පසුගිය සතියෙන් ඩීන් හා ජැක්ගෙ දඩයම කලින් කොටසටත් කලින් කොටසෙ මතකනේ මේරි බොබීවත් එක්කන් ඩෝනාගෙ තැනකට ගියා. මේ දෙන්නව එක්කන් ගිහින් තිබුනේ ඩීන්. එයා ගිය අතරේ සෑම්ට චාලීගෙන් ලැබුණු ආරංචියක් මත සෑම් එයත් එක්ක දඩයමේ ගිහින් තිබුණා. ජැක්ට ඕන වෙලා තිබුනේ දඩයමේ යන්නයි. මේ නිසා එයා ඩීන්ට බල කරලා කියලා මේ දෙන…

පසුගිය සතියෙන්
ඩීන් හා ජැක්ගෙ දඩයම
කලින් කොටසටත් කලින් කොටසෙ මතකනේ මේරි බොබීවත් එක්කන් ඩෝනාගෙ තැනකට ගියා. මේ දෙන්නව එක්කන් ගිහින් තිබුනේ ඩීන්. එයා ගිය අතරේ සෑම්ට චාලීගෙන් ලැබුණු ආරංචියක් මත සෑම් එයත් එක්ක දඩයමේ ගිහින් තිබුණා. ජැක්ට ඕන වෙලා තිබුනේ දඩයමේ යන්නයි. මේ නිසා එයා ඩීන්ට බල කරලා කියලා මේ දෙන්නා දඩයමේ යන්න ගන්නවා. කේස් එක හොයාගෙන තිබුනේ ජැක්මයි. මනුස්සයෙක්ගෙ හපපු පාරවල් එක්කම හොයාගන ලැබුණු මිනියක කේස් එකක් හොයාගෙන ගියාම මේ දෙන්නට දැනගන්න ලැබුනා හාපර් කියන රූමත් තරුණිය එක්ක යාලු වෙන හැම කොල්ලම මැරිලා යනවා කියලා. පස්සෙ හොයාගෙන යද්දී දැනගන්න ලැබුනා මේ හාපර් කියන කෙල්ල පැවතගෙන එන්නේ භූත වෛද්‍යවරුන්ගෙන් කියලා. පරම්පරා ගණනාවක්ම එකම ටවුමේ හිටිය හාපර්ට එයාගෙ උසස් පාසලේ එයා එක්ක යාලු වෙලා හිටිය කොල්ලා උසස් පාසලෙන් අයින් වුනාට පස්සෙ ටවුම අතහැරලා යමු කියලා යෝජනා කලත් හාපර් මේකට කැමති වෙලා නැහැ. ඒත් එයාගෙ ඒ වෑන්ස් කියන කොල්ලා එයාවත් අතහැරලා යන්න ගිහින් තියෙනවා. හැබැයි හාපර් එයාව මරලා ආයෙම වතාවක් පණ දීලා එයා කැමති දේවල් කරවගෙන තියෙනවා. විශේෂයෙන්ම ටවුමෙන් පිට යන එක වලක්වගෙන තියෙනවා. ඒත් වෑන්ස්ට ජීවත් වෙන්න නම් සොම්බියෙක් කරන දේකට සමාන දෙයක් කරන්න ඕන. ඒ නිසාම තමයි හාපර්ට කිට්ටු වෙන හැම කොල්ලම වෑන්ස් මැරුවේ. කොහොම කොහොමින් හරි එයා ජැක්වත් මරන්න යද්දී එයාව කොටු කරගන්න ඩීන්ටයි ජැක්ටයි අවස්ථාව ලැබුනා. හැබයි හාපර් පැනලා ගියා. ඒත් හාපර් ගැන දැනගන්න ජැක් එයාට සමීප වුන නිසාම හාපර් ඇත්තටම ජැක්ට කැමැත්තෙන් හිටියෙ. සමහරවිට ඉදිරියේදී අපිට ආයෙමත් වතාවක් හාපර්ව දකින්න ලැබෙයි. සාර්ථකවම අවසන් කරපු දඩයම ඉවර වෙලා ගෙදර ආවම ජැක්ට තිබුණු කැස්ස ඩීන් ඉස්සරහම වැඩි වෙලා එයාව ඇදගෙන වැටෙනවා.
සෑම් හා චාලීගෙ දඩයම
මේ දෙන්නා හොයමින් හිටියෙ මිනිස්සු අතුරුදහන් වෙන සිද්දියක් ගැන. මේ දෙන්නට දැනගන්න ලැබෙනවා මස්කා කියලා මිනිසායි, මැස්සායි අතර ඉන්න හයිබ්‍රිඩ් ජීවීයා ගැන. මේ ඔය කියන මස්කා ජීවීන්ගෙන් කෙනෙක් තමන්ගේ සමුහය අතහැරලා මිනිස්සු හොයාගෙන වර්ගයා බෝ කරන්න මිනිහෙක්ගෙ ඇගක් ඇතුලේ කැදැල්ලක් හදන්නයි ඕන වෙලා තිබුනේ. කොහොමහරි සෑම් වගේම චාලී දෙන්නා එකතු වෙලා ඔය කියන මස්කාව මරලා එයාලගේ දඩයමත් සාර්ථකව නිමා කලා. ඒවගේම තමයි චාලී මේ දඩයමෙන් පස්සෙ මේ අයව අතහැරලා යන්න තිබුණු අදහසත් සෑම් වෙනස් කලා.
මිලග උපසිරැසියෙන් මුණගැහෙමු එහෙනම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම.
——
අද කතාවේ නම “Unhuman Nature”
අධ්‍යක්ෂණය: John Showalter
ලිව්වේ: Eugenie Ross-Leming & Brad Buckner
විකාශනය වුනේ: 2018 නොවැම්බර් 29
මීලග කොටසින්: Byzantium | 2018 දෙසැම්බර් 06

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,782 downloadsDownload Supernatural-S14E07.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
41 comments
Ishan Thilakarathne
Janith Jayasankha Adhikari
enakan balan hitiye ikmanata dunnata thanks brooooooooo
Supunkb
සබ් එකට තැන්ක්ස් මචන්........
Kingdomd
Thanks
Niroshani maduka
සබ් එකට ස්තුතියි..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයLanka k
Thank you
Kanchana
Thanx saho
කවිශල් රසින්ත (කවී)
බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා...!!
YasasPerera
thanks mchn
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචන්
Danuka0522
සබ් එකට ස්තූති සහෝ.....
Bhathiya gamage
thanks
ravidu ishan
Tnx mchn sub ekata ..!!
Kulanjana Maduranga
subata thanks
gayan215
bohoma sthuthi saho..
Ayesh Prashan
Thank You
suranuwan
thanks bro...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Udara Damith Dissanayaka
ela ne
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා.........!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
thanxx bro..........
God4x
8 denna broooo
D.Chamara
bohoma sthuthi sahooo jaya
Chathura Abhiman
8 denna bro
Ruwangunawaedena
අලුත් එකටත් දියං මචං
gabrial
adee aluth ekatath diyanko mcn ikmanata
chamindu_deshan
ado episode 8t one ikmnt
ravin rishmantha
anith eka dennedda bro
nkrtharinda95
කෝ මේ කැස්ටියල් කොල්ලා, ඩීමන් කෙනෙක්වත් අරන්ගිහිල්ලද Sub එක නැත්තේ. lol හදිස්සියක් නෑ හිමීට දෙමු
Anjuladsp
එකසිය එක්වෙනි පාරටද සබ් ඇවිත්ද බැලුවෙමි...
NuwandiSM
Sub එක එනකම් බලන් ඉන්නවා...
ravidu ishan
5×8 සබ් eka ko mcho
vishwanathmadhushanka
Thanks machn
Ara N Madhu
Awankawama sthuthi may wedeta.... Hungaak aasawen balapu balana tv series ekak....umbata jaya malli....
Amila Mudalige
Sub ekta Thanks
Savinduinduwara
Thank you
Sajithlakshan
thanks ................
Sandarunimsara
Sub ekata tnx bro
Kudz
ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ.... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොමත්ම ස්තුතියි සහෝ මේ කරන සේවයට.