පෙර කොටසින්…. පෙර කොටස සම්පූර්ණයෙන් වෙන් වුනේ අතීත කතාවක් සහ වර්තමාන කතාව අතර දෝලනය වීමකින්. ඩීන් සහ සෑම් අවුරුදු විසිගණනකට පෙර පොඩි කාලේදි විසඳුවා යැයි කියලා හිතුව සිද්ධියක් නැවතත් මතු වෙලා අතීතයේ ඔහුගේ යාළුවෙක්ට මැරෙන්න වෙනවා, ඒ ගැන හොයන්න ඔහුගේ අක්කා ඩීන් සහ සෑම්ට කතා කරනවා. අවසානේ ඒ පහර දීම් සි…

පෙර කොටසින්….
පෙර කොටස සම්පූර්ණයෙන් වෙන් වුනේ අතීත කතාවක් සහ වර්තමාන කතාව අතර දෝලනය වීමකින්. ඩීන් සහ සෑම් අවුරුදු විසිගණනකට පෙර පොඩි කාලේදි විසඳුවා යැයි කියලා හිතුව සිද්ධියක් නැවතත් මතු වෙලා අතීතයේ ඔහුගේ යාළුවෙක්ට මැරෙන්න වෙනවා, ඒ ගැන හොයන්න ඔහුගේ අක්කා ඩීන් සහ සෑම්ට කතා කරනවා. අවසානේ ඒ පහර දීම් සිදු කරලා තියෙන්නේ බාබා යාගා නමැති මායාකාරියක් කියලා ඔවුන් හොයාගන්නවා. අතීතයේ අවසන් කරන්න බැරි වුන සිද්ධිය එහෙම වර්තමානයේ අන්තිමට අවසන් කරනවා. ඒ වගේම කොටස අවසානයේ ඩීන් සෑම්ට කෑස් කිව්ව දේ කියනවා. ජැක්ට අමාරා සහ චක්ව මරන්න නම් එයාටත් මැරෙන්න වෙනවා කියලා. නමුත් ඒක හොඳින් භාරගත්තේ නම් නෑ සෑම්.
අද කොටසින්…
මේ සීසන් එකේ මෙතෙක් හොඳම කතාංගය කියලා බය සැක නැතුව කියන්න පුළුවන්, ඒ වගේම මුල් කාලයේ සීසන් හතර පහ වගේ කාලයේ තිබ්බ නියම සුපර්නැචුරල් රසය ආයේ මට නම් මේකෙන් දැනුනා. සම්පූර්ණ මේ සීසන් එකේ මුල ඉදලා හිතාගෙන ආව සියළු මතයන් සහ කතාව කෙසේ අවසාන වේවිද කියන ඔක්කම වෙනස් වෙනවා මේ කතාංගයෙන්. කිසි සේත්ම බලාපොරොත්තු නොවු දේවල් අද කතාවෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම නියම සෙල්ලම පටන් ගන්නෙත් මේ කොටසෙන්. තව කොටස් තුනයි… හුඟක් දේවල් වෙනස් වේවි. රැඳිලා ඉන්න. පටි තද කරගන්න.. සුපර්නැචුරල් අවසානය ඔබ කිසි සේත්ම බලාපොරොත්තු නොවන එකක් කියලා නම් පැහැදිලියි. ඒ වගේම මට මේ කතාංගයේ කැමරා ඈන්ගල්, ෂොට් සහ ඩිරෙක්ටින් ආදී සියල්ලම වෙනස් බව දැනුනා. සමහරවිට අවසානය ලග නිසා සෑහෙන වෙනස්කමක් කලාද කියලා දන්නේ නෑ. හැබයි පැහැදිලි සහ නියම වෙනසක්. බලන්න එහෙනම්.. අද ලස්සන අමුත්තො දෙන්නෙක් බලාගන්නත් පුළුවන් වෙයි.. තව කොටස් තුනයි…….
ප.ලි. ඒ වගේම අද කතාවේ සෑහෙන පැහැදිලි කිරීම් ටිකක් කරන්න වුනා. සමහර ඒවා සෑහෙන බර විද්‍යාත්මක වචන, මට හැකි ආකාරයට හැම පැහැදිලි කිරීමක්ම කරලා ඇති, වැරදීමක් හෝ අතපසු වීමක් තිබුනොත් ඒ ගැන අහිතක් නොහිතයි කියලත් හිතනවා.
___ ____
අද කතාවේ නම: ” Unity”
අධ්‍යක්ෂණය: Catriona McKenzie
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 ඔක්තෝම්බර් 29
මීලග කොටස: Despair |2020 නොවැම්බර් 05
!!…Game is ON…..!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,267 downloadsDownload Supernatural-S15-E17.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
17 comments
sachintha
Achi
බොහොම ස්තුතියි සහෝ සබ් එකට...
ආදරෙයි....umesh
ඓතාමත් ස්තූතියි. ඉවසිල්ලක් නැතුව හිටියෙ
Anonymous
Thanks
Lucky Dhananjaya
උඹ හොඳයි කියනවනං ආයෙ අහන්න දෙයක් නෑ... තෑන්ක්ස් මචං සබ් එකට...
Charushika
ගොඩක් ස්තුතියි මෙච්චර ඉක්මනට සබ් දුන්නට
Chandima Prasad
Thanks Machan Sub Ekata..
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
සබ් එක එනකම් හිටියේ...Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Maleesha indusara
ගොඩක් ස්තූතියි මේ කතාමාලාව අවසන් වෙනකන්ම උපරැසි ලබා දෙනවට...... ජයවේවා...!
Pramod
තෑන්ක්ස් සහෝ ජය වේවා
Dilum
අනේ මේක ඉවර කරන්න එපා......මේකට අපි සැහෙන්න ආදරය කලා
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Sub ekata Thanks
lakshan
thanks ..........................
Anonymous
උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S15 : E17] Sinhala Subtitles | සෙල්ලම පටන් ගමු එහෙනම්!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Supernatural-Season-15.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි