කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ඩිස්නි+ ස්ට්‍රිමින් නාලිකාවේ විකාශනය වෙන මැන්ඩලෝරියන් දෙවැනි කතා මාලාවේ හතරවැනි කතාංගය. තව කොටස් හතරයි. 🙂 පසුගිය කතාංගයන් තුළින්, මේ වෙනකොට මැන්ඩොගේ හිතේ තියෙන්නෙ බේබි යෝඩව එයාගේ වර්ගයේ අයට බාර දෙන්න. මොකද මේ විධියට දිගටම මැන්ඩො එක්ක ගමන් කරන එක බේබි යෝඩට අනතුරුදායක නි…

කොහොමද හැමෝටම, මේ අරගෙන එන්නෙ ඩිස්නි+ ස්ට්‍රිමින් නාලිකාවේ විකාශනය වෙන මැන්ඩලෝරියන් දෙවැනි කතා මාලාවේ හතරවැනි කතාංගය. තව කොටස් හතරයි. 🙂
පසුගිය කතාංගයන් තුළින්,
මේ වෙනකොට මැන්ඩොගේ හිතේ තියෙන්නෙ බේබි යෝඩව එයාගේ වර්ගයේ අයට බාර දෙන්න. මොකද මේ විධියට දිගටම මැන්ඩො එක්ක ගමන් කරන එක බේබි යෝඩට අනතුරුදායක නිසා. ඒත් විශ්වයේ සෑහෙන ප්‍රදේශයක යෝඩලගේ නිජබිමක් හෙව්වට මැන්ඩොට හමුවුණේ නැහැ. ඉතිං දැන් මැන්ඩොගේ අදහස තව මැන්ඩලෝරියන් කෙනෙක්ව හොයාගෙන එයාගේ සහයෙන් මේ වැඩේ කරන්න.
ඉතිං ඒ නිසා අපි දන්න කියන මැන්ඩලෝරියන් තව මැන්ඩලෝරියන් කෙනෙක්ව හොයාගෙන කරක් ගහනකොට ආරංචියක් ලැබෙනවා මිනිහා කලින් උන්නු ටැටුයින් ග්‍රහලෝකයේ මැන්ඩලෝරියන් කෙනෙක් ඉන්නවා කියල. පුදුමයට පත්වෙන අපේ මැන්ඩො ආයේ ටැටුයින්වලට යනවා. ටැටුයින්වල මොස් පෙල්ග්‍රෝ නගරයෙ තමයි මේ අලුත් මැන්ඩලෝරියන් ඉන්නවා කියල තොරතුරු ලැබෙන්නෙ. මතක ඇතිනේ අන්තිමේ එහෙ ගිහින් අපේ මැන්ඩොගේ බලාපොරොත්තු සේරම බිඳ වැටුන විධිය. අන්තිමේ මොස් පෙල්ග්‍රෝ කාන්තාරේ වැලි අස්සෙන් ඉන්න ක්‍රයට් මකරෙක්ව මරන්නත් සිද්දවෙනවා.
හැබැයි ඒ සිදුවීමෙන් පස්සෙ ආයෙත් මැන්ඩොට ඔත්තුවක් ලැබෙනව තව මැන්ඩලෝරියන්ල ඉන්න තැනක් කෙනෙක් දන්නවා කියල. හැබැයි ඒ කෙනාව අරගෙන යන්න මැන්ඩොට සිද්ධවෙනව. ඒ වගේම අභ්‍යවකාශයෙ අධි වේගයෙන් යන්නෙ නැතුව සාමාන්‍යය වේගයෙන් යන්න ඕන කියන කොන්දේසිය උඩ. ඒකට හේතුව වුනේ ඒ මගියාගේ බිත්තර ටික ප්‍රවේසම් කරගන්න කරගන්න ඕන නිසා. අන්තිමේ දෙතුන් දෙනාම මාරක අවධානමකට වැටෙනව.
ඒ කාර්යයෙන් පස්සෙ අපේ මැන්ඩෝ එක පැත්තකින් සතුටු වෙන තව පැත්තකින් ටිකක් විතර දුකට පත්වෙන දවසක් උදාවෙනව. අබලන් යානයෙන් ඉබි ගමනින් ට්‍රාස්ක් ග්‍රහලෝකයට ලඟා වෙන මැන්ඩොට, ගෙඹි නෝනා නිසා එහෙද අපුරු යාළුවො ටිකක් මුණගැහෙනවා. ඒ තවත් මැන්ඩලෝරියන්වරු පිරිසක්. හැබැයි එතැනදී අපේ මැන්ඩො දැනගන්නවා තමන්ගෙයි ඔවුන්ගෙයි ලොකු වෙනසක් තියෙන බව. අපේ මැන්ඩෝ ඇවිල්ලා “රැකවලුන්ගේ ළමුන්” කියන දැඩි ආගමික මතධාරී මැන්ඩලෝරියන්වරුන්ගෙන් පැවත එන කෙනෙක් බව හෙළි වෙනවා. අන්න ඒ නිසයි එයා තමන්ගේ හිස් ආවරණය ගලවන්නේ නැත්තෙ. ඉතිං කොහොමහරි එයාලත් එක්ක ගුවන් කොල්ලයක යෙදෙන්න මැන්ඩොට සිද්දවෙනව. ඒ වගේම මැන්ඩලෝරියන් ග්‍රහලෝකය අනාගතේ දවසක නැවත මැන්ඩලෝරියන්වරුන් අතට පත්වෙනවා කියලත්, ඒකට අනිත් මැන්ඩලෝරියන්වරු කටයුතු කරගෙන යන බවත් අපේ මැන්ඩෝට ඒකට එකතු වෙන්නත් අරධානා ලැබෙනවා. ඒත් ඒ ඉල්ලීම පසෙකට දාල අපේ මැන්ඩො, ජෙඩායි කෙනෙක්ව හොයාගෙන යන්න පිටත් වුණා.
අද කතාංගයෙන්,
අද අපේ මැන්ඩො සහ බේබි යෝඩා පරණ යාලුවෝ දෙන්නෙක් මුණගැහෙන්න යනවා. එහෙදි මැන්ඩෝට අනාගත කරදරයක් වැටෙනවා විතරක් නෙමෙයි, පරණ ප්‍රභල හතුරෙකුත් නැවත ඉදිරියේදී මුණගැහෙන්න නියමිත බව දැක්වෙනව. ඒ වගේම මැරුණයි කියල හිතන් හිටිය කෙනෙක් තවම ජිවතුන් අතර කියල අපේ මැන්ඩො දැනගන්නවා. එහෙනම් ඉතිං අද කතාව ඔයාලට බාරයි.
අවසාන වශයෙන් කියන්න ඕන, ඉදිරියේදී නම් මේ විධියට කතාංගය ආව ඉක්මනටම නම් මේක දෙන්න බැරිවේවි බොහෝවිට. මොකද නිදහස් වෙලාව ඉදිරියේදී ආයේ අඩු වෙනව, දවසකට පැයක් දෙකක් තමයි නිදහස් වෙලාවක් ලැබෙන්නෙ. පුළුවන් ඉක්මනින් කතාංගය අරගෙන එන්නම්. එහෙනම් ලබන සුමානේ දෙවැනි සීසන් එකේ හයවැනි කතාංගයෙන්, මැන්ඩලෝරියන් සහ බේබි යෝඩා එක්ක මුණගැහෙමු. 🙂 😀
The SiegeDirector: Peyton Reed
Writers: Jon Favreau, Jon Favreau
IMDB Ratings : 8.4
Air Date: 20 November 2020
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
6,866 downloadsDownload The.Mandalorian.S02E04.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
23 comments
Uvindu Induwara
Anonymous
thanks bro
Kaveesha Lasith
Thanks ♥️ අයියේ
tharidu16
ada hugak parakkuwela.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Hemal
Thanks Vima
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ❤️
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Mando
Thank you
Good luck baiscopelkprasanga
thanks...
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Anonymous
Thanks bro...
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Rasindu V Perera
නියමයි.... සබ් එකට තැන්ක්ස්....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks brother
Gonalagoda milka madhushan gunawardena
godak sthuthiyiii
$$$$$%%%%Ravi
Thanks for sub
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Anonymous
Thanks
Amila Mudalige
බොහෝම ස්තූතියි උපසිරසියට
MAALNATH
Thanks ..............good luck ..............
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Mandalorian [S02 : E04] Sinhala Subtitles | පරණ යාළුවො එක්ක ආයෙත්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/mandalorian-tv-show.jpg)



සිංහල උපසිරසට බොහෝම ස්තුතියි.