Watch Trailer

Supernatural [S13 : E10] Sinhala Subtitles | හිතුවක්කාර දියණියන්ගේ වික්‍රමාන්විතය.. [සිංහල උපසිරැසි සමඟ]

CW නාලිකාවේ වසරක් පාසා අරගන්න එපාම කරපු දීර්ග නිවාඩුවෙන් පස්සේ තමයි ආයෙමත් මේ සුපර්නැචුරල් තුලින් එකතු වෙන්නේ. කලින් කොටසේ මොකද වුණේ කියල මතක් කරගෙනම ඉම්මු. හුගක් නපුරු චරිතයක් පෙන්නුම් කරන අරමුණින් තමයි අපිට ජැක්ව මුල් කොටස් කිහිපයේ දකින්න ලැබුනේ. එයා ගිහින් හිටියේ ඩෙරෙක් කියලා ඩ්‍රීම් වෝකර් කෙනෙ…

 

CW නාලිකාවේ වසරක් පාසා අරගන්න එපාම කරපු දීර්ග නිවාඩුවෙන් පස්සේ තමයි ආයෙමත් මේ සුපර්නැචුරල් තුලින් එකතු වෙන්නේ. කලින් කොටසේ මොකද වුණේ කියල මතක් කරගෙනම ඉම්මු. හුගක් නපුරු චරිතයක් පෙන්නුම් කරන අරමුණින් තමයි අපිට ජැක්ව මුල් කොටස් කිහිපයේ දකින්න ලැබුනේ. එයා ගිහින් හිටියේ ඩෙරෙක් කියලා ඩ්‍රීම් වෝකර් කෙනෙක්ව හොයාගෙන. ජැක්ට ඕන වුණේ මේරිවයි, ලූසිෆර්වයි හිරවුනු එයාගේ බලයෙන්ම අරුණු අනික් ලෝකයට යන්න පාර හදගාන්න. මොකද ඒකට ජැක්ගේ බලය ප්‍රමාණවත් වුණේ නැති නිසා. ඉතින් ජැක්ට ඕන වුනු අර ලෝකේ දේවල් වගයක් එයාට ඩෙරෙක් කියන ඩ්‍රීම් වෝකර් හරහා දැකගන්න ලැබුනා. හැබැයි වැඩිය බලාගන්න වුණේ නැහැ මොකද ජැක් ඩෙරෙක්ට සම්බන්ධ වෙලා බලද්දී ඩෙරෙක්ට පවා දරාගන්න බැරි වුණා. එතනින් පස්සේ අපි දැක්කේ ඩෙරෙක්ගේ මරණය. කවුරු කොහොම වුණාද කියලා මුලින් පෙන්නුවේ නැති උනාට ඩෙරෙක්ගේ පෙම්වතියගේ කට උත්තරය නිසා හැමෝම වගේ හිතන්න ගත්තේ මේක ජැක්ගේ වැඩක් කියලා. ඒත් ඇත්තටම ජැක් නෙවෙයි ඩෙරෙක්ව මැරුවේ. කොහොම හරි මේ ගැන දැනගන්න ජෝඩි මේ ගැන ඩීන්වයි, සෑම්වයි දැනුවත් කරනවා. ඒවගේම මේ වෙද්දී ඩීන්ටයි, සෑම්ටයි ජැක්ව හොයගණන් බැරි නිසා එයාලා පෙෂන්ස් ටරන්ර්ගේ උදව් ඉල්ලලා කෝල් කලා නමුත් පෙෂන්ස් කිසිම ප්‍රතිචාරයක් දැක්වුවෙත් නැහැ. මොකද එයත් බය වෙලා හිටියේ ආයෙම කලින් වගේ වැඩ වලට බහින්න. ඇරත් එයාගේ තාත්තට එයා පොරොන්දු වෙලා හිටියේ ඒ වගේ දේවල් වලින් ඈත් වෙලා ඉන්නවයි කියලා. 

ජැක් මේ වෙද්දී තවත් ඩ්‍රීම් වෝකර් කෙනෙක්ව හොයාගෙන ගිහිල්ලා. සෑම් වගේම ඩීන් ජැක් ඉන්න තැනක් හොය හොය ගියා. එතකොට සෑම් ඩෙරෙක්ගේ ඊමේල් හැක් කලහම තමයි එයාට දැනගන්න ලැබුනේ තවත් ඩ්‍රීම් වෝකර් ගැන. එයාගේ නම කායා. කාත් කවුරුත් නැතිව ඉද්දි තමයි කායව කදවුරකට ගෙනැවිත් තියෙන්නේ. කායාව මුලින්ම මුණගැහුනේ ජැක්ට. ජැක් කායාට උදව් කලා ඒ කදවුරෙන් එලියට අරගෙන යන්න. ඒ වෙනුවට ජැක් හැදුවේ එයා ඩෙරෙක්ව පාවිච්චි කරලා අනික් ලෝකය ගැන බැලුවා වගේ කායා ලවාත් බලන්න.මේ අතරෙදි තමයි ජැක්ව හොයාගෙන ආපු ඩීන්ටයි සෑමටයි දෙන්නට ජැක්ව අතටම අල්ලගන්න ලැබුණේ. එතකොට තමයි ජැක් මුල ඉදන් වෙච්ච හැමදේම පැහැදිලි කරලා දුන්නේ. ඩෙරෙක්ව මැරුවේ ඒන්ජල්ලා වගයක් මිසා එයා නෙවෙයි වගේම මේරි තාම ජීවතුන් අතර ඉන්නවා කියන ඒකත් මේ දෙන්නට පේන්න සලස්වලා. කායා ජැක්ගෙන් ගැලවිලා පැනලා ගියාට පස්සේ එයා පැනලා යන ගමන් ඉද්දි ඩෙරෙක්ව මරපු ඒන්ජල්ලම කායාවත් පැහැරගන්නේ. ඒ අය කායා වෙනුවට ජැක්ව ඉල්ලුවා. ඒත් ඒ අයගේ සැලසුම් සාර්ථක වුණේ නැහැ. ඒ වෙනුවට ඒන්ජල්ලට කට්ටියම එකතු වෙලා පහර දුන්නා.මේ අතරෙදි තමන්ගේ තීරණේ වෙනස් කරගත්ත පෙෂන්ස් ඩීන්ට උදව් කරන අරමුණින් ජෝඩිව හොයාගෙන ගියා. සුළං බෙන කියන්නේ කායා සිහිනෙන් ඇවිද්න්න කැමති තැනක්. මොකද එතැනදී එයාට පවා හිරහැර වෙලා තියෙනවා. ඒත් කායාගෙන් හොදින් ඇහුවම අකමැති වුන නිසා ඩීන් එයාව බලෙන්ම වැඩේට කැමති කරගත්තා. කැමති කරගෙන මගක් දුර යද්දී කලින් සටන්දී පණ බේරගත්ත ඒන්ජල් කෙනෙක් තව ඒන්ජල්ලා රොත්තක් එක්ක ඇවිල්ලා මේ අයට පහර දෙන්න ගත්තා. අන්තිම හරිය නම් හොදටම තේරෙන්න ඇති කියලා හිතනවා. ජැක් හැදුවේ කායාගේ බලය පාවිච්චි කරලා හරියට අනික් ලෝකේ තියෙන තැන හොයාගෙන මේරි ඉන්න තැනටම යන්න. ඒත් ඒ වෙනුවට කායාට එයාගේ බලය හරියට ස්ථාවරව තියන්න බැරි වුන නිසා කායා හයියෙන් කෑ ගහන්න ගත්තා මේ එක්කම ඩීන් වගේම සෑම් අතුරුදහන් වුණා. හැබැයි ඒ එක්කම පළුද්දක් වගේ එකක් ආයෙම ඇතිවෙලා ද්වාරයක් ඇරිලා ජැක් විතරක් මේරි ඉන්න දිහාට ගිහින් තිබුණා. එතකොට කායා කොහේදෝ මන්දා සැහෙන්න දුරක තියෙන පාරක් ලගකට වැටිලා තිබුණා. එතකොට සෑම් වගේම ඩීන් දෙන්නා අර කායා යන්න බැහැ කිව්ව අර හුගක් භයානක ලෝකෙට ගෙනිහිල්ලා තිබුණා.

සෑම් වගේම ඩීන් දෙන්නා අර ලෝකේ තාමත් හිරවෙලා. මේ දෙන්නව බේරගන්න තමයි අද කොටසෙදි ජෝඩි, ඇලෙක්ස්, ක්ලේයර්, පෙෂන්ස්, කායා වගේම ඩෝනා හැන්ස්කම් වගේ විවිධ හැකියාවන් තියෙන කාන්තාවන්ගෙන් යුත් කණ්ඩායමක් එකතු වෙන්නේ. මේ කොටස ඇවිල්ලා CW ලගේ සුපර්නැචුරල් කතාමාලාවේ Spin-Off කතාමාලාවකට පාර කැපීමක් තමයි වෙන්නේ. මේ ගැන කලින් කොටසෙදි ලිපියකින් මං පැහැදිලි කලා. තවමත් ඒක බැලුවේ නැත්තම් ඒ ලිපිය බලන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද කොටස බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා.

එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!!

——-
අද කතාවේ නම “Wayward Sisters”
අධ්‍යක්ෂණය: Phil Sgriccia
ලිව්වේ: Robert Berens & Andrew Dabb, Andrew Dabb.
විකාශනය වුනේ: 2018 ජනවාරි 18
මීලග කොටසෙන්: “Breakdown”(2018 ජනවාරි 25)

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

12,530 downloadsDownload Supernatural-13x10.zip22 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

12,530 downloadsDownload Subtitles22 KB

49 comments

  1. rdulmina

    thada thada broo

  2. cmax

    elama bro..

  3. gayan215

    bohoma sthuthi sahoo...

  4. Mokshaya

    Thanks bro..

  5. winchesterniro

    Elama bro.... ✌️

  6. 12shehan

    thanks kollo

  7. pasindu_san

    Thanks bro

  8. geeganagamage

    බොහෝම ස්තුතියි මේක එනකම් මග බලාගෙන හිට්යේ .

  9. thanula D

    තෑන්ක්ස් බ්‍රෝ ඉක්මනටම සබ් එක දුන්නට.ජයවේවා....

  10. hansika

    Thanx bro

  11. nkrtharinda95

    THANKYOU For Sub

  12. sachintha

    Sub ekta thanks sahooo
    Jaya wewa...

  13. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
    ජයෙන් ජය..

  14. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...
    එනකම් හිටියේ....

  15. Lakshan Fernando

    Thank you

  16. Udara Damith Dissanayaka

    ස්තූතියි
    ස්තූතියි
    ස්තූතියි

  17. Dasun Nimantha

    Thank you for a quick response

  18. prasanga99

    thank u

  19. Isuru Upendra

    තැන්කිව් චාමර

  20. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම් වේවා...!!

  21. Januthchathuranga

    ThnQ for sub
    Good luck

  22. Tlf

    thank u bro

  23. Amila89

    THANKS BRO

  24. Anuradha Deshan

    jai lava kusa film ekata sub eka dennako

  25. naughty

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,

  26. trok

    tnx bro

  27. supun96

    chamara elaaa

  28. Dinuprasad94

    Thnx bro sub ekata

  29. SAnjula

    tnq bro...

  30. aroshpj91

    Thanks.

  31. Sub_zero

    thank you bro.......

  32. kasun tharuka

    tnx bro

  33. ttulanka

    thx shoo..

  34. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  35. lahiruavi

    ela bro...

  36. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  37. githmipalihawadana

    Mokadda ayye lipiyak gna kyl thynne

  38. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. DimuthuMadhumal

    Thank

  40. Niroshani maduka

    Thank you sub ekata..

  41. dilipvijethunga

    බොහොම ස්තූතියි

  42. Sajithlakshan

    බොහොම ස්තූතියි

  43. Dhanuka Max

    thanks brooo

  44. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  45. Amila Mudalige

    Sub ekta Thanks

  46. @imalkadananjaya

    thanks baiscope

  47. Sandarunimsara

    Sub ekata tnx bro

  48. madukadeshan

    thanks baiscope

  49. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජයෙන් ජයම වේවා....❤️❤️❤️