පෙර කොටසින්… කලින් කොටස වෙන් වුනේ සෑම් සහ ඩීන් අමාරා හොයාගෙන ගිය සිද්ධිය සහ කෑස් ජැක් එක්ක මිනීමැරුම් දාමයක අගමුල සොයන්න යෑම වෙනුවෙන්. සෑම් සහ ඩීන් අමාරාව හම්බවෙලා චක්ට එරෙහිව එයාලගේ පැත්තට එන්න කියලා අමාරාට යෝජනා කරනවා, චක්ව උගුලට අහුකරගන්න නම් අමාරාගෙ උදව් අනිවාර්‍යයෙන් අවශය බව ඔවුන් දන්න නිසා කො…

පෙර කොටසින්…
කලින් කොටස වෙන් වුනේ සෑම් සහ ඩීන් අමාරා හොයාගෙන ගිය සිද්ධිය සහ කෑස් ජැක් එක්ක මිනීමැරුම් දාමයක අගමුල සොයන්න යෑම වෙනුවෙන්. සෑම් සහ ඩීන් අමාරාව හම්බවෙලා චක්ට එරෙහිව එයාලගේ පැත්තට එන්න කියලා අමාරාට යෝජනා කරනවා, චක්ව උගුලට අහුකරගන්න නම් අමාරාගෙ උදව් අනිවාර්‍යයෙන් අවශය බව ඔවුන් දන්න නිසා කොහොමහරි කැමති කරගත්තත්, අමාරා දන්නේ නෑ එයාටත් චක් එක්කම මැරෙන්න වෙනවා කියලා. මොකද චක් සහ අමාරගෙන් දෙන්නගෙන් එක්කෙනෙක් හරි නැති වුනොත් ලෝක සමබරතාව නැති වෙන නිසා දැන් කට්ටිය ප්ලෑන් එක දෙන්නම මරලා දාන්න. ඒත් අමාරාට මේක රහසක් විදිහට තියාගෙන වැඩේ කරගෙන එයාවත් මරලා දාන්න තමා ඩීන් සහ සෑම් උත්සහ කරන්නේ. ඒත් මේ කිසි දෙයක් ගැන සෑම්ගේ කිසිම පැහැදීමක් නෑ කියලා නම් මුල ඉදලම අපි දැක්කා. ඉස්සරහට ඒක ලොකු දෙයකට හේතුවක් වෙයි, ඒ අතර කෑස් සහ ජැක් පාස්ටර් කෙනෙක්ගේ දුවෙක් කරපු මිනිමැරුම් අල්ලගන්න ඒ අයට උදව් වුනා. ඒ අතරමගදි ජැක් ලොකු රහසක් එලි කරනවා. ඒ තමා චක් සහ අමාරාව මරද්දි එයාටත් මැරෙන්න වෙනවා කියලා, මොකද බිලීගේ උදව්වෙන් ශක්තිමත් වුනාම බෝම්බයක් වගේ ජැක්ට මරාගෙන මැරෙන්න වෙන සිද්ධියක් තමයි වෙන්නේ. මේ ගැන කෑස් සෑහෙන කලකිරීමට පත් වෙලා ඩීන්ට මේ ගැන කියලා වෙන විකල්පයක් හොයන්න බංකරයෙන් පිටවෙලා යනවා.
අද කොටසින්….
අද කොටසින් ඩීන් සහ සෑම් පරණ යාළුවෙක් හම්බවෙන්න යනවා. අද කතාව සෑම් සහ ඩීන්ගේ පොඩි කාලේ සිද්ද වෙච්ච සිදූවිමක් එක්ක එකට වර්තමානය සහ අතීතය විදිහට කතා දෙකක් විදිහට යනවා. ඒ වගේම බිලී ඔය අතරේ ඇවිත් ලොකු කරුණු රාශියක් ඩීන්ට කියනවා, සෑම් තාම දන්නෙ නෑ ජැක්ට මැරෙන්න වෙනවා කියලා. ඒක දැනගත්තම එයා කොහොම හැසිරෙයිද? මේ ඩීන් සහ සෑම් හම්බවෙන්න යන පරණ යාළුවා කවුද?
ප.ලි. ඊයේ උදේම අන්තර්ජාලයට මේ කොටසේ වීඩියෝ පිටපත් නිකුත් වුනා වෙනදට වඩා ඉක්මනින්, නමුත් ඒ සතුටුදායක ආරංචිය සම්පූර්ණයෙන් නැති වෙලා ගියා ඉංග්‍රීසි උපසිරසිය එන්න එන්න පරක්කු උනාම. අන්තිමේ වෙනදා දහවල් එක දෙක වෙනකොට උපරිම සබ් එන සුපර්නැචුරල් කතාවේ ඊයේ ඉංග්‍රීසි සබ් එක ඊයේ ආවේ හයත් පහුවෙලා. උදේ ඉදලා බලාගෙන හිටියත් අන්තිමේ රාත්‍රී කාලයේ වෙන හදිසි වැඩක් වැටුන නිස රෑම ඉවර කරන්න උනේ නෑ. මේ කොටස පරක්කු වෙන්න හේතුව උනේ ඕකයි, දෙතුන් දෙනෙක්ම මට කතා කරලා අහපු නිසයි මේක කියන්න හිතුවේ. කොහොමහරි අද උදේ වරුවෙම ඔන්න පරක්කු නොකර අරගෙන ආවා.
___ ____
අද කතාවේ නම ” Drag Me Away (From You)”
අධ්‍යක්ෂණය: Amyn Kaderali
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 ඔක්තෝම්බර් 22
මීලග කොටස: Unity |2020 ඔක්තෝම්බර් 29
~ Don’t play his game. Make him play yours!! ~

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,744 downloadsDownload Supernatural-S15-E16.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
22 comments
Chandima Prasad
Anonymous
Thanks bro
umesh
paraku unath kamak na .ගොඩක් ස්තුතියි
Thisara kavinda
Thanks bto
Lucky Dhananjaya
Thank you ලුසි මලයා...
Anonymous
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
kavi
THANKS BROO
Anonymous
Ela
Anonymous
Thank you
උදා
බොහෝම ස්තූතියි සහෝ
Anonymous
thank you lot
geeganagamage
බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියිravidu ishan
බොහොම ස්තූතියි මචන් සබ්එකට ,,,ජයවේවා !!
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Pramukmili
Thanx bro...............
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Sub ekata Thanks
lakshan
thanks .........................
Anonymous
උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S15 : E16] Sinhala Subtitles | අතීතය නැවතත්!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Supernatural-Season-15-Final.jpg)



ගොඩක් ස්තුතියි සිංහල උපසිරැසියට.