කතාංග 327ක් වසර පහලොවක් – කතා සමයන් පහලොවක් මිතුරන් රැසක් – සතුරන් රැසක් සහෝදරන් දෙපලක් එකම කතාවක් 2005 සැප්තැම්බර් 13 වෙනිදා CW නාලිකාව ඔස්සේ විකාශය වීම ආරම්භ කර වසර පහලොවක් පුරාවට ටෙලි කතා ඉතිහාසයේ දීර්ඝතම කතා මාලාවලින් එකක් බවට පත්වෙමින් අද දිනයේ 327වෙනි කතාංගය ලෙස සුපර්නැචුරල් තම අවසානය සනිටුවහ…

කතාංග 327ක්
වසර පහලොවක් – කතා සමයන් පහලොවක්
මිතුරන් රැසක් – සතුරන් රැසක්
සහෝදරන් දෙපලක්
එකම කතාවක්
2005 සැප්තැම්බර් 13 වෙනිදා CW නාලිකාව ඔස්සේ විකාශය වීම ආරම්භ කර වසර පහලොවක් පුරාවට ටෙලි කතා ඉතිහාසයේ දීර්ඝතම කතා මාලාවලින් එකක් බවට පත්වෙමින් අද දිනයේ 327වෙනි කතාංගය ලෙස සුපර්නැචුරල් තම අවසානය සනිටුවහන් කරනවා. 2019 නොවැම්බර් 27 වෙනිදා එම කතා මාලාවට MDG සහෝදරයා මුල්ම උපසිරසිය බයිස්කෝප් අඩවියෙන් නිකුත් කලා. එතැන් පටන් අවුරුදු හතක් පුරාවට කතා මාලා පහලොවම අප විසින් සිංහලෙන් ඔබ ළඟට අරගෙන ආවා. ඉතින් මේ දීර්ඝ මෙහෙයුමේ අවසානයට උපසිරසිකරුවන් තිදෙනෙක් තම දායකත්වය සපයා දුන්නා. මුල් කතා මාලා දහයම එපිසෝඩ් 207ක් උපසිරසි ගන්වලු ලැබුවේ MDG සහෝදරයා විසින්. ඔහුගෙන් පසුව එකොලස්වන කතා සමයේ සිට දාහතරවන කතා සමය දක්වා කතා සමයන් හතරක් චාමර සම්පත් සහෝදරයා කලට වෙලාවට ලබාදුන්නා. එතැනින් පසුව අවසාන කතාසමය චාමර අයියා මට භාරදුන්නා, ඒ භාර දුන්න වගකීමේ අවසානය එහෙනම් මෙලෙස අවසන් කරනවා. ඉතින් නැවත වතාවත් MDG සහ චාමර සම්පත් සහෝදරවරුන්ට මගේ ස්තූතිය පුදකරනවා සීසන් දාහතරක් අපට උපසිරසි ලබාදීම වෙනුවෙන්. අවසාන කතා සමයට මම මගේ උපරිමය කලා කියලා මම විශ්වාස කරනවා. යම් හෝ වරදක් අඩුපාඩුවක් වී තිබුනා නම් ඒ ගැන කහටක් නෑ කියලත් හිතනවා.

Fact
Supernatural කතාමාලාවේ තේමා ගීතය වෙන Carry on Wayward Son ගීතය මුලින්ම රිලීස් වෙන්නේ හරියටම 1976 නොවැම්බර් 19 වෙනිදා, ඒ කියන්නේ අපේ කතාවේ අවසාන කතාංගය රිලීස් වෙන දවසට හරියටම අවුරුදු 44කට කලින්. ගීතය රචනා කරන්නෙ Kerry Livgren විසින්. ගායනා කරන්නේ Kansas නමැති සංගීත කණ්ඩායම විසින්. Kansas කියන්නේ වින්චෙස්ටර්ස්ලගේ ගම්පලාත කියලා දන්නවා ඇතිනේ.
2020 නොවැම්බර් 19 වෙනිදා සුපර්නැචුරල් සිරීස් ෆිනාලේ එක පැය දෙකකින් යුක්තව විකාශය වුනා, නමුත් මෙතන පැය දෙක කියලා කිව්වට මුල් පැය සම්පූර්ණ කතාසමයන් පහලොවේම මතකාවර්ජනයක් විදිහට තමයි දිව ගියේ. අනික් පැය පහලොස්වන සීසන් එකේ අවසාන එපිසෝඩ් එක විදිහට විකාශය වුනේ. පැය දෙකක් කිව්වට ඒක මෙහෙමයි. ලංකාවේ චැනෙල් වල ඇඩ් එක්කනේ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම දුවන්නේ. ඒ ඇඩ් එක්කම තමා ඒ ඒ අදාල ප්‍රෝග්‍රෑම් එකේ වෙලාව කියන්නේ. ඉතින් ඒ වගේම තමා CW එකෙත් ප්‍රොගෑම් රන් වෙන්නේ. ඉතින් ඇඩ් අයින්වෙල කැපිලා එනකොට අපේ සිරීස් ෆිනාලේ එකේ එපිසෝඩ් එක පුරුදු පරිදි විනාඩි හතලිහයි. මම උඩ කිව්ව රීකැප් එක තියෙන්නේ වෙනම. මොකද රීකැප් එකයි එපිසෝඩ් එකයි දෙක වෙන වෙනම ප්‍රෝග්‍රෑම් දෙකක් විදිහටයි CW එකේ පෙන්නුවේ, දෙක එකම පිටපතට එන්නේ නෑ, ඒ නිසා මතක ඇතුව එපිසෝඩ් එක තියෙන පිටපත ගන්න. මොකද රිකැප් එක තියෙන පිටපතට අපි උපසිරසි ලබාදෙන්නේ නෑ. ඒක කැමති නම් අරගෙන බලන්න, හැබයි උපසිරසි ලැබෙන්නේ නෑ.
පසුගිය කතාංගයෙන් අපි දැක්කා ඩීන් සෑම් සහ ජැක් මයිකල්ව රවට්ටලා ලුසිෆර්වත් ආපහු පාවිච්චි කරලා දෙවියන්ව හරිම ලේසියෙන් පරාද කරනවා. ඒකෙ සම්පූර්ණ ගෞරවය ජැක්ට. ජැක් චක්ගේ සම්පූර්ණ බලය උරාගෙන ඊලග අලුත් දෙවියන් වෙනවා. ඒ සමඟම සෑම් සහ ඩීන් තමන්ගේ සාමන්‍ය ජීවතයට යනවා. මොකද තව දුරටත් කවුරුවත් ඔවුන්ගේ කතාව ලියන්නෙ නැති නිසා. ඔවුන්මයි ඔවුන්ගේ කතාව ලියාගන්නේ. එහෙම අවසන් වුන කතාවේ අද කතාංගයෙන් සෑම් සහ ඩීන් සාමන්‍ය ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා බලාගන්න පුළුවන්. කතාව ගැන කිසිම දෙයක් මම කියන්නේ නෑ. කතාවේ අවසානය නම් හුඟක් ඉමෝෂනල් කියලා නම් කියන්නම ඕන. හැබයි හුඟක් ප්‍රේක්ෂකයන් කතාවේ අවසානයට කැමති නෑ. ඔයාලත් අරගෙනම බලන්න. ඒ වගේම අවසානය ගැන මොකද හිතෙන්නේ කියලත් කමෙන්ට් එකක් දාගෙන යන්න.
එහෙම නම් මගේ වගකීම අවසන්.. කතාංග විස්සක් පුරාවට මා එක්ක කතාවේ අවසානය වෙනකල් හිටිය හැමෝටම ස්තූතියි. අදහස් දක්වපු හැමෝමට ස්තූතියි. බොහෝදුරට මා උපසිරසි ගන්වන අවසාන කතා මාලාව හෝ කතාංගය මෙය වේවි. අඩු තරමේ ඔන්ගොයින් කතාමාලා තුලින් නම් මම මුණ ගැහෙන්නේ නෑ. ඉදල හිටලා සිනමාපටයකින් හෝ මුණගැහෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒක බලමු එතකොට. එහෙනම් Carry on My Wayward Son ගීතය සමඟ මම ගිහින් එන්නම්.. හිතුන දවසක නැවත උපසිරසියකින් හමුවෙන්නම්. ජය වේවා..!!!
Carry on, my wayward son
There’ll be peace when you are done
Lay your weary head to rest
Don’t you cry no more
Once I rose above the noise and confusion
Just to get a glimpse beyond this illusion
I was soaring ever higher
But I flew too high
Though my eyes could see, I still was a blind man
Though my mind could think, I still was a mad man
I hear the voices when I’m dreaming
I can hear them say
Carry on, my wayward son
There’ll be peace when you are done
Lay your weary head to rest
Don’t you cry no more
Masquerading as a man with a reason
My charade is the event of the season
And if I claim to be a wise man, well
It surely means that I don’t know
On a stormy sea of moving emotion
Tossed about, I’m like a ship on the ocean
I set a course for winds of fortune
But I hear the voices say
Carry on my wayward son
There’ll be peace when you are done
Lay your weary head to rest
Don’t you cry no more, no
Carry on, you will always remember
Carry on, nothing equals the splendor
Now your life’s no longer empty
Surely heaven waits for you
Carry on, my wayward son
There’ll be peace when you are done
Lay your weary head to rest
Don’t you cry, don’t you cry no more
No more
___ ____
අද කතාවේ නම: “Carry On”
අධ්‍යක්ෂණය: Robert Singer
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 නොවැම්බර් 19

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,399 downloadsDownload Supernatural-S15-E20.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
77 comments
Chämàrá Sâmpáth
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
සීසන් 15 ක් පුරාවට සිංහල උපසිරැසි ලබා දීම පිලිබද බයිස්කෝප් අඩවියට හා MDG, චාමර, කවිශාල් සහෝදරවරුන්ටත් හුගාක්ම ස්තූතියි
Anonymous
MDG,චාමර,කවිශාල් THANK YOU Very Much Brothers
Sachi
Godaak stuti digtm awsny wenknm sub dunnt
Anonymous
Very very thanx
Dilanka Maduwantha
Thanks Bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට.. මේ සීසන් 15 පුරාවටම උපසිරස ලබා දුන්න හැමෝටම ගොඩක් ස්තූති... බුදුසරණයි..ජය වේවා!
Amila Mudalige
ගොඩාක් ආසාවෙන් බලපු ටීවී සීරීස් එකක්. සීසන් 15 ටම උපසිරසි දුන් ඔබ තිදෙනාටම බොහෝම ස්තූතියි!! ජය වේවා!!
darshan
ගොඩක් ස්තුතියි සහෝදරයා, ඔයාලා නිසා තමයි කතාව රසකර කර බැලුවේ
umesh
ගොඩාාාක් ස්තුතියි.
Anonymous
Thanks bn
ravidu ishan
ඔයාල තුන්දෙනාටම ගොඩක් ස්තූතියි මචන් සීරීස් එකටම සබ් දුන්නට.. ඕගොල්ලො හින්දා තමා කතාව උනත් තවත් ආසාවෙං බලන්න පුලුවන් උනේ! .. මේවගේ දේවල් තවතවත් කරගෙන යන්න !! ජයවේවා !!!
Anonymous
Good bye winchester brothers !
Thank you Baiscope !nirmana
ස්තුතියි සහෝ
Anonymous
Ado pattama tnx bn .❤mechchrkl sub dunnata..good luck bro
Anonymous
thank you mcn okkoma meccara kal sub dila karapu help ekata pattama story ekaka awasanaya ehenm jaya wewa
denuwan siduranga
පට්ටම ආසාවෙන් බැලුව මාරම දුකයි දැන් කතාව ඉවරයි කියුවම.
Nuwandi SM
බොහෝම ස්තූති මේ දක්වා supernatural සබ් අරන් ආව හැම සහෝදරයෙක්ටම. ඔයාලට පින් සිද්ද වෙන්න ආසම කතා මාලාව ආසාවෙන් බැලුවා. ඉතිං හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා.. බයිස්කෝප් වෙබ් එකටත් දහස් වාරයක් ස්තූතියි. ජය වේවා
ashashmika
Thank you for the all subtitle brother.Good luck
sachin
thank you very much all ofyou
Lucky Dhananjaya
උපසිරැසියට ගොඩාක් ස්තූතියි කවිෂල් මලයා...
Anonymous
Supernatural series eke sub karapu hamotama sthuthi yaluwane
Sunayana
Thank u machan mul season 10 sub dunna sahodarayatath bohoma sthuthiy
Rajitha Lakmal
Season 15 පුරාවටම කිසිම අඩුපාඩුවක් නැතුව සබ් දීපු සියළුම සහෝදරවරුන්ට බොහොම ස්තූතියි.
suranuwan
thank you machooo........
මල්ෂා සිල්වා
අවුරුදු ගානක් පුරාවට සීසන් 15ක් තුල එපිසොයිස් 320ක් වැනි විශාල ප්‍රමානයක් සදහා උපසිරස ලබා දුන් සියලුම දෙනාට ස්තූතියි ..
D.Chamara
kathawa ewera wena eka gananam duki.. mekata sub genapu hamotama bohoma sthuthi.
MDG sahodarayawath mathak karanna kamathi hamotama jaya ....Sohan Jayasooriya
හම්මේ මගේ ආසම සීරීස් එක.. අදින් ඉවරයි ඒනම්.. ස්තූතියි මල්ලි සබ් එකට.. ඒ වගේම මේ සීරීස් එකට සබ් දීපු ඔයා, චාමර අයියා වගේම MDG.. තුන් දෙනාටම ස්තූති වෙන්න තමා මේක බැලුවේ.. තාම 14 වෙනි කොටස බලන ගමන් ඉන්නෙ.. ලිපියවත් කියෙව්වෙ නෑ ස්පොයිල් වෙයි කියලා.. එහෙනම් සබ ගත්තා හොඳේ.. ජය වේවා
Rasindu V Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
බලපු සුපිරිම කතාවක්.... Season 15ක් එපිසෝඩ් 22, 23 ගානේ බලනවා කියන එක ලේසි නැ... කතාව සුපිරිම වෙන්න ඕනේ...
බලපු ආසම කතාවක්....
Season 15ක් ඉවර වෙනකන් සබ් අරගෙන ආපු හැමෝටම ගොඩක් ස්තුතියි....
බයිස්කෝප් එකේ තියෙන දිගම කතා මාලාවත් මේක නේ...Kavindu Gimahan
ස්තූති මෙච්චර කාලයක් වෙලාවට සබ් එක දුන්නට.. MDG සහෝ තෑන්ක්ස් මචං.. චාමර සම්බත් අපි දන්න විදිහට කැස්ටියෙල් තෑන්ක්ස් මචං උබත්.. ආසම සීරීස් එකක් මගෙ.. 3න් දෙනාටම තෑන්ක්ස් මචං...
Anonymous
සීසන් 15 පුරාවටම සබ් දුන්න MDG ,චාමර සම්පත් ,කවිෂල් ඔක්කොටම ගොඩක් ස්තූතියි.සැමදා මතකේ රැදෙන කතාවකට උපසිරැසි දුන්නට.
MKanishka
බොහොම ස්තුති මෙතුවක් කල් මේ කතා මාලාවට sub දුන්න සෑම කෙනාටම . <3
lucifer94
කතා මාලාවල් 15ක් උපසිරැසි ලබාදුන් හැමදෙනාටම ස්තුති වෙනව.
MDG සහෝ හින්ද තමයි බලන්න ගත්තෙ. හ්‍රුගක් දේවල් විස්තර කරල හොදටම උපසිරැසිය කලා.
චාමර සහෝදරයවයි කවිශල් හැමදෙනාටම ස්තුුුුුුතියි.
ජයවේවා!!lucifer94
කතා මාලාවල් 15ක් උපසිරැසි ලබාදුන් හැමදෙනාටම ස්තුති වෙනව.
supernatural series එක MDG සහෝ හින්ද තමයි බලන්න ගත්තෙ. හ්‍රුගක් දේවල් විස්තර කරල හොදටම උපසිරැසිය කලා.
චාමර සහෝදරයවයි කවිශල් හැමදෙනාටම ස්තුුුුුුතියි.
ජයවේවා!!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️❤️
සුපර්නැචුරලුත් ඉවරයි,,,
හයියෝමධුකප්රිය පෙරේරා
කතාමාලා 15ක් පුරාවටම අඛණ්ඩව
උපසිරසි ලබා දුන් MDG, චාමර සහ කවිෂල් තුන්දෙනාටම
බොහොමත්ම ස්තුතියි. ඒ කාලේ ඉදලම ඉතාම ආසාවෙන් නරඹපු
කතාවක් තමයි මේක...
උපසිරසියටත් බොහොම ස්තුතියි.Sandaru Nimsara
මං ගොඩක් ආශාවෙන් බැලුව ටීවී සිරිස් එකක් තම සුපර්නැචුරල්.සමහර අය නම් මේක කම්මැලි කාතවක් කියලා බනිනවා.ඒත් මට නම් මේකේ කිසිම එපියක් කම්මැලි වුනේ නෑ.ඇත්තම කියනවා නම් බයිස්කෝප් එකේන් සිංහල උපසිරැසිය මේකට දුන්නේ නැත්තම් ගොඩ දෙනෙක්ට මේ සුපිරි සීරිස් එක මග හැරෙනවා.ඉතින් මේකට මුලින් උපසිරැසි ලාබා දුන්නු MDG සහෝදරයටත්,චාමර සහෝදරයත්,අන්තිම සීසන් එකට උපසිරැසි ලබා දුන්න කවීෂාල් සහෝදරයත් බොහෝම ස්තුතියි.
Dasun
ගොඩාක් ආසාවෙන් බයිස්කෝප් එකකත් එක්ක බලපු කතාවක්,කිසිම දවසක සබ් එකේ වැරැද්දක් තිබුන් නෑ වෙලාවට ලැබුන ,ස්තූතියි සබ් කරපු ඔක්කොටම
Niroshani Maduka
අවුරුදු 5k තිස්සේ එක දිගටම බැලුවා.. ඉවර වෙන එක ගැන දුකයි අප්පා.. ගොඩක් ස්තුතියි යාලුවනේ sub එක මෙච්චර කාලයක් තිස්සේ දුන්නට..
Nishadh Anuradha
It,s a very good job!!! Thanks to the subtitlers for this great great work...
Nishadh Anuradha
Also try for American Horror Story Tv series.It,s a very good horror tv show of alltime.
geeganagamage
බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනතුරු අරගෙන ආව හැමෝටම. හැකිනම් supernatural රීකැප් එකත් සබ් දෙන්න .
Pramukmili
Thanxxxx bro..............
Achi
බොහොම ස්තුතියි....මෙච්චර කල් කරපු කැප වීමට..
පටන් ගත්තු දෙයක් මග නවත්තන්න්නේ නැතුව දිගටම කිරිම ගැන ආඩම්බරයි...
මුල සිට අගවෙනකම්ම අපිත් හිටියා ඕං...ආදරෙයි ජයUdara Damith Dissanayaka
man balala nene
Chandima Prasad
Thanks Sub Ekata..
Samanali
season 15 wama baluwa sub walata mahansi unu hamotama tx puluwannm lost denna
Chandima Prasad
MDG , චාමර සම්පත් , කවිශල් රසින්ත උබලා තුන්දෙනාටම ගොඩක් ස්තූතියි මෙච්චර කාලයක් පුරාවට සබ් එක දුන්නට...මේ වෙනකන් මාත් බලපු දිගම ටීටී සීරීස් එක.2016 ඉඳලා අද වෙනකන් බැලුවා..අවසානය ගැන නම් ඇත්තටම සතුටු වෙන්න අමාරුයි.ඒත් බැලුව ටීවී සීරීස් සෙට් එකෙන් හොඳම ලිස්ට් එකේ ඉහලින්ම නම තියාගත්ත සීරීස් එකක් සුපර්නැචුරල්...අවසාන වශයෙන් බයිස්කෝප් සයිට් එකට වගේම මුලින් සඳහ්න් කරපු සබ් කරපු තුන්දෙනාටම ගොඩක් ස්තූතියි.ජයවේවා....................
Nuwana
ස්තූතියි හෝදරයා. උබ දාපු හැම සබකටම comment දාන්න බැරි උනාබං. හැබැයි සීරීස් එකක් පටන්ගෙන අතරමග අතහැරල නොදා මේ දුන්න ගේම අපි හැමෝගෙම හිතේ තියනව. පට්ට ආදරේ කරපු sසීරීස් එකක් මේක. ලස්සනට hහිතට වදින්න sub කරල තිබුන හැම කොටසක්ම. ආයෙමත් ස්තූතියි අපි වෙනුවෙන් කරපු වැඩේට. ආදරෙයි.උබට ජයස් අහෝදරය.
Anonymous
asawen balapu series ekak.bohoma isthuthi sahodaraya
Ishan
Great job broo ❤️❤️
Anthima wenakn sub dunna
Pattama tv series ekak
Great job baiscorpAshini
Recap ekath upload karanna please
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S15 : E20] Sinhala Subtitles | ඉදිරියටම යන්න මගේ හිතුවක්කාර පුතේ!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Supernatural-Season-15-Final.jpg)


බාර දෙද්දී කරන්නම් කියලා ගත්තා වගේම මේ අවසන් සීසන් එක පුරාවටම උපසිරැසි අරගෙන ආවට හුගාක් ස්තුතියි කවිශල්.!!