවා !!!ANJANA
thanks.. good luck!!!
lakshan
200 වෙනි කඩයිමට සුභ පැතුම්..තව තවත් සබ් හදන්නට අවැසි ශක්තිය හා කාලය ලැබේවා!
සියලු වැඩකටයුතු සාර්ථක වේවා!mihan
jaya weewaa sahooo !!!
digatama karamu , suba pathum !!!asantha
සුපර්නැචුරල් නම් MDG ම තමා
kasun
ela machan all de best
Dulanga sugeeth
mulinma 200 weni sub ekata suba pathanawa mcn!!!!
mama season 8 wnakan beluweuba depu sub ekka,sinhala sub netuwa 9 balamakota tama hodatama terune me vidiyat sub notibenna man supernatural kawadawatma balanne kiyana eka :D
mun kiyana vikara kata wala teruma comment ekak vidiyata dana ekay denumata kiyala lipiyak dana ekayt godak watnawa mcn
ewagema 10 season ekatat sub depu eka godak watinawa mcn:) nettan meka balana wennet sub netuwa tama:D
digatama supernatural walata oyage sub ona :)තිසර නියෝ
නියමයි. කියන්න වචන නෑ සහෝ. මාව සුපර්නචුරල් පිස්සෙක් කරේ ඔයාගේ සබ නිසා.. පිස්සුවෙන් වගේ මේක බලන්නේ....
:P
කලිනුත් කිව්වා වගේ බාරගත්තු වැඩේ අතරමග නතර කරන්නේ නැතුව මෙච්චර කල් ඇදගෙන ආවාට බොහොම තුති..
අම්මෝ නතර කරන්නනම් එපා සුපර්නචුරල් කවද හරි ඉඅවරයක් කරනකල්ම…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

congrtz mcho. Supirima Supiri hodada. Digatama sub demu. S8 eketh thawa 2ineh.