ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ හත්වෙනි කොටස. මේ කොටස නම් ටිකක් පරක්කු උනා. ඊයේ හුගක් පරක්කු උනා සබ් එක එනකොටත්, ඊටත් වඩා කාර්‍යබහුල උනා ටිකක්, ඒ නිසා ඊයෙම ඉවරයක් කරගන්න බැරි වුනා. කෝමහරි ඔන්න අද උදෙ වරුව ඇතුලත ගෙනවා, අමනාපයක් හිතන එකක් නෑ මං හිතන්නේ ඒ ගැන. බලමු එහෙනම් කතාව ගැන. පසුගිය කොටසින් කලින් කොටසෙ…

ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ හත්වෙනි කොටස. මේ කොටස නම් ටිකක් පරක්කු උනා. ඊයේ හුගක් පරක්කු උනා සබ් එක එනකොටත්, ඊටත් වඩා කාර්‍යබහුල උනා ටිකක්, ඒ නිසා ඊයෙම ඉවරයක් කරගන්න බැරි වුනා. කෝමහරි ඔන්න අද උදෙ වරුව ඇතුලත ගෙනවා, අමනාපයක් හිතන එකක් නෑ මං හිතන්නේ ඒ ගැන. බලමු එහෙනම් කතාව ගැන.
පසුගිය කොටසින්
කලින් කොටසෙදි අපිට කලින් සීසන් එකකදි හම්බවුන එයිලීන්ව ආයේ අපිට දැකගන්න ලැබුනා. එයත් අපායේ තමා හිර වෙලා ඉදලා තියෙන්නේ, හෙල් හවුන්ඩ් කෙනෙක් එයාව එහාට ඇදෙගන ගියා කියලා තමයි එයා නම් හිතුවේ. එයා සෑම් සහ ඩීන් ගාවට එනවා ආයේ අපායට යන්නෙ නැතුව දිව්‍ය ලෝකයට යන්න උදව් ඉල්ලගෙන, ඒත් දෙවියන්ගේ අලුත් නීති නිසා අපායේ හිටපු ආත්මයකට ආයේ දිව්‍ය ලෝකයට යන්න බැරි නිසා, සෑම් රෝවිනාගේ ආත්ම අල්ලන එකක් හදලා ඒකේ එයිලීන්ව තියන්න තමයි කල්පනා කලේ. මොකද භූතයෙක් වැඩි කාලයක් පොලවේ හිටියොත් එයාට පිස්සු හැදිලා මිනිස්සුන්ව මරන්න ගන්න නිසා. ඒ වැඩේ කරන්න සෑම් සහ එයිලින් රෝවිනාගේ ගෙදරට යනවා. එතනදි අනේපේක්ෂිත විදිහට මායාකාරියෝ පවුලකට කොටුවෙන්න සෑම්ට සිද්ද වෙනවා. ඒත් ඩීන්ගේ අමතර උදව්වෙන් සෑම් එතනින් බේරෙනවා මායාකාරියෝ ටිකත් විනාශ කරලා, ආත්ම අල්ලනයක් හදන්න ගියාට එතනදි කලින් රෝවිනා මේරිට ආයේ පන දෙන්න හදපු එක සැරයක් විතරක් කරන්න පුළුවන් මන්ත්‍රයක් හම්බුවෙනවා, ඒකේ මාර්ගයෙන් සෑම් එයිලීන්ට ආපහු පන දෙනව.
ඒ අමතරව කොටස් කිහිපෙකින් පස්සෙ ආයෙ අපිට කෑස්ව දකින්න ලැබෙනවා. එයා වෙන නගරයක තනියෙම ජින් කෙනෙක් පස්සෙන් ගිහින් ඒ සිද්ධිය සාර්ථකව අවසන් කරනවා. ඒ වගේම ඒ කාර්‍ය්‍යය අතරතුර ඩීන්ගෙන් උදව්වකුත් එයාට ගන්න වෙනවා, ඒ අතරම හොද ලුණු ඇබුල් සහිතව දෙකක් ඩීන්ගෙන් කෑස් අහගත්තත් එක්කනේ.
අද කොටසින්…
අද කොටසින් ඩීන් තනියෙම වැඩක් ගැන බලන්න යනවා, ඒ අතරේ කෑස් එනවා බංකරයට දෙවියෝ ගැන මුකුත් හොයාගන්න සෑම් සහ එයිලීන්ට උදව් කරන්න, බලන්නකෝ කෑස් කොහොම උදව් කරයිද කියලා, නැත්තම් මොකක් හරි නරක දෙයක් වෙයිද කියල. අදත් ඔන්න කලින් සීසන් එකක හිටපු කෙනෙක් ඉන්නවා. අරගෙන බලන්න එහෙනම් කවුද කියලා ඒ. ඒනම් ගොහින් එන්නම්. ලබන සතියේ මිඩ් සීසන් ෆිනාලේ එක, එහෙනම් ඒ කොටසින් හම්බුවෙමු. ජය වේවා…!!
ප.ලි.
තව දෙයක් තියෙනවා කලින් එපිසෝඩ් දෙක තුනක වීඩියෝ පිටපතේ පොඩි අවුලක් තිබ්බා, පොඩිමත් නෙමෙයි, පසුබිමෙන් කෙනෙක් එපිසෝඩ් එක රිවීව් කරන සීන් එකක්. ඉතින් මට ඒකට කරන්න දෙයක් නෑ, මොකද මම නෙමෙයිනේ වීඩියෝ පිටපත් අන්තර්ජාලයට නිකුත් කරන්නේ, අනික ඒක තමා මුලින්ම එන පිටපත. මම සබ් දුන්නෙ HDTV පිටපත් වලට. පහුවෙලා ආපු Web පිටපත් වලත් ඔය සිද්ධිය තිබ්බා. එහෙම පසුබිමෙන් කතා කරන නැති පිටපතක් එන්න හුගක් පරක්කු වෙනවා. එතකොට ඒකට අදාල සබ් එකත් පරක්කු වෙනවා. ඉතින් ඕක නොදැන මට කිහිපදෙනෙක් හොදවයින් අමතලත් තිබ්බා.. එන දවසෙම ඒ කියන්නේ සිකුරාදම දෙන්න ඕන නිසා මුලින්ම එන පිටපතට සබ් එක දෙනවා. එහෙම අවුලක් තියෙන දවසට ඒ අවුල නැතිව එන පිටපතටම සබ් එක ඕන නම් සදුදා වෙනකල් ඉන්න කියලා ඉල්ලනවා. මොකද සිකුරාදා සබ් එක ඉවර කරගනන් බැරි උනොත් ආයේ සදුදා තමයි කරන්න වෙන්නේ. අපි මොකෝ වැඩක් පලක් නැති මිනිස්සු නෙමෙයිනෙ. පරක්කු උනාමත් ඒකටත් මාව අල්ලගෙන අම්මා අප්පා මතක් කරයි ඊට පස්සේ. ඒ හින්දා ඊළග සැරේ අර වගේ ප්‍රශ්නයක් ආවොත් හොද පිටපතක් ආවම ඒක අරගෙන සබ් එක පොඩ්ඩක් එහා මෙහා කරගන්න, මහලොකු වෙනසක් නෑ නේ. නැත්තම් ඉතින් සදුදා අගහරුවාදා දිහාට සබ් එක දෙන්නම් ඒම අවුලක් ආවොත්. එහෙමත් නැත්තම් මේ කතාව නවත්තලම දාන්නම් ඕන විදිහකට බලාගන්න කියලා. කණගාටුවෙන් උනත් මේ ටික කියන්න ඕන වුනා. කියවන එක නැති එක ඔයාලගේ වැඩක්.
___ ____
අද කතාවේ නම “Last Call”
අධ්‍යක්ෂණය: Amyn Kaderali
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2019 දෙසැම්බර් 05
මීලග කොටසින්: Our Father, Who Aren’t in Heaven | 2019 දෙසැම්බර් 12
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,951 downloadsDownload Supernatural-S15-E07.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
39 comments
Sandaru Dilshan Maduhansa
kalana
ගොඩාක් ස්තුතියි සබ් එකට හැමදාබම වෙලාවට දීලත්....විඩියෝ එකේ අව්ලට සබ් එක දෙන කෙනාට බනින උන්නෙ ඉන්නෙ අම්මපා......
NuwandiSM
බොහොම ස්තූතියි. ජය වේවා
Rumesh Asanka
thank you
gabrial
thankz bro
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා වටිනා සේවය වෙනුවෙන් .
Janith Jayasankha Adhikari
උපසිරසියට බොහොම ස්තුතියි
මුන් මොකට නැරේට් කරනවද මන්ද මොංගල් හරක්
උපසිරැසි තියෙන නිසා සද්දේ නැතුව බලන්නේ මමSandarunimsara
Sub ekata tnx bro
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
සබ් එක දෙනකම් බලන් හිටියේ...Achi
Thank bokka ආදරෙයි
naveen67
thanks bro .video eka aul una kiyala oyage veraddak nene
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයමේකෙ ඉන්න සමහර උන් කියන ඒවා ගනන් ගන්න එපා බන් අද ඊයේ ටීවී සීරීස් බලන්න ගත්තු අංග විකල ජීවිත ටිකක් ඉන්නවා බන් එලොවටත් නැති මෙලොවටත් නැති....
කමෙන්ට්ස් ටික අයින් කරලා බ්ලොක් කරලා දාපන් බන් ආයෙ මේ පැත්තටවත් නොඑන්න....Ruwan batman
Thanks machan
D.Chamara
bohoma sthuthi sahoo
Ayesh Prashan
Thank You
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Hashith Milan Eranga
Thnks.
Niroshani maduka
Sub එකට ස්තුතියි.. අනේ plz sub දෙන එක නවත්තන්න එපා. මේක දැන් අවුරුදු ගානක ඉඳන් බලන්නේ..
Pathum Winchester
Sub එකට ස්තූතියි
Abewardana
ela bro tnx sub ekata oya sub puluwan welawata denna bro api edata balanm kisi adisiyak na :D
bhashana_manoj
Thanks
Navoo
Thanks brooo...
ravidu ishan
Tnx mchn sub ekata ...jaya wewa !!!
suranuwan
thanks bro...
gihansandaruwan
Thanks bn
kolitha
Thanx bro..
slahiru97
Thnx bro
DilanDilshan
elama saho thankzz...me sub dena eknam nawaththanna epa mchan.eda idan mewa balanne.ada iye balanna gaththu un modakamata banna kiyala ganan ganne moktada.ehenam jaya wewa.sub liyana oya dathata dewi pihitai....
arju
Thanks for the subtitles bro
mcsiya
Thankz bn parakku unata ubala koma hari sub eka denawane e aty
Danuka0522
Subata thanks
sanjeewakbg
Thanks bro..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
thanxx bro...
Amila Mudalige
Sub ekata Thanks
umesh
thank you very much
lakshan
thanks
kent
thanks
Anonymous
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S15 : E07] Sinhala Subtitles | සමිදාණන් දුර්වලද?!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Supernatural-Season-15-Final.jpg)



Thanks brother sub ekata.....